මීමුරේ යන්න කළින් දැනගෙන යන්න



නුවර මහියංගණ ප‍්‍රධාන මාර්ගයේ නුවර සිට මහියංගණය දෙසට 43 ක්ම් පමණ ගිය තැන මුණ ගැසෙන හුන්නස්ගිරිය නගරය නකල්ස් කඳු වළල්ලෙහි පිටත මායිමෙහි පිහිටා ඇත. හුන්නස්ගිරිය නගරයෙන් මදක් ඔබ්බට වන්නට ප‍්‍රධාන මාර්ගයෙන් වම්පසට හැරී ගමන් කරන නකල්ස් රක්ෂිත පිවිසුම් මාර්ගයේ කිලෝමීටර් 29 ක් පමණ දුරකින්, නකල්ස් හා දුම්බර කඳු පන්ති මධ්‍යයේ මීමුරේ නම් වන පිටිසර ගම්මානය පිහිටා ඇත. නකල්ස් කඳු පන්ති අතරින් දිවෙන මීමුරේ පිවිසුම් මාර්ගය, තෙත් කලාපීය කඳුකර වනාන්තර සහ තෘණ බිම් වලින් ගහනව ඇති අතර, එක් පසෙක අහස් තලය සිපගන්නා කඳු පන්තියද අනෙක් පස සෘජුවම පොළෝ තලය තෙක් දිවෙන හෙල ද පිහිටා ඇත. පැය 2 ක් පමණ වූ ගමනේ විඩා නිවාලමින් තැන් කිහිපයකදීම මුණගැසෙන කුඩා දොළ පහර වලින් ද උස් දිය ඇලි වලින් ද මෙම මංපෙත සමන්විත ‍වේ. මගින් මගට හමුවන තේ වතු හා කුඩා ගම්මාන කිහිපය හුදෙකලා බවත්, පිටිසර බවත් මුසුවූ අමුතුම හැඟීමක් සිත තුල ජනිත කරනු ඇත.


මීමුරේ යන්න කළින් දැනගෙන යන්න මීමුරේ යන්න කළින් දැනගෙන යන්න Reviewed by lankaonline on December 28, 2018 Rating: 5

No comments:

Powered by Blogger.