1. හොයන්න
ඔබ ඉන්ටර්විව් එකට යාමට සිටින ආයතනය ගැන පොඩ්ඩක් බාහිර සෙවීමක් (background check) මොකද ඒ මගින් ඔබට ඔබ යන්නේ කිනම් ආකාරයේ ආයතනයකටද, වෙළඳපොල තුල ඔවුන්ට ඇති තත්වය වගේම ඔබ දැනගත යුතු ආයතනයේ ඉතිහාසය මොන වගේද? ඔබ අයදුම් කල තනතුරේ ඇති වගකීම් සහ විෂය පථයන් මොනවාද? මේ වගේ ඔබට එම ආයතනය ගැන සොයා ගත හැකි සියලූම ආකාරයේ තොරතුරු සිහිතබාගෙන යන එක වටිනවා. සමහර විට මේ එකක් වත් ඔඛෙන් අසන්නේ නැතිවෙන්න පුළුවන්. එත් කෝකටත් සුදානම් ශරීරෙන් යන එක වටිනවානේ.

2. මොනවා අහයිද? මොනවද කියන්නෝනේ?
ඉන්ටවිව් එකකට යන්න කලින් ඔබ අයදුම් කරන තනතුරේ මෙයට කලින් වැඩ කරපු ඔබේ හිතවතෙක් හෝ මිතුරෙක් හෝ කවුරුන් හෝ ඉන්නවා නම් ඒ කෙනෙකු ගෙන් පොඩ්ඩක් මේ වගේ සම්මුඛ පරීක්ෂණයදී අහන්නට පුළුවන් ප්‍රශ්න ගැන පොඩි හෝ අවබෝධයක් ගන්න පුළුවන්.තමන් කලින් රැකියා කල ස්ථානය අතහැරල අලූත් ස්ථානයක් තෝරාගැනීමට හේතුව හෝ ඉන්ටවිව් එකට සම්බන්ධ රැකියා වෘත්තීය තෝරාගැනීමට හේතුව ගැන විස්තර කරන්නට හොඳ සූදානමකින් යන්න. ඒ විස්තර කිරීම සාර්ථකව කරගන්න පුලූවන් උනොත් ඔබට සෑහෙන්න ලකුණු ලැඛෙයි
මෙයට අමතරව, ඕනේ දෙකට අපට උදව්වට වගේම මේ පාරත් අපිට උදව් ගන්න ගුගල් දෙයියා ඉන්නවා හිටං.
3. බාහිර පෙනුම ගැන සැලකිලිමත් වෙන්න
ඔබ පාන්ගේන්න කඩේ යනවා වගේ සම්මුඛ පරීක්ෂණයකට ගියොත් මොකද වෙන්නේ කියලා ආපහු මෙතන ලියන්න උවමනා නැහැනේ. අමතක කරන්න එපා, ඔබ ඒ ආයතනයේ ප්‍රධානීන්ව හමුවන පළමුවෙනි අවස්ථාව. ඒ නිසා පුළුවන් තරම් පිළිවෙලට යන්න උත්සහ කරන්න.ඔබව සම්මුඛ සාකච්ඡාවට ලක් කරන අයගේ ඇස් වලට අපහසුවක් දැනෙන තරම් වර්ණවත් පාට නැතිව ලා පාට ඇඳුමක් තෝරාගන්නත්.පිළිවෙලකින් යුත් ගැලපෙන කොණ්ඩා විලාසිතාවක් අනුගමනය කරන්නත් මතක තියාගන්න. හොඳින් මැදගත් සපත්තු, කැපූ පිරිසිඳු නියපොතු වැනි දේවල් වලටත් අවධානය යොමු කරන්න.
කාන්තා පාර්ශ්වයේ අය අනවශ්‍ය විදිහට මේකප් තවරාගෙන යන්න එපා. නහය ඇහිබැම ආදී ප්‍රදේශවල චසැරජසබට ඇත්නම් ඒවා ඉවත්කරගෙන යන්න. දුම් පානය කල විගස හෝ චුයින්ගම්, ටොපි සපමින් සම්මුඛ සාකච්ඡාවට සහභාගි නොවන්න
සම්මුඛ සාකච්ඡාවට යාමේදී ඔබේ බාහිර පෙනුම ගැන අවධානය යොමු කල යුතු තවත් කරුණු ගැන මේ ලිපියෙන් දැනුවත් වෙන්න පුලූවන්.
4. ලිය කියවිලි සහ සුදුසුකම්
සම්මුඛ පරීක්ෂණයට අවශ්‍ය අධ්‍යාපන සහතිකපත් ඇතුළු ලියකියවිලි සියල්ල හොඳින් සූදානම් කර තබාගන්න. තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහිත පත්‍රිකාවේ(ඍැිමපැ) අලූත් පිටපත් එකකට වඩා රැගෙන යන්න මතක තබාගන්න. නැතිනම් පරීක්ෂකයන් කිහිප දෙනෙක් සිටියොත් ඔබ අපහසුතාවයට පත්වේවි. පොඩිවෙච්ච, අපිළිවෙල පත්‍රිකා ඉදිරිපත් කරන්න එපා.
5. වෙලාවට (කලින්) යන්න
ඉන්ටවිව් එක තියෙන්නේ 10.30 ට නම් ඔබ එතනට විනාඩි 10ක්15ක් පමණ කලින් යෑම සුදුසුයි. එහෙම කලින් යන එකෙන් ඔබට ඔබ සම්මුඛ පරීක්ෂණය සඳහා යන තැන ආයතනික වටපිටාව ගැන අදහසක් ගන්නට හැකි වේවි. ඒ වගේම ඔබට පොඩි හරි තිගැස්මක් ඇති වෙනවා නම් එයත් මග හැරෙන්නට හේතුවක් වේවි.හැබැයි කලින් යන එක වැදගත් වූ පළියට ඕනෑවට වඩා වේලාසනින් ගොස් කාලය කා දමමින් ඉන්නත් එපා. ඔබ නිකරුනේ කාලය කා දමමින් සිටින වැඩක් නැති පුද්ගලයෙක් ලෙසට ආයතනයේ අනෙත් අය දැක්කොත් ඔබේ ප්‍රතිරූපයට හොඳ මදි.
6. ෆස්ට් ඉම්ප්‍රේෂන් සහ බොඩි ලැන්ග්වේජ්
රධානීන් හට නිවැරදි ලෙස අතට අත දී ආචාර දක්වන්න. ඒ ඇතුලූ සැලකිය යුතු අනෙකුත් දේ ගැනමොකවත් ආපහු කියන්න ඕනේ නැහැ, මේක කියවලා ඉන්න.
7. ඔබ ඔබ වෙන්න
බ ධනාත්මක නම්, ප්‍රියශීලි නම්, සැනින් හිතවත් වෙන්න දන්නවා නම්, සමහර විට සුදුසුකම් වලට වඩා වැඩි දෙයක් මේ ගතිගුණ වලට කරන්න පුළුවන් වේවි.ඒ නිසා නිතරම ඔබට ඔබව පෙනෙන විදියට වඩා ඔබව අනෙක් අයට පෙනෙන විදිය ගැන සැලකිලිමත් වන්න.
8. වැදගත් ප්‍රශ්න (අහන්න)
ඔබේ තනතුරට වැදගත් වෙනවයි කියලා හිතෙන යම් ගැටළුවක් තියෙනවා නම් අහන්නේ නැතුව ඉන්න එපා. එහෙම අහන එකෙන් ඔබ තුල ඇති උද්යෝගය ගැන යහපත් අදහසක් ඔබව පරීක්ෂණයට ලක් කරන පුද්ගලයාට හෝ මණ්ඩලයට ඇති වෙන්න ගොඩක් දුරට ඉඩ තිඛෙනවා. හැබැයි කඩේකට ගිහින් බඩුවක් කේවල් කරලා ඉල්ලනවා වගේ ඔබ ඔබට ලැඛෙන්න තියෙන පඩිය බොහොම බාල ආකාරයට වැඩි කරලා ඉල්ලන්න එහෙම හිතන්නවත් එපා, ඊට වඩා හොඳයි ඔලූව කකුල් දෙක අස්සේ ගහගෙන බේරේ වැවට පනිනවා.
9 .ඔබව ලෙසටම මාකට් කරගන්න
ඔබේ තියෙන සුදුසුකම් සහ තිඛෙන අත්දැකීම ගැන විස්තර ඔවුන් හා ඛෙදාගන්න. ඔබ කලින් ආයතනයේ සිටිත්දී කල ව්‍යාපෘති ගැන ඔවුන් විස්මයට පත් වෙන තොරතුරු ඛෙදාගන්න උත්සහ කරන්න.ලොකු පාර්ට් ලෙස නොපෙනෙන විදිහටඔබේ දක්ෂතා වැඩියෙන් කැපීපෙනෙන සේ කතා කරන්නට මතක තබාගන්න. ප්‍රශ්න අසන තැනැත්තාට හොඳින් සවන් දෙන වග අඟවන්න.අනවශ්‍ය වැල් වටාරම් නැතිව ආත්ම විශ්වාසයෙන් යුතුව පැහැදිලිව අසන ප්‍රශ්නයට පමණක් පිළිතුරු දෙන්න.
ඒ වගේම කිසිවිටෙකත් ඔබ කලින් සිටි ආයතන විවේචනය කරන්න එපා. එය ඔබේ තත්වයට බොහොම නරක අතට බලපාන්න පුළුවන්.
10. ස්තුතියි කිව්වට කට ගෙවෙන්නේ නෑ
ඔබව පරීක්ෂණයට ලක් කල පුද්ගලයාට හෝ මඩුල්ලට පරීක්ෂණය අවසානයේදී බොහොම උණුසුම් ආකාරයෙන් ස්තුති කරන්නට අමතක කරන්න එපා. එය ඔබ ගැන හොඳ ප්‍රතිරූපයක් මවන්නට අනිවා හේතුවන සුපිරි ධන ලකුණක් වේවි.
ඉන්ටවිව් යන්න බයද? මේ පොයින්ට්ස් 10 ඔලූවෙ තියන් ගියොත් ජොබ් එක ගොඩේ ගොඩ
Reviewed by Unknown
on
August 12, 2016
Rating:

No comments: