Results for Articles

අධික කොලෙස්ටරෝල් නසන බෙහෙතක් හදන හැටි

March 25, 2020


ශරීරයට කොලෙස්ටරෝල් දෙයාකාරයකින් ලැබේ. ඒ අප ආහාරයට ලබා ගන්නා ද්‍රව්‍යවලින් සහ මිනිස් සිරුර තුළම නිපදවෙන කොලෙස්ටරෝල් ලෙසයි. ආහාර මගින් ලැබෙන කොලෙස්ටරෝල් ආයුර්වේදයේදී බහිර්ජනක කොලෙස්ටරෝල් ලෙසත් සිරුරෙන් නිපදවෙන කොලෙස්ටරෝල් අන්තර්ජනක කොලෙස්ටරෝල් ලෙසත් හැඳින්වේ. මෙලෙස රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන පුද්ගලයන්ගේ කිරීටක ධමනි අවරෝධයට ලක්වීමට ඇති ඉඩ ඉහළ යයි. එවැනි රෝගීන් හෘදයාබාධවලට ලක්වීමේ වැඩි අවදානමක් ඇති අතර ශ්‍රී ලංකාවේද හෘදයාබාධවලින් වන මරණ ඉහළ යෑමට මෙම තත්ත්වය හේතු වී ඇත. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන රෝගීන් බහුල වශයෙන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වෙත යොමු වුවද දේශීය චිකිත්සාව තුළද ඉතා දියුණු ප්‍රතිකාර පන්තියක් කොලෙස්ටරෝල් වෙනුවෙන් ඇත.

එහෙත් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ ගිය පුද්ගලයෙකු දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම වෙත යොමු විය යුත්තේ වෛද්‍ය අධීක්ෂණය යටතේය. එහෙයින් කොලෙස්ටරෝල් මර්දනයට සුදුසු ඖෂධ පන්තීන් මෙවැනි ලිපියකින් දැක්වීම සුදුසු යැයි සිතිය නොහැක. එසේ වුවත් ඕනෑම කෙනෙකුට ගෙදරදී සාදාගත හැකි භාවිත කිරීම අගුණ නැති අත් බෙහෙතක් පිළිබඳ විමසා බැලීම මෙම ලිපියේ අරමුණ වෙයි. මෙම ඖෂධය සාදා ගැනීමට ඕනෑ කරනුයේ නිවසේ එදිනෙදා භාවිත කරනා සුලබ කුළුබඩු විශේෂ කිහිපයකි. ඒවා නම් උළු හාල්, සියඹලා දලු, කළුදුරු, කරපිංචා, ගොරකා, සුදුලූනුය. මේවා අතරින් ගොරකා ඇඹුල් රසයෙන් යුත් සාම්ප්‍රදායික රසකාරකයකි. එහි ඇඹුල් රසය කොලෙස්ටරෝල් නසන්නට උපකාරී වන්නේය. හෘදය හිතකර ගොරකා ආහාර රුචිය වඩවන, සිරුරේ මේදය දහනය කරනා ගුණ සහිත දේශීය කුළුබඩු විශේෂ අතරට අයත්ය. කරපිංචාද රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අවම කරන්නට සමත්ය. විෂ වෙදකම් මෙන්ම තවත් චිකිත්සා ගණනකටම භාවිත කරනා කරපිංචා අග්‍රගණ්‍ය ඔසුවකි.

සුදු ලූනු ද රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කරති. එහි ප්‍රතිඔක්සිකාරක ගුණයද ඉහළය. උළුහාල්ද එසේමය. එහි ඖෂධීය ගුණ ලාංකිකයා දැන සිටියේ කලක සිටය. කොලෙස්ටරෝල් නැසීමට අමතරව ‍ලේ පිරිසිදු කිරීමේ ගුණයෙන්ද උළුහාල් ‍පොහොසත්ය. තීක්ෂණ ගුණයෙන් යුත් කළුදුරු කොලෙස්ටරෝල් සහ වාත, කප (සෙම්) දෝෂ නැසීමට සමත්ය. උළුහාල්, කළුදුරු, සියඹලා දලු, ගොරකා, කරපිංචා සුදුලූනු යන ද්‍රව්‍ය සියල්ල සම පමණින් ගෙන එකට අඹරා ගැනීම පළමුව කළ යුතුය. යම් අපහසුවක් වෙතොත් ගොරකා මඳ වෙලාවක් පෙඟෙන්නට තැබිමට හැක. ඊට අමතරව උණුවතුර ස්වල්පයක් එක්කර ගැනීම මගින්ද පහසුවෙන් අඹරා ගත හැක. මෙලෙස අඹරා ගෙන සාදාගත් ගුලිය ශීතකරණයක (අධි ශීතකරණයක නොවේ) තබා ගෙන තිබ්බටු ගෙඩියක ප්‍රමාණය දිනකට ආහාරයට ගත යුතුය.

දැනටමත් ඔබ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ ගොස් ඇති අයෙකු නම් මෙම ඖෂධය සතියකට දින හතරක් පහක් පමණ ආහාරයට ගැනීම ප්‍රමාණවත්ය. එය ඔබ ලබා ගන්නා වෙනත් බටහිර ඖෂධ සමග ගැටීමක් නොවනා බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඔබේ කොලෙස්ටරෝල් මට්ටම අවදානම් තත්ත්වයට පැමිණ නැති කෙනෙකු වුවද අනාගත ආරක්ෂාව තකා මෙම ඖෂධය භාවිත කළ හැක. එහෙත් එවැනි කෙනෙකු දෛනිකව භාවිත කළ යුතු නොවේ. සතියකට දින දෙක තුනක් තිබ්බටු ගෙඩියක ප්‍රමාණය ආහාරයට එක්කර ගැනීම මගින් අනාගතයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑමේ අවදානමෙන් මිදිය හැක. ඇතැම් අය මේ ගුලිය සාදා ගැනීමට කුරුඳු ‍පොතුද එක්කර ගැනීමට පුරුදුව ඇත. කුරුඳු ‍පොතුද කොලෙස්ටරෝල් නසනා ගුණය සහ ප්‍රතිඔක්සිකාරක ගුණ බහුල කුළුබඩු විශේෂයකි. එහෙත් කුරුඳු ‍පොතු මේ සඳහා එක් කරගැනීම අත්‍යාවශ්‍ය නැත.

මේ සඳහා යොදා ගන්නා සුදුලූනු ගොරකා, උළුහාල් නූතන විද්‍යාත්මක පරීක්ෂණවලින්ද තහවුරුව ඇත. මෙකී ඖෂධ ලබා ගන්නා අතරතුර කය වෙහෙසා වැඩ කිරීම, නියමිත ව්‍යායාම්වල යෙදීම වැනිදේ මගින් ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගැනීමට හැක. හානිකර කොලෙස්ටරෝල් සත්ව මාංශ තුළ බහුලව අඩංගු වේ. ඒ අතරින් ඌරු මස්. හරක් මස්, ඉස්සන්, ‍පොකිරිස්සන්, දැල්ලන් ප්‍රමුඛස්ථානයක් ගනී, මෙවැනි ආහාරවලින් වැළකී සිටීමද යහපත් සෞඛ්‍යයක් වෙනුවෙන් ඔබට උපකාරී වෙයි. මෙම ලිපිය නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනී රුවිනි ප්‍රීතිකා මෙන්ඩිස් සමග සාකච්ඡා කර ලියැවෙන්නකි
අධික කොලෙස්ටරෝල් නසන බෙහෙතක් හදන හැටි  අධික කොලෙස්ටරෝල් නසන බෙහෙතක් හදන හැටි Reviewed by gihan on March 25, 2020 Rating: 5

ආහාර අර්බුදයක් ඇති වෙන්න කලින් ගෙදර ඉන්න හැමෝම මේ ටික කරන්න

March 25, 2020


1. බොහෝ රටවල් ආහාර අපනයන තහනම් කරලා, ආහාර තොග ‍රැස් කරනවා

2. තවත් රටවල් lock down කර ඇති නිසා ඒ රටවල ආහාර නිෂ්පාදනය හොඳටම අඩු වෙලා

3.පොහොර ආනයනය ඇතුළු අනෙකුත් පහසුකම් නතර වීම නිසා ශ්‍රී ලංකාවේත් කෘෂි නිෂ්පාදනයට බාධා සිදුවෙලා.

දැන් ආහාර අර්බුදයට සූදානම් වෙමු.

කාටවත් බැන බැන ඉඳලා වැඩක් නෑ. ඇතීතය ගැන කම්පා වෙලා වැඩක් නෑ. මේ මොහොටේදී අනාගතය ගැන සිතා කටයුතු කරමු.

1. වත්තේ ඉඩ නැතිනම් මල් පෝච්චි වල හරි එළවළු පළතුරු වවමු.

2. කොස් ගස යනු මේ අවුරුදු කාලයේ පලදාව ලැබෙන ආහාරයක්. වත්තේ කොස් ගස් තියේනම් කඳේ වැල් ගලවලා සුද්ද කරලා, ගහට හිරු එළිය වැටෙන්න අනෙකුත් ගස් වල අතු කපා දාලා, පුලුවන්නම් ගොම් පස් ටිකක් කානු කපලා අල්ලලා ඒවාට සාත්තු කරමු.

3. මීට අමතරව වත්තේ ඇති පොල් ගස් වලට පොල් ලෙලි අල්ලලා සාත්තු කරමු.තිරිඟු පිටි වෙනුවට කොස් පිටි භාවිතයට හුරු වෙමු. එවිට නිෂ්පාදකයින් ඒවා දිගටම නිපදවාවි.
ආහාර අර්බුදයක් ඇති වෙන්න කලින් ගෙදර ඉන්න හැමෝම මේ ටික කරන්න ආහාර අර්බුදයක් ඇති වෙන්න කලින් ගෙදර ඉන්න  හැමෝම මේ ටික කරන්න Reviewed by gihan on March 25, 2020 Rating: 5

දියවැඩියාව පාලනයට ගත යුතු හොදම ආහාර වට්ටෝරු

March 25, 2020

දියවැඩියාව හෙවත් මධුමේගය. මෙහි අර්ථය ගතහොත් ජලය සිහි යන අර්ථ ගැන්වේ. ආයුර්වේදය අනුව දියවැඩියාව, වා, පිත්, සෙම් ලෙස වර්ගකර ඇත. සියළුම මේගයන් අවසානයේදී මධුමේගය බවට පත්වේ. දියවැඩියාව සෑදීමට හේතු ලෙස ගත හැක්කේ පාරම්පරිකව ජාන මගින් සෑදීම, අධික සිනී අධික පිෂ්ඨය අඩංගු ආහාර ගැනීම, ව්‍යායාමයෙන් තොරව ජීවත්වීම, අධික සුඛෝපබෝගී දිවියක් ගත කිරීම, අධික ස්ථූලතාවය, දහවල් නිදාගැනීම, එලෙසම විෂේශයෙන් මානසික ආතතියෙන් පෙලීම, රාත‍්‍රී නිදිවර්ජිතව ගත කිරීම, පාලනයකින් තොරව ආහාර ගැනීම යන හේතු සාධක ඉවහල්වේ. මීට අමතරව කෙදි සහිත ආහාර අනුභවය අඩුවීම, සමබල ආහාර වේලක් නොගැනීම යන කරුණු ද හේතුවේ.
වැලකීම සඳහා විශේෂයෙන්ම දේශීය පාරම්පරික සහල් වර්ග වල දියවැඩියාව, හෘද රෝග, අක්මා රෝග, පෙනහලු රෝග අඩුකිරීමේ හැකියාව හා නවීන හාල්වලට වඩා පෝෂණීය තත්වයද ඉහල අගයක් ගනී. එම සහල් වලින් පිසූ කෑමවර්ග, බත් ආහාරයට ගැනීම, රතුමස් වර්ග එනම් හරක්මස්, එළුමස්, ඌරුමස් බැටළු මස් ආදිය බෝ නොවන රෝග වලට හේතු වේ. එලෙසම අධික සීනි අඩංගු පාන වර්ග, කේක්වර්ග බිස්කට් වර්ග, පුඩිං වර්ග, චොකලට්, අයිස්ක‍්‍රීම්, වටලප්පන්, ජෙලිවර්ග භාවිතය, සම්බා බත් දෛනිකව ආහාරයට ගැනීම, වට්ටක්කා, බීට්රූට් වැනි එලවලු වර්ග අහිතකරයි. රතුමාළු වර්ගද, අච්චාරු, අන්නාසි විනාකිරි පෙවූ ආහාර, බල මාලූ වැනි ආහාර තක්කාලි අධිකව ගැනීම, චට්නි වර්ග, කෝන් වර්ග, ආහාරයට ගැනීම හේතු වේ. එලෙසම ඉතාම පාන්පිටි වලින් සෑදු සියළුම ආහාර අධිකව ගැනීමද අහිතකරයි. අපගේ සහල්පිටි වලට වඩා පාන්පිටි වල සෞම්‍ය ගතිය වැඩියි. කෙදි සහිත ගතියද නොමැත. ඉක්මනින් දිරවීම නිසා ශරීරයට ඉක්මනින් වඩා අධික සීනි ප‍්‍රමාණයක් එකතු වේ. එය දියවැඩියාව දක්වා වර්ධනය වීම සිදු වේ. පලතුරුවලින්, රටඉදි, වියලි මිදි, අඹ වර්ග, දූරියන් , රඹුටන්, මැංගුස්, වැල වරකා, පැණි රස අධික පැපොල්, සීනි කෙසෙල්, කෝලි කුට්ටු, සුවදැල් වැනි කෙසෙල් වර්ග අගුණයි.
පළතුරු ලෙස ගත හැක්කේ බාගෙට ඉදුණු ඇඹුල් කෙසෙල්, කුඩා පැපොල් කැබැල්ලක්, ලොවි, ජම්බු, පේර වර්ග, ඇඹරැල්ලා, කාමරංගා, දෙළුම්, නෙල්ලි, දොඩම් වර්ග, නාරං වර්ග, කොල ඇපල් ආදිය පලතුරු ලෙස හොඳයි.
කෑම වර්ග ලෙස දේශීය සහල්, හීන් බෝවිටියා, රණවරා, කෝවක්කා, ඉරමුසු, ගොටුකොළ, වැල්පෙනෙල, හාතාවාරිය හොඳයි. ඇට වර්ග ලෙස කඩල, කව්පි, මුං ඇට, පරිප්පු ආදිය හොඳයි. එලවලූ ලෙස කරවිල, තලනබටු, වම්බටු, මුරුංගා, බණ්ඩක්කා, මෑ කරල්, පතෝල, වැටකොළු, නිවිති, සාරණ, කංකුං, ගොටුකොළ, මුගුණුවැන්න, කිරිඅගුණ, කතුරුමුරුංගා, රතු තම්පලා, තම්පලා වර්ග, මැල්ලකොල, වැනි පලා වර්ග බෝංචි, කැරට්, ගෝවා, නෝකෝල්, රාබු, පොලොස්, කෙසෙල්මුව, කොහිල අල, කොහිල දළු, නෙළුම් අල ඉතා හොඳයි. කුඩා මාළු වර්ග හාල්මැස්සන් හා කීරමින් වැනි මාළු කරවල ගුණයි. දේශීය පාරම්පරික හාල් වලින් මසුරං, හීනටි ගුණයි.දවල් නිදාගැනීම අගුණයි. රාත‍්‍රී නින්ද නොමැති වීම අගුණයි. විශේෂයෙන්ම මත්පැන් දියවැඩියා රෝගීන්ට අගුණයි.
දියවැඩියාව පාලනයට ගත යුතු හොදම ආහාර වට්ටෝරු  දියවැඩියාව පාලනයට ගත යුතු හොදම ආහාර වට්ටෝරු Reviewed by gihan on March 25, 2020 Rating: 5

ප්‍රතිශක්‌තිය වඩන දේශීය ආහාර පාන මෙන්න

March 25, 2020


කොයිවෙලේත් ලෙඩ....ඉස්‌සර වගේ නෙමෙයි දැන් ළමයි හරිම දුර්වලයි....ඔය කාලෙ අපි හිටියෙ ගස්‌ ගල් වගේ නෙ. වර්තමානයේ දරු දැරියන් ගැන තරුණ, තරුණියන් ගැන වැඩිහිටියෝ පවසති. ඇත්තටම එදා ට වඩා අද පරපුර ශක්‌තියෙන් දුර්වල ද? අපි ඒ ගැන මෙවර විමසා බලමු.

වෛද්‍යතුමනි, වර්තමාන පරපුර ඉතා ඉක්‌මනින් ලෙඩ රෝගවලට ගොදුරුවන්නේ ඇයි........?අද අපි කන කෑම බීමවල වැඩිපුරම තියෙන්නෙ වස විස. ආහාර බෝග වගා කිරීමට යොදන්නේ රසායනික පොහොර වර්ග. ආහාර වර්ග රසවත් කිරීමට යොදා ගන්නෙ විෂ සහිත රසකාරක. එනිසා දැන් අපි දැනුවත්ව වස කනවා.... නොදැනුවත්ව වස ආහාරයට ගන්නවා. ඉන් අපගේ ශරීරයේ ප්‍රතිශක්‌තිය දුර්වල වෙනවා. ඉතිං...දැන් අපට නිතරම ලෙඩ.

වෛද්‍යතුමනි මෙම තත්ත්වයෙන් මිදෙන්න ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?පළමුවෙන්ම අප වසවිස නැති පෝෂ්‍යදායී ආහාර පාන ගත යුතුයි. උදේට අවදි වී පිරිසිදු ජලය වීදුරුවක්‌ පානය කළ යුතුයි. ඉන්පසු තේ කෝපි වෙනුවට වෙනිවැල්ගැට, කොත්තමල්ලි, පත්පාඩගම්, ඉඟුරු යන ඖෂධ වර්ග හතර යොදා තම්බාගත් පානයක්‌ ගැනීම සුදුසුයි. එසේ නොහැකි නම් තේ කෝපි පානයෙන් පසු හෝ මෙම ඖෂධ පානයක්‌ උදැසනට ගැනීම කළ යුතුයි.

උදැසන ආහාරය සඳහා මුංඇට, කවුපි, කඩල, මඤ්ෙÆක්‌කා, බතල වැනි ධාන්‍ය වර්ගයක්‌ ගැනීම සුදුසුයි. මෙම ධාන්‍ය වර්ගවල ශක්‌තිය වඩන පෝෂණය වගේම විස නසන ගුණයන් තියෙනවා.දවල් ආහාරය සඳහා කොස්‌, දෙල්, කෙසෙල් මුව, කෙසෙල් බඩ, ගොටුකොළ, සාරණ, වැනි ආහාර ද්‍රව්‍ය එක්‌කර ගැනීම කළ යුතුයි.

ප්‍රතිශක්‌තිය වඩන ආහාර-අතීතයේ සෘෂි වෛද්‍යවරුන් ලෙඩ රෝගවලින් තොරව දිගු කාලයක්‌ ජීවත් වීම සඳහා ගත් සුවිශේෂී සලාද වර්ගයක්‌ තමයි කෝමාරිකා මද, නීරමුල්ලිය කොළ, වැල් තිබ්බටු කොළ හා ගෙඩි, නෙලුම් දළු, කොහිල දළු සමව ගෙන සලාදයක්‌ ලෙස සාදාගෙන දිවා ආහාරයට ගැනීම, මෙම සලාදය අවශ්‍ය නම් එළඟිතෙල් දමා තෙම්පරාදු කර වුව ආහාරයට ගත හැකිය.එසේම පැසුණු ගස්‌ ලබු මැල්ලුමක්‌ ලෙස හෝ ව්‍යංජනයක්‌ ලෙස නිතර ආහාරයට එක්‌කර ගැනීම තුළින් ශරීරයේ ප්‍රතිශක්‌තිය වඩවා ගත හැකිය.

උදේට ඉදුණු ලාවුළු පලුවක්‌ ආහාරයට ගැනීම දවල්ට නෙල්ලි ගෙඩි තුන හතරක්‌ ආහාරයෙන් පසු අතුරුපස ලෙස ගැනීම, රාත්‍රි ආහාරයට පසු ඉදුණු වෙරළු ගෙඩි දෙකක්‌ පමණ ආහාරයට ගැනීම තුළින්ද ප්‍රතිශක්‌තිය වඩවාගත හැකිය. මේවා අතීතයේ වැඩ විසූ සෘෂි වෛද්‍යවරුන් ප්‍රායෝගිකව අත්හදා බලා තියෙන ආහාර වර්ග ඔවුන් වසර සිය ගණනක්‌ නීරෝගීව ජීවත් වීමේ රහස මෙවැනි ආහාර වර්ග ගැනීමයි.

මෙම ආහාර වර්ග අපිට ඉතා පහසුවෙන් ලබාගත හැකිය. ඉඩකඩම් තියෙන අයට මෙම ආහාර වර්ග තම වත්තේ වගා කරගත හැකිය. එහෙම නැති අයට තරමක විශාල පෝච්චියක හෝ භාජනයක ගොටුකොළ, ගස්‌ලබු, කෝමාරිකා, සාරණ වැනි ගස්‌ වැල් සිටුවා ගත හැකිය. මෙම ගස්‌වැල් සඳහා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදාගත යුතුයි. ලංකාවේ දැනට තිබෙන වස විස නැති ආහාර වර්ග දෙක ලෙස පිළිගන්නේ කොස්‌ සහ දෙල් පමණයි.හැබැයි මේවාටත් රසායනික පොහොර එකතු කළොත් එම ආහාරත් විනාශ වෙනවා

මොරටුව අඟුලාන සෘෂිනාඩි වෛද්‍ය මධ්‍යස්‌ථානයේ
වෛද්‍ය මහාචාර්ය ජිනසිරි ලියන්වෙල
ප්‍රතිශක්‌තිය වඩන දේශීය ආහාර පාන මෙන්න ප්‍රතිශක්‌තිය වඩන දේශීය ආහාර පාන මෙන්න Reviewed by gihan on March 25, 2020 Rating: 5

ප්‍රතිශක්තිය වඩවන හත්මාළුව

March 24, 2020



හත්මාළුව යනු හෙළයින්ටම උරුමවූ ඉතාමත් සමබල ආහාරයකි මෙලොවදී සම බල ආහරවේලක් ලෙස ඉතා සරලව ඔබට ගත හැකි ආහාර වේලක් ඇත්නම් ඒ හත්මාළුව සහ හෙළ සහලේ බතයි එසේ නොමැට්ජිනම් ඔබට විවිදවූ බොහෝ ආහාර රාශියක් ඒවෙනුවෙන් එක්කර ගැන්මටත් ඒවා උයා පිහා ගැනීමටත් සිදුවේ එය ඉතාමත් කාලය හා වෙහෙසකර විය පැහැදම් අධික කාරනාවකි

හත්මාළුව ගත්කල වර්ග,හතකින් සමන්විත (අවුළුවක් )හෙළ එලවළු සැකසුමකි මෙය යක්කයින්ගෙ ආහාරයක් ලෙසයි සලකන්නේ බොහෝ පැරන්නන් විසින් එය එසේවීමට ඕනෑතරම් සාදකද ඇත මෙය සිරුරේ ප්‍රතිශක්තිය වඩවන මෙන්ම සිරුරට සමබල ගෙනදෙන පිළිකා සෙයිල මඩින ඔවුවක් වැනි අහරකි මේදිනව්ල රට පුරා පැතිරී යන,වසංගත තත්වයෙන් මිදීමටද අප කල යුතුව ඇත්තේ අපතුල ප්‍රතිශක්තිය උපරිම වර්ධනය කර ගනිමින් නිවෙස්තුල සිටිමින් බැහැර ගමන් බිමන් ඉතාමත් සීමිත කර ගනිමින් කාලය ගත කිරීම බැවින් එයට මෙය තාමත් යෝග්‍යය ආහාරයකි

හත්මාළුවට අවැසි වන දෑ

01 මල් වර්ග
  1. කතුරු මුරුග්ගා මල්
  2. මුරුංගා මල්
  3. මයිල මල්
  4. සියඹලා මල්
  5. බිම්මල්
02 කොලවර්ග
  1. කංකුං තම්පලා
  2. නිවිති කුර පලා
  3. සාරණ තැම්බේරිය
  4. අහස්බටු කොල මුරුංගා කොල
  5. කතුරුමුරුංගා කොල
  6. දඹල දළු වැල් කොහිල
  7. වට්ටක්කාදළු කොහිල දළු
  8. නිල් කටරොළු දළු මෑ දළු
  9. ආදී වශයෙන් අපි කන කොල වර්ගයන්
03 කරල් වර්ග
  1. මුරුංගා
  2. මෑ
  3. පතෝල
  4. බණ්ඩක්කා
  5. ආලංගා
  6. අපුකිණිස්ස
  7. දඹල
  8. අවර
  9. ආදී වශයෙන් ....
04 ගෙඩි වර්ග
  1. වම්බටු ,තිබ්බටු ,එළබටු ,කරබටු
  2. වට්ටක්කා
  3. කැකිරි
  4. තියඹරා
  5. පුහුල්
  6. අළු කෙසෙල්
  7. ආදී වශයෙන් ....
05 මද වර්ග
  1. කුරුම්බා මද
  2. කජු මද
06 ඇට වර්ග
  1. රතු කවුපි සුදුකවුපි කළු කවුපි
  2. කඩල කවුපි
  3. මුං කහ මුං වෙද මුං (පින්න මුං)
  4. මෑ ඇට
  5. කොස් ඇට
  6. ආදී වශයෙන් .......
07 අලවර්ග
  1. කිරි අල උයල කොඩොල උඩල
  2. මවු අල
  3. හිරිතල ඉන්අල (රටල ) දේශල
  4. බතල
  5. නෙළුම් අල
  6. ඕළුඅල
  7. කෙකටිය අල
  8. ආදී වශයෙන් .......


සතියකට ඔබ වේල් හතරක් අවම වසයෙන් හත්මාළුව සහ කවලම් මැල්ලුම ආහාරයට එක්කර,ගන්නේනම් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිබල ගැනෙනවා මෙන්ම පිළිකා ඇතුළු රෝග,රැසකින් මිදීමේ හැකියාවක් ඇත පෝශණය ගැන පසුතැවීමට කිසිදු ඉඩක් ඇති නොවේ උදෑසන වේලට මෙය එක්කර ගැනීම වඩාත්ම උචිතවේ මන්ද බොහෝ පිරිස් උදෑසන වේල ඉතා සරල පෝෂණ ගුණයෙන් බොහෝ පහල මිලෙන් අඩු යැයි කියනා ආහාර,වේලකි ගනුයේ එය ඉතාමත් වැරදි පිලිවෙතකි බොහෝ රෝගවලට,හේතුද එයයි උදා ~ අම්ල පිත්ත රෝගයට මෙය එක් ප්‍රධාන එක් සාධාකයකි එනිසා උදෑසන ආහාරයට ඔබ ඉතාමත් වැඩි වටිනාකමක් ප්‍රමුඛත්වයක් ලබාදෙන්නට දැඩිව සිතට ගන්න

මේදිනවල නිවසේ රැදී සිටිනා අතරේ ඔබත් මේ සැබෑ හෙළ ආහාර භාවිතයට හුරුවන්න ඉන් ඔබගේ නිරෝගීබව රැකගන්න ඔබගේ නිරෝගීබව ඔබේම අනාගතය වෙනුවෙන් ඔබ කරනා ආයෝජනයකි ජාතියවෙනුවෙන් කරනා උපකාරයකි



ප්‍රතිශක්තිය වඩවන හත්මාළුව ප්‍රතිශක්තිය වඩවන හත්මාළුව Reviewed by gihan on March 24, 2020 Rating: 5

මීයන් නිසා බෝවෙන තවත් වෛරසයක්

March 24, 2020


හැන්ටා වෛරසය ආසාදනය වීමෙන් චීනයේ පුදගලයෙකු මරණයට පත්ව තිබේ. මේ එම රෝගය පිළිබඳව ඔබ දැනුවත් කිරීමකි.චීන රාජ්‍ය මාධ්‍යයන්ට අනුව යූනාන් පළාතේ පදිංචි පුද්ගලයෙක් හැන්ටා වෛරස ආසාදනය නිසා, පසුගිය සඳුදා සිය රැකියාව සඳහා ෂැංඩොං පළාත බලා යන අතරතුර බස් රථයේදී මියගොස් තිබේ.

කොරෝනා වෛරසයෙන් ලෝකයම පීඩා විඳින මේ මොහොතේ සූකර උණ, කුරුළු උණ වැනි රෝග කිහිපයක් ද සමහර රටවලින් වාර්තා වී තිබේ. කොරෝනා වෛරසය සමඟ තවමත් දැඩි සටනක නිරත චීනයේද මේ වන විට හැන්ටා වෛරසය හිස ඔසවමින් පවතී.චීනයේ global times පුවත් සේවය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ චීනය තුළ එක් පුද්ගලයෙකු සායනිකව පරීක්ෂණ වලදී හැන්ටා වෛරස ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති බවයි.

හැන්ටා වෛරසය යනු කුමක්ද ?

Orthohantavirus හෝ Hantavirus යනු ආවරණය වූ, තනිදාම negative-sense RNA අණුවක් සහිත වෛරසයකි.මෙය bugyavirales ගණයේ hantaviridea පවුලට අයත් වෛරසයකි. මෙම වෛරසය සාමාන්‍යයෙන් මීයන්ට ආසාදනය වන නමුත් ඔවුන් අතර රෝගයක් සේ පැතිරී නොයයි.
නමුත් ඔවුන්ගේ මුහුණට සමීපව නිරාවරණය වීමෙන් හෝ මුත්‍රා හෝ කෙළ ගැටීමෙන් මිනිසුන්ට ආසාදනය වේ.

ලෝකයේ විවිධ භූගෝලීය කලාප අනුව හැන්ටා වෛරස ප්‍රභේද කිහිපයක් වාර්තා වේ. ඇමරිකාවේදී new world hantavirus හෙවත් නව ලෝක හැන්ටා වෛරස වාර්තා වන අතර ආසියාවේ දී හා යුරෝපයේ දී old world hantavirus හෙවත් පැරණි ලෝක හැන්ටා වෛරස් වාර්තා වේ.

නව ලෝක හැන්ටා වෛරස මගින් පෙණහලු වලට බලපෑම් ඇති කරන hantavirus pulmonary syndrome (HPS) වැලඳෙන අතර, පැරණි ලෝක හැන්ටා වෛරස මගින් රක්තපාත උණ සහ වකුගඩු ආසාදන ඇති කරන hemorrhagic fever with renal syndrome (HFRS) වැලඳේ.

රෝග ලක්ෂණ

Hantavirus Pulmonary Syndrome-මූලික රෝග ලක්ෂණ ලෙස තෙහෙට්ටුව, උණ හෝ කලවා, උකුල, කොන්ද සහ උරහිස ආශ්‍රිත මස්පිඬු වේදනා ඇතිවිය හැක. සමහර විට ආසාදිතයන්ට හිසරදය, කරකැවිල්ල, ශීතල හෝ උදරාබාධ ඇතිවිය හැක. සමහර විටෙක දින 4 - 10 කට පසුව සමහර ආසාදිතයන්ට කැස්ස හෝ ශ්වසන අපහසුතා ඇතිවිය හැක. සමහරවිටෙක මෙම රෝගය මාරාන්තික වීමට ඉඩ ඇත.

Hemorrhagic Fever with Renal Syndrome වෛරසය ආසාදනය වී සතියකින් හෝ දෙකකින් රෝග ලක්ෂණ ඉස්මතු වේ. සමහරවිට රෝග ලක්ෂණ ඉස්මතු වීමට සති 8ක් දක්වා කල් ගතවේ. මූලික රෝග ලක්ෂණ ලෙස තීව්‍ර හිසරදය, කොන්ද රුදාව සහ උදරාබාධ, උණ, ශීතල, ඔක්කාරය සහ දෘෂ්ඨීය බොඳවීම දැකිය හැක.

පසුකාලීනව රුධිර පීඩනය අඩු වීම, උග්‍ර කම්පනය, කේෂනාලිකා හරහා රුධිරය කාන්දුවීම සහ උග්‍ර වකුගඩු අකර්මණ්‍ය වීම් ඇතිවිය හැක.

මෙම වෛරස මීයන් මගින් මිනිසාට වැළඳෙන අතර එක් මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට (human to human) වැලඳෙන බවක් වාර්තා වී නොමැත. එමෙන්ම මෙම රෝගය සුවකිරීම සඳහා නිශ්චිත ඖෂධයක් සොයාගෙන ඇතිබවද වාර්තා නොවේ. මෙය සීග්‍රයෙන් පැතිරෙන රෝගයක් ද නොවන අතර වලක්වාගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ මීයන් වැනි කෘදන්තයන් සහ ඔවුන්ගේ මුත්‍රා හෝ කෙළ ස්පර්ශ වීමෙන් හැකි තරම් ඈත්ව විසීමයි.

මෙය මීට දශක කිහිපයකට පෙර සිට පැවති රෝගී තත්වයක් මිස හදිසි වසංගතයක් නොවේ. එම නිසා සමාජ මාධ්‍ය වල පැතිරෙන තොරතුරු ඔස්සේ අනවශ්‍ය බියක් ඇති කරගැනීමෙන් වලකින්න.
මීයන් නිසා බෝවෙන තවත් වෛරසයක් මීයන් නිසා බෝවෙන තවත් වෛරසයක් Reviewed by gihan on March 24, 2020 Rating: 5

වසර 2050දී ලෝකයට සිදුවෙන දේ ගැන ආතර් සී ක්ලාක් මහතාගේ අනාවැකිය.

March 24, 2020

""මේ 2050 වසරයි ! මේ වන විට දෙවියන් පිළිබඳ ඉගැන්වෙන සියලු ආගම් අභාවයට පත්ව ඇත.
බුදු සමය සමග තරඟ කළ අනෙක් ආගම් තුනම අසාර්ථක විය. දුබල විය.එහෙයින් තවදුරටත් මනුෂ්‍ය සිත් සතන් පුබුදු කරවිය හැකි එකම ආගම වන්නේ බුදු දහම පමණි.මේ අන්‍ය ආගම් සතුව තිබුණු බලය දැන් දක්නට නැත. එහෙත් මෙම ආගම් නොනැසි තවත් පරම්පරා ගණනාවක් පවතිනු ඇත.

දැන් සක්‍රීයව පවතින්නේ බුදුන් වහන්සේගේ සද්ධර්මය පමණි.අනෙක් ආගම්වල පිරිහීමත් සමග ඇති වූ හිස්තැන පුරවන බුදු දහමේ බලය වැඩි විය.හුදු ආගමක් පමණක් නොව, බුදු සමය, පුරාවිද්‍යාඥයන්ගේ කුළුගෙඩි පහරින් දෙදරා බිම නොවැටුණේ එය කිසිඳු දේව වාක්‍යයක් මත නොවැඩුණු ඉතා පැහැදිලි ශක්තිමත් දර්ශනයක් වන හෙයිනි.නෙකුත් සියලු බලසම්පන්න ආගම් විනාශ කළ හදිසි, සදිස හෝ අදිසි පහරවල් බුදු සමය කෙරෙහි බල නොපැවැත්විය. """

තර් සී. ක්ලාක් මහතා විසින් රචිතDeep Range (ගැඹුරු මුහුද) කෘතියෙනි. 



නූතන තාක්‍ෂණික ශිෂ්ටාචාරය හමුවේ ආගමට අත්වන ඉරණම ආතර් සී ක්ලාක් මහතා ගේ එම ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි.ඔහු පිළිබඳ ව කැරෙන දහසක් ගුණ කථන වලට වඩා ඔහු ගේ එම අනාවැකිය යථාර්ථයක් බවට පත් කිරීමට වෙහෙසීම අප විසින් ඔහුට පිදෙන උපහාරයක් වනු ඇත.

බුදු දහමේ ඇති සත්‍යතාව හා ප්‍රායෝගික බව නිසා නව සොයා ගැනීම් සමග බදුදහම තව තවත් බැබළීමට පත්වෙයි.

එහෙත් බුදු සසුනට එනම් භික්‍ෂුන් වහන්සේ, ගිහි බෞද්ධයන්, බෞද්ධ සිද්ධස්‌ථාන, බුද්ධ ධර්මය හා පිළිවෙත්වලට පහර ගසා ඒවා විනාශ කළ විට හෝ යටපත් කළ විට බුදු දහමේ බැබළීම ද යටපත් වී යනු ඇත.

ඒ සඳහා ලොව පුරාම විවිධ බලවේග ක්‍රියාත්මක වෙයි.අප රටෙහි ද මිසදිටු බලවේග මෙන්ම එම බලවේග වලට අසු වූ නාමික බෞද්ධයන් ද ඒ සඳහා පෙළ ගැසී සිටින බව පෙනෙයි.

බුදු දහම නැති කළ නොහැකිය.බුදු දහමේ මූලික හරයන් බුදු කෙනෙක්‌ ඇතිව ද, නැතිව ද පවතින බව බුදුරජාණන් වහන්සේම දේශනා කර ඇත.

එහෙත් අප බුදුරජාණන් වහන්සේ විසින් සාරා අසංකෙයිය කල්ප හතර ලක්ෂයක් පෙරුම් දම් පුරා තම නුවණ මෙහෙයවා සොයා ගෙන ඉදිරිපත් කරන ලද බුදු දහම ආරක්‍ෂා වනුයේ එය රැකගන්නා පිරිසක්‌ සිටියොත් පමණි....

මෙය සියල්ලන්ගේම අවබෝධය පිනිස බෙදාහරින්න.එලෙස සමාජගත කිරීමෙන් රැස් කරගත් සියළු පුන්‍ය සම්පත්තිය, පින් කැමති සියල්ලන්ටම....;උතුම් වූ නිවන පිණිසම හේතු වේවා!.

වසර 2050දී ලෝකයට සිදුවෙන දේ ගැන ආතර් සී ක්ලාක් මහතාගේ අනාවැකිය. වසර 2050දී ලෝකයට සිදුවෙන දේ ගැන ආතර් සී ක්ලාක් මහතාගේ අනාවැකිය. Reviewed by gihan on March 24, 2020 Rating: 5

ගෙදරදීම මුදවපු කිරි හරියටම හදාගන්න විදිය මෙන්න

March 24, 2020

මී කිරි හදන්න ඕනි ඇයි ගෙදරදීම ? හැමෝටම කඩෙන් ගන්න පුලුවන් නේද ? මහන්සි වෙනේ මොකටද ?
මේ තියේනේ හැමෝටම මුදවපු කිරි හදමු කිව්වාම තියන ගැටලු. ඒත් හිතලා බලන්න ඔබ කඩෙන් මිලදී ගන්න මුදවපු කිරි දින කීයක් කල් තබා ගන්න පුලුවන් කියලා තිබ්බාද කියලා ? උඩ සුදු ටිෂූ කොලයකුත් තිබ්බා නේද සමහර මුදවපු කිරි හට්ටිවල? දින ගතවෙලත් රස වෙනස්ක් වෙලා නැතිව තිබ්බාද ?

මී කිරි කියන්නේ කිරි බැක්ටීරියා පැසීමට ලක් කිරීම මගින් සාදා ගන්න ලද කිරි ආශ්‍රිත ආහාරයක්. මුදවපු කිරි සදහා යොදන මුහුම් බැක්ටීරියා lactobacillus bacteria විශේෂ වන Lactobacillus delbrueckii subsp. bulgaricus හා Streptococcus thermophilus bacteria. මේ බැක්ටීරියා ගුණනය වන විටදී සාදන ලැක්ටික් අම්ලය නිසා කිරි වල pH අගය පහල යාම නිසා කිරි කැටි ගැසීම සිදුවේ. නිවරදි ආකාරයෙන් කිරි පැසීමට ලක් වූ විටදී තව දුරටත් පැසීම නිසා මුදවපු කිරි ඇබුල් රහ ඇතිවීම සිදුවේ.

මෙම වැලැක්වීම වැලැක්වීම සදහා සීත කිරීමට යොමු කිරීම සිදු කිරීම කල යුතුය. නැවුම් මුදවපු කිරි දින 2ක් Refrigerator එකක් තුල ශීත නොකර තබා ගත හැකි නමුත් නැවුම් මුදවපු කිරි වල රස වෙනස් වී ඇබුල් රසය ඇතිවීම සිදුවේ. Refrigerator එකක් තුල ශීත කිරීම මගින් දින 7-10 අතර කාලයක් තබා ගත හැකි නමුත් කලය ගත වීමේදී ඇබුල් රසය ඇතිවීමක් සිදුවේ.

දැන් හිතලා බලන්න ඔබ මිලදී ගත්ත මුදවපු කිරි නැවුම් හා ගුණාත්මය ගැන ඔබට සහතික වීමට පුලුවන්ද? මේ සෑම දේටම වඩා භයානකම දේ තමා මුදවපු කිරි ඇබුල් නොවීමට හා මතුපිට දිලීර වර්දනය නොවිමට ෆෝමලීන්(Formalin ) වල ටිෂූ කඩදාසි පොගවා එය හිරු එලියේ වියලා තබා මුවදන ලද කිරි හට්ටි මතට තැබීම මගින් දිලීර ඇතිවීම වැලැක්වීමට සමහරක් නොමිනුසුන් ක්‍රියා සිදුකරන බව නොරහසක්.

මෙය සියලු දෙනා නොකරන නමුත් ඇතැමුන්ගේ ක්‍රියා කලාපයන් නිසා ඇතිවන බලපෑමක්වේ.ඉතින් තමන්ම ගෙදරදී හදපු නැවුම් මී කිරි හට්ටියක රහ බලන්න කැමතිනම් මේ ඒ ගැන .මුදවපු කිරි සෑදීමට ජීවාණුහරණය නොකල කිරි භාවිතා කල යුතු වන අතර මේ සදහා නැවුම් එළ කිරි , එළු කිරි හා මී කිරි භාවිතා කල හැක. මෙම කිරි වර්ගවල පවතින මේද සන්‍යුතිය අනුව මුදවපු කිරි ගණ ස්වභාවය වෙනස් වන නිසා බහුලව මී කිරි යොදා ගනී. ඒහි මේද ප්‍රමාණය ඉහල අතර පහසුවෙන් සොයා ගත හැක.

අවශය දෑ -:


  • කිරි ලීටර් 01 ( ජීවාණුහරණය නොකල කිරි)
  • මුහුම් ලෙස මී කිරි තේ හැදි 02


අවශ්‍ය උපකරණ -:


  • කිරි රත්කිරීමට භාජනයක්
  • කිරි පිරවීමට භාජනයක්


සෑදීම

1. කිරි ටික භජනයට දමා විනාඩි 10 ක් පමණ හොදින් රත් කර ගන්න , මෙහිදී කිරි භාජන පතුලේ කැටි ගැසීම වැලැක්වීමට හොදින් මිශ්‍ර කරන්න.

2.මෙලෙස රත් කරගත් කිරි සිසිල් වීමට ඉඩ හරින්න . මෙහිදී සෙල්සියස් 42 වනතෙක් සිසිල් විමට ඉඩ හරින්න. උෂ්ණත්වය මැනීමට උපකර්ණයක් නැතිනම් සුලගිල්ල කිරි තුලට දමන්න එවිට රස්ණයක් නොදැනී කිරිවල උණුසුම දැනේනම් එය මුහුම් එක් කිරීමට නිවරදි අවස්තාවයි.

3. මුහුම් එක් කිරීම , මෙහිදී කිරි ස්වල්පයක් භාජනයකට ගෙන එයට මුහුම් ලෙස ගත් මී කිරි තේ හැදි 02 එක් කරන්න එය හොදින් මිශ්‍ර කර ෛතිරි මිරි සදහා එක් කර හොදින් මිශ්‍ර කරන්න.

4.මෙය භාජන වලට පුරවා ගන්න. මෙහිදී මැටි භාජන භාවිතා කිරීම තුලින් කිරිවල වැඩිපුර ජලය ඉවත්වී මී කිරි ගණ වන අතර තවද රසය වැඩිවීමක් සිදුවේ. නමුත් මැටි භාජන සොයා ගත නොහැකිනම් වෙනත් භාජන භාවිතා කල හැක.

5. මෙම පුරවාගත් භාජන පැය 5-7 ක් නිසොල්මන්ව සෙල්සියස් 42ක තැබීම කල යුතුය . මේ සදහා Oven භාවිතය හෝ කාඩ්බෝඩ් පෙට්ටියක් ගෙන එය තුලට වෝට් 100 ක බල්බයක් දැමීම මගින් Incubator එකක් සාදා ගත හැක.

6. පැය 5-7 කාලයකට පසු මී කිරි මිදී අදසන් වන අතර මෙය ආහාරයටගත හැක.

ඉතින් මේ පුන්චි දේ මේ දිනවල ගෙදර ඉන්න අය එක්ක එකතුවෙලා හදලා රසම රස මී කිරි ටිකක රස බලන්න. තව කෙනෙකුට මේක දකින්න Share කරන්න අමතක කරන්න එපා.සත්ව පාලනය හා නිෂ්පාදන දැනුම Page එකට Like එකක් දාලා මේ වගේ අලුත් දේ දැන ගන්න ඔබත් එක් වන්න .
ගෙදරදීම මුදවපු කිරි හරියටම හදාගන්න විදිය මෙන්න ගෙදරදීම මුදවපු කිරි හරියටම හදාගන්න විදිය මෙන්න Reviewed by gihan on March 24, 2020 Rating: 5

විශාලා මහනුවර තුන් බිය දුරු කළ රතන සුත්‍ර දේශනාව

March 23, 2020


මහා කාරුණික තථාගතයාණන් වහන්සේ ගේ කරුණා උල්පතක් බදු වූ අසිරිමත් සම්බුදු ළය මඩල කරුණාවෙන් තෙත් වුණි....ආනන්ද ස්වාමීන් වහන්සේ කැදවූ මහා කාරුණිකයන් වහන්සේ විශාලා මහනුවර ට පිටත් වීම සදහා කාරණා සම්පාදනය කරන මෙන් දැනුම් දුන් සේක...මහා සංඝයා පිරිවරන ලද අප බුදු පියාණන් පා ගමනින්ම මහා දුරක් ගෙවා විශාලා මහනුවර ට පිටත් වීම ආරම්භ කරනා සේක්හ...

මහා ඉර්ධි ඇති බුදු පියාණන් වහන්සේ ට අවශ්‍ය නම් ඉර්ධි බලයෙන් සඝ පිරිවර හා සමඟ ශක්තිමත් පුරුෂයෙකු දික් කලා වූ අතක් හකුලවන නිමේශයකින් විශාලා මහනුවර ට යෑම ට පුලුවන් කම තිබුණි. එහෙත් තරු පිරිවැරූ පූර්ණ චන්ද්‍රයා සේ මහා සඝ රුවන හා සමඟ බුදුවරයෙක් මාර්ගයේ වඩිනා අසිරිය දකිනා ගම් නියම් ගම්හි සියලු ජනයා ද තිරිසන් ගත සත්වයෝද දෙව් බඹුන් ද ශ්‍රද්ධා සිත් පහළ කර රැස් කරගන්නා වූ අප්‍රමාණ කුසල ශක්තියේ බලය දන්නා නිසාම උන්වහන්සේ මොනර පිහාටු වැනි අලංකාර සියුමැලි සිරිපා පා පහසින් පොලොව ද සනසාලමින් පා ගමනින්ම නික්මුනු සේක ...

ලොවුතුරා බුදුවරයෙක් යම් දේශයක ට වැඩම කරත් ද එය මහත් ම අසිරියකි.... අතිශයෝක්තියෙන් ලියනවා නොව ඒ උන්වහන්සේ ගේ අපිරිමිත බුද්ධ ශක්තියේ , පුණ්‍ය භාග්‍යයේ බලයයි.... බුදුවරයෙක් වඩිනා ගමන් මග දැනගත් වැස්ස වලාහක දෙවියන් මාර්ගය මහා වැසි වස්වා පිරිසිදු කරති .. ලොවුතුරු බුදුවරයෙක් ගේ පා පහස පිලිගැනීමට මහ පොලවේ වැලි ගොඩලි ද ඉබේ සමතලා වෙති... කාලයකින් පල නොදැරූ ගස් පවා පල දරන්නට ගනී. . ගස් මලින් පිරී දසත සුවදවත් වෙති.... සම්‍යයක් දෘෂ්ටික දෙවියෝ පෙරමග ගමන් කරති.. සතර වරම් දෙවියෝ දසත රැකවල් යොදති... ඔවුන්ගේ ආනුභාව දරාගත නොහැකි මිත්‍යාදෘශ්ඨික බලවේග ඉවත්වී යති... ඉරු රැස් හිද දෲඪ රශ්මිය සෞම්‍ය වී යයි... ගවයන් හි ගෙල බැදි කිංකිනි ඉබේ නාද වන්නට ගනී.... වාද්‍ය භාණ්ඩ ඉබේ වාදනය වී මිහිරි හඩ පැතිරෙයි...

මෙවැනි අස්වාභාවික ආශ්චර්යමත් දේ සිදු වෙද්දී රට වැසියෝ මේ ඉසවුවට අද බුදුවරයෙක් වඩිනා සේක යයි දැනගනී... බුදු අසිරිය බලන්නට ඔවුන් මාර්ගය දෙපස රැස් වෙති... හිරු රැස් පවා හකුලුවාලන බුද්ධ තේජසින් අප බුදු පියාණන් මාර්ගයේ වඩිනා සේක... තුන් බියෙන් ඇලලුනු සිත් පහන් කරනු පිණිස මාර්ගයේ වඩිනා සේක ... දෙවියෝ සේසත් අල්වන්නට පොරකති... නැමි නැමී නමස්කාර කරති... මිනිසුන් සාදුකාර දෙමින් නමස්කාර කරති... තිරිසන් සතුන් ද ඔවුන් ට හැකි අයුරින් බුහුමන් දක්වති... අහෝ මහා අසිරියකි..... සියල්ලෝම බුද්ධාලම්බන ප්‍රීතියෙන් පහන් වූ සිතින් මහත් පින් රැස් කරගනිති ....

බුදු අසිරියෙන් ම පාරිශුද්ධත්වයට පත් විශාලා මහනුවරට සැපත් බුදු පියාණන් වහන්සේ දස දහසක් සක්වා තල එකම්පිත කරමින් සීහනාද කරමින් අට්ඨාංග සහිත බ්‍රහ්ම ස්වරයෙන් සකල සත්වයන්ගේ හිත සුව පිණිස රතන සූත්‍රය දේශනා ආරම්භ කල සේක...

අහසෙහි පොලවෙහි රැස් වූ සියල්ලෝම මෙය අසත්වා...සියල්ලෝම සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා .....
යහපත් සිතින් තථාගත වචනය අසත්වා...අසා සැමදෙන මෙත් කරවු පොදු මිනිස් දන වෙත දිවා රෑ පුදනා ඔවුන් රකිනු නොමැලිව...

මෙලොව පරලොව දෙව් ලොව නා ලොව රුවන් අතරින් රුවනක් නොමැත බුදු ගුණයයි..
මේ සත්‍යානුබලයෙන් සෙත් වේවා ..රාගය දුරු කරන පිවිතුරු අමා සදහම් සම කල නොහැක ලොව කිසිවකුට මේ සත්‍යානුබලයෙන් සෙත් වේවා..!

තථාගතයාණෝ ශ්‍රේෂ්ඨ යැයි වැනූ... නිවන ට පමුණුවන සමාධිය හා සම කල හැකි අන් කිසිත් නැත... ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා ...!

සිවුසස් දහම් දුටු සුදනෝ පසසනා.. පුද ලැබීමට සුදුසු අටක් වෙති උතුම් සංඝයා ..සුගත ශ්‍රාවක වූ ඔවුන් හට දුන් දේ මහත් ඵල වේ ... උත්තම සඝ ගුණ සත්‍යයි... ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා ... දැඩි කොට මනස නික්මෙති ගෝතම සසුනෙහි කෙලෙසින් ලැබූ නිවනෙහි සතුට විදී උතුමන් මේ ද උතුම් සඝ ගුණ යකි... ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා...!

තිරසාර ලෙසින් බිම සිටවූ කණුව යම් සේ සිවු දිගින් හමනා සුලගින් නොසෙලවෙන සිවුසස් දහම් දත් උතුමා නොසෙල්වේය.. උතුම් සඝ ගුණ යකි.. ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා...!

ගැඹුරු වූ නුවණින් බුදුවරයෙක් දෙසූ සිවුසස් දම් දත් සෝවාන් අයෙක් පමාවූ මුත් අටවෙනි අත් බවෙක කිසිදු කලෙක නූපදිත්... මෙය සඝ ගුණ යකි ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා...!

සෝවාන් වූ ග්‍යාණ බලයෙන් ප්‍රහාණය කල කෙලෙස් ඇති .. මිදුනේය සතර අපායෙන් .. සය වැදෑරුම් මහා පවු නොකෙරේය මෙය සඝ ගුණ යකි... ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා...!

සිත කය වචනය තුන් දොරින් කරන කිසියම් අකුසල් නොවසති ඔවුන්, හේතුව නිවන් දැක සිටීමය. ඒ සඝ ගුණ යකි ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා...!

ගිම් කල මුල් අඩෙහි පිපි වන රොදක් විලසින නිවන් පුර තෙක් යන ලොවුතුරු දම් දෙසු සේක මුනිදුන් මේ උතුම් බුදු ගුණ යකි ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා...!

ශ්‍රේෂ්ඨ දේ දත් ශ්‍රේෂ්ඨ දේ වදාලන නිවන හා මග පෙන්වන උතුම් ධර්මය දේශනා කල මෙය ද බුදු ගුණයකි ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා ...පෙර දේ අවසන් අලුතින් රැස් වන දෙයක් නැත .. නැවත ඉපදුමෙහි.. ආසා කිසිදු නැත කෙලෙස් නැති උතුමෝ නැවත ඉපදීමක් නැති පහන් නිවී සේ නිවනින් සැනසෙති.. මෙය සඝ ගුණ යකි ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා..!

අහසෙහි පොලවෙහි වසන සියල්ලෝම පැහැදුනු සිතින් සරණ යත්වා ත්‍රිවිධ රත්නය ඒ වැදුම් බලයෙන් සැම සිත් සුවපත් වේවා ...

උතුම් බුද්ධ ශක්තියේ ද ධර්ම ශක්තියේ ද ආර්‍ය සංඝ රත්නයේ ශක්තියේ ද මෛත්‍රී ගුණින් නිවී සැනසුනු විශාලා වේ දුරු විය තුන් බිය ....!
විශාලා මහනුවර තුන් බිය දුරු කළ රතන සුත්‍ර දේශනාව විශාලා මහනුවර තුන් බිය දුරු කළ රතන සුත්‍ර දේශනාව    Reviewed by gihan on March 23, 2020 Rating: 5

මේ දවස්වල නොවරදවාම කොත්තමල්ලි පානය කරන්න

March 23, 2020



කොත්තමල්ලි කුළුබඩුවක්, රසකාරකයක්, ඖෂධයක් , අත්බෙහෙතක් හෝ අනුපානයක් ලෙස කිසිදු වයස් භේදයකින් නොමැතිව අපිට එදිනෙදා භාවිතා කළ හැකි අගනා ඖෂධයකි.
කොත්තමල්ලි වල ගුණ :-
  •  මධුර (පැණි රස), කටුක රස, කසාය රස අඩංගු වේ.
  •  වාත, පිත, කඵ දෝෂ අසමතුලිතතාවයෙන් ඇතිවන රෝග මැඩ පවත්වයි.
  • උණ හා කැස්ස රෝගයට ඉතා ගුණයි.
  • කුසගිනි වර්ධනය කරයි.
  • ආහාර දිරවීම පහසු කරයි.
  •  ආහාරමය කෙඳි බහුලයි.
  •  මල හොඳින් කැටිකර පිටකරවයි.
  •  මුත්‍රා හොඳින් පිටකරවයි.
  • දහඩිය හොඳින් පිටකරවයි.
  •  සෙම් රෝග වලට ඉතා ගුණයි.
  •  පිපාසය සන්සිඳවයි.
  • උදරයේ දැවිල්ල නැතිකරවයි.
  •  කාන්තාවන්ගේ ඔසප් වේදනා අඩු කරවයි.
  •  ඉන්සියුලින් ස්‍රාවය ක්‍රමවත් කරන නිසා දියවැඩියාව පාලනය කරයි.
  • රුධිරගත කොලෙස්ටරෝල් පාලනය කරයි.
  • අධික තරබාරුව පාලනය කරයි.
  • ඛණිජ ලවණ හා විටමින් බහුලයි.
  • බෝ නොවන රෝග වලක්වන ප්‍රතිඔක්සිකාරක බහුලයි.
  •  වාෂ්පශීලී තෛල බහුලයි.
  •  පිළිකා සෑදීම වළක්වයි.
ඖෂධයක් ලෙසත්, කුළු බඩුවක් ලෙසත් ඖෂධ ගුණයෙන් ඉහළ කොත්තමල්ලි ලොව පා භාවිතයට ගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇත්තේ බුද්ධ වර්ෂ 5000 ක පෙර අතීතයේ සිටය.
ආරම්භයේ දී මැද පෙරදිග රටවලටත්, ඊජිප්තුවටත් පමණක් ආවේණික වී තිබු කොත්තමල්ලි වර්තමානය වන විට ලොව පුරාම ප්‍රචලිත ශාක බවට පත්ව තිබේ.
ලොවපුරා සිදුකර ඇති පර්යේකෟෂයන්ගෙන් ඔප්පු වී ඇත්තේ ප්‍රතිජිවක ගුණයේ සිට පිළිකා නැසිමේ ගුණය දක්වා විශාල පරාසයකට දිවෙන ගුණයක් කොත්තමල්ලි සතුවන බවයි.
ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළින්ම ඇති ඖෂධයක් වන කොත්තමල්ලි අමු ශාකය කොටා ලබා ගන්නා යුෂ සමේ වියළි බව දුරු කර සම ප්‍රසන්න පෙනුමකින් තබා ගැනිමට උපකාරි වේ.
කුරුලෑ වලට එරෙහිව ක්‍රියා කිරිමේ ගුණයක්ද කොත්තමල්ලි සතුවේ. කොත්තමල්ලි කොළ ග්‍රෑම් 5 බැගින් දිනපතා දින හැටක කාලයක් නොකඩවා ගැනිමෙන් ශරිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කර ගත හැකි බව පර්යේක්ෂණයක් මඟින් තහවුරු කර තිබේ. එලෙස කොත්තමල්ලි ගැනිමෙන් කොලෙස්ටරෝල් රෝගින්ගේ රුධිරයේ අන්තර්ගත ලිපිඩ්පෙරොක්ෂිඩේස් නැමැති රසායනය වැඩි වි රතු සෛල ක්‍රියාකාරිත්වය හොඳන් සිදු වි රෝගි තත්ත්වය පාලනය කිරිමට උපකාරි වේ.
කොලෙස්ටෙරොල් රෝගි තත්ත්වයට හේතුවෙන් රුධිරයේ නිර්මාණය වන ට්‍රයිගිසලයින් රසායනය අඩුකර ශරිරයට හිතකර එච්.ඩී.එල්. වැඩිකර ගැනිමට ද කොත්තමල්ලි උපකාරි වන බව වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දි ඇති කරුණකි.
අක්මාවේ පිත නිපදවිමේ ක්‍රියාවලිය නිසි පරිදි ඉටු කිරිමට උපකාරි වන කොත්තමල්ලි මේද පරිවෘත්ති ක්‍රියාවලිය යහපත් පරිදි සිදු කරයි.
කාන්තාවන්ට මාස් ශුද්ධියේදී රුධිර වහනය සිමාව ඉක්මවා පිට වන අවස්ථාවේදි එම තත්ත්වය පාලනය කිරිමට කොත්තමල්ලි ශාකය ආහාරයක් ලෙස පිළියෙළ කර (සම්බෝලයක්) ගැනිමෙන් සුවය ලැබේ.
වා ,පිත්, සේම් යන ත්‍රිදෝෂ සමනයටම ගුණදායක කොත්තමල්ලි පිත ගැසිමේ විශේෂ ගුණයකින් යුක්ත වන බව ද ආයුර්වේදයේ දි පෙන්වා දේ.
වේදනාව සහිත ඉදිමුම්වලටත් , කුරුලෑවලටත් කොත්තමල්ලි කොළ අඹරා ගැල්විමෙන් සුවය ලැබෙන අතර මේ සඳහා කොත්තමල්ලි ඇට ද භාවිතා කිරිම වරදක් නැත.
ආහාර දිරවිමේ ක්‍රියාවලිය පහසු කිරිමේ ගුණයකින් යුතු කොත්තමල්ලි ආහාරයට ගැනිමෙන් බඩගින්න ඇතිවේ. කුසගිනි නොඑන විටත්, කෑම ආරුචිය ඇති විටත් කොත්තමල්ලි කොළ ආහාරයට ගැනිම ගුණදායකය.
ආහාර නොදිරවන අවස්ථාවලදි කොත්තමල්ලි බැද හොඳින් කුඩු කර උණුසුම් ජලයට දමා පානය කිරිමෙන් ගුණ ලැබේ.
බඩපුරවා දැමිම, ඔක්කාර ඇති විටත්, අර්ශස් රෝගින්ටත්, පාණ්ඩු රෝගයෙන් පෙළෙන්නන්ටත්,
වියළි ඉඟුරු ,අරළු, කොත්තමල්ලි කළං 4 බැගින් ගෙන සිනි දමා හෝ නොදමා උදේ සවස පානය කිරිමෙන් සුවය ලැබේ.
රත්පිත් රෝගයෙන් පෙළෙන රෝගින්ටත් හෘද රෝගින්ටත් කොත්තමල්ලි කොළ නිතර ආහාරයට එක්කර ගැනිම යහපත්ය.
ආයුර්වේද ග්‍රන්ථයන්හි පෙන්වා දෙන ගැනිමෙන් ශුකාණූ හීනතාවක් ඇතිවිය හැකි බැවින්, දරුවන් සෑදිමේ වයසේ සිටිනා තරුණ පුරුෂ පාර්ශවය කොත්තමල්ලි අධිමාත්‍රාවෙන් ගැනීම නොකළ යුතු බව සඳහන් කර තිබේ.
නිතර ඇතිවන හිසරදය පාලනයට කොත්තමල්ලි කොළ කොටා ලබා ගන්නා පල්පය ඉස්ම සමඟම නළලේ සෘජුවම ආලේප කිරිම හෝ රෙදි කඩක තවරා ආලේප කිරිම ගුණදායකය.
ශරිරයේ විවිධ තැන්වල හට ගන්නා වසප්පු ගෙඩි සුව විමෙන් ඉක්මණින් සැරව පිටවි තුවාලය සුව විමටත් කොත්තමල්ලි කොටා භාවිතය සුදුසුය.
මුඛ අභ්‍යන්තරයේ තුවාල හටගෙන ඇති වට හොඳින් පිරිසිදු කරගත් කොත්තමල්ලි කොළ කොටා ලබාගත් යුෂ මුඛයේ ටික වේලාවක් තබාගෙන මුඛය පුරාවට හොඳින් අලේප වන පරිදි කැළතිමෙන් පසුව, ඉවත් කළ යුතුය.මුඛ රෝග සමනයට ආයුර්වේදයේ මෙය ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.
ඇතැම් පුද්ගලයන්ට නිතර ඇතිවන කරකැවිල්ල, සිහි මුර්ජා ,ගතිය, සේම අමතක වන තත්ත්වයේදි එළ කිරිවලට කොත්තමල්ලි ඇට දමා හොඳින් උණුකර නිවෙන්නට හැර පානය කිරිම ගුණදායකය.
අධි රුධිර පිඩනයෙන් පෙළෙන රෝගින්ට ද මෙය ගුණදායකය.
විවිධ විකෘති කාම ආශාවන්ගෙන් යුතු කාම උන්මාදය රෝගි තත්ත්වයෙන් පෙළෙන ඇතැම් රෝගින්ට පවතින තත්ත්වය පාලනය කිරිමට කොත්තමල්ලි තැම්බු ජලය අධිමාත්‍රාවෙන් දිමෙන් හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස් වී රෝගි තත්ත්වය පාලනය කෙරේ.
ආයුර්වේදයේ පෙන්වා දෙන පරිදි මානසික ආතතිය පාලනය කිරිමට තදිම ඖෂධයක් ලෙස කොත්තමල්ලි ගත හැකිය.
සමේ ඇතිවන ශ්‍රාවය පිට වන තුවාල, කුෂ්ඨවල දි කළුදුරු, සුදුරු ,කොත්තමල්ලි සම ප්‍රමාණයෙන් ගෙන තම්බා සේදිම හෝ බිමද ගුණදායකය.
අම්ලපිත්ත රෝගයෙන් පෙළෙන රෝගින්ට කොත්තමල්ලි ඇට රෑට තම්බා නිවෙන්නට හැර උදෑසන සිසිල් කොත්තමල්ලි වතුර හිස්බඩ පානය කිරිම ගුණදායකය.
ගර්භනි කාන්තාවන්ට මුල් මාස කිහිපය තුළදි ඇති වන වමනයට කොත්තමල්ලි කුඩ කර සිනි දමා උණූසුම් ජලයට මිශ්‍ර කර පානය කිරිමෙන් වමනය පාලනය කරගත හැකි බව අප පැරණියන් ප්‍රත්‍යක්ෂව තහවුරු කර තිබේ.
මැග්නිසියම්, පොටෑසියම් සහ කෙඳි බහුලව අන්තර්ගත කොත්තමල්ලි ප්‍රතිශක්තිකරණය ගුණයෙන් යුක්තය.
ග්‍රීක ජාතිකයන් සොයා තිබෙන කරුණුවලට අනුව කොත්තමල්ලි වාෂ්පිකරණ ගුණයෙන් යුතුය. එම නිසාම කොත්තමල්ලි ලිංගික ශක්තිය වැඩිකර ගැනිම සඳහා භාවිතා කරයි.
දියවැඩියාව රෝගින්ට ද කොත්තමල්ලි ගැනිමෙන් රුධිරයේ ඇති ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය උත්තේජනය කර රෝගය පාලනය කිරිමට උපකාර වේ.
දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන්ට ද කොත්තමල්ලි ගුණදායකය.
රූප ස්වභාවය වර්ධනය කර ගැනිමටත්, සමේ තෙතමනය ආරක්ෂා කර ගැනිමටත් කොත්තමල්ලි කොළ සුළු ප්‍රමාණයක් දෛයිනිකව ආහාරයට එක කර ගත හැක. ඊට අමතරව කොත්තමල්ලි කෙනාළ කොටා යුෂ ගැල්විම ද සමේ ආරක්ෂාව යහපත් බව ආයුර්වේදයේදී පෙන්වා දේ.

ආයුර්වේද උපදෙස් - ආයුර්වේද වෛද්‍ය ධනපාල හෙට්ටිආරච්චිගේ මහතා (බොරැල්ල රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ)
මේ දවස්වල නොවරදවාම කොත්තමල්ලි පානය කරන්න මේ දවස්වල නොවරදවාම කොත්තමල්ලි පානය කරන්න Reviewed by gihan on March 23, 2020 Rating: 5

කපපු ලෙමන් ගෙඩි තුනක් නිදා ගන්න ඇඳ ලගින් තියාගන්න

March 23, 2020


අපි හැමදාමත් කියනවා වගේ ලෙමන් කියන්නේ ඔබේ සිරුරේ අලංකාරය සඳහා වගේම සෞඛ්‍යය රැක ගැනීම සඳහාත් පාවිච්චි කරන්න පුළුවන් පුදුමාකාර පලතුරක්. ඒ වගේ දේවල් විද්‍යාත්මකව පිලි ගැනෙන නිසා බොහෝ දෙනෙක් කිව්වම ඒ ගැන සැක හිතන්නේ නැහැ. ඒත් ගුප්ත විද්‍යාව ආශ‍්‍රිතවත් ලෙමන් සතු පුදුමාකාර ගුණය ගැන විශේෂ අවධානයක් ලැබිලා තියෙනවා. මේක කිව්වම නම් සමහරු හිතයි මේවා ගල් යුගයේ කට්ටියට හොඳ කතා කියලා. හැබැයි ඒ වගේ අයට කියන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා.

1. කාලයකට කලින් ඒ තරම් සැලකිල්ලට ගත්තේ නැති, වනචාරි ක‍්‍රම කියලා විහිළුවට ලක් කරපු ස්වභාවික දේවල් ආශ‍්‍රිත බෙහෙත් හා රූපලාවණ්‍ය නිෂ්පාදන වල වටිනා කම දැන් දැන් බටහිර විද්‍යාව ඇතුළු ඒ ජන සමාජයම පිලි ගන්නවා. කාලයක් නරක ආහාර වලට හුරු වුන එයාලා දැන් ස්වභාවික ආහාර පැත්තට හැරෙමින් සිටිනවා. ඒ නිසා මේවා අද විහිළුවට ලක් වුනාට අනාගතයේ මේවාත් ඒ තත්වයට පත් වෙන්න ඉඩක් තියෙනවා.

2. ලෙමන් කියන්නේ කිසිසේත්ම අපේ සෞඛ්‍යයට හානි කරන දෙයක් වෙන්න බෑනේ නේද? ඒ වගේම ලෙමන් මිලෙනුත් හරිම අඩුයි. කොයි සුවඳ කාරකයටත් වඩා හොඳ සුවඳකුත් තියෙනවා. ඉතින් ලෙමන් ගෙඩි ටිකක් ලගින් තියා ගන්න එකෙන් කාටවත් පාඩුවක් වෙන්න බෑනේ නේද? ඒ නිසා අවිශ්වාසයෙන් හරි තියා ගෙන ඉන්න. නරකක් වෙන්නේ නෑනේ?

ඉතින් ඒ කාරණා දෙකෙන් කැමති දෙයක් සැලකිල්ලට අරගෙන මේ දේ කැමති නම් කරලා බලන්න. විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ඕවා විශ්වාස නොකරන අය ගොඩක් දෙනෙක් නම දාගෙන ඉන්නේ උපන් නැකත අනුව, ඉගෙන ගන්න යද්දී සුර දානවා, විවාහ වෙද්දී පොරොන්දම් බලනවා. ගෙදර හදන්නේ වාස්තු බලලා, ගෙදරට යද්දී ශාන්තියක් එහෙම කරනවා, වාහනයක් ගත්තම දෙහි කපනවා, ළමයි ලැබෙන්න පූජා තියනවා, හැම දෙයක්ම නැකත් බලලා කරනවා. තව වැඳුම් පිදුම් කරලා ප‍්‍රාර්ථනා එහෙම කරනවා. බැලූවාම ඒවත් නොකර හිටියා නම් හරි නේද? හැම දේම විද්‍යාවට ලඝු කරන්න එපා. අපිට නොවැටහෙන දේවල් තියෙන්න පුළුවන්. ඒවාට වටිනා කමක් දෙන්න.

ගුප්ත විද්‍යාවට අනුව ලෙමන් වලට පුළුවන් කම තියෙනවා අපිට නරක බලපෑම් ඇති කරන සෘණාත්මක ශක්තීන් අපෙන් දුරස් කරන්න. මේ සෘණාත්මක ශක්තීන්ට පුළුවන් අප ජීවත් වෙන තැන පරිසරයේ තියෙන සතුටුදායක බව නැති කරලා, අපේ සිතිවිලි අවුල් කරලා අපේ ජීවිතයට නරකක් එකතු කරන්න. මෙයින් ආර්ථිකය පිරිහිලා, කරන කිසිම දෙයක් හරි නොයන, සිත් තැවුලෙන් නිතරම ඉන්න තත්වයට පත් වීමත් සිදු වෙනවා. අපි ඉන්න ගෙදර වුනත් මේ වගේ අනවශ්‍ය සෘණාත්මක ශක්තීන් තියෙන්න පුළුවන්. ඒවා ඉවත් කර ගන්න මේ කියන විදිහෙන් ඉඩක් ලැබෙනවා. මේ සඳහා අවශ්‍ය වෙන්නේ ලෙමන් ගෙඩි සහ බොහොම පහසුවෙන් සොයා ගත හැකි දේවල් විතරයි. කළ හැකි දේවල් කිහිපයක්ම තියෙනවා.

1. සරලම දේ තමයි නිදා ගන්න තැන මේ ලෙමන් ගෙඩි තුන තියා ගන්න එක. ඇඳ ළග මේසයක් වගේ තැනක් ඇතිනේ. එතන පිරිසිදු භාජනයක් තියලා රූපයේ විදිහට හතරට කපලා උඩ අතට ලෙමන් ගෙඩි තුන තියන්න. කහ – කළු වෙද්දී ඒ ටික ඉවත් කරලා අලූත් තුනක් තියන්න.

2. තවත් ක‍්‍රමයක් තමයි ලෙමන් ලෙලි යෙදූ ජලය කාමරය ඇතුළත උතුරවන තුරු රත් කරන එක. මේ ලෙමන් මිශ‍්‍ර ජලය උතුරලා පිට වෙන වාෂ්පය නිසා ඔබේ කාමරයේ විෂබීජ එහෙමත් විනාශ වෙලා නරක ශක්තීන් හා තරංග ඔබේ කාමරයෙන් ඉවත් වෙලා යාවි.

3. ටිකක් විශාල ටෙි‍්‍ර එකක් අරගෙන සුදු පැහැ හාල් ඒ මත තුනීව අතුරන්න. දැන් ඒකෙ හරි මැදින් කලින් විදිහටම කපපු ලෙමන් ගෙඩියක් තියන්න. ඒ වටේට දිශා 8ට තවත් ලෙමන් ගෙඩි 8ක් තියන්න. මේක ඔබේ නිවසේ ඉහල තැනකින් තියන්න. ධනය ලැබෙන ක‍්‍රම අලූතෙන් පහල වෙන්න මෙය බලපානවා.

4. අංක 1 විදිහට කපපු ලෙමන් ගෙඩි තුනක් තමන් වැඩ කරන තැන මේස ලාච්චුවේ තියා ගන්න පුළුවන් නම් එයින් වැඩ කරන තැන අය ඔබ සමග තියෙන නොහොඳ කම්, කැපිලි වගේ දේවල් අඩු කර ගන්න පුළුවන්.

5. ලෙමන් මිශ‍්‍ර වතුර ගේ වටා ඉහින එක, විශේෂයෙන්ම මුළු හතරට ඉසින එක ගෙදර තියෙන නරක බලපෑම් පලවා හරින්න හොඳ ක‍්‍රමයක්.

6. වීදුරු බදුනක අඩිය සුදු හාල් වලින් අතුරලා ඒ මත ලෙමන් ගෙඩි තුනක් තියන්න. මේක ඔබ නිදාගන්න තැනින් තියන්න. මෙයින් ගෙදර අඩ දබර අඩු වෙනවා වගේම ආදරයත් වැඩි දියුණු වෙනවා. තමන්ට මොකක් හරි ලොකු හිතේ වේදනාවක් තියනවා නම් රෑට නිදා ගන්න කලින් වීදුරු පිගානක් උඩ ලූණු කුඩු තුනීව අතුරලා ඒකෙ හරි මැදින් හතරට කපපු ලෙමන් ගෙඩියක් තියන්න. මේක ඇඳ යටින් තියලා නින්දට යන්න. උදේ නැගිටලා මේක අතින් අල්ලන්නේ නැතිව කුණු එකට දාන්න. මේ විදිහට දවස් තුනක් කරාම ඒ ප‍්‍රශ්නයෙන් යම් සැනසීමක් ගන්න පුළුවන්.

මේ වගේ දේවල් ඔප්පු කරලා පෙන්නන්න මම මහන්සි වෙන්නේ නෑ. ඔබට කැමති දෙයක් විශ්වාස කරන්න සම්පුර්ණ නිදහස තියෙනවා. කොහොම වුනත් කලින් කිව්වා වගේ විද්‍යාත්මකව පිලි ගන්න පුළුවන් ටික ගැන හිතලා හරි මේක කළොත් ඔබට ලොකු ප‍්‍රයෝජනයක් ලැබේවි. (විෂ බීජ නැති වෙන එක, සුවඳක් හමන එක වගේ) මහා විශාල වියදමක් යන්නෙත් නෑ, නරකක් වෙන්නෙත් නැහැනේ නේද? ඉතින් යාළුවන්ට එහෙමත් Share කරලා දැනුවත් කරන්න.
කපපු ලෙමන් ගෙඩි තුනක් නිදා ගන්න ඇඳ ලගින් තියාගන්න කපපු ලෙමන් ගෙඩි තුනක් නිදා ගන්න ඇඳ ලගින් තියාගන්න Reviewed by gihan on March 23, 2020 Rating: 5

ඔටෝ ගියර් වාහන පදිනවා නම් මේ වැරදි කවදාවත් කරන්න එපා

March 23, 2020



ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එහෙමත් නැත්තන් කව්රුත් දන්නා විදියට ඔටෝ ගියර් කියන්නේ නවීන වාහනවල පාවිච්චි වෙන අනිවාර්ය අංගයක්… මේකට සෙල්ෆ් ශිෆ්ටින්ග් ට්‍රාන්ස්මිෂන් (self-shifting transmission) කියලත් කියනවා…

ඔටෝ ගියර් වාහනේක ගියර් අතින් මාරු කරන්න ඕන නැහැ… වාහනේ ඉස්සරහට යද්දී වේගෙත් එක්ක ගියර් ඔටෝමැටිකලි වෙනස් වෙන විදියට තමයි මේවා හදල තියෙන්නේ…

ඔටෝ ගියර් වාහන, මැනුවල් වාහනේකට සාපේක්ෂව එලවන්න ලේසියි… ඒක හින්දමද කොහෙද ඔටෝ ගියර් වාහන ආපු කාලේ කාන්තා පක්ෂය අතරේ විතරයි ජනප්‍රිය උනේ… හැබැයි දැන්නම් වාහනේක තියෙන්න ඕන අනිවාර්ය අංගයක් බවට මේ ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එක පත්වෙලා ඉවරයි….

පල්ලෙහා රූප වලින් පෙන්වන්නේ ඔටෝ ගියර් වාහනේක ගියර් ලීවර් එක එහෙම නැත්තන් “ගියර් පොල්ලේ” පින්තුරු ටිකක්…




මේකෙදි ඕගොල්ලොන්ට පේනවා ඇති ගියර් ලීවර් එකේ පොසිෂන් ඉලක්කම් හා අකුරු වලින් දක්වලා තියෙනවා… ගොඩක් ඔටෝ වාහන වල PRNDL කියන පොසිෂන් තමයි දකින්න තියෙන්නේ… ඊට අමතරව සමහර වාහන වල 2, 3 කියල ඉලක්කම් දකින්න පුළුවන්… සමහර ඒවායේ S හා B කියල පොසිෂනුත් දකින්න තියෙනවා…

මේ අකුරු වලින් කියවෙන්නේ මොනවද, ඒ පොසිෂන් පාවිච්චි කරන්න ඕන මොන වෙලාවටද කියල තමයි අද මේ ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ… සමහර වෙලාවට ඕගොල්ලෝ මේවා හොඳටම දන්නවත් ඇති… එහෙම අය අපේ ලිපියේ වැරද්දක් තියෙනවද කියල බලන්නකෝ…

P – පාකින්-P හෙවත් පාකින් ගියර් එක ඕනෑම ඔටෝ වාහනේක අනිවාර්යෙන් දකින්න ලැබෙන පොසිෂන් එකක්… වාහනේ නවත්තල අනිවාර්යෙන් මේ P එකට දාන්න ඕන… P ගියර් එකට දැම්මම වාහනේ එන්ජිමට සම්බන්ධ වෙලා තියෙන රෝද දෙක ලොක් වෙනවා… එතකොට P එකේ තියෙන වාහනයක් තල්ලු කරගෙන යන්න එහෙම බැහැ… P ගියර් එක ගැන පහල දැක්වෙන කරුණු ටිකත් හොදට මතක තියා ගන්න…හැමතිස්සෙම වාහනය සම්පුර්ණයෙන්ම නවතිනකල් ඉන්න ඕන P ගියර් එකට දාන්න කලින්…

P ගියර් එකෙන් ලොක් වෙන්නේ වාහනේ එන්ජිමට සම්බන්ධ වෙලා තියෙන රෝද දෙක විතරයි… ෆ්රන්ට් වීල් ඩ්‍රයිව් කාර් එකක නම් ඉස්සරහා රෝද දෙක විතරයි… ඒ හින්ද වාහනේ නවත්තල බැහැල යන්න කලින් පස්සේ රෝද දෙක ලොක් කරන හෑන්ඩ් බ්‍රේක් එක අනිවාර්යෙන්ම අදින්න මතක තියා ගන්න…

D – ඩ්‍රයිව්-නමේ හැටියටම මේක තමයි වාහනේ ඉස්සරහට යන්න දාන්න ඕන ගියර් එක… D එකට දාල අක්සිලේටරේ පාගද්දී වේගයත් එක්ක ඔටෝමැටිකලි ගියර් මාරු වෙන්න ගන්නවා… ඔයාලට තියෙන්නේ නිදහසේ යන්න විතරයි…

R – රිවස්-මේකත් අමුතුවෙන් කියල දෙන්න ඕන නැහැ… පස්සට යන්න නම් R එකට දාන්න ඕන… හැබැයි කවදාවත් ඉස්සරහට යමින් තියෙන වාහනේක R ගියර් එකට දාන්න එපා… බ්‍රේක් හොඳටම පාගල වාහනේ සම්පුර්ණයෙන්ම නැවතුනාට පස්සේ තමයි R එකට දාල රිවස් කරන්න ඕන…
(හැබැයි ගොඩක් අලුත් යුරෝපියන් වාහන වල නම් ඔහොම කලාට ප්‍රශ්නයක් නැහැ කියනවා… එත් සුවර් නැත්නම් ඕක ටෙස්ට් කරන්න ගිහින් ගියර් බොක්ස් එකම අලුතෙන් දාගන්න තැනට වැඩ සලස්වාගන්න එපා…)

N – නියුට්‍රල්-මේ ගියර් එකට දැම්මම වෙන්නේ එන්ජින් එක හා රෝද අතරේ සම්බන්ධය කඩලා දාන එකයි… එතකොට රෝද වලට නිදහසේ කරකැවෙන්න පුළුවන්…

මේ N ගියර් එකේ පාවිච්චිය ගැන මත විවාදාත්මකයි… සමහර වාහන නිෂ්පාදකයෝ ධාවනය කරද්දී මේ ගියර් එකට දාන එක අනුමත කරලා තිබ්බත්, ගොඩක් අය මේ ගියර් එක නිර්දේශ කරන්නේ වාහනේ ඇදගෙන යද්දී දාන්න විතරයි…
ඉතින් අපි මේ ගියර් එක ධාවනයේදී පාවිච්චි නොකර ඉන්න එක හොඳයි… වැරදිලා වැටුනට නං අවුලක් නැහැ…

L – ලෝ, B – එන්ජින් බ්‍රේක්-කලින් කිව P,D,R,N ගියර් හැම ඔටෝ වාහනේකම තිබ්බට අපි දැන් කතා කරන්න යන ගියර් දෙක එකම දේ පෙන්වන්න එක එක වාහනවල යොදනවා… L හෝ B කියන අකුරු වලින් එකක් ඔයාලගේ ගියර් බොක්ස් එකේ තියෙනවා නම්, එකෙන් කියන්නේ ඒ පොසිෂන් එකේදී ඔයාගේ වාහනේ උඩ ගියර් වලට යන්නේ නැතුව අඩු ගියර් එකක ලිමිට් වෙනවා කියන එකයි…
L හෝ B කියන පොසිෂන් එක ඔබේ ගියර් බොක්ස් එකේ තියෙනවා නම්, අන්න ඒක තමයි ලොකු බෑවුමක් බහිද්දී ඔබ තෝරාගන්න ඕන ගියර් එක…

D එකේ ඉඳල කෙලින්ම L හෝ B කියන පොසිෂන් වලට දාන්න පුළුවන්…මේකෙදි වාහනේ අඩු ගියර් එකක ලිමිට් වෙලා වාහනේ වේගය අඩු කරවනවා… එතකොට පල්ලමක බ්‍රේක් පාගාගෙන එන්න ඕන නැහැ… බ්‍රේක් නොයොදා එන්ජිමෙන්ම වාහනේ වේගය අඩු කරවන හින්ද මේ L, B ගියර් වලට දාන එකට එන්ජින් බ්රේක් දානවා කියලත් කියනවා…

S – ස්පෝර්ට්ස්-S මෝඩ් එහෙම නැත්තන් ස්පෝර්ට්ස් මෝඩ් කියන ගියර් එකට දැම්මමත් වෙන්නේ වැඩි ගියර් වලට යන්න නොදී අඩු ගියර් එකක ලිමිට් කරවන එකම තමයි… හැබැයි උඩ කියපු B මෝඩ් එකේ අඩු ගියර් එකක ලිමිට් කරවලා එන්ජින් බ්‍රේක් කරවන එකට වඩා හාත්පසින්ම වෙනස් දෙකට තමයි සාමාන්‍යෙන් මේ S ගියර් එක භාවිතා කරන්නේ…

ඕගොල්ලෝ දන්නවා මැනුවල් වාහනයක් එලවද්දී ඕවර්ටෙක් කරනකොට 4 ගියර් එකේ ඉඳල 3 වෙනි එකට දානවා අක්සලේර්රෙටරේ පාගද්දී… ඕගොල්ලෝ දන්නවා අඩු ගියර් වලදී එන්ජිමේ බලය රෝද වලට ලැබෙනවා වැඩියි, එහෙම නැත්තන් ටෝර්ක් එක වැඩියි… ඉතින් මෙහෙම එක පාරට 4 ඉඳලා 3 වෙනි ගියර් එකට දැම්මම වෙන්නේ එකම වේගයේදී වැඩි බලයක් එන්ජිමෙන් වාහනේට ලැබෙන එක… එතකොට වැඩි ත්වරණයක් ලබාගෙන අඩු කාලයකින් ඉස්සර කරන්න පුළුවන්…

ඔන්න ඔය සංසිද්ධිය තමයි S ගියර් එකට දැම්මමත් වෙන්නේ… වේගයෙන් ඔවෙර්ටෙක් කරන්න, ඉක්මනට වාහනේ වේගය වැඩි කරගන්න වගේ දේවල් වලට මේ S ගියර් එක භාවිතා කරන්න පුළුවන්…

S ගියර් එකේදී වාහනේ සාමාන්‍යෙන් 3 වෙනි ගියර් එක දක්වා වැඩි වෙන්න පුළුවන්… ඒ හින්ද අඩු ගියර් එකකටනේ මේකෙත් වැටෙන්නේ කියල පල්ලමකදී එහෙම S ගියර් එක දාන්න යන්න එපා… පෙට්ටියෙන් තමයි ගෙදර එන්න වෙන්නේ එන්ජින් බ්රේක් කෙසේ වෙතත්…

තවත් දෙයක් තමයි S ගියර් එකත් D එකේ ඉඳල කෙලින්ම බය නැතුව දාන්න පුළුවන්… එත් එක්කම මේ S මෝඩ් එකේදී එකම වේගයේදී වැඩි ගියර් වලට නොයන නිසා ඉන්ධන පිච්චෙනවා වැඩියි… ඒ නිසා S ගියර් එකේ එක දිගට යන එක නම් හොඳ නැති වෙයි..

1, 2,3,4 ඉලක්කම්-ඔය කිව්ව ඒවාට අමතරව සමහර වාහන වල මේ විදියට ඉලක්කම් පෙන්නලා තියෙනවත් ඔයාල දැකල ඇති… මොනවද මේ ඉලක්කම් වලින් කියන්නේ…

සරලවම මේ ඉලක්කමකින් පෙන්වන්නේ ඒ පොසිෂන් එකට දැම්මම යන්න පුළුවන් උපරිම ගියර් එක… ඒ කියන්නේ 3 කියල තියෙන තැනට දැම්මම ගියර් ශිෆ්ට් වෙන්නේ 1, 2 හා 3 කියන පොසිෂන් වල විතරයි, 2 ට දැම්මම 1 හා 2 විතරයි… සමහරු හිතාගෙන ඉන්නවා මේ ඉලක්කම් වලින් පෙන්වන්නේ මැනුවල් වාහනේක වගේ අදාළ ගියර් එක විතරයි කියල… ඒ කියන්නේ 3 ට දැම්මොත් 3 වෙනි ගියර් එකට වැටුන කියල… නමුත් මතක තියා ගන්න ඕන මේවා ඔටෝ වාහන… වේගයත් එක්ක ගියර් එක මාරු වෙනවා… 3 කියන තැනට දැම්මම වේගය අනුව 1,2,3 කියන ඕන ගියර් එකකට යන්න පුළුවන්… යන උපරිම තැන තමයි අදාළ ඉලක්කමෙන් කියන්නේ…

මේ ගියර් අවස්තානුකුලව දාන්න පුළුවන් උනත්, සාමාන්‍යෙන් පාවිච්චි වෙන අවස්ථා ටිකක් පහලින් කියන්නම්….

1 – පල්ලමකදී එන්ජින් බ්රේක් කරන්න පාවිච්චි කරන්න පුළුවන්

2 – පල්ලමකදී එන්ජින් බ්රේක් කරන්න වගේම කන්දක් නගිද්දී ටෝර්ක් එක වැඩි කරගන්න පාවිච්චි කරන්න පුළුවන්…

3 , 4 – ස්පෝර්ට්ස් මෝඩ් එකට සමානයි… එකපාර වේගේ වැඩි කරගන්න පාවිච්චි කරන්න පුළුවන්…
මේ ගියර් සේරමත් D එකේ ඉඳල එකපාරට කිසි අවුලක් නැතුව දාන්න පුළුවනි….

ඕව තමයි ඉතින් සාමාන්‍යෙන් ඔටෝ වාහනේක දකින්න ලැබෙන ගියර් පොසිෂන්….ඔහොම පොදුවේ කිව්වට හොඳම දේ තමයි තමන්ගේ වාහනේ owner’s manual එක බලල ගියර් සෙට් එක හරියටම අඳුරගන්න එක…

මොකද සමහර වාහන තියෙනවා S ගියර් එක තියෙන්නේ දාගෙන කඳු නගින්න… ඒ වගේ වාහන වල S ගියර් එක දැම්මම 1, 2 වගේ අඩු ගියර් වල විතරක් සීමා වෙනවා… එහෙම වාහන වල S වලට ස්පෝර්ට්ස් කියන්න බැහැ ඉතින්… සමහර තැන් වල මෙහෙම S ගියර් Slow එහෙම නැත්නම් Slope කියලත් හඳුන්වලා දීල තියෙනවා… තව වාහන වල ඕගොල්ලෝ දැකල ඇති ස්පෝට්ස් මෝඩ් එක දාන්නේ වෙනම බටන් එකකින්, ඔය අලුත් CHR වගේ වාහන වල බටන් එකකුත් නැහැ, ඉස්සරහ මීටර් පැනල් එකේ සොෆ්ට්වෙයාර් මෙනු එකකින් තමයි ස්පෝට්ස් මෝඩ් සිලෙක්ට් කරන්නේ… මේවයේදී නං ගියර් වෙනස් වීමට අමතරව තව තව දේවල් සිද්ද වෙනවා… සමහර වාහන වල ස්ටියරින් වීල් එක ස්ටිෆ් වෙලා රෙස්පොන්සිව් වීම වගේ දේවල් දක්වන්න පුළුවන්….

ඉතින් දැන් ඔබට තේරෙනවා ඇති මැනුවල් එක බලලම මිසක් පොදුවේ මේ ගියර් පද්ධති ගැන හරියටම කියන්න බැරි බව…
ඔටෝ ගියර් වාහන පදිනවා නම් මේ වැරදි කවදාවත් කරන්න එපා  ඔටෝ ගියර් වාහන පදිනවා නම් මේ වැරදි කවදාවත් කරන්න එපා Reviewed by gihan on March 23, 2020 Rating: 5

වසර 2175ක් පැරැණි කඩොල් ඇතුගේ දළ යුගල මෙන්න

March 23, 2020


අතීත යුද සටන්වලදී හීලෑ කළ සතුන් විවිධ යුද කටයුතු සඳහා යොදා ගැනීම ප්‍රමුඛ විය. රහස්‍ය පණිවුඩ හුවමාරු කරගැනීම පිණිස පක්ෂීන් යොදාගෙන තිබිණි. පක්ෂීන් දූතයා කරගනු ලැබූ සන්දේශ කාව්‍යය කිහිපයක් (සැළලිහිණි, ගිරා, කොවුල්, හංස, පරෙවි) ගම්පොළ යුගයෙන් පසුව ලියැවෙන්නේ ඒ අතීත පරිචයට සාහිත්‍යමය මුහුණුවරක් එක් කරමිනි.

අතීත යුද සටන්වලදී අශ්වයන්ටද විශේෂ තැනක් හිමි වූයේ චතුරංගනී සේනාවේ ප්‍රමුඛ කාර්යයක් ඉටු කළ නිසාය. ඇත්, අස්, රිය, පාබල යන චතුරංගනී සේනාවේ ඉදිරි පෙළ හා ශක්තිමත්ම අනුඛණ්ඩය වූයේ ඇත් සේනාවය. මෙරට අතීත යුද කටයුතුවලදී ඇත් අස් සේනාවන්ගේ දායකත්වය පිළිබඳ වංශකථාවේ සඳහන් වුවද මෙරට නිදහස වෙනුවෙන් සටන් වැදි සත්වයන් අතරින් වංශකථාවේ නාමිකව සඳහන් වන පළමු සත්වයා ලෙස හඳුනාගත හැක්කේ දුටුගැමුණු රජුගේ රාජකීය හස්තියා වූ කඩොල් ඇතුය.

ලක්දිව වීර සත්ව පරපුරේ ආරම්භකයා ලෙස කඩොල් ඇතු හැඳින්වීම යුක්ති සහගත වන්නේ අදින් වසර 2175කට පෙර පැවැති මෙරට ප්‍රථම නිදහස් සටනේදී ලක්දිව ඒකීයභාවය වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ නිසාය.මහාවංසයට අනුව කඩොල් ඇතා යනු ගැමුණු කුමාරයා වෙනුවෙන්ම ඉපදුණු මංගල හස්ති රාජයෙකි. මහාවංශයේ එන පරිදි,

“ඒ බිසව් සුදුසු කළ පින්වත් උතුම් පුතෙකු වැදුවාය. රජ කුලෙහි මහත් ආනන්දය ද විය. ඒ කුමරහු පුණ්‍යානුභාවයෙන් එදවස් නා නා රත්නයන්ගෙන් සම්පූර්ණ නැව් සතෙක් ඒ ඒ රටින් අවුය. එම කුමරහු පින් තෙදින් ඇතෙක් තෙමේ ජද්දන්ත කුලයෙන් ඇත් පැටවෙකු ගෙනවුත් මෙහි තබා පලා ගියේය. තොට විල්තෙර පඳුරු අතුරෙහි සිටියාවු ඒ ඇත් පැටවා දැක කණ්ඩුල නම් බිලිවැදි රජහට දැන්වීය. එකෙණෙයි රජතෙමේ ඇතුන් බඳනවුන් යවා ඒ ඇත් පැටවා ගෙන්වා පෝෂණය කරවීය. කණ්ඩුල නම් තැනැත්තහු විසින් දුටු හෙයින් ඒ ඇත් කණ්ඩුල නම් වී. ” (මහාවංසය. පරි -22, ගාථා- 59-63)

මහාවංසයේ එන එම විස්තරය අනුව කණ්ඩුල ඇතු හමු වූයේ මාගම් පුරවරයේ සිටියදීය. එම විස්තරයේ සඳහන් ස්ථානය වර්තමාන රැකව කලපුව ලෙස හඳුනාගන්නා අතර ඇත් පැටවා අල්ලාගැනීමට ගිය ඇත් ගොව්වන් රැකවල්ලා සිටි හෙයින් රැකව වූ බව ජනප්‍රවාදගත මතයයි. එසේම ඇත්පැටවා අල්ලාගැනීමට හැකි වුවහොත් එම ස්ථානයේ විහාරයක් කරවීමට කාවන්තිස්ස රජු භාරයක් වූ බවත් එම නිසා එම ස්ථානයේ කණ්ඩුල චෛත්‍යය ඉදි කළ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. එම චෛත්‍යය වර්තමානයේද කණ්ඩුල චෛත්‍යය ලෙස හැඳින්වීම මඟින් එම ජනප්‍රවාදයන්ගේ සත්‍යතාව වඩාත් තහවරු කරයි.

වංශකථා ප්‍රකාරව එළාර රජු සමඟ යුද වැදීමට අකැමැති වූ කාවන්තිස්ස රජුට ස්ත්‍රී ආභරණ යැවීම නිසා රාජ උදහසට ලක් වූ ගැමුණු කුමරු රජ මාලිගයෙන් නික්මී එළාර රජුගෙන් රට මුදාගැනීමට සේනා රැස් කරන්නට විය. එම කාලයේ දී කාවන්තිස්ස උකුත් විය. සහෝදර තිස්ස කුමරු පිය රජුගේ ඇවෑමෙන් කණ්ඩුල ඇතුගේ භාරකාරත්වය හිමි කරගත්තේය.

පසුව හේ තම සොයුරාට බියෙන් මෑණියන් හා කඩොල් ඇතුද රැගෙන දිගාවැවට ගිය වග මහාවංසයේ පැනේ. ගැමුණු කුමරු කඩොල් ඇතු හා මෑණියන් තම භාරයට ලබාදෙන ලෙස තම සහොදරයාට හසුන් යැවුවද යහපත් පිළිතුරක් නොලැබුණු හෙයින් ඔහුට විරුද්ධව යුද්ධයකට එළැඹුණේය. වර්තමාන යුධගනාව දැගැබ අසලදී වූ බව කියැවෙන එම සහෝදර සංග්‍රාමයෙන් පසු කඩොල් ඇතු ගැමුණු කුමරු යටතට පත් විය. ජනවහරට අනුව තිස්ස කුමරු පැරදී පලා යද්දී කඩොල් ඇතු ගැමුණු කුමරුට නමස්කාර කළේය. ඒ සමඟ ඔහුට මංගල හස්තියාගේ පක්ෂපාතිත්වය හිමි විය. එය රාජ්‍යත්වයේ සංකේතයක් ලෙස හැඳින්වේ.

අනුරාධපුර ඉතිහාසයේ සූරතිස්ස රජුගෙන් පසු ද්‍රවිඩ පාලකයන් වෙත රජරට පාලන බලය හිමි විය. සේන හ ගුත්තික යන ද්‍රවිඩ පාලකයන් වසර 20ක් ද, අසේල රජු වසර 16ක් ද ඉන්පසු එළාර රජු වසර 40ක් ද ලෙස වසර 76ක් ද්‍රවිඩ පාලකයෝ මෙරට පාලන බලය ගෙන ගියහ. යුද විරෝධී සාමකාමී රාජ ප්‍රතිපත්තියක් අනුගමනය කළ කාවන්තිස්ස රජුගේ ඇවෑමෙන් පසු ලක්දිව එක්සේසත් කර බුදුදහම නඟා සිටුවීමේ මෙහෙවර භාරගත් ගැමුණු කුමරුට එළාර රජු පැරදවූ දැවන්ත සටනේදී කඩොල් ඇතුගෙන් ලැබුණු සහාය මහාවංසයේදී ඉතා උත්කර්ෂවත් ලෙස අගය කර තිබේ. මහාවංසයේ 23 වන පරිච්ජේදයේ ආරම්භයේදීම කතුවරයා කඩොල් ඇතු හඳුන්වා ඇත්තේ,

“ ඒ කඩොලැත් තෙමේ බල ලක්ෂණ රුවින් හා තේජස් ජව ගුණයෙන්ද අග්‍ර වූයේ මහා කඳ ඇත් විය. ” (මහාවංසය. පරිඃ23, ගාථාඃ 1,2)

තවදුරටත් කඩොල් ඇතුගේ වීර ධීර ගුණාංග අගය කරන මහාවංස කතුවරයා,

“දකුණු දොර කඩොලැතුය, නන්දමිත්‍රය, සුරනිමලය යන ඒ තුන්දෙනා ඉතිරි චාරිත්‍රයෙහි යුද්ධ කළෝය. ඒ නුවර වනාහි පරිබාත්‍රයක්ද උස් වූ පවුරු තොරණ්ය. ලොහොකම් කළ දොරය(යන මෙයින්) සතුරන් විසින් බිඳ හෙළිය හැක්කේ නොවේ. ඒ ඇත් තෙමේ දෙදණින් හිඳ දෙදළින් ගල්සුණු ගඩොල් බිඳ යදොරට පැමිණියේය. තොරණ හුන් දෙමළු අනෙක ප්‍රකාර ආයුධයන්ද කකියා ගිය ලොහො ගුළිද එසේම කකාල මැලියම්ද දැමූය. පිටලූ ලහට දුමන කල කඩොලැත් තෙමේ දුවමින් වේදනාවෙන් මිරිකෙමින් උදක ස්ථානයට ගොස් එහි ගිලිණි.”

“ගොඨයිම්බර තෙමේ මේ තට සුරාපාන නොවෙයි... යදොර හැරීමය. යව දොර බඳව”යි කීය. ඒ උතුම් ඇත් තෙමේ මන් උපදවා කුංචනාද කොට දියෙන් ගොඩ නැඟී එඩි ඇතිව ගොඩ සිට ගත්තේය. ඇත් වෙද තෙමේ ලහටු ගලවා බෙහෙත් කළේය. රජ තෙමේ ඒ ඇතු නැඟී අතින් කුම්භස්ථලය පිරිමැද “දරුව කණ්ඩුලය. මුළු ලක්දිව රජය තට දෙන්නෙමි”යි ඒ ඇතු තුටු කරවා වර බොජුන් කවා සළුවෙන් වෙලා මනා සන්නාහ ලවා සන්නාහ මතුයෙහි සත් ගුණ කළ මීසම් බඳවා ඊ මත්තෙහි තෙල් සම් එළවා ඒ ඇතු මෙහෙයි. ඒ ඇත් තෙමේ සෙණ හඬ මෙන් ගුගුරමින් උපද්‍රවයන් ඉවසමින් ගොස් දෙදළෙන් ලැහැලි බින්දේය. එළිපත පයින් පහලේය. දොරබා සහිත ඒ යදොර ගුගුරා ගෙන බිමහෙනි. ”

යුද්ධය අවසානයේදී එළාර රජු පර්වත ඇතු පිටද ගැමුණු කුමරු කඩොල් ඇතු පිටද නැඟී ද්වන්ධ සටනකට යොමු වන අතර එහිදී එළාර රජුගේ තෝමර පහරින් වැළකෙන ගැමුණු කුමරු කඩොල් ඇතු ලවා පර්වත ඇතුට දෙදළෙන් ඇන වට්ටවා එළාර රජුට තෝමර පහරක් දී මරණයට පත් කරන ලදි.

