Results for Gossip

පැය 2කින් බුදු රුවක් මැවූ අපූරු තරුණයෙක් ඇස් වහක් කට වහක් නෑ ඒක නම් විශ්මිත හැකියාවක්

March 03, 2020



මාර්තු 1 වෙනිදා මහනුවර නගරයේ දී සිත්තරුන්ගේ කළා පොලක් පැවැත්වුනා. කලාකරුවන් රැසක් එම අවස්ථාවට එක වී තිබුනා අතර එහි පැම්ණි එක් තරුණ කළාකරුවෙක් පැය 2ක් වගේ කෙටි කාලයක් තුල බුදු රුවක හිසක් තමන්ගේ අතින් නිර්මාණය කරනවා. ඇස් අදහගන්න බැරි වෙනවා සත්තයි. වීඩියෝව පහතින් බලන්න


පැය 2කින් බුදු රුවක් මැවූ අපූරු තරුණයෙක් ඇස් වහක් කට වහක් නෑ ඒක නම් විශ්මිත හැකියාවක් පැය 2කින්  බුදු රුවක් මැවූ අපූරු තරුණයෙක්  ඇස් වහක් කට වහක් නෑ ඒක නම් විශ්මිත හැකියාවක් Reviewed by Kalum on March 03, 2020 Rating: 5

රවී ඇතුළු 12 දෙනෙක් නොපමාව අත්අඩංගුවට ?

March 03, 2020


හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු 12 දෙනෙකු නොපමාව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට නියෝග කර තිබේ.
මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගන්නැයි මෙලෙස නියම කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබාගන්නැයි නියම කළ සෙසු පිරිස පහත දැක්වේ.

1 .පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්

2 . සන්ද්‍රේශ් රවින්ද්‍ර කරුණානායක

3 .ලක්ෂ්මන් අර්ජුන මහේන්දුන්

4 .අර්ජුන් ජෝසෆ් ඇලෝෂියස්

5 .පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධි

6 .ජෙෆ්රි ජෝසෆ් ආලෝෂියස්

7 .චිත්ත රංජන් හුළුගල්ල

8 .මුත්තුරාජා සුරේන්ද්‍රන්

9 .අජාන් ගාර්දියෙ පුංචිහේවා

10.තුයිය හැන්නදිගේ බුද්ධික සරත්චන්ද්‍ර

11.සංගරපිල්ලේ පදුමනාපන්

12.පදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර
රවී ඇතුළු 12 දෙනෙක් නොපමාව අත්අඩංගුවට ? රවී ඇතුළු 12 දෙනෙක් නොපමාව අත්අඩංගුවට ? Reviewed by Kalum on March 03, 2020 Rating: 5

හැරී-මේගන් යුවලට ලබා දෙන ආරක්ෂාව වහාම නවතා දැමීමට තීරණයක්

February 29, 2020


හැරී-මේගන් යුවලට ලබා දෙන ආරක්ෂාව වහාම නවතා දැමීමට කැනඩාවෙන් තීරණයක්

හැරී කුමරුට සහ මේගන් කුමරියට ආරක්ෂාව සැපයීම ඉතා ඉක්මණින් නවත්වන බව කැනඩා රජය තහවුරු කර තිබේ. රාජකීය කැනේඩියානු අශ්වාරෝහක පොලිසිය (ආර්සීඑම්පී) මෙම යුවළ කැනඩාවට පැමිණි 2019 නොවැම්බර් මාසයේ සිට වරින් වර ඔවුන්ට ආරක්ෂාව සැපයීම සිදු කළේය.මෙම යුවළ මාර්තු 31 වැනිදා සිට ජ්‍යෙෂ්ඨ රාජකීයත්වයෙන් නිල වශයෙන් ඉවත් වනු ඇති අතර එයින් පසු ඔවුන් තවදුරටත් රැජින වෙනුවෙන් රාජකාරි ඉටු නොකරනු ඇත. නමුත් මාස 12 කට පසු මෙම සැලැස්ම සමාලෝචනය කරනු ඇතැයි ද සඳහන් වේ. කෙසේවුවද කැනඩාවේ ෆෙඩරල් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය බිල් බ්ලෙයාර් බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ “අර්ධ කාලීන පදනමක් මත කැනඩාවට නැවත පදිංචි වීමට තෝරා ගැනීමෙන් සසෙක්ස් හි ආදිපාදවරිය සහ ආදිපාදවරිය අපේ රජයට සුවිශේෂී හා පෙර නොවූ විරූ තත්වයන් ඉදිරිපත් කළේය.” යනුවෙනි.
ආදිපාදවරිය සහ ආදිපාදවරයා දැනට ජාත්‍යන්තරව ආරක්‍ෂිත පුද්ගලයන් ලෙස පිළිගෙන ඇති හෙයින්, අවශ්‍ය පදනම මත ආරක්ෂක ආධාර සැපයීමට කැනඩාවට බැඳීමක් තිබෙන බවද ඔහු පවසයි. මේ අනුව කුමරුට සහ ඔහුගේ බිරිඳ මේඝන්ට ආරක්ෂාව සැපයීම සඳහා මුදල් ගෙවන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ප්‍රශ්නයට නැවත නැවතත් මුහුණ දීමට කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝට සිදුවී තිබේ. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රකාශයට අනුව යුවළගේ තත්වය වෙනස් කිරීමට අනුකූලව ඉදිරි සති කිහිපයේදී ආරක්ෂක ආධාර නතර වනු ඇත.එසේ වුවද ආරක්ෂක කාරණා සම්බන්ධයෙන් මෙට්‍රොපොලිටන් පොලිසිය හෝ යුවළගේ ප්‍රකාශකයෙකු අදහස් දක්වා නැත.මෙම යුවළ ඔවුන්ගේ කාලයෙන් වැඩි කොටසක් පෞද්ගලික පුරවැසියන් ලෙස කැනඩාවේ ගත කරන බවට ප්‍රවෘත්ති පළ වූ විට, ප්‍රධාන අවධානයක් යොමු වූයේ ඔවුන්ගේ වියදම් දරන්නේ කවුරුන් ද යන්න සම්බන්ධවයි. ස්වාධීන ආයතනයක් වන ඇන්ගස් රීඩ් විසින් ජනවාරියේ දී නිකුත් කරන ලද මහජන මත විමසුමකට අනුව කැනේඩියානු ජාතිකයන්ගෙන් 73% ක් ඔවුන්ගේ නැවත ස්ථානගත කිරීම හා සම්බන්ධ ආරක්ෂාව සහ වෙනත් වියදම් සඳහා කිසිදු මුදලක් ගෙවීමට උනන්දුවක් නොදක්වන බව පෙන්වා දී තිබේ.
හැරී-මේගන් යුවලට ලබා දෙන ආරක්ෂාව වහාම නවතා දැමීමට තීරණයක් හැරී-මේගන් යුවලට ලබා දෙන ආරක්ෂාව වහාම නවතා දැමීමට තීරණයක් Reviewed by Kalum on February 29, 2020 Rating: 5

මගේ දේවල් පෙන්න පෙන්නා රොෂාන් රටටම බොරු කියනවා - චතුරිකා පිරිස්

February 26, 2020


මගේ දේවල් පෙන්න පෙන්නා රොෂාන් රටට බොරු කියනවා - චතුරිකා පීරිස්
මීට වසර ගණනාවකට ඉහත විවාහ ගිවිසගෙන සිටි රංගන ශිල්පිණී චතුරිකා පීරිස් හා රංගන ශිල්පී රොෂාන් පිලපිටිය දෙදෙනාම දැන් වෙනත් විවාහ දෙකකය. නමුත් ඔවුන් එක්ව සිටි කාලයේ දෙදෙනාම විවාහවී පදිංචියට යාමේ අදහසින් මහරගම ප්‍රදේශයේ නිවසක් ඉදිකරමින් සිටි බව කියැවේ. එහි ආයෝජනය දෙදෙනාම දැරූ අතර නිවසේ වැඩ අවසන්වන්නට පෙර දෙන්නා වෙනස්වීම නිසා නිවසේ අයිතිය සම්බන්ධ නීති මාර්ගයෙන් විසඳාගැනීමට දෙදෙනාට යොමුවීමට සිදුවිය.තවම එම නඩුව අහවර නැත. නිවසේ පදිංචිවී සිටින්නේ රොෂාන් හා රිද්මාය. මේ අතරවාරයේ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන රොෂාන් සිය නිවස ගැන විස්තර රැසක් හෙළි කර තිබෙන අතර එහිදී ඔහුට එහි පූර්ණ අයිතිය ඇති බව ඇගවෙන සේ විස්තර සපයා තිබේ. මෙම විස්තරය ගැටලුකාරී බව රොෂාන් හා පෙර විවාහ ගිවිසගෙන සිටි චතුරිකා පීරිස් දන්වා ඇත.
ඇය අප සමග ඒ ගැන පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
ඇය ඒ ගැන මෙසේ පවසන්නීය.

'මම දැක්කා නෙයෙකුත් අවස්ථා වල මේ නිවස සහ ඒ පිළිබඳව ලොකු ප්‍රචාරයක් දෙනවා. මම ඇත්තටම මේ කතා කරේ නීතිඥවරයකුගේ උපදෙස් මත. මේ වෙනකොට මේක උසාවියේ නඩුවක් තියෙන property එකක්. ඉතිං මේ නිවස ගැන කියලා තියනවා මම දැක්කා. නමුත් මේ කියලා තියන විස්තර නිවස හදපු කාලේ, ඉඩම ගත්ත කාලේ ඒ ඔක්කොම දේවල් ඒ රූප රාමු දාලා තියෙන නිවසේ දේවල් වැරදියි. මම දන්නේ නැ වෙන නිවසක් ගැන කියනවද කියලා. මොකද ඔය නිවසේ මම හිතන්නේ දිග පළල මම තරම් දන්න වෙන කවුරුත් දන්නේ නැ. එගොල්ලෝ ලොකුවට Advertise කරගෙන ලොකුවට කියලා තියෙනවා අනන්මනන් එගොල්ලන්ගේ.එවායේ ගත්ත බිල් ඉඳන් තියෙනවා තාම මං ළඟ.ඒවා උසාවියේ නඩු කියන Documents බවට පත්වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතිං ඒ නිසා එවාගේ උසාවියේ නඩුවක් තියෙන Property එකක් සම්බන්ධයෙන් මේ ආකාරයට අනවශ්‍ය ලෙස හුවා දැක්වීම වැරදියි. මාධ්‍ය තුළ එවැන්නක් පළ කිරීම පිළිබඳ මගේ නීතිඥවරයා කිව්වා ඒ බව දැනුවත් කිරීමක් කරන්න කියලා. කාටවත් ඒ ගැන මේ වෙද්දී අයිතිවාසිකමක් නැ. උසාවිය ඒ තීරණය දෙන්න ඕනේ ඒ නිවස එක්කෝ සම්පුර්ණයෙන්ම අපිට අයිති වෙනවද එහෙට අයිති වෙනවද එහෙමත් නැතනම් බෙදෙනවද කියන එක. ඉතිං මේ වෙනකොට ඔය පෙන්නලා තියෙන නිවස ඔප්පුව තියෙන්නේ මගේ නමට Building Approval එක තියෙන්නේ මගේ නමට. සියලු දේවල් තියෙන්නේ මගේ නමට. රොෂාන් පිලිපිටියගේ නමටත් තියෙනවා කොටසක්. ඒ නිසා මේ වෙනකොට උසාවියේ නඩුවත් පවතින නිසා මම හිතන්නේ ඔය වටපිටාවේ ඉන්න සියලුම නිවස අවට ඉන්න මිනිස්සු දන්නවා ඔය ඉඩම ගත්තේ කවුද ඔය ඉඩමේ ගේ හැදුවේ කවුද ඔය ගෙදර මුල්ගල තිබ්බේ කවුද ඔය ගෙදරට ඉස්සෙල්ලා පදිංචියට ගියේ කවුද කියන කරුණු කරණා සියල්ල ඒ අවට මිනිස්සු දන්නවා.

මේ වේලාවේ උසාවි නඩුවත් තියෙන Property එකක් නිසා මම හිතන්නේ ඒක නීති විරෝධියි. නීතිය අනුව නම් එහෙම කරන්න බැහැ. .මුනිවත රැක්ක පමණින් එගොල්ලන්ට ඕන ඕන දේවල් කියන්න බැ.ඒ කියලා තියෙන සියලුම දේවල් බොරු කියලා  ඒ පෙන්නලා තියෙන කාල වකවානු බොරු කියලා මට ඔප්පු කරන්න පුළුවන්.මොකද සියලුම Documents ළඟ තියෙනවා. මේ වෙනකොට ඒවා මම උසාවියටත් ඉදිරිපත් කරලත් තියෙනවා. ඉතිං එගොල්ලෝ ඒ නිවසේ හිටියා කියලා ඒක එගොල්ලන්ගේ කියන්නත් බැහැ. ඕනම මනුස්සයෙක්ට මම දන්න කරමට බොරු කියන්න පුළුවන්. ඒත් තමන්ගේ හෘද සාක්ෂියට බොරු කියන්න බැහැ. තමන්ගේ හෘදසාක්ෂිය දන්නවා තමන් මේ කොතනද ඉන්නේ මේ නිවස කවුද හැදුවේ මේක කාගෙද කියලා තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා. මේ විියට බොරු මවාපැම් කරන්න සමාජයේ ඉස්සරහ පිටට බැහැ. මට නම් එක ප්‍රශ්නයක් නැ ජිවිත කාලේම බොරු මවාපෑම් කරාට. මේ වෙනකොට ගංගොඩවිල උසාවියේ අධධිකරණයේ නඩුවක් පවතින Property නිසයි මම දැනුවත් වීමක් මාධ්‍යට කරන්නේ නැවත එවගේ දැමීමේන් වළකින්න.මොකද එක නඩු දේපළක් විදියට තමයි මේ වෙනකොට තියෙන්නේ. අපි විරුද්ධත් වෙලා නැ ඒ ගෙදර කවුරුත්  ඉන්නවට.මගේ පර්ශවයේ කිසිම කෙනෙක් විරුද්ධ වෙලා නැ ඉන්නවට මොකද අපි අමුනුෂ්‍යයෝ නොවන නිසා. අපි කිසිම වේලාවක විරුද්ධ වෙලා නැහැ. මම කියලා නැ නඩුවත් තියෙන නිසා එළියට යන්න කියලවත් මම කියලා නැ. නමුත් මේ වෙනකොට ඒ Property එක සම්බන්ධයෙන් නඩුවක් යනවා. ඉතිං ඒ නිසා මේක හරිම විහිළුවක්. ඔය බඩු ගෙනාපු ආයතන වල ඉන්න මිනිස්සු ඕක දැක්කාම හිනාවෙනවා ඇති සමහරක්විට. ඉතිං එගොල්ලෝ එ දේවල්ම පාවිච්චි කර කර ඒවා ලොකුවට හුවා දක්වීම සම්බන්ධයෙන් ඇත්තටම මම දකින්නේ විහිළුක් හැටියට.

මට තියෙන ප්‍රශ්නේ තමයි උසාවියේ නඩුවත් පවතින දේපළක් නිසා මේ ගැන වැඩිදුරටත් කවුරු හරි අදහස් දැක්වීමේන් එගොල්ලන්ටත්  අපි නීත්‍යානුකුල පියවර ගන්න සිද්ධ වෙනවා.උසාවියේ නඩුවක් යන දේපළක් වෙනුවෙන් අපිට කියන්න බැනේ මගේ කියලා. මම කවදවත් කියලා නැනෙක් මගේ කියලා.මට මගේ කියන්න ඕන තරම් දේවල් තියෙනවා. ඔප්පු කරන්න බුළුවන් දේවල් තියෙනවා. ඒ උනාට මම එහෙම කියලා නැ. හේතුව මේවෙනකොට නඩුවක් පවතින නිසා. ඒක ගරු උසාවිය තීරණය කරන්න ඕන මේක කාගෙද කියන එක. මේක දෙගොල්ලන්ටම දෙනවද මෙක මෙයාට දෙනවද ඒක උසාවියේ නඩුව කියලා තීරණය වෙන්න ඕන. එතකන් මේක මගේ කියලවත් එක එයාගේ කියලවත් අපිට කියන්න බැ. හැබැයි ඉතිං මට මගේ කියලා ඔප්පු කරන්න පුළුවන් සාධක අනන්ත අප්‍රමාණ තියෙනවා ඔය ඒ පිංතුර වල දාලා තියෙන ගේ ගැන නම්. එකේ පර්චස් ප්‍රමාණය දාලා තියෙනවා තනිකර වැරදි.  ඒ බොරු. ඉඩම ගත්ත වර්ෂය දාලා තියෙනවා බොරු. නිවස හදපු වර්ෂය ලියලා තියෙනව බොරු. ඒ දේවල් වල ලිඛිත Documents තියෙනවා. ඒ ඇතුලේ Interior Plan ඔක්කොම මං ගාව තියෙනවා. ඒ පිංතුර දාලා තියෙන එක බොරු කියන එක තමයි මට කියන්න අවශ්‍ය වෙලා තිබ්බේ. ඒක නීත්‍යානුකුලව මේ වෙනකොට උසාවියේ නඩුවක් පවතින නිසා. ඒක ඉතිං මම ගරු උසාවියට තමයි තීරණේ කරන්න ඉඩ දීලා තියෙන්නේ.
මගේ දේවල් පෙන්න පෙන්නා රොෂාන් රටටම බොරු කියනවා - චතුරිකා පිරිස් මගේ දේවල් පෙන්න පෙන්නා රොෂාන් රටටම බොරු කියනවා - චතුරිකා පිරිස් Reviewed by Kalum on February 26, 2020 Rating: 5

"රන්ජන් කිසිම වරදක් කරලා නැ " හිරුනිකා කියයි

February 26, 2020


''නාම යෝජනා නොදෙන්න රන්ජන් කිසිම වැරැද්දක් කරලා නැහැ'' - හිරුණිකා රන්ජන්ගෙන් සහයට එයි
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිවන සමගි ජනබලවේගය සඳහා නාමයෝජනා නොදී සිටීමට තරම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වරදක් කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඊයේ (26) කොළඹදී පැවසුවාය. කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව පැවසුවාය. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඇප හිමිවීමත් සමඟ ඉදිරියේදී  ඒ මහතාගේ තවත් හඬපට පිටතට එනු ඇතැයිද ඇය කියා සිටියාය.
මන්ත්‍රීවරයාට නාමයෝජනා හිමිවනු ඇති බවද  ප්‍රේමචන්ද්‍ර මහත්මිය  පැවසුවාය
"රන්ජන් කිසිම වරදක් කරලා නැ " හිරුනිකා කියයි "රන්ජන් කිසිම වරදක් කරලා නැ " හිරුනිකා කියයි Reviewed by Kalum on February 26, 2020 Rating: 5

රෝහිත රාජපක්ෂ කල වරදට සමාව ගත් හැටි

February 24, 2020


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුවිය.
'බිරිඳක් ලබාගෙන දරුවන් හදන්න' යන්න හැගෙවෙන පරිදි  ඔහු මෙම ප්‍රකාශය කර තිබුණි. කෙසේ වෙතත් එම ප්‍රකාශය කිසිම පාර්ශ්වයක් අපහසුතාවට පත්කිරීමේ අපේක්ෂාවෙන් හිතා මතා කළ දෙයක් නොවන බව රෝහිත රාජපක්ෂ සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
ඒ අනුව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කරයි.

රෝහිත රාජපක්ෂ කල වරදට සමාව ගත් හැටි රෝහිත රාජපක්ෂ කල වරදට සමාව ගත් හැටි Reviewed by Kalum on February 24, 2020 Rating: 5

බලහත්කාරයෙන් ඉවත්කිරීම කලොත් බිම නිදා ගන්නවා

February 24, 2020



නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමක පවත්වාගෙන ගිය පුද්ගලික ආපන ශාලාවක් අනවසර ඉදිකිරීමක්ය යි දක්වමින් කිරීමට නුවරඑළිය එම අධිකාරියේ නිලධාරීන් පසුගිය 21දා කටයුතු කරමින් සිටිය දී එහි පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා නිලධාරීන් සමග වාද කළ අතර උණුසුම්කාරි තත්ත්වයක්  ඇතිවිය. එම ආපන ශාලාව ඉවත් කිරීමට නොදෙන බවත් නීතිය අනුව උසාවි නියෝගයක් ගෙන පැමිනෙන ලෙසත් ඔහු ඉල්ලා සිටි අතර බලහත්කාරයෙන් ඉවත්කිරීම කළහොත් එහි බිම නිදා ගන්නා බවත් පොලීසියට පැමිණ තමන් ඉවත් කරන්නට සිදු වන බවත් පවසමින් නවීන් දිසානායක මහතා මෙහිදී දැඩි අවේගශීලීව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ බහින් බස් වීමක නිරත විය. මෙම ආපාන ශාලාව ඉවත් කිරීමට අධිකාරියට බලය තිබෙන බවත්, තමන් සිදු කරන්නේ රාජකාරී කටයුත්තක් බවත්, ඒ සඳහා ඉඩ ලබාදෙන ලෙසත් මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මන්ත්‍රීවරයා දැනුවත් කිරීමට කටයුතු කළ ද ඔහු දිගින් දිගටම වාද කළේය.

ආපන ශාලාව ඉවත් කරන්න ඕනෑ නම් නීතිය ඔබතුමාගේ පැත්තේ නම් උසාවි නියෝගයක් අරගෙන එන්න යැයි මෙහිදී දැඩි ආවේගයෙන් යුතුව මන්ත්‍රීවරයා එම නිලධාරීන්ට පැවසූ අතර, නිලධාරීන් පැවසුවේ එසේ කරන්න අධිකාරියට බලය තිබෙන බවයි. මෙම සිද්ධියෙන් පසුව ආපන ශාලාව ගලවා ඉවත් කිරීමට පැය 48ක කාලයක් ලබා දී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිටව ගිය අතර නවීන් දිසානායක මහතා එම ස්ථානයට පැමිණියේ තමාගේ දැනුම් දීමකින් නොවන බව ආපන ශාලාවේ හිමිකරු මාධය වෙත පවසා තිබේ. මෙම සිද්ධියේදී නවීන් දිසානායක මහතා කෝපාන්විතව කථාකළත් අදහස් පළ කළේ ශීලාචාර ආකාරයටය. ඔහු කළ සංවාදය හා පසුගියදා සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා හා දේවානි ජයතිලක රාජ්‍ය නිලධාරිනිය අතර සංවාද සසදමින් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ අදහස් සංසරණය වේ.
බලහත්කාරයෙන් ඉවත්කිරීම කලොත් බිම නිදා ගන්නවා බලහත්කාරයෙන් ඉවත්කිරීම කලොත් බිම නිදා ගන්නවා Reviewed by Kalum on February 24, 2020 Rating: 5

අතවරයක් නොවුණු කාන්තාවකට අතවරයක් වූ බවට වෛද්‍ය වාර්තාවක් දීලා

February 23, 2020




අතවරයක් නොවුණු කාන්තාවකට අතවරයක් වූ බවට වෛද්‍ය වාර්තාවක් දුන් කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව ගාල්ල පොලිසිය කියයි. ගාල්ල වක්වැල්ල පාරේ දෙපිරිසක් අතර වැට මායිමකට කලක පටන් ආරවුලක් තිබී ඇති අතර 2019 11.12 වැනි දින
අතවරයට ලක්වූ බව කියන කාන්තාව පදිංචි නිවසට යාබදව ඇති වැටේ ඉණි ඉවත්කර කණු ගැසීමට යාමේදී වගඋත්තරකාර පාර්ශ්වය සමග ආරවුලක් සිදුව ඇත. එයට පොලිස් හදිසි ඇමතුම් අංශයට දැන්වීමෙන් පසු පොලිසිය එම ස්ථානයට ගොස් දෙපාර්ශවයම පොලිසියට කැඳවා ආරවුලට සමථයකට පත්කර ඇතයි පොලිසිය කළ විමර්ශනවලදී හෙළිවී එහෙත් නැවතත් වැට ඉදිකිරීමට යාමේදී දෙපාර්ශවය අතර ආරවුලක් හටගෙන ඇත. එම අවස්ථාවේ වගඋත්තරකාර පාර්ශවයේ සහෝදරයින් දෙදෙනකු ද ඔවුගෙන් එක් අයෙකුගේ බිරිය සහ නැගණිය ද පැමිණි බවටත් බිරිය සහ නැගණිය සිටියදී සැකකරු තමාට අතවර කළ බවටත් එම අවස්ථාවේ සැමියා සහ ඥාතියෙකු නිවස තුළ සිටියත් ඔවුනට පිටතට ඒමට නොහැකි ලෙස තවත් දෙදෙනකු දොර තදකරගෙන සිටි බවටත් පසුව වෙනත් කාන්තාවක් පැමිණ එය නතර කළ බවටත් පවසා ඇය එදින කරාපිටිය රෝහලට ඇතුළත්වය ප්‍රතිකාර ලබා ඇති බව පොලිසිය කියයි. මෙම සිද්ධිය වාර්තවූ වහාම පොලිසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ පවත්වා ඇති අතර කොට්ඨාස අපරාධ පරික්ෂණාගාරයට ද ගොස් විද්‍යාත්මක සාක්කි එක්රැස් කළත් එවැති අතවරයක් සිදුව ඇති බවට අනාවරණය වී නොමැති බව පොලිසිය කීය.

මේ අතර වින්දිත පැමිණිලිකාර කාන්තාව කරාපිටිය රෝහලට ඇතුළත්ව ඇති නමුත් අතවරයක් සිදුව ඇති බවට බාහිර රෝගී අංශයට දැනුම්දී නොමැති බවත් පසුව ඇය සිද්ධියෙන් දින අටකට පසුව පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් පොලිසිය පවසයි.ඒ අනුව තවදුරටත් කරන ලද පොලිස් පරීක්ෂණවලදී පිරිසක් මැද කාන්තාවකට අතවර කිරීමේ චේතනාවක් පහළවීම ද තමාගේ බිරිය සහ සහෝදරියක් ඉදිරියේ ශිෂ්ට සම්පන්න සමාජයක එවැන්නක් සිදුවිය නොහැකි බවට ද අනාවරණයවී ඇත. අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු කාන්තාවක් පරික්ෂා කරන්නේ නම් පොලිස් නිලධාරිනියක් හෝ පවුලේ ඥාතියෙකු ඉදිරියේ කළයුතු වුවත් කරාපිටිය රෝහලේ මෙම සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇය පරීක්ෂා කළ බවටත් ඇයට අතවරයක් සිදුව ඇති බවටත් වාර්තාවක් ලබා දී ඇති අතර, එසේ පරික්ෂා කර ඇත්තේ රාජකාරි වේලාවෙන් බැහැරව බවත් පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත. සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිසිය අතිරේක මහේස්ත්‍රාත්වරියගෙන් නියෝගයක් ද ලබා ගෙන ඇත.

අතවරයක් නොවුණු කාන්තාවකට අතවරයක් වූ බවට වෛද්‍ය වාර්තාවක් දීලා අතවරයක් නොවුණු කාන්තාවකට අතවරයක් වූ බවට වෛද්‍ය වාර්තාවක් දීලා Reviewed by Kalum on February 23, 2020 Rating: 5

සමහරු අපි ගැන බලන්නේ පිළිකුලෙන්

February 23, 2020


සේමිණි ඉද්දමල්ගොඩ... දශක දෙකක් පුරාවට කලාවේ විවිධ ඉසව්හි සැරිසරමින් එකිනෙකට වෙනස්වූ චරිත විමාන කළ අපේ කලාව සතු අපූරු දක්‍ෂතාවන්ගෙන් පිරිපුන් රංගනවේදිනියකි. වසර කිහිපයක් කලාවෙන් ඈත්ව සිටි මේ සොඳුරු රුවැති, නිහතමානී ප‍්‍රවීණ කලා ශිල්පිනිය උදාවූ 2020 නව වසරේ සුබ සිහින දකිමින් නැවතත් සුපුරුදු කලා ගමන ඇරැුඹූ මොහොතක...  සමඟින් මෙලෙස දොඩමළු වූවාය.
 ‘‘ඇත්තටම මගේ කලා ගමනේ ආරම්භයත් අහම්බයක්.
 මම කලාවට පිවිසෙන්නේ විවාහයෙන් වසර ගණනකට පසුව. ඒ මගේ සැමියාගේ පූර්ණ ආශිර්වාදයද සමගින්. ඔහු කවදත් මගේ ගමනට අත හිත ලබාදුන්නා. එය අදටත් එලෙසමයි.’’

 විවාහයෙන් පසු කලාවට පිවිසියත්, ඔබ ලොකු කැපකිරීම් සිදුකරමින් ඉදිරියට පැමිණෙනවා.

  ඔව්. මම කලාවට පිවිස දශක දෙකක් ගත වුණත් අඩු නිර්මාණ දායකත්වයක් තමයි එළිදක්වා තිබුණේ. නමුත් ඒ සෑම තැනකදීම එකිනෙකට වෙනස්වූ චරිත රඟ දක්වමින් ලැබුණු දේට උපරිම සාධාරණය කරන්න මම වග බලා ගත්තා. ඒ නිසාම මට ඒ හැම චරිතයම වගේ සුවිශේෂිතයි. චරිත වෙනුවෙන් කළ කැපකිරීම් ගැන කතා කිරීමේදී ටෙලි නාට්‍ය කිහිපයකත් චිත‍්‍රපට කිහිපයකදීත් මා කළ රංගනයන් අමතක කරන්න බැහැ. මම හිතන්නේ මටත් වැඩිය ඒ චරිත රසිකයින්ට මතකයි. ‘කළුවර ගෙදර’ සහ ‘ස්වයංජාත’ ටෙලි නාටක වගේ ‘28’, ‘යකඩ පිහාටු’, ‘සුදු හංසි’ සහ ‘සිනහව අතරින්’ චිත‍්‍රපට මගේ රංගන ජීවිතයේ මතකයෙන් නොමියුණු නිර්මාණ දායකත්වයන් අතර ප‍්‍රමුඛ ස්ථානයක තිබෙන බව කියන්නට සතුටුයි.

 ඔබ වේදිකාවේදී සහ සිනමාවේදී හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවා.

 ඔව්. ‘පුංචි ආදර බලකිරීමක්’ නම් වූ වේදිකා නාටකය වෙනුවෙන් මම වේදිකාවේ හොඳම නිළිය ලෙස සම්මාන ලබනවා. ඒ වගේම ‘28’ සිනමා සිත්තමේ රංගනය වෙනුවෙන් ඉකුත් වසරේදී හොඳම නිළිය ලෙස ජනාධිපති සම්මානය ලැබුවා. ටෙලි නාට්‍ය වෙනුවෙන් හොඳම නිළිය සම්මානයට අවස්ථා ගණනාවකදී නිර්දේශිත නාමයන් අතරට පැමිණියත් සම්මානය හිමි වුණේ නැහැ. නමුත් හොඳම ටෙලි නිළිය ලෙස නිර්දේශිත නාමයන් අතරට පැමිණීමත් මම හිතන්නේ සම්මානය හිමිවීමකට සමානයි.

 ඉකුත් කාල සමයේදී ඔබ කලාවෙන් ඈත්ව සිටිනවා.විශේෂයෙන් ටෙලි නාට්‍ය රඟපෑමෙන්....

 ඔව්. දැන් මම ආවාට ගියාට ටෙලි නාට්‍යවල රඟපාන්න යන්නෙ නැහැ. මටත් වටිනාකමක් තියෙනවා. මම බලාපොරොත්තු වෙන මුදල ලැබිය යුතුව තිබෙනවා. සමහර වෙලාවට මම රංගන දායකත්වය ලබාදෙන නිර්මාණය හොඳනම් මුදල විශාල සාධකයක් කර ගන්නෙ නැහැ. කොහොමටත් විවිධ වූ හේතු නිසාවෙන් මම වසර පහක් පමණ ටෙලි නාට්‍යවලින් ඈත්ව සිටියා. ‘මාද ඔබම විය’ ටෙලි නාට්‍යය වෙනුවෙන් තමයි මම අන්තිමට රඟපෑවේ.

 සිනමාව සමඟ යනෙන ගමන ගැන මොකද හිතන්නේ.

 මම වසරකට චිත‍්‍රපට දෙක තුනක රඟපානවා. හැබැයි ඒ චිත‍්‍රපට මට විශේෂිත විය යුතුයි. මොකද.. මගෙත් රඟපෑමේදී තෝරා බේරා ගැනීමක් තිබෙනවා. විශේෂයෙන් මගේ රංගන දක්‍ෂතා හඳුනාගෙන ඒවා නිරූපණය කිරීමට මට ලැබී තිබෙන ඉඩහසර ගැනත් මම සොයා බලනවා. ඒ වෙනුවෙන් වෙහෙසෙනවා කීවොත් වඩාත් නිවැරදියි. අනික තමයි මෙතනදීත් මට කියන්න තියෙන්නෙ ආවාට ගියාට රඟපාන්න බැහැ කියලා.

 කලාව සමඟ ඉදිරියට යන නවක පරපුරට ප‍්‍රවීණයකු ලෙස ඔබ ලබාදෙන ඔවදන...

 මෙහෙමයි.. දැන් ඉන්නෙ නිව් ජෙනරේෂන් එකේ කට්ටියක්. ඒ අය බොහෝ විට වැඩිහිටියන් ලබාදෙන උපදෙස් පිළිගන්නෙ නැහැ. ඔවුන් හුඟක් වෙලාවට විශ්වාස කරන්නේ ටෙක්නොලජී එක. හැබැයි අධ්‍යාපනය කලාවට හරි වැදගත්. විනයත් ඒ වගේමයි. තමන් ඉන්නෙ කොහෙද, යන්නෙ කොහෙද, කරන්නෙ මොනවාද කියලා හරියට තේරුම් ගත යුතුයි. ඒ වගේම හැම දෙයක් ගැනම අප්ඬේට් විය යුතුයි. අද සමහර වෙලාවට අලූත් අය අනවශ්‍ය විදිහට පුම්බන්නෙ මාධ්‍ය හරහා. එසේ නොකර ඔවුන්ට තමන්ගේ හැකියාවෙන් සහ දක්‍ෂතාවයෙන් දියුණුව කරා යන්නට අවස්ථාව ලබාදිය යුතුයි. ඒ වගේම සමහරුන්ට කලාවට පැමිණි විගසම ලොකු ලොකු සම්මාන පුදදීමත් සිදුකරනවා. එවැනි දේ බොහෝ විට සිදුවන්නේ නිසි ක‍්‍රමවේදයකින් තොරවයි. මම ඒ කාලේ මගේ ආර්ටිකල් කරලා දෙන්න කියලා පත්තරවලට කතා කළේ නැහැ. නමුත් මා වෙනුවෙන් ආර්ටිකල් කළ යුතු කාලසීමාවන්හිදී ඒ අය මා සොයා ආවා. ඒක විශාල ගෞරවයක්. නමුත් අද පවතින තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. ඒ ගැන මම මීට වැඩිය යමක් කිව යුතු නැහැ කියලයි මම හිතන්නේ.

 ඔබ රංගන ශිල්පිනියක නොවුණා නම්... ජීවිතය කොතනට ගලා යයිද?

 අපෝ... එහෙම නොවුණා නම් මම ගෘහණියක්. ඒ වගේම ව්‍යාපාරික කාන්තාවක ලෙසත් ඉඳීවි. මම කොහොමත් දැනටත් ව්‍යාපාරිකාවක් තමයිනේ. මම රංගනයට එන්නේ විවාහයෙන් පස්සෙ. දැන් විවාහ වෙලත් අවුරුදු විසිපහක්.

 ඔබේ සුන්දරත්වය ඇතුළේ යම් සැඩ පරුෂ චරිතයකුත් ජීවත්වන බව පෙනෙනවා. ඇත්තටම ඔබ කුමනාකාරයේ චරිතයක්ද? මම අහන්නෙ සැබෑ ජීවිතයේ..

 මම හොඳට හොඳයි. නරකට අන්තිම නරකයි.

 වර්තමාන කලාවේ ගමන් මඟ පිළිබඳව ඔබට යමක් පැවසීමට තිබේදැයි මා විමසුවොත්..

 පසුගිය දස වසරක කාල සමයේදී කලාව විතරක් නෙවී සෑම අංශයකින්ම අපි ගව් ගණනක පසුබෑමක සිටි බව පිළිගත යුතුයි. ඒ කාල සමයේදී බොහෝවිට සිදුවූයේ අනවශ්‍ය දේ පමණයි. පිටරට කසිකබල් නිර්මාණ අපේ රටට ගෙනාවා. අපි නිකන් බාල්දු වුණා. නිර්මාණකරුවන්ට වැඩ නැති වුණා. විවිධ දුෂ්කරතා ඇති වුණා. කලාවේ විවිධ අංශයන්හි මාෆියාවන්, ඒකාධිකාරයන් ඇතිවුණා. හැබැයි 2020 කියන්නෙ හැම අතින් සුබ සිහින දකින වසරක්. මම හිතනවා කලාවේ සෑම අංශයකම සුබ අනාගතයක පෙර නිමිති දකින්නට තිබෙනවා කියලා. 2020 අලූත් අවුරුද්ද වගේම මිනිසුන් ආකල්පමය ලෙස වෙනස් විය යුතුව තිබෙනවා. අපට ඒ සැබෑ වෙනස රට වෙනුවෙන් ඇති කළ හැකියි. මෙයට ප‍්‍රධානතම හේතුව වන්නෙ රටට හොඳ එඩිතර, නිවැරදි නායකත්වයක් ලැබී තිබීම. අද රටේ සෑම තැනකම ඇතිවී තිබෙන නව පිබිදීමෙන් පෙන්නුම් කරන්නෙ රටේ හෙට දවස සුබවාදී බව. එදා රටට ඉදිරියට යන්න විශාල බාධකයන්ව තිබුණේ නිසි මඟ පෙන්වීම කරන්නට සෘජු, එඩිතර නිවැරදි නායකත්වයක් නොතිබීම.

 කලාව සමඟ ආ ගමනේදී සපුරා ගතයුතු යම් ඉලක්කයක් ඔබට තිබුණාද?

 මට එහෙම ලොකු ටාගට්ස් තිබුණේ නැහැ. මේ ගමන ආරාධනාවකින් ආපු ගමනක්. එකක් අහම්බයක්. මම කාගෙවත් පසුපස ගියේ නැහැ. නමුත් මට අවස්ථා ලැබුණා. මට අවශ්‍යව තිබෙන්නෙ හොඳ පිළිගත් රංගන ශිල්පිනියක ලෙස මියයන්න. මම මේ යමින් පවතින්නෙ ඒ ගමන. මම මිනිස්සු අතර ඉන්නවා. ඔවුන් මට ආදරය කරනවා. ඒ නිසා මම හිතනවා මට මේ පවතින කලාවේ ඇතුලේ නමක් තියනවා කියලා. ඇත්තටම ඒක නිහතමානීව විඳ දරා ගත යුතු විශාල සතුටක්.

 කුමලි අශේකා.... ඔබේ දියණිය ඇයත්.. ඔබේ ගමන් මඟ තෝරාගනීවිද?

 නැහැ. නමුත් ඇයට රංගනයට හැකියාව වගේම දක්‍ෂතාවන් තිබෙනවා. ඒත් මම කැමැති නෑ ඇය ලංකාවේ ජනපි‍්‍රය චරිතයක් වෙනවට. මම එහෙම කියන්නේ ඇයි කියලා ඔබ වුණත් මගෙන් අහන්න පුළුවන්. නමුත් මෙය කිව යුතුයි. ජනපි‍්‍රය පුද්ගලයන් දිහා සමහරු බලන්නෙ ද්වේශයෙන්. තමන්ට යන්න බැරි තැනකට වෙන කෙනෙක් යන නිසා එහෙම බලනවා වෙන්නත් පුළුවන්. අද මේ කලාව ඇතුළේ ජනපි‍්‍රය වෙන්න සමහරු කරන වැඩ නිසාත් රඟපෑම කියන මේ වෘත්තිය දිහා හුඟක් අය බලන්නෙ පිළිකුලෙන් සහ කලකිරීමෙන්. ඉතිං... ඒ වගේ තත්ත්වයක් යටතේ අපි හුඟක් දේවල් ගැන ගැඹුරින් කල්පනා කළ යුතුව තිබෙනවා.

 ඉදිරියේදී ඔබව දැකිය හැකි නිර්මාණ පිළිබඳව පැවසුවොත්...

 තේජා ඉද්දමල්ගොඩගේ ‘ආශාවරී’ චිත‍්‍රපටයේ වෙනස්ම වූ චරිතයක් රඟපෑවා. ඒ ගැන මගේ බලාපොරොත්තු බොහොමයි. ඒ වගේම පි‍්‍රයන්ත කොළඹගේගේ ‘මන්දිරා’ චිත‍්‍රපටයේත් රඟපෑවා. බලමු.. මේවා තිරගත වුණාම කතා කරන්න බොහෝ දේ ඉතිරිවෙයි.

 හොඳයි. 2020 නව වසර වෙනුවෙන් ඔබට ආදරය, ගෞරවය පුදන රසිකත්වයට මොනවද කියන්න තිබෙන්නේ.

 තමන්ට හැකි ලෙස කාට හෝ පිහිට වෙන්න. අඩු තරමින් සිනහවෙන් හෝ සංග‍්‍රහ කරන්න.


සමහරු අපි ගැන බලන්නේ පිළිකුලෙන් සමහරු අපි ගැන බලන්නේ පිළිකුලෙන් Reviewed by Kalum on February 23, 2020 Rating: 5

අසරණ මිනිසුන් හිඟමනේ යොදවමින් පුජා නගරයේ සිදු කරගෙන යන තුප්පැහි ව්‍යාපාරය

February 22, 2020


ඓතිහාසික අනුරාධපුරයෙන් නැවතත් අශික්‍ෂිත කතාවක් ඇසේවී. ඒ කතාවෙන් කියැවෙන්නේ අන්ත අසරණ මිනිසුන් හිඟමනේ යොදවමින් මුදල් ගරන කාලකණ්ණි ව්‍යාපාරිකයෙක් ගැනය. සුදු පිරුවට පොරවාගත් මේ කාලකණ්ණියා සිදු කරගෙන යන තුප්පහි ව්‍යාපාරය ගැන අපට කීවේ ද අනුරාධපුර නගරයේ හිඟමන් යදින යාචකයන් කිහිපදෙනෙක්මය. සීතල හැන්දෑවක නුවර වෑකන්දේදී අහම්බෙන් මුණගැසුණු ඒ යාචකයන් අනුරාධපුර නගරයේ සිදුවන අවකෙළි ගැන අපූරු කතා ගොන්නක්ම අපට කීවේය. ඒ කතා ඇසෙන විට ගත පුරා හිරිගඩු පිපිණි. වියළි සුළඟින් සිසිල් කර වූ ගත රත් විය. අප ජීවත් වන සමාජය ගැන අන්තයටම කලකිරිණි. එහෙත් ඒ අසරණ මිනිසුන්ගේ හද කකියවන කතාවලට ආයාසයෙන් අපි සවන් දී සිටියෙමු.
 ‘‘මම හොඳ රස්සාවක් කරපු කෙනෙක් මහත්තයො... සිගරට්, අරක්කු ආසාවකට තොලගාල තිබුණේ නෑ. ඒත් දැන් මට අරක්කු බොන්නේ නැතිව ඉන්න බෑ, වෙව්ලනවා. මට මේ අපරාධය කළේ අපේ දරුවො. ඒ අය අපිට සැලකුවේ නෑ. අත, පය නොකඩ හදලා හොඳට ඉගැන්නුවට පස්සෙ දරුවො හතරදෙනාම මටයි, නෝනටයි පිටුපෑවා. අවුරුදු හතරකට ඉස්සෙල්ලා නෝනා නැති වුණා.එදා ඉඳලා මම තවත් අසරණ වුණා. එක දරුවෙක්වත් වතුර උගුරක් තරම් දුන්නේ නෑ. හාමතේ මැරෙන්න බැරි නිසා ගෙදරින් දොට්ට බැහැලා අනුරාධපුරයට ආවේ මුදල් හිඟා කන්න නෙමෙයි. අටමස්ථානය වන්දනාවේ එන බැතිමතුන්ගෙන් බත් පැකට් ඉල්ලගෙන කාලා සිරිමා බෝධීන් වහන්සේ දිහා බලාගෙන බණ භාවනාවක් කරන්න. ඒත් මහත්තයො මට වුණේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්...’’

වෑකන්දේ හිඳගෙන විවේක සුවයෙන් අප සමඟ කතාබහ කරන ඔහු පානදුර ප‍්‍රදේශයේ කෙනෙකි. පානදුරේ හොරණ පාරේ ගමක ඉපිද රජයේ රැකියාවක් කර පුතුන් තිදෙනකු සහ ගැහැනු දරුවකු මෙලොවට ජාතක කළ පියෙකි. රිටක් මෙන් උස ඔහුගේ ශරීර කූඩුව සුළඟට ලෙළදෙන ගානට කේඬෑරිය. රැලි වැටුණු සම නොතිබෙන්නට ඉලඇට කූඩුව එළියට පනින ගානය. දෙඇස් ගිලී, හකු ඇට ඉලිප්පුණු මුහුණට අප‍්‍රසන්න පෙනුමක් ආරුඪ වී ඇත්තේ අප‍්‍රමාණ ලෙස දුක්විඳීම නිසාම නොවේ. බීඩි සහ අරක්කුවලට තදින් ඇබ්බැහි වී සිටින නිසා බව ඔහුම අපට කීවේය. ‘‘පූජා නගරයට ඇවිත් පාරේ ඉඳගෙන බත් පැකට් ඉල්ලගෙන කාලා නිදහසේ ඉන්න පුළුවන් වුණේ දවස් දෙකයි. තුන්වෙනි දවසේ පාර අයිනේ පඩියක ඉඳගෙන ඉන්නකොට එක සැරයටම වෑන් එකක් ඇවිත් නතර කරලා මාව ඇදලා වාහනය ඇතුළට දාගත්තා. ඊට පස්සෙ විදිල්ලක් වගේ වෑන් එක ඉදිරියට ගියා. වට රවුම් හතරක් පහක් ගන්නවා මට තේරුණා. ඊට පස්සේ අතුරු පාරක ගිහින් ලොකු වත්තක් ඇතුළට දැම්මා. විශාල ගෙයක්. මන්දිරයක් වගෙයි. මාව ගේ පිටිපස්ස පැත්තට එක්කරගෙන ගිහින් හොඳට කන්න, බොන්න දුන්නා. මම කෑම කන අතරේ සුදු සරමක්, සුදු ෂර්ට් එකක් ඇඳගත්ත කළු මහත කෙනෙක් ඇවිත් පුටුවක් ඇඳගෙන මගේ ඉස්සරහෙන් වාඩි වුණා. අත්දෙක පුරා පච්ච. කර පිරෙන්න රත්තරං චේන්. අත් දෙකේ ඇඟිලි හතරකට මුදු දාලා තිබුණා. මුළු ඇඟම දිලිසෙනවා...’’

 ‘මාමගේ ගම කොහේද...’ බොහොම හොඳින් මට කතා කළා. ‘පානදුරේ ඉඳලා ආවේ පුතේ...’ මම හිතුවේ ඒ තරුණයා හොඳ මනුස්සයෙක් වෙන්න ඇති කියලයි. ඒකයි කට පුරා පුතේ කියලා කතා කළේ. ‘ඇයි හිඟා කන්නේ දරුවො සලකන්නේ නැද්ද...’ උත්තරය කටටම දීලා දෙවැනි ප‍්‍රශ්නයත් මගෙන් ඇහුවා. ‘ඔව්... පුතේ’ කියලා කෙටි උත්තරයක් දීලා ටැප් එකට ඉඳුල් පිඟාන අල්ලලා හේදුවා. පිඟාන හෝදලා අත ගන්නකොට තවත් තරුණයෙක් මීකිරි පීරිසියක් ගෙනත් මට දීලා පිඟාන ඉල්ල ගත්තා. මීකිරි පීරිසිය කාලා අහවර වෙනකම් මගේ ඉස්සරහා වාඩිගෙන හිටිය තරුණයා කිසිම දෙයක් ඇහුවේ නෑ. පීරිසියත් හෝදලා පැත්තකින් තියලා නැවත මම පඩිය මතින් හිඳගත්තා...’ අපි දැන් කෙළින්ම කතාවට බහිමු. හිඟා කෑවත්, නැතත් මාමට අපි දවසකට රුපියල් පන්සීයක් දෙනවා. උදේ,රෑට කෑම පැකට් දෙකක් දෙනවා. හවසට ෂොට් එකක් දානවා නම් ඒකටත් සල්ලි දෙනවා. අපි කියන තැන්වල මාමා හිඟා කන්න ඕනෑ. දවසෙ ආදායම හවසට අපිට දෙන්න ඕනෑ. මේ අනුරාධපුරේ හිඟා කන හැමෝම අපේ කොම්පැණිය හරහා පාරට බහින්න ඕනෑ. එහෙම නැතිව මේ ටවුන් එකේවත්, පූජා නගරයේවත් හිඟා කන්න බෑ. මේක අපේ වැයික්කිය...’ මගේ ඉස්සරහා හිඳගෙන ඉන්න තරුණයා එහෙම කියනකොට කාපු බීපුව වාමාරන්න හිතුණා. ඒත් ඒ මරුමුස් මුහුණ දිහා බලාගෙන එකට, එක කතා කරන්න හිත් දුන්නේ නෑ. මම ඔලූව වැනුවා...’’

 ‘හැමදාම උදේට අපේ කෙනෙක් ඇවිත් හිඟා කන්න යන්න ඕනෙ තැන කියයි. මාමා ඒ තැනට යන්න. හවසට අපේ කෙනෙක් ඇවිත් බත් පැකට් එකයි, රුපියල් පන්සීයයි, ෂොට් එකක් දාගන්න සල්ලි දෙයි. මාමාට තියෙන්නේ යටි, මඩි ගහන්නෙ නැතිව දවසෙ ආදායම අපේ කෙනා අතට දෙන එක විතරයි. පිල්ලි ගැහුවොත් අපිට තේරෙනවා. ඒ, ඒ තැන්වලින් දවසට එන ආදායම අපි දන්නවා. දැන් මාමා ඉන්න තැන කියන්න අපි ගිහින් දාන්නම්. හෙට ඉඳලා වැඩ පටන් ගමු...’  ‘‘තරුණයා පුටුවෙන් නැඟිටලා බොහෝම ගරු, සරුව සමු දීලා මාව ගිහින් ඇරැලවන්න කියලා කොල්ලෙකුට අණ කළා. එදා ඉඳලා දවස තිස්සේ මම හිඟා කනවා. දැන් අවුරුදු තුනකට වැඩියි. හවසට එකෙක් ඇවිත් සේසතම අත ගාගෙන යනවා. මට ඇති සුගතියක් නෑ. නිකං දෙන අරක්කු ටික මුලදි බිව්වේ හිතේ දුකට. දැන් බොන්නේ නොබී ඉන්න බැරි හින්දා. හවසට වැවකට බැහැලා වතුර ටිකක් නාගෙන, සරොම් කඩමල්ල හෝදලා දාලා අරක්කු ටිකක් බීලා කොහේ හරි අගුපිලකට වෙලා නිදා ගන්නවා. ඕක තමයි අපේ දින චාර්යාව වෙලා තිබුණේ. දැන් නම් හවසට විතරක් බීලා මදි. තැබෑරුම ඇරපු වේලාවේ ඉඳලා චුට්ට, චුට්ට බොනවා...’’ ‘‘දවස තිස්සේ බොන්නේ මැරෙන්න හිතාගෙන. ඒත් අපිට ඕන වෙලාවට මැරෙන්නෙ නෑ. පව ගෙවන්නම වෙනවා. මේක එසේ මෙසේ පවක් නෙමෙයි, පූරුවේ කරපු විශාල පාපයක්. මේ ආත්මයේදීවත් බණ, භාවනාවක් කරගෙන පව් සමා කරගන්න හැදුවේ. ඒත් අපිව කන්න ඉපදිච්ච පව්කාරයො අරක්කුවලට හුරු කරලා ඒ අවස්ථාවත් නැති කළා. ඊළඟ ආත්මයටත් මේ පව කරගහගෙන යන්න වෙලා...’’වයස අවුරුදු අසූවක් පමණ පෙනුමැති ඒ අසරණයාගේ මුහුණ වේදනාවෙන් පිරී තිබෙන අයුරු අපට පෙණිනි. මැලියම් බැඳුණු ඔහුගේ මුවගෙන් පිට වූ වචනවල ද අසරණකම ගැබ්ව තිබෙන අයුරු අපට දැනිණි. එහෙත් ඒ අසරණ මිනිසා කෙරෙහි අපගේ සිතේ ඇති වන අනුකම්පාව ඔහු විසින් ජාතක කළ දරුවන්ගේ සිත් තුළ හටනොගැනීම ඔහුගේ සහ ඒ දරුවන්ගේ පව්කාරකමකි.

‘‘හිඟා කෑවත් මේ අයියා තියෙන සරොම් කඩමලූ දෙක දවසක් ඇර දවසක් හෝදලා එයත් දවස ගානෙ නානවා. කන බොන එක වුණත් පිළිවෙළයි.  වැරැද්දකට තියෙන්නේ වෙරි වුණහම ටිකක් දොඩවන එක විතරයි...’’ ගලාගෙන යන අපගේ කතාවට එකතු වූ තවත් යාචකයෙක් කථානායකයාට චරිත සහතිකයක් දුන්නේය. ඒ පුද්ගලයා ද පෙනුමෙන් වයස හැටකට වැඩිය. ඇඳගෙන සිටි සරොම් කඩමල්ල, වැරහැලි වූ කමිසය ලිපේ දැම්මත් පිච්චෙන්නේ නැති තරමට කිළිටිය. ඒ ඇඳුම් කඩමාලූවලින් වහනය වන දූවිලි ගඳ නාස් කුහර බිඳගෙන ගොස් ඉහ මොළත් දවන්නට විය. එහෙත් අපි පිළිකුළෙන් ඔහුගෙන් ඈත් නොවුණෙමු. ‘අනුරපුරයේ හිඟන ව්‍යාපාරය’ ගැන ඔහු කියන කතාවද අසා සිටියෙමු. ‘‘මගේ ගම ගලෙන්බිඳුණුවැව. මම කසාද බැඳලා නෑ. ජොබ් එකක් කරන්න තරම් ඉගෙනගෙනත් නෑ. දන්න කාලේ ඉඳලා ගොවිතැන් කළා. අම්මා, තාත්තා නැති වුණාට පස්සෙ මම ගෙදර තනි වුණා. දවසක් ?ක නිදාගෙන ඉන්නකොට ලේ මාපිලෙක් කකුළ කාලා මැරෙන්නම ගියා. ජීවිතය බේරුණත් වැඩක් පලක් කරගන්න බැරි තරමට අත, පය ගැට ගැහුණා. සහෝදරයන්ගේ පිහිටෙන් කාලයක් ජීවත් වුණා. ඒ අයටත් පවුල් බර වැඩි වෙනකොට මට සලකගන්න බැරිව ගියා. ඒ අයට කරදර නොකර මිනිස්සුන්ට ඇත්ත කියලා කීයක් හරි ඉල්ලගෙන පාඩුවේ ජීවත් වෙනවා කියලා හිතාගෙන තමයි අනුරාධපුර පූජා නගරයට ආවේ. ඒත් මේ අයියට වෙච්ච දේම තමයි මටත් වුණේ. අනුරාධපුර පූජා නගරයට ඇවිත් නිදහසේ සතියක්වත් ඉන්න බැරි වුණා. වෑන් එකක් ඇවිත් අයියව ගෙනිච්ච තැනටම මාවත් අරගෙන ගිහින් කන්න බොන්න දීලා ඒ අයගේ සමාගමට මාවත් බඳවගත්තා. එදා ඉඳලා අපි අතපාලා ඒ මිනිස්සුන්ව පොහොසත් කරනවා. ඒ වෙනුවට අපිට පඩියක් දෙනවා. උණක් හෙම්බිරිස්සාවක් හැදිලා නැඟිට ගන්න බැරි වුණොත්, හොඳ ඇඳුමක් අඳින්න දීලා කොහේ හරි ඉස්පිරිතාලයක් කිට්ටුවට ගිහින් දානවා. ඉස්පිරිතාලයේ ඉන්නකොටත් ඉඳලා හිටලා කවුරුහරි ඇවිත් බලලා යනවා. සනීප වෙලා ආපු දවසේ ඉඳලා නැවත ජොබ් එකට යන්න ඕනෑ...’’

‘‘දැන් පූජා නගරය හිඟන විමානයක් කරලා. හිඟා කන්න පූජා නරගයට පවුල් පිටින් ගෙනත් දාලා. ඒ සමහර අය හරහා මත්ද්‍රව්‍ය බෙදාහැරීමත් සිදු කරනවා. පූජා නගරයේ හිඟා කන සමහර පවුල්වල ගෑනු මිනිස්සු සේරම ගංජා, කුඩු බොනවා. ඒවා බලාගෙන ඉඳලා හැදෙන ළමයිනුත් බීඩි කොට, සිගරට් කොට උරනවා. ඒ ගෑනු මිනිස්සු රහසේ කරන්න ඕන දේවලූත් අහු, මුළුවල කරනවා. අර ළමයිත් ඒවා බලාගෙන ඉඳලා අයියා, නංගි කියලා නෑ ලිංගිකව එකතු වෙනවා. සමහර අම්මලා දූලාව මිනිස්සුන්ට විකුණනවා. කුඩු, ගංජා බීලා ඉන්න උන් ගඳ, සුවඳ බලන්නේ නෑ. කොහේ හරි පාළු තැනකට ගිහින් උන්ගේ අමාරුව ඇරගන්නවා. අනුරාධපුර නගරයේම මුඩුක්කු ගෙදරක අම්මා කෙනෙක් එයාගේ දුවව ගේ ඇතුළේම මිනිස්සුන්ට විකුණනවා. දරුවා විකුණලා ගන්න සල්ලිවලින් අම්මා අරක්කු බොනවා. ඒ දරුවා හැඩකාරයි. ප‍්‍රියමනාපයි. මුරට ඉන්න පොලිස් නිලධාරීනුත් ඔය ගෙදරට රිංගලා පොඩි එකීව තුරුලූ කරගෙන ඉඳලා පස්ස දොරෙන් මාරු වෙනවා. ඉතිං කොහොමද මහත්තයො ඒ වගේ හිරිකිත වැඩ නතර කරන්නේ. මේ නගරයේ වෙන සියලූ තුප්පහි වැඩ ටික තක්කෙටම දන්නේ අපි මහත්තයො... මේක එහෙම පිටින්ම තිරිසන් ලෝකයක්. ඒත් කවුරුවත් මේවා ගැන කතා කරන්නේ නෑ. පාඩුවේ ජීවත් වෙනවා...’’ පාසල් අධ්‍යාපනයක් නැති වුණාට, ඔහු සමාජ දැනුමෙන් පිරිපුන් බව කතාවෙන් හැෙඟ්. එහෙත් අප නැවත ප‍්‍රථමයෙන් කතා කළ වියපත් මිනිසා දෙසට හැරිණි.
 ‘දවසකට කීයක් විතර ආදායමක් ලැබෙනවද...’ මම ඔහුට පැනයක් ඉදිරිපත් කළෙමු. ‘‘ඒක දවසින් දවසට වෙනස් වෙනවා. සිරිමා බෝධීන් වහන්සේ ළඟ, රුවන්මැලිසෑය ළඟ පින්කම් පැවැත්වෙන දිනවලදී අපිට ලැබෙන ආදායම වැඩියි. පෝය දවස්වලටත් එහෙමයි. සාමාන්‍ය දවස්වලට ආදායම අඩුයි. ඒත් ඉතිං රුපියල් දහකට වඩා නම් හැමදාම කොහොමහරි හොයාගන්නවා. පින්කම් පැවැත්වෙන දිනවලදී රුපියල් පන්දාහ, හයදාහ හොයන දවස් තියෙනවා. එහෙම දවස්වලට නම් අපිත් කීයක් හරි යටි මඩි ගහගන්නවා.

එහෙම කීයක් හරි හංගගත්තත් හවසට සල්ලි එකතු කරගෙන යන්න එන කොල්ලන්ට තේරෙනවා. උන් අපිට සත්තම දාලා එකත් අරගෙන යන්න හදනවා. ඒත් අපි කොහේ හරි අස්සක ගහලා පස්සෙ ගන්නවා. සල්ලි මඩි ගහලා මාට්ටු වුණොත් එදාට  බඩකට පිරෙන්න කෑම හම්බ වෙනවා. ඔය දාමරිකයන්ගෙන් අපි වගේ මිනිස්සු අනන්තවත් ගුටි කනවා. උන්ට හිතක් පපුවක් නෑ. උන්ගේ ලෝකය සල්ලි විතරයි. ඒත් අපිට රජ වෙන්න ඕනෙ නෑ. කාලා බීලා මැරෙනකම් ජීවත් වෙන්න තිබුණොත් ඇති. අපි අත පාලා හම්බ කරගන්න සොච්චම කොල්ලකාගෙන උන් රජ වෙච්චාවේ. ලබන ආත්මයේදී උන්ටත් වෙන්නෙ අපි වගේ පාරෙ හිඟා කන්න තමයි...’’ සීතල හැන්දෑවේ නුවර වෑකන්දේදී ගලාගෙන ගිය අපේ කතාබහට තවත් යාචකයන් දෙදෙනකු අඩු වැඩි එකතු කළහ. පින්සාර මිනිසුන් පින්සලකා දෙන රුපියල, දෙක මංකොල්ලකෑම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා ද දැඩි කෝපයෙන් කතා කළේය. එහෙත් කළු ගල්වල හිස ගසා ගැනීමට ඇති බිය නිසා කාලකණ්ණි ‘හිඟන මංකොල්ලකාරයන්’ ගැන පොලිසියට පැමිණිලි කිරීමට ඔවුහු ද අකමැති බව අපට කීහ. යහමින් මුදල් ඉපැයීමට ඕනෑම කෙනෙක් කැමැතිය. සැප සම්පත් සහිතව ලස්සනට ජීවත්වීම මිනිසුන්ගේ සිහිනයකි. ඇතැම් මිනිසුන් බල්ලෝ මරා හෝ සල්ලි හම්බ කරන්නේ ඒ සිහිනය සැබෑ කරගැනීමටය. ඇතැම් කාලකණ්ණි ශරීර කූඩුව නොසොල්වා යාචකයන් හිඟමනේ යොදවමින් මුදල් උපයන්නේ ද සැපට ජීවත් වෙන්නටය. එහෙත් එසේ උපයන ධනය යා නොදෙන බව ඔවුහු ද දැන සිටිති. එහෙත් අසරණ මිනිසුන්ව හිඟමනේ යොදවමින් මුදල් හම්බ කර රැස් කරගන්නා පව් කන්ද ගැන ඒ කාලකණ්ණි දැන නොසිටින්නට ඇත.

 කරන කලට පව් මීරිය මී සේ
 විඳින කලට දුක් දඩි වෙයි ගිනි සේ...

 සිරිමා බෝධිය පෙනෙන දුරින්, ශුද්ධ භුමියට පැමිණෙන සැදැහැවතුන්ට අත පාන යාචකයන්ට පිනට දෙන රුපියල කොල්ලකා ගන්නා පාපතරයන්ට නීතිය ක‍්‍රියාත්මක නොවුණද මේ විශ්වයෙන් දඬුවම් ලැබෙන බව නිසැකය. ඒ දිනය වැඩි ඈතක නැත.
අසරණ මිනිසුන් හිඟමනේ යොදවමින් පුජා නගරයේ සිදු කරගෙන යන තුප්පැහි ව්‍යාපාරය අසරණ මිනිසුන් හිඟමනේ යොදවමින් පුජා නගරයේ සිදු කරගෙන යන තුප්පැහි ව්‍යාපාරය Reviewed by Kalum on February 22, 2020 Rating: 5

සමාජ මාධ්‍ය කැළබු විඳි දරුවාට ලොව නන් දෙසින් සහය පළ වේ

February 22, 2020


පාසලේදී හිරිහැර විඳි දරුවාට ලොව නන් දෙසින් සහය පළ වේ
පාසලේ දී හිරිහැරවලට ලක් වීම නිසා දැඩි ලෙස කම්පා වන වයස අවුරුදු නවයක ඕස්ට්‍රේලියානු පිරිමි දරුවෙකුගේ වීඩියෝවක් සීඝ්‍රයෙන් පැතිර යාමත් සමග ඔහු වෙනුවෙන් ලොව පුරා විශාල පිරිසක් පෙළ ගැසී සිටිනවා.කුරු බව හේතුවෙන් පාසලේ දී වෙනස්කම්වලට මුහුණ දුන් සිය පුතු ක්වාඩෙන්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැරීමට යාරාකා බෙයිල් ක්‍රියා කර තිබෙනවා.

"මේ හිරිහැරවලට ලක්වීමේ ප්‍රතිඵලයි," යැයි ඇය එම වීඩියෝවේ පවසන අතර, පුතා තම ජීවිතය අවසන් කර ගැනීමට අවශ්‍ය බව ද පවසයි.මෙම වීඩියෝව මිලියන 19 කට වඩා වැඩි වාර ගණනක් නරඹා ඇති අතර, ලොව නන් දෙසින් සහය ගලා එන්නට සමත් වී තිබෙනවා. එමෙන්ම, #WeStandWithQuaden යන හෑෂ් ටැගය යටතේ විවිධ පණිවිඩ ද පළ වී තිබෙනවා.රංගන ශිල්පී හියු ජැක්මන් සහ පැසිපන්දු ක්‍රීඩක එනෙස් කාන්ටර් ඇතුළු සුප්‍රසිද්ධ පුද්ගලයින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ රටවල දෙමාපියන් මෙම වීඩියෝව හුවමාරු කරගෙන තිබෙනවා.

"ඔබට තේරෙන තරමට වඩා ඔබ ශක්තිමත්, යහළුවා" යැයි ක්වාඩෙන් හට පැවසූ හියු ජැක්මන් "කරුණාවන්ත වෙන්න" යැයි සියලු දෙනාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

සමාජ මාධ්‍ය කැළබු විඳි දරුවාට ලොව නන් දෙසින් සහය පළ වේ සමාජ මාධ්‍ය කැළබු විඳි දරුවාට ලොව නන් දෙසින් සහය පළ වේ Reviewed by Kalum on February 22, 2020 Rating: 5

අසැබි දසුන් ශිෂ්‍යාවන්ට පෙන්වා අතවර කිරීමට තැත් කල පෙරදිග සංගීත ගුරාට ඇප

February 21, 2020



අසභ්‍ය ලිංගික දර්ශන පරිගණකයකට ඇතුළත් කර එම දර්ශන පාසල් ශිෂ්‍යාවන්ට දැක බලා ගැනීමට අවකාශ සලසා පාසල් දරුවන්ට ලිංගික අතවර කිරීමට තැත් කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ප්‍රසිද්ධ පෙරදිග සංගීත ගුරුවරයෙකු රුපියල් තිස්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය (18දා) නියෝග කළාය.
මෙසේ මුදා හැරීමට නියෝග ලැබුවේ මීගමු ප්‍රසිද්ධ ජාතික පාසලක පෙරදිග සංගීත ක්ෂේත්‍රයේ විශාරද ගුරුවරයෙකි.ඔහු මෙම ජාතික පාසලේ උසස් පෙළ පංතියේ පෙරදිග සංගීත ගුරුවරයෙකු ලෙස සේවය කරමින් සිට ඇත. දිනක් මෙම ගුරුවරයා සිය පරිගණකය එම ශිෂ්‍යාවන්ට භාර දී පංති කාමරයෙන් පිටතට ගොස් තිබේ. පාසල් ශිෂ්‍යාවන් එම පරිගණකයේ දර්ශන නරඹන විට එහි ඉතා අප්‍රසන්න ලිංගික දර්ශන තිබූ බව කියයි. පසුව ශිෂ්‍යාවන් විසින් කරුණු පැහැදිලි කර එම පරිගණකය නියෝජ්‍ය විදුහල්පතිනියන්ට භාර දී ඇත.

මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් එහි දර්ශන පරීක්ෂා කිරීමේදී එවැනි අසභ්‍ය දර්ශන තිබී නැත. පසුව මොරටුව විශ්වවිද්‍යාලය වෙත යොමු කර මකා දමන ලදැයි කියන දර්ශනවල මෙම අසභ්‍ය දර්ශන තිබුණු බවට අධිකරණයට වාර්තා වී ඇත.පාසල් ළමයි ගුරුවරයෙකු දෙවියකු ලෙස සලකනවා. ඔබ ගුරුවරයෙකු ලෙස කර ඇත්තේ ඉතා පහත් වැඩක් වගකීමක් දරන ගුරුවරයෙකු මෝඩයෙකු ලෙස කටයුතු කරමින් ගුරු වෘත්තියම නිගාවට පත් කර ඇතැයි සැකකාර ගුරුවරයාට ඇප නියම කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත් වරිය පැවසීය.එම ශිෂ්‍යාවන්ට හෝ සාක්ෂිකරුවන්ට යම් බලපෑමක් ඇති කලොත් ඇප අවලංගු කර නැවත අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් පැවසීය.

පාසල් සංවර්ධන සමිතිය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පැමිණිලි මෙහෙයවිය. ජ්‍යෙෂ්ඨ නීතිඥ නාලක ප්‍රනාන්දු මහතා සමඟ නීතිඥ ෂ්‍යාරා නිශාදි මහත්මිය මීගමුව පොලිසිය හා එක්ව පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීය. නීතිඥ දන්ත නිරංජන මහතා සැකකාර ගුරුවරයා වෙනුවෙන් පෙනී සිටියේය. නැවත කැඳවීම මැයි 5ට කල් තැබුණි.
අසැබි දසුන් ශිෂ්‍යාවන්ට පෙන්වා අතවර කිරීමට තැත් කල පෙරදිග සංගීත ගුරාට ඇප අසැබි දසුන් ශිෂ්‍යාවන්ට පෙන්වා අතවර කිරීමට තැත් කල පෙරදිග සංගීත ගුරාට ඇප Reviewed by Kalum on February 21, 2020 Rating: 5

විවාහයෙන් පස්සේ රුවන්ගි කියන ඇත්ත කතාව

February 21, 2020


රුවංගිගේ ජීවිතේ විශේෂ පිටුවක් පෙරළුණානේ?
ඔව්. ඒ තමයි මගේ විවාහය. මම විවාහ ගිවිස ගත්තා. ජීවිතේ අලුත් ආරම්භය තමයි ඒ.

විවාහ ගිවිස ගැනීමත් වැඩි සද්ද බද්ද නැතිව නේද සැමරුවේ?
අපි විවාහ උත්සවය තව මාස කිහිපයකින් ගන්න හිතාගෙන ඉන්න නිසා පවුලේ අයගේ ආශීර්වාදය එක්ක විවාහ ගිවිස ගැනීම කළා. ක්‍ෂේත්‍රයේ යාළු මිත්‍රයන්ට විවාහ උත්සවයට ආරාධනා කරනවා.

රුවංගිගේ හිත ගත්ත දැන් ජීවිතයේ කොටස්කාරයෙක් වුණු ඒ කෙනා කවුද කියලත් කියමු නේද?
එයාගේ නම නිර්මල ගමගේ. එයාගේ ගම ඇඹිලිපිටිය. එයා දැන් පදිංචි වෙලා ඉන්නේ පිටකෝට්ටේ. එයා ඉගෙනගෙන තියෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. වෘත්තියෙන් එයා මැණික් ව්‍යාපාරිකයෙක්.

රුවංගිගෙයි නිර්මලගෙයි ආදර කතාවට දැන් කොච්චර කල්ද?
අපේ ආදර කතාවට අවුරුදු හතරක් විතර වෙනවා.

ඔබ සහ නිර්මලගේ මුණගැසීම සිද්ධ වුණේ කොහොමද?
පාටි එකකදී තමයි අපි මුණගැහුණේ. අපි කාලයක් යාළුවෝ විධියට ආශ්‍රය කළා. ඊට පස්සේ තමයි අපේ ආදර කතාව පටන් ගත්තේ.

නිර්මලගේ ආදර යෝජනාවට රුවංගි එක පයින් කැමැති වුණාද?
අපි දෙන්නා යාළුවෝ වගේ ආශ්‍රය කරන කාලෙදී අහම්බෙන් මුණහැහිලා, එයා මට කිව්වා මොනවා හරි කන්න එළියට යමු කියලා. මුලින්ම එයා ආදර යෝජනාව කළා. මම ඉතින් එයාට අකැමැතියි කියලා පෙන්නුවෙත් නෑ. කැමැතියි කියලා කිව්වෙත් නෑ. සතියක් විතර ගිහින් තමයි මම මගේ අදහසත් එයාට කිව්වේ.

රුවංගිගේ තෝරා ගැනීමට පවුලේ අයගේ කැමැත්ත ලැබුණාද?
මගේ කැමැත්තට එයාලා ඉඩ දුන්නා. මට යෝජිත විවාහයකින් විවාහ වෙන්න කියලා ගෙදර අය කියලා තිබුණේ නැහැ. මම මට කැමැති, එකට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් තෝරා ගත්තා. ඒ තීරණයට පවුලේ අයගේ අකැමැත්තක් තිබුණේ නැහැ.

රුවංගිට ඕන තරම් තරුණයෝ මුණගැහිලා ඇතිනේ. ඒ අතරින් නිර්මලව ජීවිතයට තෝරාගන්න ඔහු විශේෂ වුණේ කොහොමද?
මම කොහොමත් ක්‍ෂේත්‍රයෙන් පිට කෙනෙක් විවාහ කරගන්න කැමැත්තෙන් හිටියේ. නිර්මල මට ආදරය කරන විදිහ දැක්කම තමයි මටත් ඔහුට ආදරය කරන්න හිතුණේ. ඒ වගේම නිර්මල මං වෙනුවෙන් කාලය වෙන් කරන විධියත් ඔහුට කැමැත්තක් ඇතිවෙන්න හේතුවක් වුණා.

නිර්මලත් කාර්යබහුල ඇතිනේ. ඔහු පෙම්වතා කාලෙදි වගේම තාමත් ඔබ වෙනුවෙන් කාලය වෙන් කරනවාද?
ඔව්. එයා තාමත් ඒ විධියටම මට මුල් තැන දෙනවා. මම විවාහ වෙන කෙනා මං වෙනුවෙන් අවධානය දෙනවාට මම කැමැති වුණා. නිර්මල මට දෙන අවධානය එක්ක මටත් ඔහු වෙනුවෙන් කාලය වෙන් කරන්න බැරි නැහැ. හොඳ බිරියක් වුණොත් තමයි කවදා හරි හොඳ මවක් වෙන්න පුළුවන්. පවුලට මුල් තැන දෙන්න මම කැමැතියි.

විවාහ ජීවිතයේ වගකීම් ඉෂ්ට කරගන්න රුවංගිට පහසු වෙයිද?
මම හිතනවා මට ඒ වගකීම් ඉෂ්ට කරන්න පුළුවන් වෙයි කියලා. ඕනම ගැහැනු ළමයෙක්ට විවාහ වුණාම වෙනම පවුලක් එක්ක ජීවත් වෙන්න වෙනවා. මම ඒ ජීවිතයේ වගකීම් සතුටින් භාරගන්නවා.

රුවංගි පසුගිය කාලේ රංගනයෙන් අෑත් වෙලානේ හිටියේ. ඒ නිර්මලගේ තහංචි නිසාද?
නැහැ. මට ලැබුණු ආරාධනා මම ප්‍රතික්ෂේප කළේ ඒවායේ ගැටලු සහගත දේවල් තිබ්බ නිසා. ඒ නිර්මාණවල ගෙවීම් ප්‍රශ්නයක් තිබුණා. හැබැයි මම නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වුණා. ඒවා විකාශය වෙන්න තියෙනවා. කැමැති හොඳ නිර්මාණයක් ලැබුණොත් මම රඟපානවා. නිර්මල මට කියන්නේ පවුල් ජීවිතයට හානියක් නොවන හොඳ දේවල් කරන්න කියලා.

ඒ කියන්නේ විවාහය නිසා රුවංගි රංගනයෙන් සමුගන්න එකක් නෑ නේද?
කලා කටයුතුවලින් නැත්තටම නැති වෙලා යන්න මට හේතුවක් නැහැ. නමුත් දරුවෝ ලැබෙන කාලයක මට ඒ වෙනුවෙන් කාලය වෙන් කරන්න වෙයි.

රුවංගිට ඉස්සර වගේම නිර්මාණවලට ආරාධනා ලැබෙනවාද?
නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. නමුත් ඉස්සර තරම්ම ආරාධනා නැහැ.

සිනමාවේ අලුත් ආරාධනා ලැබුණේ නැද්ද?
සුබා තෙරණියෝ චිත්‍රපටයට තාමත් ප්‍රතිචාර ලැබෙනවා. ඒ චරිතය අගය කරනවා. බොහෝ දෙනා මට සුබ පතනවා. හොඳ චිත්‍රපටයකට ආරාධනා ලැබුණොත් සම්බන්ධ වෙනවා. නමුත් රූගත කිරීම්වලට දුර පළාත්වලට යන්න වෙන නිර්මාණ මම භාර ගන්නේ නැහැ. කොළඹ අවට රූගත කිරීම් කරන නිර්මාණ තමයි භාරගන්නේ. ඒ නිසා දුරබැහැර රූගත කෙරෙන නිර්මාණ භාර නොගන්න සිද්ධ වුණා.

මඟහැරෙන දේවල් ගැන දුකක් නැද්ද?
විවාහ වුණාම අපි පවුල ගැන හිතන්න ඕනේ. පවුලට මුල තැන දෙන්න ඕන. මම කලාවට ආදරය නැතිව නෙවෙයි. නමුත් ගැහැනු ළමයෙක් බිරියක් වුණාම පවුලට මුල් තැන දෙන්න ඕනේ.

ලොකු සැලසුම් නැහැ. සාමාන්‍ය විධියට සරලව මේ ජීවිතය ගත කරන්න තමයි කැමැති.

විවාහයෙන් පස්සේ රුවන්ගි කියන ඇත්ත කතාව විවාහයෙන් පස්සේ රුවන්ගි කියන ඇත්ත කතාව Reviewed by Kalum on February 21, 2020 Rating: 5

කොස්තාපල්ගේ ඝාතනය සිදුකළ අයුරු වයිබර් තාක්‍ෂණය ඔස්සේ තාත්තාට පෙන්නලා

February 21, 2020


දින හතරක් තිස්සේ අතුරුදන්ව සිටි කඩවත පොලිසියේ කොස්තාපල් රියැදුරු ජයන්ත රාජපක්‍ෂ මහතා කපාකොටා කෲර අන්දමින් ඝාතනය කර ඔහුගේ සිරුර ඇඳ ඇතිරිල්ලක ඔතා පන්නල වේරහැර බුළුගොඩ ප‍්‍රදේශයේ කැලෑවක ස`ගවා තිබියදී පොලිසිය මගින් ඊයේ (21 වැනිදා* අලූයම සොයාගෙන ඇත. සාහසිකයන් කොස්තාපල්වරයා ඝාතනය කර ඔහුගේ ලිංග ප‍්‍රදේශය ශරීරයෙන් කපා ඉවත් කර රැුගෙන ගොස් ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත. මෙම ඝාතනය මෙහෙයවූ බන්ටි නමැති අපරාධකරු කොස්තාපල්වරයා කපා කොටා ඝාතනය කරන අයුරු බන්ධනාගාරයේ රඳවා සිටින තම පියාට ජංගම දුරකථනයක වයිබර් තාක්‍ෂණය ඔස්සේ සජීවීව දැකගන්නට සලස්වා ඇති බවද පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ. පොලිස් කොස්තාපල්වරයා පැහැරගෙන ගොස් කපාකොටා ඝාතනය කළ සංවිධානාත්මක කල්ලියට නායකත්වය දුන් සුද්දා නමැති අපරාධකරු පොලිසිය මගින් පෙරේදා (20 වැනිදා* රාත‍්‍රි අත්අඩංගුවට ගෙන තිබිණි. කොස්තාපල්වරයාගේ සිරුර ස`ගවා තිබූ ස්ථානය සොයාගෙන ඇත්තේ මෙම සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසුවය. මෙම සිරුර සොයා ගන්නා අවස්ථාව වන විට එය දැඩි ලෙස කුණුවී විකෘතිව පැවැති බව පොලිසිය පවසයි.

මෙම ඝාතනය මෙහෙයවූ බව කියන ‘සුද්දා’ නමැති සැකකරු පිළිබඳව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ලින්ටන් සිල්වා මහතාට තොරතුරක් ලැබී තිබිණි. ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් පන්නල රබර්වත්ත පාර ප‍්‍රදේශයේ නිවසක් වටලා කළ වැටලීමකදී මෙම ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවිය. එම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී කොස්තාපල්වරයා පැහැරගෙන ගොස් ඝාතනය කළ අයුරු හෙළිවී ඇත. විමර්ශනවලින් හෙළිවූ අන්දමට මෙම සංවිධානාත්මක කණ්ඩායම ඉකුත් 17 වැනිදා අලූයම කොස්තාපල් ජයන්ත රාජපක්‍ෂ පැහැරගෙන තිබුණේ කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ හෝටලයක් අසලදීය. ත‍්‍රිරෝද රථයකින් පැමිණි සුද්දා, බන්ටි ඇතුළු සිව් දෙනකු කොස්තාපල්වරයාට පහරදී ඔහු ති‍්‍රරෝද රථයේ දමාගෙන පන්නල ප‍්‍රදේශයේ පිහිටි බන්ටි නමැති අපරාධකරුගේ නිවසට රැුගෙන ගොස් තිබිණි. පසුව එදින අලූයම කොස්තාපල්වරයා පන්නල කංකානියමුල්ල රක්‍ෂිතයට රැුගෙන ගොස් ඇත.
එහිදී කොස්තාපල්වරයාට සුද්දා සහ තවත් අයකු කඩුවලින් පහරදී කපාකොටා ඝාතනය කර තිබේ.
කොස්තාපල්වරයා ඝාතනය කරන ආකාරය බන්ටි විසින් බන්ධනාගාරයේ සිටින තම පියාට වයිබර් තාක්‍ෂණය ඔස්සේ සජීවීව දැකබලා ගැනීමට ඉඩ සලස්වා ඇත. කොස්තාපල්වරයා මරා දැමූ සාහසිකයන් ඔහුගේ ලිංග ප‍්‍රදේශය කඩුවකින් කපා රැගෙන ගොස් තිබූ බවද විමර්ශනවලින් හෙළිවී තිබේ.

කොස්තාපල් රාජපක්‍ෂගේ සිරුර ඇඳ ඇතිරිල්ලක ඔතා ති‍්‍රරෝද රථයක දමාගෙන පන්නල බුළුගොඩ ප‍්‍රදේශයේ කැලෑවකට රැුගෙන ගිය අපරාධකරුවන් එය එහි ස`ගවා පලාගොස් තිබිණි. කොස්තාපල් ජයන්ත රාජපක්‍ෂ ඝාතනය කිරීමට ආසන්නතම හේතුව වී ඇත්තේ බන්ටි නමැති සැකකරුගේ මව වන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක සමග මොහු පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධතාව බව විමර්ශනවලින් හෙළිවී ඇත. ඝාතනයට ලක්වූ ජයන්ත රාජපක්‍ෂ වීරකැටිය ප‍්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙකි. කොස්තාපල් ජයන්ත රාජපක්‍ෂ කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ යෙදුණු 47 හැවිරිදි කාන්තාවක සමග වසර තුනක පමණ කාලයක් තිස්සේ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලින් හෙළිවිය. මෙම කාන්තාවගේ සැමියා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින අතර ඇගේ දරුවන් දෙදෙනා මෙම සම්බන්ධයට දැඩිව විරුද්ධ වී ඇත. බන්ටි නමැත්තා මෙම කාන්තාවගේ වැඩිමහල් පුත‍්‍රයා වන අතර ඔහු අවස්ථා කිහිපයකදීම කොස්තාපල්වරයාට තර්ජනය කරමින් මරා දමන බව පවසා තිබූ බව විමර්ශනවලින් හෙළිවිය.

ඉකුත් 16 වැනිදා බන්ටි නමැත්තා තම මවට පහරදී ඇති අතර ඇය මේ පිළිබඳව කොස්තාපල් ජයන්ත රාජපක්‍ෂට පවසා ඇත. පසුව පොලිස් කොස්තාපල්වරයා ඇගේ නිවසට ගොස් ඇය කැඳවාගෙන කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිට ඇත.කොස්තාපල්වරයා පැහැරගෙන ගොස් තිබුණේ මෙම කාන්තාවට රාත‍්‍රි ආහාර ගෙන ඒම සඳහා හෝටලයෙන් පිටවී ප‍්‍රධාන මාර්ගය වෙත පැමිණි අවස්ථාවේදීය.
මෙම ඝාතනය මෙහෙයවූ බව කියන සුද්දා නමැත්තා අනියම් සම්බන්ධය පැවැත්වූ කාන්තාවගේ වැඩිමහල් සොහොයුරියගේ පුත‍්‍රයා බව විමර්ශනවලින් හෙළිවී ඇත.මෙම ඝාතනයට සම්බන්ධ බව කියන බන්ටි ඇතුළු තවත් සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, කැලණිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි රොෂාන් ඩයස් යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ පොලිස් පරීක්‍ෂක ලින්ටන් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.
කොස්තාපල්ගේ ඝාතනය සිදුකළ අයුරු වයිබර් තාක්‍ෂණය ඔස්සේ තාත්තාට පෙන්නලා කොස්තාපල්ගේ ඝාතනය සිදුකළ අයුරු වයිබර් තාක්‍ෂණය ඔස්සේ තාත්තාට පෙන්නලා Reviewed by Kalum on February 21, 2020 Rating: 5

බුර්කාව වහා තහනම් කරයි ?

February 21, 2020


සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන බුර්කාව වැනි මුහුණු ආවරණ වහා තහනම් කරන ලෙසත් , වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවන ලෙසත් ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට  යෝජනා කර සිටී.පාස්කු ප්‍රහාරයෙන් පසු සමාජය තුළ මතභේදයට තුඩු දුන් කරුණු 14කට විසදුම් යෝජනා ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට ඊයේ (19) ඉදිරිපත් වු විශේෂ වාර්තාවේ මේ බව සදහන් වේ.මෙම වාර්තාව පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කරන ලද්දේ එම  කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා විසිනි.මේ වන විට රටවල් ගණනාවක් බුර්කාව තහනම් කර ඇති බවයම්කිසි පුද්ගලයෙකු ප්‍රසිද්ධ ස්ථානයක මුහුණු ආවරණය කරගෙන සිටින විටදී අනන්‍යතාව තහවුරු කරගැනීම සදහා එම මුහුණු ආවරණ ඉවත් කිරීමට යමෙක් අවනත නොවේ නම් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ බලය ද පොලිසියට තිබිය යුතු බව මෙම වාර්තාවෙන් යෝජනා කර ඇත.

වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවීමට අවශ්‍ය නීති පැනවීම සදහා මැතිවරණ කොමිසමට මෙම වාර්තාව මගින්  නිර්දේශ ඉදිරිපත් කොට තිබේ.මේ අනුව අදාළ පක්ෂ නාමයන් හෝ එහි ව්‍යවස්ථාව තුළ යම් වාර්ගික හෝ ආගමික ගැටුම්කාරි තත්ත්වයක් ඇති දේශපාලන පක්ෂ ලියාපදිංචිය තහනම් කිරීමත් දැනට එවැනි පක්ෂයක් ඇති නම් එය නිශ්චිත කාලයක් ඇතුළත (වසර 2-3)ආගමික හෝ වාර්ගික නොවන  දේශපාලන පක්ෂයක් බවට පත් කළ යුතු බවටත් නිර්දේශ ඉදිර්පත් කොට තිබේ.වසර 03 ක් ඇතුළත මද්‍රාසා ආයතනවල ඉගෙනුම ලබන සිසුන් සියලු දෙනා අධ්‍යාපන අමාත්‍යාංශ‍ය  යටතේ ඇති සාමාන්‍ය පාසැල් පද්ධතියට  අන්තර් ග්‍රහණය කළ යුතු බව ද මෙම වාර්තාවේ සදහන් වේ.මේ අනුව මද්‍රසා ආයතන අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කිරීමට මීට පෙර ඉදිරිපත්වු යෝජනාව ප්‍රතික්ෂේප කරන මෙම කමිටුව මද්‍රසා පාසැල් ක්‍රියාත්මක විය යුත්තේ අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හැදෑරීමෙන් පසු මවුලවිවරුන්ගේ  අධ්‍යාපනය සදහා පමණක්  බව යෝජනා කර ඇත. එසේම මද්‍රසා ආයතන  නියාමනය සදහා විශේෂ කමිටුවක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ  පිහිටුවීමද මෙම වාර්තාවෙන් යෝජනා කර ඇත.

තවද සියලු ඉස්ලාමීය අධ්‍යාපන ආයතනවල ඉගැන්වෙන විෂයමාලා ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතියට යටත් කිරීම ,ඉදිරියේදී පළ කෙරෙන ඉස්ලාම් පෙළ පොත් සංස්කරණය සදහා පිළිගත් විද්වත් කමිටුවක් පත් කිරීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිර්දේශ ගණනාවක් මීට අයත් වේ. මීට අමතරව ඉදිරියේදි එල්ල විය හැකි ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබද අභියෝග කෙරෙහි අවධානය යොමු කරමින් ජාතික ආරක්ෂණ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම,ජාතික හා ජාත්‍යන්තර නව වර්ධනයන්ට අනුකූලව ආගමන හා විගමණ නීතිය සංශෝධනය කිරීම,විද්‍යුත් ,මුද්‍රිත හා සමාජ මාධ්‍ය නියාමනය,මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කිරීම,මුස්ලිම් සිවිල් සමාජය බල ගැන්වීම,වකුෆ් පනත් සංශෝධනය කිරීම , අන්තර් ආගමික සහජීවනය තහවුරු වන පිරිදි ආගමික මධ්‍යස්ථාන හා දහම්පාසැල් ඉදිකොට පවත්වා ගෙන යාම , සියලු ආගම් එක්කළ සර්වාගමික කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවීම හා හලාල් සහතිකකරණය ඇතුළු විෂය පථයන් 14කට  අදාළ නිර්දේශ මෙහි අන්තර්ගත වේ.
බුර්කාව වහා තහනම් කරයි ? බුර්කාව වහා තහනම් කරයි ? Reviewed by Kalum on February 21, 2020 Rating: 5

දියණියට වයස මාස දෙකයි කන පැලෙන්න බිලා බිලා ගිහින් කාවිංග කරපු හපන්කම

February 21, 2020
තලවතුගොඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පදික මාරුවේ නඩත්තු කටයුතු සිදු කරමින් සිටියදී රාත්‍රි 12.40ට පමණ වේගයෙන් පැමිණ ඇති මෝටර් රථය අනතුර සිදුකර පලා ගොස් ඇති අතර,එම ස්ථානයේ සිටි පිරිසක් මෝටර් රථය පසුපස කිලෝමීටර් භාගයක් පමණ දුර හඹාගොස් රංගන ශිල්පියා අල්ලා ගෙන තිබුණා.

දියණියට වයස මාස දෙකයි කන පැලෙන්න බිලා බිලා ගිහින් කාවිංග කරපු හපන්කම දියණියට වයස මාස දෙකයි කන පැලෙන්න බිලා බිලා ගිහින් කාවිංග කරපු හපන්කම Reviewed by Gossip Lanka News on February 21, 2020 Rating: 5

රාවණ යුගයේ දඩුමොනරයෙන් හෙළිවුණු විශ්මිත තාක්ෂණය

February 19, 2020


ඔබ මේ දකින්නේ..රාවණා ගේ දඬුමොනරය සහ ඇමරිකාවේ ජෙට් යානයකි.TR-3B කියන ජෙට් යානය තමයි අදටත් ලෝකේ ප්‍රබලතම ජෙට් යානය..මෙය 1998 ඇමරිකාව විසින් සොයාගන්නා ලද්දකි.මෙය කිසිදු ආදරකයක් නැතුව එකවරම හැතැප්ම 38000ක් ඉහලට ගමන් කරවිය හැක.ඒ කියන්නේ වායුගෝලයෙන් පිටතට එකවර යා හැක.අප හැමෝම දන්නා දෙයක් තමයි එතරම් බලයක් එන්න මෙහි එන්ජින් සඳහා යොදවන ඉන්දනය වැදගත් වන බව.ඔබ දන්නවාද....මේ ජෙට් යානයත් දඬුමොනරයත් සඳහා යොදාගත්තේ එකම ඉන්දනය බව?ඒ රසදිය බව?ඒ රසදිය කියල කියන්නේ..එදා තිබු බලගතු බෙහෙත්ද පැලැටි එකතු කර රසදිය 18 වතාවක්ත පෙරා තනන ලද ද්‍රවුයකි.එමගින් තමයි කළු ගල් පවා ඉතා සියුම්ව කැඩපතක් ආකාරයෙන් ඉතා විශිෂ්ට නිර්මාණ කිරීමට යොදාගෙන තිබුනේ.


 දැන්වත් තේරෙනවද පිට රටින් අපේ රටට පැමිණ කරන පර්යේෂණ වලින් ඔවුන් අපේ තාක්ෂනය අරන් ගිහින් ඔවුන්ගේ වගේ කරගෙන ලොවට ඉදිරිපත් කරන අපුරුව..ඔවුන් අවු.20කට කලින් මේ තාක්ෂනය හොයාගන්නකොට අපේ හෙළයන් විසින් අවු.5000කටත් එහා මේ තාක්ෂනය භාවිතා කර තිබුන.මෙය මෙසේ ඉදිරියට ගියොත් අවසානයේ තරු දොරටු සංකල්පයටත් වනුවේ මේ ඉරණමමයි.අනික දඬුමොනරය කියන්නේ මේ අපි දකින ලි වලින් වගේ හදපු එකක් නෙමෙයි..ලි වලින් හැදුවනම් ඒ යානය ගැන මෙච්චර කතාකරන්න දෙයක් නෑ.මේවා මේ මිනිස්සු හිතට ආපුවට ඒ කාලේ තියෙන්න ඇත්තේ මෙහෙමයි කියල අන්දපු චිත්‍ර.නමුත් මට මතක හැටියට ආචාර්ය සුර්ය ගුණසේකර මහතා පවසන පරිදි මෙම යානය නිපදවා ඇත්තේ ලෝහ වලිනි..ඒ ලෝහ ගත්තේ කොහෙන්ද කියා ඇසුවොත් මමත් පුදුම වුනා..දඬුමොනරය සඳහා යොදාගත් ලෝහ අතර මේ පෘතුවියේ අබ්යන්තරේ..(CORE) එකේ 7 වන ස්ථරයේ තිබ්බ පාශානත් මිට එකතු කර තිබෙන බව පර්යේෂණ වලින් ඔප්පු වී හමාරයි.එවැනි දෙයක් කලේ කොහොමද?



රාවණ යුගයේ දඩුමොනරයෙන් හෙළිවුණු විශ්මිත තාක්ෂණය රාවණ යුගයේ දඩුමොනරයෙන් හෙළිවුණු විශ්මිත තාක්ෂණය Reviewed by Kalum on February 19, 2020 Rating: 5

හැමෝම කතාකරන විල්පත්තු නඩුවේ තීන්දුව එළියට එන දවස මෙන්න

February 19, 2020


හැමෝම කතාකරන විල්පත්තු නඩුවේ තීන්දුව එළියට එන දවස මෙන්න

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය තුල අනවසර ඉදිකිරීම් සිදුකිරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව අප්‍රේල් මස 3 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය සඳහන් කළා.ඒ පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම ජනක් සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.
2015 වසරේ ගොනු කළ පෙත්සමේ දක්වා තිබුණේ විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය එළිකොට ඒ තුල අනවසර ඉදිකිරීම් සිදු කිරීම හේතුවෙන් දැඩි පාරිසරික හානියක් සිදුව ඇති බවයි.එම නිසා අදාල වනාන්තර එළි කිරීම නීති විරෝධී බවට තීන්දු කර දැනට සිදුකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් එමගින් දක්වා තිබුණා. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය නම් කර තිබෙනවා.
හැමෝම කතාකරන විල්පත්තු නඩුවේ තීන්දුව එළියට එන දවස මෙන්න හැමෝම කතාකරන විල්පත්තු නඩුවේ තීන්දුව එළියට එන දවස මෙන්න Reviewed by Kalum on February 19, 2020 Rating: 5

අනියම් පෙම්වතියගේ පෙම්වතා මිතුරන් දෙදෙනා එක්ව කෙරු අමුතු දේ

February 19, 2020


විවාහක කාන්තාවක වූ තම අනියම් පෙම්වතිය මාඔයේ බෝට්‌ටු සවාරියකට කැඳවාගෙන යන මුවාවෙන් කැඳවාගෙන ගොස්‌ පසු තම මිතුරන් දෙදෙනකු සමග එක්‌වී ඇය සමූහ දූෂණයට ලක්‌කළ බව කියන අනියම් පෙම්වතා සහ ඔහුගේ මිතුරන් දෙදෙනා රුපියල් ලක්‌ෂ 6 බැගින් පිළිගත් ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය නියෝග කළාය. දැඩි කොන්දේසි සහිතව මෙසේ ඇප නියම වූ සැකකරුවන් වූයේ කොච්චිකඩේ පදිංචිකරුවන් තිදෙනෙකි. මෙහි පළමු සැකකරු ත්‍රිරෝද රථ රියෑදුරෙකු වන අතර ඔහු මත්ද්‍රව්‍ය චෝදනා ලබා බන්ධනාගාර ගතවී සිටින පුද්ගලයකුගේ බිරිඳ සමග කලක සිට අනියම් සබඳතාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත.
 පසුගිය දිනෙක ප්‍රධාන සැකකරු තම අනියම් පෙම්වතියට මා ඔයේ බෝට්‌ටු සවාරියක්‌ යැමට යෝජනා කර ඇති අතර බෝට්‌ටු සවාරියට අනියම් පෙම්වතා සමග ඔහුගේ මිතුරන් දෙදෙනකු ද සහභාගි වී ඇත.
 
බෝට්‌ටු සවාරියේදී අනියම් පෙම්වතා ඔහුගේ මිතුරන් දෙදෙනා සහ අනියම් පෙම්වතිය මත්පැන් පානය කර ඇත. පසුව අනියම් පෙම්වතා ඔහුගේ මිතුරන් දෙදෙනා සමග එක්‌වී එම කාන්තාව සමූහ දූෂණයකට ලක්‌කර ඇති බව පැමිණිල්ලේ සඳහන්වේ. මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ නාලක ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ කරුණු මත සැකකරුවන්ට ඇප නියම විය.කොච්චිකඩේ පොලිසියේ පො. කො. (40290) රත්නසිරි කුමාර සහ සැරයන් (33544) ජයන්ත කරුණාරත්න යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ. වැඩිදුර විභාගය ජුලි මස 30 වැනිදා පැවැත්වේ.
අනියම් පෙම්වතියගේ පෙම්වතා මිතුරන් දෙදෙනා එක්ව කෙරු අමුතු දේ අනියම් පෙම්වතියගේ පෙම්වතා මිතුරන් දෙදෙනා එක්ව කෙරු අමුතු දේ Reviewed by Kalum on February 19, 2020 Rating: 5

ජිනීවා සමග යහපාලනය රණවිරුවන්ට කරන්න ගිය දේ නව රජයෙන් ප්‍රතික්ෂේප කරයි

February 18, 2020

පසුගිය යහපාලන රජය විසින් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේදී සම අනුග‍්‍රාහකත්වය දක්වන ලද 30-1 එක සහ 40-1 යෝජනා දෙකෙන් වහාම ඉවත් වීමට රජය තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ ජනාධිපති කාර්යාලයේ කැඳවන ලද විශේෂ රැස්වීමකදී මෙම තීන්දුව ගෙන ඇත.
මෙම හමුව සඳහා විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා. ඉහත යෝජනාව ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයේ දේශපාලන ප්‍රතිපත්තියට නොගැලපෙන නිසා එම යෝජනා වලින් ඉවත්විය යුතු යයි මෙහිදී තීරණය කර තිබේ.
2015 සහ 2016 වසරේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට ශ්‍රී ලංකා රජයට සම අනුග්‍රාහකත්වය ලබා දී ඇත්තේ එම යෝජනා පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවද හෙළිවී ඇත. ඒ අනුව එන සතියේදී විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා මානව හිමිකම් සමුළුවට ගොස් රජයේ ස්ථාවරය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
ඊට පෙර එම ස්ථාවරය පාර්ලිමේන්තුවටත් කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇත.
ජිනීවා සමග යහපාලනය රණවිරුවන්ට කරන්න ගිය දේ නව රජයෙන් ප්‍රතික්ෂේප කරයි ජිනීවා සමග යහපාලනය රණවිරුවන්ට කරන්න ගිය දේ නව රජයෙන් ප්‍රතික්ෂේප කරයි Reviewed by Kalum on February 18, 2020 Rating: 5
Powered by Blogger.