පෙරේදා( 2) දින සවස කරුවලගස්වැව කුඩාමැදවච්චිය ප්‍රදේශයේ ගොවිපළකින් චීන ජාතිකයකු අභිරහස් ලෙස මියගොස් සිටියදී හමුවී තිබෙන අතර එම මරණය හා මේ දිනවල පැතිර යන කොරෝනා වෛරස් තත්වය අතර සම්බන්ධයක් තිබේද යන්න ගැන සැකසංකා මතුව තිබේ. මොහු චීන ජාතිකයෙකු වුවත් දිගු කලෙක සිටම ලංකාවේ පදිංචිව සිටි අයෙකු වන අතර කුඩාමැදවච්චිය අක්කර 100 ප්‍රදේශයේ වන අලි ගැවසෙන කැලයක් මැද ගොවිපළක් පවත්වා ගෙන ගිය අයෙකි. ඔහුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමිව තිබූ බවද පැවසේ. ලී ජයාන් නමැති ඔහු වයස අවු: 65 ක පමණ අයෙකු බව පැවසිණි. ඔහු ලංකාවේ පුද්ගලයින් යොදවා මෙම ගොවිපළ කරගෙන ගියත් මෙරට අය සමග වැඩි සම්බන්ධයක් තබාගැනීමට අකමැත්තෙන් පසුවූ අයෙකු බව පරීක්ෂණ වලදී හෙළිව තිබේ. ගොවිපොළේ කිසිදු සේවකයකු මෙම චීන ජාතිකයා නැවතී සිටින නිවහනට පැමිණීමගැන ඔහු අකමැති වූ බවත් කියැවේ. ඔහු තනිවම සියලු වැඩ කරන අයෙකු බව කියන ඔහු ආහාර පිළියෙල කිරීම ඇතුළු ගේදොර වැඩද තනිවම කරගෙන ගිය බව කියැවිණි.
සතියකට පමණ පෙර මෙම ගොවිපොළේ කළමණාකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයා අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබී ඇති අතර චීන ජාතික අයිතිකරු කළමනාකරුගේ වැඩද සිදු කරමින් සිට ඇත. කෙසේ වෙතත් ඔහුද ටික දිනකින් පෙනෙන්නට නොමැති නිසා ගොවිපළේ මුරකරු ඒ ගැන පරීක්ෂාකාරී වී ඇත. චීන ජාතිකයා සිටි නිවස අසළට ගොස් ජනේලයකින් බලන විට ඔහු අභිරහස් ලෙස මරණයට පත්ව සිටි බව ගොවිපළේ මුරකරු කරුවලගස්වැව පොලිසියට පැමිණිලි කර තිබිණි.චීන ජාතිකයා පුටුවක් මත වැටී සිටින අයුරු දක්නට ලැබුණු බව මුරකරු පොලීසියට පවසා ඇත. සිරුර පිළිබඳව පුත්තලම අධිකරණ වෛද්‍යවරයා ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් කර, පුත්තලම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් රාපි මහතා කරුවලගස්වැව පොලීසියට නියෝග කළේය.
එම පැමිණිල්ලට අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ වූ අතර, සිද්ධිය සම්බන්ධව කරුවලගස්වැව පොලීසිය පුත්තලම අධිකරණයට කරුණු දැක්වීය. මෙම ස්ථානය නිරීක්ෂණය කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. චීන ජාතිකයා මිය ගොස් සිටි ස්ථානයේ කුඩා කුප්පි දෙකක් තිබූ බවත්, එහි ඇත්තේ ඖෂධයක්ද, එසේත් නැත්නම් වෙනත් දෙයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බවත් පොලීසිය කියයි.
මෙම චීන ජාතිකයා 1992 මෙරටට පැමිණි ඇති අතර, මොහු චීන ජාතිකයෙකු වීම නිසා මෙම මරණය කොරෝනා මරණයක්ද යන්න ගැන සැකයක් මතුව ඇතත් තවම එවැනි සාක්ෂි නිසි ලෙස රැස්කරගන්නට ලැබී නැත. කෙසේ වෙතත් කොරෝනා මුල විෂබීජ පැතිරගිය බවට සැකකළ හැකි 2019 අගෝස්තු - සැප්තැම්බර් කාලයේදී පමණ චීනයට ගොස් මොහු නැවත පැමිණ ඇත. ඔහු 2015 වර්ෂයේ ශ්‍රී ලංකික පුරවැසිභාවය ලබා ඇති අතර කලක් චීන යුද හමුදාවේ සේවය කර ඇති බවද අනාවරණය වී ඇත. පුත්තලම මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී කුලේන්ද්‍ර කාන්ත් මහතා හා පුත්තලම හදිසි මරණ පරීක්ෂක නන්දන විමරවීර මහතා එම සිරුර සහ ස්ථානය පරීක්ෂා කළහ. කරුවලගස්වැව පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති
කරුවලගස්වැව ප්‍රදේශයේ චීන ජාතිකයකු අභිරහස් ලෙස මියගොස් මරණයට හේතුව කොරෝනා වෛරස් තත්වයද සැකයක්
Reviewed by Kalum
on
March 03, 2020
Rating:
No comments: