Results for news

අලුත උපන් බිළිඳෙකුට කොරෝනා වෛරසය වැලදෙයි

March 14, 2020

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර අලුත උපන් බිළිඳෙකුට කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා. ලොව ලාබාලතම කොරෝනා වෛරසය අසාදිතයා එම බිළිඳායි. ඒම බිළිඳාගේ මවට වෛරසය අසාදනය වී තිබෙනවා. රෝහල් බලධාරින් පවසන්නේ දරු ප්‍රසූතියට දින කිහිපයකට පෙර යම්කිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මව රෝහල්ගත කෙරුණු බවයි. ඒහෙත් ඇයට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ දරුවා ප්‍රසූත කිරීමෙන් පසුවයි. ඉන් පසු බිළිඳාටද කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් දරුවාට ගර්භාෂය තුළදී වෛරසය ආසාදනය වූයේද, නැතිනම් උපතින් පසු ආසාදනය වූයේදැයි වෛද්‍යවරුන් මෙතෙක් තහවුරු කර නැහැ.
මේ වන විට බිළිඳා සහ මව රෝහල් දෙකක ප්‍රතිකාර ලබමින් සිටිනවා.
අලුත උපන් බිළිඳෙකුට කොරෝනා වෛරසය වැලදෙයි අලුත උපන් බිළිඳෙකුට කොරෝනා වෛරසය වැලදෙයි Reviewed by Kalum on March 14, 2020 Rating: 5

රටවල් තුනක සිට ලංකාවට ඇතුල්වීම අද සිට තහනම් කරයි

March 12, 2020


රටවල් තුනක සිට ලංකාවට ඇතුල්වීම අද සිට තහනම් කරයි

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන සියලු මගීන් දින 14 ක කාලයක් සඳහා රටට ඇතුලත් කර නොගැනීමට රජය තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා මෙම පියවර ගත් බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කර සිටියේ. දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණීමට නියමිත අවසන් ගුවන් යානය හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
කෙසේ වුවත් මෙම තහනම අද සිට ක්‍රියාත්මක බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ
රටවල් තුනක සිට ලංකාවට ඇතුල්වීම අද සිට තහනම් කරයි රටවල් තුනක සිට ලංකාවට ඇතුල්වීම අද සිට තහනම් කරයි Reviewed by Kalum on March 12, 2020 Rating: 5

ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගියෙකු හමුවේ

March 10, 2020

ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගියෙකු හමුව තිබේ.
කොරෝනා හෙවත් කොවිඩ් 19 යැයි සැක සහිත රෝග ලක්ෂණ සහිතව IDH උණ රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයෙකුට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. වයස අවුරුදු 50ක් වන මෙම පුද්ගලයා ශී‍්‍ර ලාංකිකයෙක්. ඔහු සංචාරක මගපෙන්වන්නෙකු ලෙස වෘත්තියේ යෙදී සිටින්නෙකු බවද වාර්තා වෙනවා. ඉකුත් දිනවලදී මෙම පුද්ගලයා ඉතාලියෙන් පැමිණි සංචාරකයින් පිරිසකට මගපෙන්වා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ. සැක සහිත රෝග ලක්ෂණ සහිතව ඔහු රෝහල් ගත කර ඇත්තේ පෙරේදා (09) දිනයේය
ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගියෙකු හමුවේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගියෙකු හමුවේ Reviewed by Kalum on March 10, 2020 Rating: 5

කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරේ

March 09, 2020


යුරෝපයත් බිලි ගත් කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරේ
කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, එම වෛරසයෙන් මියගිය පුද්ගලයින් ගණන 4,000 ඉක්මවා ඇති පසුබිමක් තුළයි. නවතම දත්ත වාර්තාවන්ට අනුව මේවනවිට ලොව පුරා සිටින නව කොරෝනා ආසාදිතයින් ගණන 114,285 ක්. වෛරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් ගණන 4,009 ක් වනවා. ඉන් මරණ 3,120 ක්ම වාර්තා වන්නේ චීනයෙන්. චීනයේ හුබේ පළාතෙන් ආරම්භ වුණු නව කොරෝනා වෛරසය චීනය පුරා පැතිර ගොස් ආසියාව ප‍්‍රමුඛ අනෙකුත් රටවල් වෙත ද පැතිරෙන විට එය වසංගත තත්ත්වයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් සියලූදෙනාගේ අවධානය යොමුව තිබුණා. එහෙත් නව කොරෝනා වෛරසය යුරෝපය ආක‍්‍රමණය කිරීමෙන් පසු එය වසංගත තත්ත්වයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර විචාරකයින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත සිය අප‍්‍රසාදය ද පළ කරනවා.

මේ අතර නව කොරෝනා වෛරසයේ අඛණ්ඩ ව්‍යාප්තිය හමුවේ සමස්ථ ඉතාලියම වසා දමා තිබෙනවා. අග‍්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ නිවේදනය කළේ මාරාන්තික නව කොරෝනා වෛරසයෙන් සිය රටවැසියන් ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි. ඒ අනුව ඉතාලිය පුරා මහජන එක්රැස්වීම් තහනම් වන අතර සියලූදෙනා හට නිවෙස්තුලට වී සිටින ලෙසයි දැනුම් දී ඇත්තේ.  සංචාරක තහනම ද එලෙසම කි‍්‍රයාත්මක අතර අත්‍යවශ්‍ය ගමන් සඳහා අවසරයක් ලබාගත යුතු වනවා. අද උදෑසන වනවිට ඉතාලියෙන් වාර්තා වන සමස්ථ නව කොරෝනා මරණ සංඛ්‍යාව 463 ක්. ගතවූ පැය 24 තුළ පමණක් ඉතාලියේ නව කොරෝනා මරණ 97 ක් වාර්තා වනවා. රට තුළ සිටින සමස්ථ ආසාදිතයින් ගණන 9,172 ක්. ඒ අනුව චීනයට පසුව මේවනවිට නව කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ඉතාලියටයි.
කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරේ කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරේ Reviewed by Kalum on March 09, 2020 Rating: 5

අරක්කු බොන ගමන් ජ්‍යෙෂ්ඨයෝ කනිෂ්ඨයාගේ හිසට ටයරයක් අත ඇරලා

March 09, 2020


ජපුර සරසවි නවක වධයේ තවත් තිරිසන් කතාවක් - අරක්කු බොන ගමන් ජ්‍යෙෂ්ඨයෝ කනිෂ්ඨයාගේ හිසට ටයරයක් අත ඇරලා - සිසුවා ජීවිතයත් මරණයත් අතර සටනක

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාගාරයේ ඉහළ සිට තරප්පු පෙළ දිගේ එවූ ටයරයක් වැදීමෙන් පහළ ක්‍රීඩාගාරයේ සිටි සිසුවකු තුවාල ලබා පසුගිය 06 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ නව අධ්‍යයන වසර සඳහා කළමනාකරණ පීඨයට ඇතුළත් වූ මිනුවන්ගොඩ පදිංචි පසිඳු හිරුෂාන් නමැති සිසුවෙකි. මෙම අනතුර සිදු වී ඇත්තේ එදින අලුයම 1.30ට පමණ ය. කළමනාකරණ පීඨයේ පළමු වසර සිසුසිසුවියන් පිළිගැනීමේ තෙමසක කාලසීමාව අවසන් වීමේ සාදය ඉකුත් 5 වැනිදා පවත්වා ඇති අතර සාදයෙන් පසු තවදුරටත් සිසුන් පිරිසක් එහි රැඳී සිට තිබේ.

ඒ අතරින් සිසුන් කිහිප දෙනෙක් ඉහළ ක්‍රීඩාගාරයේ සිටින්නට ඇතැයි පරිපාලන අංශ සැකකරයි. සාදය සංවිධානය කර ඇත්තේ එම පීඨයේ දෙවැනි වසර සිසුන් ය. ක්‍රීඩාගාරයේ ඉහළ සිට ආ ටයරය වැදීමත් සමගම ශිෂ්‍යයා බිම ඇද වැටී තිබේ. බිම වැටීමෙන් හිසට බරපතළ හානි සිදු වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. එම අවස්ථාවේ සිසුන් හා ආරක්ෂක අංශ එක්ව සිසුවා වහාම කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එම රෝහලින් කොළඹ ජාතික රෝහලට මාරු කර තිබේ.කෙසේ වෙතත් සිසුවාගේ තත්වය ඉතා බරපතළ තත්වයක පවතින බවට වෛද්‍යවරුන් පවසන අතර ජීවිතය පවා සැකසහිත බව වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ. අනතුර සම්බන්ධයෙන් විනයාධිකාරිගේ ප්‍රධානත්වයෙන් මූලික පරීක්ෂණයක් පැවැත්වෙන අතර එම පරීක්ෂණ වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ පැවසීය. තරප්පු පෙළ දිගේ ටයරය එවා ඇත්තේ කවුරුන් ද යන්න අනාවරණය වී නැතැයි ද මහාචාර්යවරයා කීවේය.

කෙසේ වෙතත් මෙම ක්‍රියාව සිදුකළ අදාළ ජ්‍යේෂ්ඨ සිසුන් , මෙය ටයරක් අතෑරීමෙන් සිදුවූ අනතුරක් නොව යතුරුපැදි අනතුරක් නිසා සිදූවක් බවට කියමින් සිද්ධිය යටපත් කිරීමේ උත්සහයක නිරත වන බවද වාර්තාවේ.
අරක්කු බොන ගමන් ජ්‍යෙෂ්ඨයෝ කනිෂ්ඨයාගේ හිසට ටයරයක් අත ඇරලා අරක්කු බොන ගමන් ජ්‍යෙෂ්ඨයෝ කනිෂ්ඨයාගේ හිසට ටයරයක් අත ඇරලා Reviewed by Kalum on March 09, 2020 Rating: 5

ලංකාවට පැමිණෙන ගුවන් මගීන් නිරෝධායනය කිරීමේ මෙහෙයුම් අද සිට ඇරඹේ

March 09, 2020


මෙරටට පැමිණෙන ගුවන් මගීන් නිරෝධායනය කිරීමේ මෙහෙයුම් අද සිට ඇරඹේ
දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන ගුවන් මගීන් මෙරටදී නිරෝධායන කිරීමේ කටයුතු අද (09) සිට ආරම්භ වනවා. එහි පළමු අදියර අද ආරම්භ වන්නේ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයේ සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේයි. මෙම නිරෝධායන මධ්‍යස්ථානවලට ඇතුළත් කරන රෝගීන් දින 14 ක් අනිවාර්ය නිරෝධායන කි‍්‍රයාවලියට ලක් කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් අවශ්‍ය සියලූ කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ.

මෙම නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කෙරෙන්නේ නිරෝගී පුද්ගලයින් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. කිසියම් අයෙකුට කොරෝනා රෝග ලක්ෂණ පහළ වුවහොත් අනිවාර්යෙන්ම රෝහල්ගත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවා. නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් කිසිවෙකුත් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා.
මේ වනවිට කොරෝනා රෝග ලක්‍ෂණ ඇති බවට සැක පිට පුද්ගලයින් 8 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. ඉන් දෙදෙනෙකු ප‍්‍රතිකාර ලබන්නේ අංගොඩ IDH රෝහලේයි. කෙසේවෙතත් මේ දක්වා කිසිවෙකුටත් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී නොමැති බවයි වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් පැවසුවේ.
ලංකාවට පැමිණෙන ගුවන් මගීන් නිරෝධායනය කිරීමේ මෙහෙයුම් අද සිට ඇරඹේ ලංකාවට පැමිණෙන ගුවන් මගීන් නිරෝධායනය කිරීමේ මෙහෙයුම් අද සිට ඇරඹේ Reviewed by Kalum on March 09, 2020 Rating: 5

කර්නල් රත්නප්‍රිය බන්දු පොහොට්ටුවෙන් මැතිවරණයට

March 07, 2020

කිලිනොච්චි දෙමළ ජනයාගේ ආදරයට පත් කර්නල් රත්නප්‍රිය බන්දු පොහොට්ටුවෙන් මැතිවරණයට..!
පසුගිය කාලයේ මාධ්‍ය මගින් කතාබහට ලක් කළ කිලිනොච්චිය වට්ටකච්චි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා මෙවර පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වන්නි දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වනවා. ඔහු වට්ටකච්චි සිවිල් ආරක්ෂක මූලස්ථානයෙන් ස්ථාන මාරුවීම් ලැබ නික්ම යන මොහොතේදී දෙමළ ජනතාව විශාල පිරිසක් ඔහුව මාරු නොකරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් පැවැත්වූ අතර බොහෝ පිරිස් කිලිනොච්චියෙන් ඔහුට සමුදෙන ලද්දේ හැඬු­ කඳුළෙනි. 
රත්නප්‍රිය බන්ධු මහතා වන්නි දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කරන බව කීවේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිඔය ප්‍රදේශයේ පැවැති සාකච්ඡාවකදීයි.
කර්නල් රත්නප්‍රිය බන්දු පොහොට්ටුවෙන් මැතිවරණයට කර්නල් රත්නප්‍රිය බන්දු පොහොට්ටුවෙන් මැතිවරණයට Reviewed by Kalum on March 07, 2020 Rating: 5

තම ලාබාල පෙම්වතිය විකුණා මත්කුඩු භාවිතා කල විවාහකයාට ලැබුණු දඬුවම

March 07, 2020


මත්කුඩු භාවිතයට (හෙරොයින්) අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා18 හැවිරිදි තම පෙම්වතිය වරින් වර සළෙළුන්ට මුදලට විකුණූ බව කියන පෙම්වතකුට එරෙහිව නීතිපතිවරයා විසින් මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා හමුවේ නඩු පවරා අධිචෝදනා පත්‍රය භාර දී තිබෙනවා. තම පෙම්වතිය මුදලට විකිණීමේ චෝදනා ලැබූ විත්තිකරු වූයේ (පෙම්වතා) කටාන නැගෙනහිර කළුවාරිප්පුව දිසාගෙවත්ත පදිංචි 40 හැවිරිදි අයෙක්‌ වන අතර 2016 ජූලි මස සිට 2016 ඔක්‌තෝබර් මස දක්‌වා අතර කාලය තුළ තම පෙම්වතිය මුදලට විකිණීමට සම්බන්ධයෙන් ඔහු අධිචෝදනා ලබා තිබෙනවා.

නඩුව කැඳවූ අවස්‌ථාවේ පැමිණිල්ලෙන් හෙළිදරව් වූ කරුණු අනුව මෙහි විත්තිකරු මත්ලෝලී 40 හැවිරිදි විවාහක පුද්ගලයාට අහම්බෙන් 18 හැවිරිදි තරුණියක්‌ හමුවී ඇති අතර පසුව ඇය විත්තිකරු විසින් තම පෙම්වතිය බවට පත්කර ගෙන ඇති බවයි සඳහන් වන්නේ. එම තරුණිය මෙම විත්තිකරු තදින් මත්ලෝලියකු බවත් විවාහකයකු බවත් නොදැන සිට ඇති අතර තදින් කුඩු මතට ඇබ්බැහි වූ විත්තිකරු පසුව තම පෙම්වතිය ඇගේ නිවසින් පැහැර ගෙන ගොස්‌ ඔහු ළඟ තබාගෙන සිට තිබෙනවා. පසුව විත්තිකරුට මත්කුඩු පානය සඳහා මුදල් අවශ්‍ය වූ විට විත්තිකරු සළෙළුන්ට තම පෙම්වතිය රුපියල් 3000 බැගින් අයකොට ඔවුනට පෙම්වතිය ලබාදී තිබෙනවා.එම ක්‍රියාවලියට ඇය අකමැති වූ විට ඇයට දරුණු ලෙස පහරදීම විත්තිකරු පුරුද්දක්‌ කොටගෙන සිට ඇති අතර එම තාඩන පීඩන ඉවසිය නොහැකිවූ ඇ‍ය කටාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත  ඒ සම්බන්ධයෙන්  ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව ඔහු  අධිචෝදනා ලබා තිබෙනවා
තම ලාබාල පෙම්වතිය විකුණා මත්කුඩු භාවිතා කල විවාහකයාට ලැබුණු දඬුවම  තම ලාබාල පෙම්වතිය විකුණා මත්කුඩු භාවිතා කල විවාහකයාට ලැබුණු දඬුවම Reviewed by Kalum on March 07, 2020 Rating: 5

ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

March 06, 2020


මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත්, අනුරාධපුර, වව්නියාව, මන්නාරම සහ මුලතිව් දිස්ති‍්‍රක්කවලත් අද පස්වරු 02 න් පමණ පසු තැනින් තැන ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගිරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මඩකලපුව සිට තී‍්‍රකුණාමලය, කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප‍්‍රදේශවල ද තැනින් තැන සවස් කාලයේ හෝ රාතී‍්‍ර කාලයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ
ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි Reviewed by Kalum on March 06, 2020 Rating: 5

අද ප්‍රේක්ෂකයන්ට පල්ලෙකැලේ දොරටු වැසෙයි

March 06, 2020


සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්විමට නියමිත දෙවන පන්දුවාර 20යි 20 කි‍්‍රකට් තරගයේ සියලූ ප්‍රවේශ පත‍්‍ර අලෙවි වී අවසන් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා. ඒ අනුව මේ වන විට ප‍්‍රවේශ‍්‍ර පත‍්‍ර මිලදී ගෙන ඇති පේ‍්‍රක්ෂකයින් සඳහා පමණක් කි‍්‍රඩාංගනයේ ඇතුල්වීමේ දොරටු පස්වරු 4යි 30 සිට විවෘත කරන බවයි කි‍්‍රකට් ආයතනය පැවසුවේ.

ශී‍්‍ර ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන හා අවසන් 20යි 20 තරගය අද පස්වරු 7ට මහනුවර පල්ලෙකැලේ කි‍්‍රඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි
අද ප්‍රේක්ෂකයන්ට පල්ලෙකැලේ දොරටු වැසෙයි අද ප්‍රේක්ෂකයන්ට පල්ලෙකැලේ දොරටු වැසෙයි Reviewed by Kalum on March 06, 2020 Rating: 5

කොරෝනා වෛරසය අසාදනය වූ බවට සැක කෙරෙන මස 7 ක් වයසැති දරුවෙක් පිළිබඳව බදුල්ලෙන් වාර්තා වෙනවා

March 04, 2020


කොරෝනා  වෛරසය අසාදනය වූ බවට සැක කෙරෙන දරුවෙක් පිළිබඳව  බදුල්ලෙන් වාර්තා වෙනවා .මස 7 ක් වයසැති බිලිඳෙක් මෙලෙස බදුල්ල රෝහල වෙත ඇතුල් කර තිබෙනවා. මේ කුඩා දරුවා තමන්ගේ පවුලේ  සාමාජිකයන් සමග කොරියාවේ සිට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.මේ දරුවා මේ වනවිට වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කර තිබෙනවා..මිට පෙර කොරෝනා  වෛරසය අසාදනය වුනු ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකික කාන්තාවක්ද  වාර්තා වුනා
කොරෝනා වෛරසය අසාදනය වූ බවට සැක කෙරෙන මස 7 ක් වයසැති දරුවෙක් පිළිබඳව බදුල්ලෙන් වාර්තා වෙනවා කොරෝනා  වෛරසය අසාදනය වූ බවට සැක කෙරෙන මස 7 ක් වයසැති දරුවෙක් පිළිබඳව  බදුල්ලෙන් වාර්තා වෙනවා Reviewed by Kalum on March 04, 2020 Rating: 5

කරුවලගස්වැව ප්‍රදේශයේ චීන ජාතිකයකු අභිරහස් ලෙස මියගොස් මරණයට හේතුව කොරෝනා වෛරස් තත්වයද සැකයක්

March 03, 2020


පෙරේදා( 2) දින සවස කරුවලගස්වැව කුඩාමැදවච්චිය ප්‍රදේශයේ ගොවිපළකින්  චීන ජාතිකයකු අභිරහස් ලෙස මියගොස් සිටියදී හමුවී තිබෙන අතර එම මරණය හා මේ දිනවල පැතිර යන කොරෝනා වෛරස් තත්වය අතර සම්බන්ධයක් තිබේද යන්න ගැන සැකසංකා මතුව තිබේ. මොහු චීන ජාතිකයෙකු වුවත් දිගු කලෙක සිටම ලංකාවේ පදිංචිව සිටි අයෙකු වන අතර කුඩාමැදවච්චිය අක්කර 100 ප්‍රදේශයේ වන අලි ගැවසෙන කැලයක් මැද ගොවිපළක් පවත්වා ගෙන ගිය අයෙකි. ඔහුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමිව තිබූ බවද පැවසේ. ලී ජයාන්  නමැති ඔහු වයස අවු: 65 ක පමණ අයෙකු බව පැවසිණි. ඔහු ලංකාවේ පුද්ගලයින් යොදවා මෙම ගොවිපළ කරගෙන ගියත් මෙරට අය සමග වැඩි සම්බන්ධයක් තබාගැනීමට අකමැත්තෙන් පසුවූ අයෙකු බව පරීක්ෂණ වලදී හෙළිව තිබේ. ගොවිපොළේ කිසිදු සේවකයකු මෙම චීන ජාතිකයා නැවතී සිටින නිවහනට පැමිණීමගැන ඔහු අකමැති වූ බවත් කියැවේ. ඔහු තනිවම සියලු වැඩ කරන අයෙකු බව කියන ඔහු ආහාර පිළියෙල කිරීම ඇතුළු ගේදොර වැඩද තනිවම කරගෙන ගිය බව කියැවිණි.

සතියකට පමණ පෙර මෙම ගොවිපොළේ කළමණාකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයා අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබී ඇති අතර චීන ජාතික අයිතිකරු කළමනාකරුගේ වැඩද සිදු කරමින් සිට ඇත. කෙසේ වෙතත් ඔහුද ටික දිනකින් පෙනෙන්නට නොමැති නිසා ගොවිපළේ මුරකරු ඒ ගැන පරීක්ෂාකාරී වී ඇත. චීන ජාතිකයා සිටි නිවස අසළට ගොස් ජනේලයකින් බලන විට ඔහු අභිරහස් ලෙස මරණයට පත්ව සිටි බව ගොවිපළේ මුරකරු කරුවලගස්වැව පොලිසියට පැමිණිලි කර තිබිණි.චීන ජාතිකයා පුටුවක් මත වැටී සිටින අයුරු දක්නට ලැබුණු බව මුරකරු  පොලීසියට පවසා ඇත. සිරුර පිළිබඳව පුත්තලම අධිකරණ වෛද්‍යවරයා ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් කර, පුත්තලම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස  පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත්  මොහොමඩ් රාපි මහතා කරුවලගස්වැව පොලීසියට නියෝග කළේය.
එම පැමිණිල්ලට අනුව පොලිස් පරීක්ෂණ  ආරම්භ වූ අතර, සිද්ධිය සම්බන්ධව කරුවලගස්වැව පොලීසිය පුත්තලම අධිකරණයට කරුණු දැක්වීය. මෙම ස්ථානය නිරීක්ෂණය කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. චීන ජාතිකයා මිය ගොස් සිටි ස්ථානයේ කුඩා කුප්පි දෙකක් තිබූ බවත්, එහි ඇත්තේ ඖෂධයක්ද, එසේත් නැත්නම් වෙනත් දෙයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බවත් පොලීසිය කියයි.

මෙම චීන ජාතිකයා  1992 මෙරටට පැමිණි ඇති අතර,   මොහු චීන ජාතිකයෙකු වීම නිසා මෙම මරණය කොරෝනා මරණයක්ද යන්න ගැන සැකයක් මතුව ඇතත් තවම එවැනි සාක්ෂි නිසි ලෙස රැස්කරගන්නට ලැබී නැත. කෙසේ වෙතත් කොරෝනා මුල විෂබීජ පැතිරගිය බවට සැකකළ හැකි  2019 අගෝස්තු - සැප්තැම්බර් කාලයේදී පමණ  චීනයට ගොස් මොහු නැවත පැමිණ ඇත. ඔහු 2015 වර්ෂයේ ශ්‍රී ලංකික පුරවැසිභාවය ලබා ඇති අතර කලක් චීන යුද හමුදාවේ සේවය කර ඇති බවද අනාවරණය වී ඇත. පුත්තලම මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී කුලේන්ද්‍ර කාන්ත් මහතා හා පුත්තලම හදිසි මරණ පරීක්ෂක නන්දන විමරවීර මහතා එම සිරුර  සහ ස්ථානය පරීක්ෂා කළහ. කරුවලගස්වැව පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති
කරුවලගස්වැව ප්‍රදේශයේ චීන ජාතිකයකු අභිරහස් ලෙස මියගොස් මරණයට හේතුව කොරෝනා වෛරස් තත්වයද සැකයක් කරුවලගස්වැව ප්‍රදේශයේ චීන ජාතිකයකු අභිරහස් ලෙස මියගොස්  මරණයට හේතුව කොරෝනා වෛරස් තත්වයද සැකයක් Reviewed by Kalum on March 03, 2020 Rating: 5

පැය 2කින් බුදු රුවක් මැවූ අපූරු තරුණයෙක් ඇස් වහක් කට වහක් නෑ ඒක නම් විශ්මිත හැකියාවක්

March 03, 2020



මාර්තු 1 වෙනිදා මහනුවර නගරයේ දී සිත්තරුන්ගේ කළා පොලක් පැවැත්වුනා. කලාකරුවන් රැසක් එම අවස්ථාවට එක වී තිබුනා අතර එහි පැම්ණි එක් තරුණ කළාකරුවෙක් පැය 2ක් වගේ කෙටි කාලයක් තුල බුදු රුවක හිසක් තමන්ගේ අතින් නිර්මාණය කරනවා. ඇස් අදහගන්න බැරි වෙනවා සත්තයි. වීඩියෝව පහතින් බලන්න


පැය 2කින් බුදු රුවක් මැවූ අපූරු තරුණයෙක් ඇස් වහක් කට වහක් නෑ ඒක නම් විශ්මිත හැකියාවක් පැය 2කින්  බුදු රුවක් මැවූ අපූරු තරුණයෙක්  ඇස් වහක් කට වහක් නෑ ඒක නම් විශ්මිත හැකියාවක් Reviewed by Kalum on March 03, 2020 Rating: 5

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණෙන සියලූ මඟීන් දින 14ක නිරෝධායනට

March 03, 2020


කොරෝනා වෛරසය රට තුළට ඇතුළු වීම වළක්වා ගැනීමේ පියවරක් ලෙස ලෙස දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණෙන සියලූ ගුවන් මඟීන් සහ නෞකාවලින් පැමිණෙන මඟීන් දින 14ක නිරෝධායන ක‍්‍රියාවලියකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. 
එම අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නි ආරච්චි මේ බව කියා සිටියා. එමෙන්ම නාවික මාර්ග හරහා සුඛෝපභෝගී මඟී නෞකාවලින් පැමිණෙන මඟීන් රටතුළට ඇතුළු කර ගැනීම වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේ.
දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණෙන සියලූ මඟීන් දින 14ක නිරෝධායනට  දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණෙන සියලූ මඟීන් දින 14ක නිරෝධායනට Reviewed by Kalum on March 03, 2020 Rating: 5

රවී ඇතුළු 12 දෙනෙක් නොපමාව අත්අඩංගුවට ?

March 03, 2020


හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු 12 දෙනෙකු නොපමාව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට නියෝග කර තිබේ.
මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගන්නැයි මෙලෙස නියම කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබාගන්නැයි නියම කළ සෙසු පිරිස පහත දැක්වේ.

1 .පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්

2 . සන්ද්‍රේශ් රවින්ද්‍ර කරුණානායක

3 .ලක්ෂ්මන් අර්ජුන මහේන්දුන්

4 .අර්ජුන් ජෝසෆ් ඇලෝෂියස්

5 .පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධි

6 .ජෙෆ්රි ජෝසෆ් ආලෝෂියස්

7 .චිත්ත රංජන් හුළුගල්ල

8 .මුත්තුරාජා සුරේන්ද්‍රන්

9 .අජාන් ගාර්දියෙ පුංචිහේවා

10.තුයිය හැන්නදිගේ බුද්ධික සරත්චන්ද්‍ර

11.සංගරපිල්ලේ පදුමනාපන්

12.පදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර
රවී ඇතුළු 12 දෙනෙක් නොපමාව අත්අඩංගුවට ? රවී ඇතුළු 12 දෙනෙක් නොපමාව අත්අඩංගුවට ? Reviewed by Kalum on March 03, 2020 Rating: 5

පැය 24 තුලදී නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 813 ක්

February 29, 2020


පැය 24 තුලදී නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 813 - දකුණු කොරියානු රජයෙන් දැනුම්දීමක්
 ගතවූ පැය 24 ක කාලය තුලදී නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 813 දෙනෙක්  වාර්තා වීමත් සමඟ සියලුම පුරවැසියන්ට හැකිතාක් දුරට නිවෙස් තුළටම වී සිටින ලෙස දකුණු කොරියානු රජය දැනුම් දී තිබෙනවා. එක් දිනයක් තුලදී දකුණු කොරියාවෙන් වාර්තාවූ ඉහලම වෛරස් ආසාධිතයින් සංඛ්‍යාව මෙය වන අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් දකුණු කොරියාවේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා  කියා සිටියේ රටේ තත්ත්වය ඉතා තීරණාත්මක මොහොතකට ලඟා වී ඇති බවයි.

එසේම කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා ජනතාවගේ සහය අවශ්‍ය බවත්, ඒ හේතුවෙන් මහජන රැස්වීම්, ආගමික වතාවත් සඳහා සිදුකරන ඒකරාශීවීම් වලට නොයා හැකිතාක් දුරට නිවෙස්වලටම වී සිටින්නැයි ඔහු ඉල්ලීමක් කර තිබුණා. මේ අතර ඇමරිකාවෙන්ද මේ වනවිට කොරෝනා අසාදිතයින් 60කට අධික සංඛ්‍යාවක් වාර්තා  වී ඇති අතර පළමු මරණය ඊයේ වොෂින්ටන් ප්‍රාන්තයෙන්  වාර්තා වුනා. එලෙස මියගොස් තිබුණේ  50 හැවිරිදි කාන්තාවක්. එසේම ජපානයෙන්ද  940කට ආසන්න කොරෝනා වෛරස ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන අතර ඒ අතුරින් 705 දෙනෙකු යොකෝහමා වරායේ නිරෝධායනය කර ඇති  ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන්. මේ අතර කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා යෙන් බිලියන 270 (ඩොලර් බිලියන 2.5) ක හදිසි ආර්ථික පැකේජයක්ද ජපාන අගමැති ෂින්සෝ අබේ ඊයේ ප්‍රකාශයට පත් කළා
පැය 24 තුලදී නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 813 ක් පැය 24 තුලදී නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 813 ක් Reviewed by Kalum on February 29, 2020 Rating: 5

දකුණු කොරියාවේ සිට පැමිණෙන ලාංකිකයින් සංඛ්‍යාව ඉහළට

February 29, 2020

දකුණු කොරියාවේ සිට පැමිණෙන ලාංකිකයින් සංඛ්‍යාව ඉහළ යයි
දකුණු කොරියාවේ මේ වනවිට මෙම කොරෝනා වසංගත රෝගය වඩාත් වේගයෙන් පැතිර යමින් පවතින බව එරටින් ලැබෙන තොරතුරු මගින් අනාවරණය වනවා. ඒ අනුව අද (01) දින අලුයම 3.56 දකුණු කොරියාවේ ඉන්චියොන් සිට පැමිණි කොරියානු ගුවන් සේවයට අයත් කේ.ඊ.- 473 දරන ගුවන් යානයෙන් ගුවන් මගීන් 182 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. මෙම පිරිස අතරින් 137 දෙනෙකුම ශ්‍රී ලාංකිකයන් වීම විශේෂත්වයක්. මේ ආකාරයට පසුගිය දින කිහිපය තුළ දී දකුණු කොරියාවේ සිට පෙර පැවති තත්වයට වඩා ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

එමෙන්ම මෙම ගුවන් යානයෙන් පැමිණි ශරීර උෂ්ණත්වයේ යම් වෙනස්වීමක් නිරීක්ෂණය වූ  සහ උණ රෝගයෙන් පෙළුණු ගුවන් මගීන් දෙදෙනෙකු  කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය මගින් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් විශේෂ ගිලන් රථ මගින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ. කටුනායක ගුවන් තොටුපළ වෙත විවිධ රටවල සිට පැමිණෙන සියලුම ගුවන් මගීන් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ස්ථාපිත කර ඇති ස්වයංක්‍රීය උපකරණ මගින් නිරන්තර පරීක්ෂාවට ලක් කෙරෙනවා.
දකුණු කොරියාවේ සිට පැමිණෙන ලාංකිකයින් සංඛ්‍යාව ඉහළට දකුණු කොරියාවේ සිට පැමිණෙන ලාංකිකයින් සංඛ්‍යාව ඉහළට Reviewed by Kalum on February 29, 2020 Rating: 5

2015න් පසු අද පල්ලේකැලේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට ලැබෙන අවස්ථාව

February 29, 2020

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර 3 වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී අද (01) පැවැත්වෙනවා. දිවා රාති‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. තරග 3කින් සමන්විත මෙම තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ශී‍්‍ර ලංකා පිළ මේ වනවිට ජය ගෙන අවසන්. ඒ අනුව ශී‍්‍ර ලංකා පිල අද තරග බිමට පිවිසෙන්නේ කොදෙව් කණ්ඩායමට එරෙහිව පූර්ණ එක්දින තරගාවලි ජයක් අපේක්ෂාවෙන්. 2015 වසරෙන් පසු කොදෙව් කණ්ඩායමට එරෙහිව පූර්ණ එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමේ අවස්ථාව ඒ අනුව මෙවර ශී‍්‍ර ලංකා  පිලට හිමිව තිබෙනවා. එමෙන්ම අද තරගය ශී‍්‍ර ලංකා පිල ජය ගතහොත් සිය මවුබිමේදී අඛණ්ඩව ලබන දෙවන පූර්ණ එක්දින තරගාවලි ජය ලෙසද මෙය වාර්තා වනු ඇති.

මේ අතර අද තරගයේ ප‍්‍රවේශපත් පල්ලේකැලේ කී‍්‍රඩාංගණය තුළ අලෙවි නොකිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ තරගය පැවැත්වෙන අද දිනයේ කී‍්‍රඩාලෝලීන් අතර අනවශ්‍ය තදබදයක් ඇතිවීමේ අවදානම වැළැක්වීමේ අරමුණින්. ඒ අනුව අදාළ ප‍්‍රවේශපත‍්‍ර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මූලස්ථානයෙන් අස්ගිරිය කී‍්‍රඩාංගණයේ පිහිටුවා ඇති මහනුවර දිස්ති‍්‍රක් කි‍්‍රකට් සංගම් කාර්යාලයෙන් මිලදී ගත හැකි බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ. එමෙන්ම බලගොල්ලේ පිහිටි අභීත කී‍්‍රඩා පිටියේ ස්ථාපිත ප‍්‍රවේශපත‍්‍ර කවුළුවෙන්ද අද තරගයේ ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගත හැකි වනවා. අද තරගය නැරඹීමට පැමිණෙන කී‍්‍රඩාලෝලීන් සඳහා පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේ පිවිසුම් දොරටු පස්වරු 12.30 ට විවෘත කරන බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වැඩිදුරටත් සදහන් කළා
2015න් පසු අද පල්ලේකැලේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට ලැබෙන අවස්ථාව  2015න් පසු අද පල්ලේකැලේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට ලැබෙන අවස්ථාව Reviewed by Kalum on February 29, 2020 Rating: 5

අමෙරිකාවෙනුත් පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

February 29, 2020

පළමු වරට අමෙරිකාවෙන් කොරෝනා මරණයක් වාර්තා වී තිබෙනවා. මෙලෙස කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගොස් ඇත්තේ වයඹ දිග වොෂින්ටන් ප‍්‍රාන්තයේ 50 හැවිරිදි පුද්ගලයෙක්. මේ වනවිට අමෙරිකාවෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 68 දක්වා ඉහළ ගොස් තිබෙනවා. උද්ගතව ඇති තත්ත්වය පිළිබද අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් කියාසිටියේ  ඕනෑම අවදානමකට මුහුණදීම සඳහා අමෙරිකාව සූදානම් බවයි.

මේ අතර මේ වනවිට රටවල් 64 කින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 86,000 ඉක්මවා තිබෙනවා. මෙම වෛරසය ආසාදනයවීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාවද 2,942 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ. ඉන් මරණ 2,835 ක් වාර්තා වන්නේ චීනයෙන්. ඉරානයෙන් නව කොරෝනා මරණ 43 ක් වාර්තා වන අතර ඉතාලියෙන්  මරණ 29 ක් වාර්තා වී තිබෙනවා. නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් දකුණු කොරියාවේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.
අමෙරිකාවෙනුත් පළමු කොරෝනා මරණය වාර්තා වෙයි අමෙරිකාවෙනුත් පළමු කොරෝනා මරණය වාර්තා වෙයි Reviewed by Kalum on February 29, 2020 Rating: 5

ලෝකයම හෙල්ලූ “ටාටා” සමාගමේ කතාව

February 29, 2020

එකල ඉරානයේ සිට ඉන්දියාවට සංක්‍රමණය වූ පර්සියානුවන් හෙවත් පාර්සි ජාතික සුළුතර කණ්ඩායමකට මේ පරපුර අයත් වූහ. ගෞරවනීය පැළැන්තියකට අයත්ව ජම්සෙට්ජි ඉන්දියාවේදී උපන්නද ඔහුගේ පියා හැර පරපුරේ අනෙකුත් අය අයත් වූයේ ධනවත් පවුල් සංස්ථාවකට නොවීය. පාර්සි ජාතික පූජකවරුන්ට අයත්ව ඔවුනගේ පිරිමි පාර්ශ්වය කටයුතු කර තිබේ. මේ අයගේ සුල මුල සොයා යාමේදී පෙනී යන්නේ ඒ සම්ප්‍රදාය බිඳ දමමින්, ව්‍යාපාරික ක්ෂේත්‍රයට පිවිසියේ ජම්සෙට්ජි ටාටා​ ගේ පියා වූ නුසෙර්වන්ජි බවය. එකල ඔහු බොම්බේ හිදී (වත්මනෙහි මුම්බායි) අපනයන අංශයේ වෙළඳ සමාගමක් පවත්වාගෙන ගියේය. ජම්සෙට්ජි කුඩා කල සිට විධිමත් අධ්‍යාපනයක් ලැබීමට භාග්‍ය උදාකර ගත්තේය. අංක ගණිතයට ජම්සෙට්ජි දක්‍ෂ බව ඔහුගේ මව්පියන් විසින් හඳුනාගෙන තිබිණි. ඒ අනුව හොඳ අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් ඔහුව බොම්බෙ වෙත යැවීමට ඔව්හු තීරණය කළෝය. බොම්බෙ හෙවත් මුම්බායිහි එල්ෆින්ස්ටන් විදුහලට ඇතුළත් වන විට ඔහුගේ වයස අවුරුදු 14ක් විය. උපාධිය සඳහා හොඳින් අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටි ජම්සෙට්ජි ටාටා, උපාධිය ලබා පිට වූයේ විවාහයක්ද සිදු කර ගනිමිනි. කෙටියෙන්ම කිව්වොත් රස්සාවට කලින් පරස්ථාවක් කර ගෙන සිටියේය. හිරාබායි ද‌ාබු ඔහුගේ බිරිඳ වූවාය. ස්වකීය තාරුණ්‍යයේදී පිටස්තර තැනෙක රස්සාවක් නොකොට, තම පියාගේ ආයතනයේම රැකියාවක් ඔහුට ලැබී තිබිණි. පියා එතරම් දුරට උසස් අධ්‍යාපනයක් ​නොලබා සිටියත් දැනුම ප්‍රායෝගික කළ චරිතයක් විය. පුතු හට යමක් කළ හැකිය යන්න ඔහු නිතර විශ්වාස කළ දෙයක් විය. ජම්සෙට්ජි විවාහයකුත් කර ගෙන සිටි නිසා, ඔහුගේ මනස සෑදී තිබුණේද ව්‍යාපාරික කටයුතු ගැන සිතීමටම පමණකි. 

‘‘ටාටා’’ වයස අවුරුදු 20 දී ලෝකය වටේ ගමනක්
අවුරුදු 20 වෙද්දී උපාධියක්ද ලබා, විවාහයකුත් කරගෙන සිටි ජම්සෙට්ජි හට ලෝකය වටේ යාමේ අපූරු අවස්ථාවක් උදා වුණි. තම පියාගේ ව්‍යාපාරයේ අපනයන වෙළෙඳ කටයුතු වෙනුවෙන් ජපානය, යුරෝපය, ඇමරිකාව සහ චීනය ඇතුළු ප්‍රබල රටවල සංචාරය කරමින් බොහෝ අත්දැකීම් ලද්දේය. එම රටවලදී තම පියාගේ සමාගමේ ශාඛා පිහිටුවීමටද ඔහු පුරෝගාමී වූවේය. මෙහිදී ජම්සෙට්ජි වඩා ප්‍රිය කළේ චීනයේ සංචාරය කිරීමට යැයි සඳහන් වේ.ඊට හේතුව වූයේ අබිං වෙළෙඳාම කෙරෙහි විස්තර දැන ගැනීමට උත්සුක වූ නිසාය. චීනයට ගියේ එකී කටයුත්ත උදෙසා වුවද, රෙදිපිළි නිෂ්පාදනය (කපු) පිළිබඳව ඔහුට වඩා ඇල්මක් ඇතිවූයේ එයින් විශාල ලෙස ලාභ ඉපයීමට හැකි බව සිතූණු නිසාය. අත් හළ නොහැකි වූ පුරුද්දකට ‘‘අබිං’’ කෑවා වගේ යැයි කියමනක් තිබේ. අන්තිමට ‘‘අබිං’’ ගැන දැන ගැනීමේ පිපාසයෙන් චීනයට ගිය ජම්සෙට්ජි ටාටා, හට අත් නොහැර සිටීමේ දෙයක් ඇතිවිණි. එනම් ‘‘කපු’’ රෙදි නිෂ්පාදන - ක්‍රියාවලිය කෙරෙහි තදින්ම ‘‘සිත’’ බැඳී තිබීමය. මෙය කෙතරම් දුරට බැඳී තිබුණේද යත් ඔහු, ඔහුගේ ව්‍යාපාර ජාලයේදී වඩාත් ආයෝජනය කර ඇත්තේ පෙහෙකම්හල් (කපු මෝල්) ඇරඹීම වෙනුවෙනි.
සාමාන්‍ය වෙළෙඳ ආයතනයකින් පටන් ගෙන වයස 29දී ටාටා සමූහයට අවතීර්ණ වීම
පියාගේ ව්‍යාපාර අංශයේ කටයුතු කරමින් සිටි ‘‘ටාටා’’ වයස අවුරුදු 29දී, එනම් 1868 දී (අදින් වසර 152කට පමණ පෙරදී) ‘‘ටාටා’’ සමාගම ස්ථාපිත කර වූයේ විවිධ ව්‍යාපාර වලට අයත් සමාගමක් ලෙසිනි. ව්‍යාපාර එකක්වත් කර ගැනීමට තරම් ධෛර්යයක් නොමැතිවූ මිනිසුන් අතරේ ‘‘ජම්සෙට්ජි ටාටා’’ ඒ ගමන ඇරඹියේ සාමාන්‍ය වෙ​ෙළඳ සමාගමක් ලෙසය. පසුව එය සමූහයක් කිරීම විශේෂිත වූ දෙයකි. එදා ඔහු ඒ ගමනට මුලපුරා ඇත්තේ, පවුම් 21,000ක පමණ ප්‍රාග් ධනයකිනි. එය අදට සසඳා බැලුවොත්, වටිනාකම (අද) මිලියන 54ක් පමණ වේ. 1869 දී බංකොළොත් වූ තෙල් කම්හලක් මිලදී ගත් ‘‘ටාටා’’ එය ඔහු වඩාත් ප්‍රිය කළ කපු රෙදි මෝලක් බවට පරිවර්තනය කිරීමට සමත් විණි. ඔහු එය නම් කළේ ඇලෙක්සැන්ඩ්‍රා මිල්ස් නමිනි. කෙසේ වෙතත් ලාභ ලබා ගැනීමේ අරමුණ ඇතිව ඔහු දෙවසරකට පසු එම කම්හල විකුණා දැමීය. නිතර නිතර අලුත් දේ කෙරෙහි අනුගතවීමේ පිපාසාවෙන් පෙළුණ ඔහු නාග්පූර්හිදි ඇඟලුම් නිෂ්පාදිත ආයතනයක් ස්ථාපිත කළේය. එමෙන්ම අභියෝග ජයගන්නා හැටිද ඔහු හොඳින් දැන සිටියේය. එසේ විණිද, ‘‘බොම්බෙට ඇවිත් මේ මනුස්සයා බොම්බෙට ගැළපෙන දේ නොකර මේ මොනවද කරන්නේ’’ යැයි කියා ඔහු වටා සිටි සමහරුන් ඔහුට බැණ වැදුණි. තම දරුවන් ගැන හොඳින් හඳුනන්නේ මව්පියන් මෙන්, තම ව්‍යාපාරය සහ කරන්නේ මොකක්ද යන්න දැන සිටි නිසා ජම්සෙට්ජි ඒ කිසිවකින් සසල වූයේ නැත. තවත් සමාගමක් පිහිටුවීමට ඒ වන විට නොදියුණු නගරයක්ව තිබූ නාග්පූර් වෙත ඔහු ගියේ ඇයිද? යන්න ජනතාවට ප්‍රශ්නයක් වුවද, ‘‘ටාටා’’ හට එය ප්‍රශ්නයක් නොවුණි. ඔහු නාග්පූර් වෙත ගොස් ව්‍යාපාරයක් දියත් කිරීම වඩාත් සාර්ථක විණි. 1877 වෙද්දී එම්ප්‍රෙස් මිල්ස් නමින් තවත් විශාල කම්හලක් ඇරඹීම ඒ සමගම සිදුවිය. මෙලෙසින් කටයුතු කරමින් ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ ඵල සහිත ගමනක එමින් සිටි ‘‘ටාටා’’ හට ඉලක්ක 4ක් තිබිණි. 

ඉලක්ක සතර සපුරා ගැනීමට කටයුතු කිරීම
එම අභිප්‍රායයන් වූයේ යකඩ හා වානේ සමාගමක් ඇරඹීම, ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන ආයතනයක් ඇරඹීම, ඉතා විශිෂ්ට නිමාවකින් යුතු සංචාරක හෝටලයක් ඇරඹීම, සහ ජල විදුලි බලාගාරයක් පිහිටු වීමය. මෙලෙසින් ගමනක් යමින් සිටි මේ මිනිසා ගැන භාරතයේ ජවහර්ලාල් නේරු තුමාගේ සිට බොහෝ විද්වතුන් මෙන්ම ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ හසළ අත්දැකීම් තිබූ මිනිස්සු මහත් වර්ණනාවෙන් කතා බහ කරන්නට පටන් ගත්හ. බ්‍රිතාන්‍ය කිරීටයට නතුව තිබූ යුගයක ටාටාගේ ව්‍යවසායකත්ව ගමන හැඳින්වූයේ වහල්භාවයේ දම්වැල් වලින් මිදී-ලිහී, නිදහස උදා කර ගැනීම වෙනුවෙන් යන වේගවත් ගමනක් ලෙසය. අනෙක් බොහෝ දෙනා ජීවත් වූයේ ශක්තිමත් නොවූ ජීවිතය ශක්තිමත් කර ගැනීම උදෙසා වුවද, ජම්සෙට්ජි ටාටාගේ දර්ශනය එය නොවීය. එවකට දරිද්‍රතාවයෙන් වෙළී සිටි කාන්තාවන් බොහෝමයකට ඔහුගේ ඇඟලුම්කර්මාන්තශාලාවේ සේවය සඳහා අවස්ථා විවර කර දුන්නේය. ඒ හැර අනෙකුත් කර්මාන්තශාලා සියල්ලෙහි සේවය කළ සේවක සේවිකාවන් වෙනුවෙන් අර්ථසාධක අරමුදල් මෙන්ම, නොමිලේ වෛද්‍ය පහසුකම් ආදි සියල්ල ලබා දීමට කටයුතු කළේය. එවකට එවැනි දේ ඉන්දියානු කර්මාන්තශාලා ක්ෂේත්‍රයටද අලුත් දේ විය. අනාගතය ගැන කෙතරම් නම් යහපත් දැක්මකින් ඔහු කටයුතු කළේද යත්, වත්මනෙහි අප අත් විඳින රක්‍ෂණාවරණ ආදි දේ පවා එදා ඔහු සේවක පිරිස් වෙත, එනම් හදිසි අනතුරකදී, ලබාදිය යුතු මුදල් පවා වෙන්කර තිබිණි. මේ ජම්සෙට්ජි ටාටා යනු තනිවම ව්‍යාපාර ක්ෂේත්‍රයේ නැගී ආ චරිතයක් නොවීය. ඔහුගේ දර්ශනය වී තිබුණේ සමස්ත ඉන්දියානු සමාජය සමග නැගී සිටීමටය. ඔහු දුටු චතුර්විධ චින්තන දහරාවේ සුවිශේෂී ඵලය ලෙස 1909 දී පිහිටුවීමට හැකි වූ අධ්‍යාපන ආයතනය සඳහන් කළ හැකිය. විශ්වසනීය නායකත්වය යන සංකල්පය නිසා ටාටා සමාගම් සමූහය වටා බැඳි සේවය කළ පිරිස අප්‍රතිහත ධෛර්යෙන් යුතුව කටයුතු කළ නිසා, එයින් ලැබුණේ වඩාත් ඵලදායිතාවකි. කෙසේ වුවද සමහර ව්‍යාපාරික ව්‍යාපෘති දියත් කිරීමේදී ‘‘ටාටා’’ අසාර්ථක නොවූවාද නොවේ. වැසීගෙන යන කර්මාන්තශාලා ඉතාම සාධාරණ ලෙස මිලදී ගෙන ඒවා නගා සිටවූයේ ඒවායෙහි සේවය කළ පිරිස් සමගය. ස්වදේශිකවාදයේ ප්‍රබල චරිතයක් වී ඊට නායකත්වය දුන් ‘‘ටාටා’’ ස්වදේශීයව කර්මාන්තශාලා පිහිටුවීමට නායකත්වය දුන් චරිතය ලෙසට හැඳින්වීම යෝග්‍යය. ආනයනික භාණ්ඩ වර්ජනය කිරීම වෙනුවෙන් විටෙක ස්වදේශීය චින්තනය පදනම් වූ දේශපාලන ව්‍යාපෘතියටද සක්‍රීයව දායකත්වය ලබා දුන්නේ භාරත මාතාවට අන් සියල්ල පරදා නැගී සිටිය හැකිය යන වග සනාථ කිරීම වෙනුවෙනි.  ඉන්දියාවේදී ‘‘කපු’’ වගාව මෙන්ම එකී කර්මාන්තය වටා බැඳී තිබුණු දාමය නගා සිටුවීමට මෙන්ම වැඩි දියුණු කිරීමට ඔහු ගනු ලැබුවේ පුරෝගාමී වූ නායතක්වයකි. හිරාබායි ද‌ාබු සමග විවාහ වී සිටි ජම්සෙට්ජි ටාටා, හට පුතුන් දෙදෙනෙකි. දොරා බ්ජි ටාටා සහ රතන්ජි ටාටා යනු ඔහුගේ පුතණුවෝ වෙති. 

‘‘ටාටා’’ වානේ සමාගම (ආසියාවේ පළමු වානේ සමාගම) 
සතරවිධ ඉලක්කයක් ඔස්සේ ගමන් කරමින් සිටි ‘‘ටාටා’’ හට ඉන්දියාවේ විශාලතම මෙන්ම ආසියාවේ පළමු වානේ කර්මාන්තශාලාව ස්ථාපිත කිරීමට මෙයින් වසර 113කට පෙරදි ජම්සෙට්ජි හට හැකිවිය. බටහිර බෙංගාලයේ මෙය ආරම්භ කිරීමට හැකිවීමත් සමග කල්කටාවට ගෙන දුන්නේ විශාල ගෞරවයකි. රටවල් විසි ගණනක ටාටා වානේ ව්‍යාප්ත වී ඇති අතර ලක්‍ෂයට ආසන්න සේවක සංඛ්‍යාවකගෙන් සමන්විතය. පසුව එය ටාටා වානේ එක්සත් රාජධානියේ සමාගම වූ කෝරස් සමූහය සතු විණි. 

ටජ් මහලට නොදෙවෙනි වූ ටජ් මහල් පැලස් තරු හෝටලය
මහාරාශ්ට්‍ර ප්‍රාන්තයට අයත් බොම්බෙ හෙවත් මුම්බායි හිදී 1903 දී මෙම අපූරු හෝටලය නිර්මාණය කරවීමට ජම්සෙට්ජි ටාටා නායකත්වය දුන්නේය. ලොව ප්‍රකට ටජ් මහල ගැන කාටවත් අමුතුවෙන් විස්තර කළයුතු නොවේ. සහතික වශයෙන්ම මෙම ටජ් මහල් මන්දිරය යනු ටජ් මහල් ප්‍රාසාදය තරමටම විශිෂ්ටවූ නිර්මාණයකි. ඉන්දියාවේ සංචාරක ක්ෂේත්‍රයට දායාද වූ මහාර්ඝ වස්තුවක් ලෙස මෙය නම් කළ හැකිය. ඉන්දියාවේ සංචාරක හෝටල ක්ෂේත්‍රයට නව ඉරක් උදාකළ ඇරඹුම මෙයම බව කිව හැකි වේ. 2008 දී සිදුවූ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය ඔබට මතක ඇති? එසේ මතක නම්? එදා ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූයේ මෙම අගනා සුපිරි හෝටල මන්දිරයයි. ‘‘ටජ්’’ ලෙස කෙටියෙන් හඳුන්වන මෙම හෝටලය වඩා ප්‍රකටව ඇත්තේ ගෘහනිර්මාණ ශිල්පයේ පෙරාගත් පෞරාණික රසය සහ රිද්මය මෙන්ම ගාම්භීරත්වය ඇතිව නිර්මාණය කර තිබීම නිසාය. විශ්වාස කරන්න, මෙය සුපිරි කාමර 550කින් සමන්විත වන අතර, රාජකීය සහ ප්‍රභූ අමුත්තන් සඳහා කාමර 45ක් පමණ වෙන්ව තිබේ. එදා සිට මෙම හෝටලයට ආ ගිය පිරිස එසේ-මෙසේ අය නම් නොවීය. පාකිස්ථානය නිර්මාණය කළ නිර්මාතෘවරයා වන මොහොමඩ් අලි ජින්නා මෙන්ම දේශපාලන - සිනමා සහ වෙනත් ක්ෂේත්‍රවල ලෝ ප්‍රකට චරිත ඒ අතර වූහ. එකල මොහොමඩ් අලි ජින්නාගේ දෙවැනි බිරිඳ වූ රාතන්බායි පෙටී ජීවත්ව සිටියේ මෙම හෝටලයේ බව සඳහන් වෙයි. වයස අවුරුදු 29 දී පිළිකාවකට ගොදුරු වී ඇය මියගිය අතර, මියයන තෙක් මෙහි වාසය කළාය. තවත් අය උපත ලබා ඇත්තේ මේ හෝටල් පරිශ්‍රයේදීය. පළමු ලෝක යුද සමයේදී නම් මෙය හමුදාවට වෙන්ව තිබූ අතර, හමුදාවේ 600 දෙනා හට නවාතැන් පහසුකම් සපයා දී තිබේ. වත්මනෙහි මෙම සංචාරක හෝටලය යනු මුම්බායිහි සලකුණකට එහා ගිය උරුමයකි. 
මෙලෙසින් ජම්සෙට්ජි ටාටා ගෙවා ඇත්තේ අරුත්බර මෙන්ම හැඩකාර ජීවන රිද්මයකි. 1904 වසරේදී මුළු මහත් ඉන්දියාව කම්පාවට පත් කරවමින්, විශේෂයෙන්ම ඉන්දියානු සමස්ත ව්‍යාපාරික ප්‍රජාව කම්පාවට පත් කරවමින් පුරාවෘත්තයක් වූ ජම්සෙට්ජි ටාටා ස්වකීය ජීවිත ගමනට සඳහටම සමු දුන්නේය. හැබැයි ඒ භාරත දේශයේදී නම් නොවුණි. ව්‍යාපාරික කටයුත්තක් සඳහා ජර්මනියේ සංචාරයක යෙදෙමින් සිටියදීය. එහිදි දැඩි ලෙස රෝගී තත්ත්වයට පත්වූයේ 1900 වසරේදීය. ඉදින් වසර 4ක් ජර්මනියේ රැඳී සිටි අතර බෑඩ් නවහයිම් නගරයේදී සදහටම නෙත් පියා ගත්තේය. පර්සියානු සම්භවයකින් පැවත එමින්, මහා භාරතයේ නොමැකෙන සලකුණක් වූ ජම්සෙට්ජි මියගියේ ජර්මනියේදී වුවද මිහිදන් වූයේ එංගලන්තයේදීය. ව්‍යවසායකයකුට එහා ගිය විශ්ව ගවේෂකයකු ලෙස ජම්සෙට්ජි ටාටා ගේ නාමය හැඳින්වීම වඩා උචිතය. ඔහුගේ ජීවිතයෙන් භාරතයට පමණක් නොව, ලෝක ව්‍යවසායක ප්‍රජාවට ගත හැකි දේ නම් බොහෝය. 

තාත්තාගේ සංකල්ප පුතුන් දෙදෙනා විසින් වඩාත් අරුත්බර කිරීම
දොරාබ්ජි ටාටා යනු ජම්සෙට්ජිගේ වැඩිමහල් පුත්‍රයාය. රතන්ජි ටාටා දෙවැන්නාය. මේ පුතුන් දෙදෙනා ‘‘ටාටා’’ සමූහයේ කටයුතු වලට සක්‍රීයව එළැඹෙන්නට පෙර ජම්සෙට්ජිගේ පළමු ඥාති සහෝදරයා වූ රතන්ජි ඩාඩාබෝයි, ‘‘ටාටා’’ සමූහ සමාගමක් ලෙස ගොඩනැංවීම සඳහා කර ඇත්තේ සුවිශාල කාර්යබාරයකි. 
ජම්සෙට්ජිගේ වැඩිමහල් පුතු වූ දොරාබ්ජි ටාටා යනු පියාගේ සංකල්පය තවත් අරුත්බර කළ චරිතයක් විය. වෙසෙසින්ම බ්‍රිතාන්‍යය හා ඉන්දියාව අතර ව්‍යාපාරික පාලමක් තැනීමට මුල්වූ චරිතයක් විය. 1859දී උපන් දොරාබ්ජි මුම්බායි (බොම්බෙ) සරසවියේ සහ කේම්බ්‍රිජ් සරසවියේ උපාධිධරයෙකි. හොඳ උගතෙකු ලෙස නම් කිරීම වඩා සුදුසුය. පියා විසින් අරඹන ලද වානේ කර්මාන්තය සහ ජල විදුලි කර්මාන්තය මෙන්ම සුවිශාල රක්‍ෂණ සමාගමක් පිහිටුවීමට මෙන්ම ‘‘ටාටා’’ සමූහයේ දියුණුව උදෙසා ඔහු කළ දේ බොහෝය. 
ව්‍යාපාර කළද ඔහුගේ සිත තදින්ම ඇලී තිබුණේ ක්‍රීඩා අංශය වෙතය. ඉන්දියාවේ ක්‍රීඩාව නගා සිටුවීමට පුරෝගාමී වූ චරිතයක් ලෙස නම් කළ හැකිය. ඉන්දියාවේ ප්‍රමුඛතම විද්‍යා හා ඉංජිනේරු පර්​යේෂණ ආයතනයක් වන බැංගලෝරයේ ඉන්දීය විද්‍යා ආයතනය ස්ථාපිත කිරීමට මුදල් පරිත්‍යාග කර ඇත්තේ ඔහු විසිනි. මෙහෙර්බායි සමග විවාහ වී සිටි අතර ඇය ලියුකේමියා රෝගී තත්ත්වය නිසා අකලට මිය පරලොව ගියාය. ඇයට අසීමිතව ආදරය කළ දොරාබ්ජි ටාටා බිරිඳ මියගොස් දිනක් යාමට මත්තෙන් අනුස්මරණ අරමුදලක් පිහිටුවීය. විවිධ ආබාධවලට ලක්වූ රෝගීන්ගේ හිත සුව පිණිස ඔහු එය දියත් කළේය. ටාටා සමූහය ගොඩ නැංගවීමට බුද්ධිමත් බල කණුවක් වූ දොරාබ්ජි ටාටා හට 7 වැනි එඩ්වඩ් රජු විසින් ශ්‍රීමත් නම්බුනාමය ලබාදීමට කටයුතු කළේ දොරාබ්ජි - ඉන්දියාවට මෙන්ම සමාජයට සහ ක්‍රීඩාවට කළ මෙහෙවර උදෙසාය. ශ්‍රීමත් දොරාබ්ජි ටාටා මියගියේද තම පියා මෙන් ජර්මනියේදීය. ඒ බෑඩ්කිසිඟන්හිදිය.  ඔහු​ගේ අන්තිම කැමැත්ත පරිදි දේහය භූමදානය කරනු ලැබුවේ බිරිඳගේ දේහය මිහිදන් කළ එංගලන්තයේ බෲක්වුඩ් සුසාන භූමියේදීය. දොරාබ්ජි ඉන්දියාවේදී උපත ලබා, ජර්මනියේදී අවසන් සුසුම් පොද හෙළා, මිහිදන් වූයේ, එංගලන්තයේදී වීමද තවත් විශේෂිත වූ දෙයක් නොවේද? 

රතන්ජි ටාටා 
ජම්සෙට්ජිගේ දෙවැනි පුතු වන ‘‘රතන්ජි ටාටා’’ යනු තම පියා සහ අයියාට එහා ගිය මහා පරාර්ථකාමී චරිතයක් විය. ‘‘ටාටා’’ සමූහ ව්‍යාපාරය යනු මහා භාරතය තරමට සුවිශාල වූ විවිධ ක්ෂේත්‍ර වලට අයත් ව්‍යාපාර ජාලයකි. ලොව එවැනි ව්‍යාපාර ජාලයක් දැක ගත හැකි වන්නේ අල්ප වශයෙනි. එහෙව් වූ ‘‘ටාටා’’ නාමය තව දුරටත් අරුත්බර කළ චරිතය මේ රතන්ජි ටාටාම වෙයි. ඔහු ඉතා හොඳ කලා රසකාමියකු විය. විටෙක එංගලන්තය මහගෙදර කරගෙන එහි ජීවත් වුවද ඔහුගේ අාධ්‍යාත්මය රැඳී තිබුණේ ඉන්දියාවේය. එසේ වීද, ඉන්දියාවේ මෙන්ම එංගලන්තයේ විවිධ අධ්‍යාපනික කටයුතු සංවර්ධන වැඩ සටහන් සඳහා සක්‍රියව දායකත්වය ලබා දුන් චරිතයක් විය.   1916 දී ඔහු හට ද නයිට් පදවිය හෙවත් ශ්‍රීමත් නාමය ලැබුණේ ජීවත් වූ කෙටි කාලයේදී සමාජයට කළ මහා මෙහෙවර උදෙසාය. වයස අවුරුදු 57 දී රතන්ජි මිය ගිය අතර, මිහිදන් වූයේ තම පියාගේ සොහොන යාබදවය. එනම් එංගලන්තයේ බෲක්වුඩ් සුසාන භූමියේදීය. තම අයියාට මෙන් ඔහුටද දරු සම්පත අහිමිව තිබිණි. ‘‘නාවල් ටාටා’’ යනු ඔහු සහ බිරිඳ විසින් හදා වඩා ගත් දරුවා වෙයි. 
අපි නාවල් ගැන කතා නොකර ‘‘ටාටා’’ පරම්පරාවෙන් පැවැත එන රතන් ටාටා ගැන කතා කරමු. මක්නිසාද යත්, වත්මනෙහි වයස අවුරුදු 82 ඉක්මවා සිටින ‘‘රතන් ටාටා’’ ද ටාටා සමාගම් සමූහය ලොව බැබළවීමට කළ සේවය අති විශාල වූවක් වන බැවිනි. ‘‘ටාටා’’ සමාගම් සමූහය වඩ-වඩාත් ලාභ ලබා ඇත්තේ මේ රතන් ටාටා සභාපතිව සිටියදී බව සඳහන් වේ. ගෘහ නිර්මාණ ශිල්පයේ උපාධිධරයකු වන අතර, ඉටුකළ සමාජ මෙහෙවර උදෙසා මෙන්ම පුණ්‍ය කටයුතු උදෙසා, රතන් ටාටා භාරතයේ සිවිල් පුරවැසියකු හට ලබාදෙන ඉහළම ගෞරව සම්මාන ද්විත්වයකට උරුමකම් දරයි. පත්ම විභූෂණ සහ පත්ම භූෂණ එම ඉහළම ගරු නම්බු නාමයන් වේ.

‘‘ටාටා’’ සමූහය බැලූ බැල්මට
ඔබ විශ්වාස කළා හෝ නොකරනු විය හැකිය. එහෙත් පිළිගත යුතු දෙයක් තිබේ. මෙම ටාටා සමාගම යනු මෝටර් රථ නිෂ්පාදන අංශයේදී, අධි සුඛෝපභෝගී බස්රථ යුරෝපය වෙනුවෙන් නිෂ්පාදනය කළ සමාගමකි. ‘‘ටාටා’’ කී විගස අප රටේ බොහෝ දෙනා සිතන්නේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් ලෙස පමණක් විය හැකිය. එහෙත්, ටාටා යනු පෙර සඳහන් කළ පරිදි එක් අංශයකට සීමාවූ සමාගම් ජාලයක් නොවේ. 
අධ්‍යාපන, පර්​යේෂණ, තාක්‍ෂණ, රෝහල්, බලශක්ති සම්පත්, ඉංජිනේරු, ඉදිකිරීම්, සංචාරක, ගුවන් ආදි දසත විහිදී-පැතිරි ගිය සමාගම් ජාලයකි. මෙහි නිර්මාතෘවරයා වූ ජම්සෙට්ජි ටාටා වෙනුවෙන්, 1965 වසරේදී සමරු මුද්දරයක් සහ කාසියක් පවා නිකුත් කර තිබේ. ටාටා හෙවත් ‘‘ටා-ටා’’ යනුවෙන් ඉංග්‍රීසි ජාතිකයින් බොහෝ විට දනවන්නේ ‘‘ගුඩ්බායි හෙවත් සුබ සමුගැනීමක්’’ යන අදහසය. 

ඒ අරුත කෙසේ වෙතත් මේ ‘‘ටාටා’’ පවුල තම නාමයට වඩා ජීවන දර්ශනයක් තිබූ පවුලක් නොවේද?

ලෝකයම හෙල්ලූ “ටාටා” සමාගමේ කතාව ලෝකයම හෙල්ලූ “ටාටා” සමාගමේ කතාව Reviewed by Kalum on February 29, 2020 Rating: 5
Powered by Blogger.