එසේ දුටුගැමුණු රජු සමඟ ඉතා සමීපව කටයුතු කළ කඩොල් ඇතු පසු කලෙකදී තම ස්වාමියාගේ අකල් වියෝවෙන් කම්පා වීම නිසා රෝගාතුර විය. ඒ පිළිබඳ කම්පාවූ සද්ධාතිස්ස රජු ඇත්ගොව්වන්ගේ උපදෙස් පරිදි කඩොල් ඇතුගේ උපන් ප්‍රදේශය වූ මාගම් පුරවරයට ඇතු රැගෙන යන ලදි. එසේ රැගෙන යන අතරතුර දැඩි ලෙස රෝගාතුරවූ කඩොල් ඇතු යුධගනාව දාගැබ දෙසට නමස්කාර කරමින් මිය ගොස් ඇතැයි ජනවහර කියයි.

කඩොල් ඇතුගේ දේහය මීට සමීප පොරමැඬිල්ල නම් ස්ථානයේ මිහිදන් කර ඇති බව කියැවේ. එහිදී වෙන් කරගත් දළ යුගලය සද්ධාතිස්ස රජු විසින් කතරගම දේවාලයට පූජා කර ඇති බවට මත පළ වේ. ප්‍රවාදයන් අනුව කඩොල් ඇතු මිහිදන් කළ බවට අනුමාන කළ හැකි ස්ථානය වර්තමානයේ පැලවත්ත සීනි සමාගමට අයත් භූමි ප්‍රදේශයක පිහිටා තිබේ. එම ස්ථානය පිළිබඳ ජනප්‍රවාද රාශියක් පවතී. එනම් එම ස්ථානයේ අදටද අලි ඇතුන් ගැවසෙන බව හා කිසිදු ගසක් එම ස්ථානයේ පැළ නොවෙන බවටය.

ලාංකේය රාජ්‍යයෙන් පවා පිදීමට ලක් වූ කඩොල් ඇතුගේ දළ යුගල වර්තමානයේ තැන්පත් කර ඇත්තේ කුමන ස්ථානයකද යන්න මෙරට ජනයාට පවතින කුකුසකි. ඇතැමුන් සඳහන් කරන්නේ එම දළ යුවළ දුටුගැමුණු රජු ඉදි කළ මහාථූප මළුවේ තැන්පත් කර ඇති බවය. ගැමුණු කුමරු උපන් දිනයේම උප්පත්තිය ලද කඩොල් ඇතුගේ දළ යුගල තම ස්වාමියා කාලක්‍රියා කළ මහාථූපය අසල නිදන් කර ඇතැයි යන්න පිළිගැනීම සාධාරණ හේතු මත පදනම් වන බව පෙනේ. නමුත් ඒ පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය ටී.ජී.කුලතුංගයන් තම “අනුරපුර මහාවිහාරය” ග්‍රන්ථයේදී සඳහන් කරන්නේ මෙබඳු අදහසකි.

“රුවන්මැලි සෑයේ මෑතදී ප්‍රතිසංස්කරණය කරන ලද ආයක (වාහල්කඩ) දෙපස අර්ධ කවාකාර කුඩා ප්‍රමාණයේ සුදු පැහැති ගල් කැබැලි දෙකක් දක්නට ලැබේ. ඒවා කඩොල් ඇතාගේ දළ සේ සමහරුන් හඳුන්වාදීම දක්නට ලැබේ. සත්‍ය වශයෙන්ම ඒවා ආයකය ප්‍රතිසංස්කරණය කිරිමේදී මට්ටම් (මිනුම්) ගැනීම සඳහා යොදාගන්නා ලද ගල් බව සැලකිය හැකිය. එම වර්ගයේ ගල් කැබලි රුවන්මැලි සෑ පන්සල ඉදිරිපිට පොකුණ කැණීමේදී හමු විය. ” (40 පිටුව)

එසේ නම් කඩොල් ඇතුගේ දළ යුගල තැන්පත් කර ඇත්තේ කුමන ස්ථානයක ද යන පැනයට පිළිතුරු සෙවිය යුතුය. මීළඟට අවධානය යොමු වන්නේ මුල්ගිරිගල රජ මහා විහාරය වෙතටය. එම විහාරයේ ඉතිහාසය අදින් වසර 2300කට එපිටට දිව යයි. පූජාවලියේ සඳහන් වන්නේ මුල්ගිරිිගල විහාරය දුටුගැමුණු රජුගේ පියාණන් වූ කාවන්තිස්ස රජු විසින් කරවා ඇති බවය. වංශකථාවල දැක්වෙන්නේ එය දුටුගැමුණු රජුගේ සොහොයුරා වූ සද්ධාතිස්ස රජු විසින් කරවා ඇති බවය. මහනුවර රාජධානි සමයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එම විහාරයට ඇත් දළ යුගලක් පූජා කර තිබේ. එය කඩොල් ඇතාගේ දළ යුගල බවටද මත වේ.ඒ බව මුල්ගිරිගල විහාරය පිළිබඳ පර්යේෂණය කර ඇති උණුව

තුර බුබුලේ මහින්ද හිමියන්ගේ ‘දකුණේ විහාරවල මහනුවර සම්ප්‍රදායේ චිත්‍ර‘ යන කෘතියේ සඳහන් කර ඇත. (පිටුව 105) මුල්ගිරිගලට නුදුරු කඩවල නම් ප්‍රදේශයෙන් ඇතා අල්ලා ගල් බැවින් කඩොල් ඇතු යන නම ලැබී ඇති බවටද මත වේ. රජු විසින් එම විහාරයට දළ යුගල ලබා දී ඇත්තේ එම සම්බන්ධය නිසා යැයිද මත ඇත.

කඩොල් ඇතුගේ දළ යුගල සොයා යන අපගේ මීළග අවධානය යොමු වන්නේ රුහැණු කතරගම මහා දේවාලය වෙතය. සුමිත් රණසිංහ විසින් රචිත “ කතරගම් පුවත” නම් ග්‍රන්ථයේදී (2011 ප්‍රථම මුද්‍රණය) කතරගම ඇසළ පෙරහරේ චාරිත්‍ර ගෙනහැර පායි. පෙරහර මංගල්‍යයේ 6 වැනි දින චාරිත්‍ර අතරට කඩොල් ඇතුගේ දළ යුගල ප්‍රදර්ශනය කිරීම ද දක්වා ඇත. එහි සඳහන් වන්නේ එදින ක්‍රියාත්මක කරන ප්‍රධාන චාරිත්‍ර 5 අතරේදී කඩොල් ඇතුගේ දළ ප්‍රදර්ශනය ද සිදු කරන බවයි.

“ගබඩාපිළි හා ගොටුමහන පිලේ නියොජිතයන්ගේ සහායෙන් දුටුගැමුණු මහරජතුමන්ගේ මංගල හස්තිරාජයා වූ කඩොල් ඇතාගේ ඇත්දළ දෙක ප්‍රධාන දේවාලයේ දොරටුව දෙපස ප්‍රදර්ශනයට තැන්පත් කිරීමද මෙදින සිදුවේ. ” (පිටුව 84) කතරගම දේවාලය හා බැඳී ඇති ඉතිහාසය පිරික්සීමේදී අනාවරණය වන්නේ ගැමුණු කුමරු කතරගම දෙවියන් සමඟ පැවැති දැඩි සම්බන්ධය හේතුවෙන් කඩොල් ඇතුගේ දළ යුගල සද්ධාතිස්ස රජු දේවාලයට පූජා කරන්නට ඇති බවය. ඌව වෙල්ලස්ස කැරැල්ල සමයේදී එම දළ යුගල දේවාලයෙන් ගෙන ගොස් ගල් ගුහාවක සඟවා තබා පසුව නැවත ගෙනවිත් ඇති බවටද මත තිබේ.

ඇත් දළය ලෙස හඳුනාගන්නා අලින්ගේ උඩුහනුවෙන් එළියට ඇදෙන කෘන්තක දත් දෙක පිළිබඳ සලකා බැලීමේදී වර්තමානයේ දැකගත හැකි සාමාන්‍ය ඇතෙකුගේ දළ යුගලට වඩා කතරගම දේවාලයේ තැන්පත් කර ඇති කඩොල් ඇතාගේ යැයි සැලකෙන දළ යුගල ප්‍රමාණයෙන් විශාල බව පෙනේ. එසේම වර්තමානයේ එම දළ යුගලය මදක් අවපැහැ ගැන්වී ඇත.

ඒ අනුව කතරගම මහා දේවාලයේ ඉතිහාසය, පෙරහර චාරිත්‍ර, ජනප්‍රවාද හා දැනට දක්නට ලැබෙන පුරාවිද්‍යාත්මක සාධක අනුව අපට අනුමාන කළ හැක්කේ කඩොල් ඇතුගේ දළ යුගල තැන්පත් කර ඇත්තේ කතරගම දෙවියන් සමීපයේ කතරගම දේවාලය තුළ බවය. මෙරට එක්සේසත් කිරීමට දුටුගැමුණු රජුට සහාය දෙමින් විජිතපුර බළකොටුවේ දොර අගුළු සිඳලූ ඒ විස්මිත ඇත් දළ යුගල වසරක් පාසා කතරගම පෙරහර මංගල්‍ය පවත්වන අවස්ථාවේදී සියලුම ලාංකිකයන්ට දැකබලා ගැනීමේ හැකියාව උදා වෙන බව මෙහිදී සිහිපත් කිරීම වටී.

කේ. උදේනි අරුණසිර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රත්නපුර

වසර 2175ක් පැරැණි කඩොල් ඇතුගේ දළ යුගල මෙන්න වසර 2175ක් පැරැණි කඩොල් ඇතුගේ දළ යුගල මෙන්න Reviewed by gihan on March 23, 2020 Rating: 5

චීනයේ කැණිමකදී බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ ධාතුවේ කොටසක් හමුවෙයි

March 23, 2020

චීනයේ නැන්ජිං ප්‍රදේශයේ ඉපැර‚ විහාරස්ථානයක කරන ලද කැණිමකදී බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ ධාතූන් වහන්සේගේ කොටසක් හමුවී ඇති බවට පුරාවිද්‍යාඥයන් විදෙස් මාධ්‍යයට ප්‍රකාශ කොට ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සම ‍ලේකම් කීර්ති වික්‍රමරත්න මහතා පවසයි.

11 වැනි සියවසේදී ෂෙන්සොං අධිරාජයා විසින් ප්‍රතිසංස්කරණය කොට ගොඩනගන ලද භූමියේ භූගත ගෘහයක ඉතා සුරක්ෂිතව එම සර්වඥ ධාතූන් තැන්පත් කොට ඇති බවද කීර්ති වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

එම භූමියේ නිදන්ගතව තිබූ ශෛලමය පෙට්ටියක් තුළ ඉතා අලංකාර ස්ථූපයක් ලෙස දිස්වන එම කරඩුව උසින් සෙන්ටිමීටර් 117ක් හා පළලින් සෙ.මී. 45ක්ද වන අතර සඳුන් දැවයෙන් නිමවූ එය රන්, රිදී හා වෙනත් මැණික් වර්ග ඔබ්බවා සාදා ඇති බවද කියැවේ.

පුරාවිද්‍යාඥයන් මෙම සොයා ගැනීම කර ඇත්තේ 2010 වසරේදී කළ කැŒමකදී බවත්, මෙම ධාතූන් වහන්සේලා වසර 1000ක් පමණ මෙහි නැවත තැන්පත් කිරීමෙන් පසුව සොයාගත් ඒවා බවට විශ්වාස කරන බවත් පුරාවිද්‍යාඥයෝ සනාථ කරති.

එමෙන්ම එම ශෛලමය පෙට්ටගම මත කරඩුව තැන්පත් කළ අය හා ධාතූන් වහන්සේලා සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බවද සටහන් කර ඇති බවද පැවසෙන බව වික්‍රමරත්න මහතා පැහැදිලි කරයි.

සඳුන් දැවයෙන් නිර්මිත කරඩුව තුළ අභ්‍යන්තරයේ රිදී මංජුසාවක සෙන්ටිමීටර් 20 උසකින් හා අඟල් 7.08 පළලකින් යුතු රත්රන් පෙට්ටියක් තුළ මෙම සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කොට තිබි ඇති බවද කීර්ති වික්‍රමරත්න මහතා පෙන්වා දෙයි.

මෙම සියල්ල ශෛලමය පෙට්ටිය තුළ නිදන්ගත කිරීමට ප්‍රථම රිදී මංජුසාව ඉතා සුරක්ෂිතව අගුල් දමා තිබි ඇති අතර මෙම සර්වඥ ධාතූන් වහන්සේලා සුරක්ෂිතව ආරක්ෂා කරගැනීමට එසේ කළා විය හැකි බවද පුරාවිද්‍යාඥයෝ පවසා ඇත.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු හිරත්නවතී නදිය අසලදී එවකට රාජ්‍ය පාලකත්වය දැරූ රජු විසින් සර්වඥ ධාතූන් වහන්සේලා 1000ක් ඛෙදා දුන් අතර, ඉන් 19 වැනි සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රමාණය චීන දේශයට ලබාදුන් බවද එහි සඳහන් කර ඇත. සර්වඥ ධාතූන් අතරින් ශීර්ෂ ධාතූන් වහන්සේනමක් එහි රන් පෙට්ටිය තුළ තැන්පත්ව ඇති බවද සඳහන් කර ඇත

මුල්ම අවධියේ මෙම සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කර තිබූ ස්ථානය නොයෙක් විනාශකාරී අවස්ථා නිසා ස්ථානීය වෙනස්වීම් අනුව 11 වැනි සියවසේදී ෂෙන්සොං අධිරාජයාට කෘතඥපූර්වක වන්නට එහි සුරක්ෂිතව තැන්පත් කර ඇති බවද සඳහන්ය.

සර්වඥ ධාතූන් ඛෙදාදුන් ද්‍රෝණ බමුණා පිළිබඳවද මෙහි පුවරුවක සඳහන් වන අතර, මෙම නැන්ජිං විහාරස්ථානයේ පිඟන් මැටියෙන් නිමවූ දාගැබක් ඇති බවද පැවසේ.










චීනයේ කැණිමකදී බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ ධාතුවේ කොටසක් හමුවෙයි චීනයේ කැණිමකදී බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ ධාතුවේ කොටසක් හමුවෙයි Reviewed by gihan on March 23, 2020 Rating: 5

සුදුවෙන්න කන්න ඕන කෑම මෙන්න

March 23, 2020


ඉතින් කොහොමද යාලූවනේ්. සුදු වෙන්න දහස් ගනන් සල්ලි වියදම් කරන්න  ඕනේ නෑ. ඔබට ගෙදරදීම පහසුවෙන් සුදු වෙන්න පුළුවන් ස්භාවික කෑම ජාති ටිකක් ගැන කියලා දෙන්නම්.

කැරට් කෑවම සුදු වෙනවා කියලා අහලා තිබුනට  ඔයාලා කවදාවත් එහෙම වෙන්නේ කොහොමද කියලා දැන ගෙන හිටියද. කැරට් වල තියෙනවා විටමින් C හා Carotene කියන පෝෂණ සංඝටක දෙක. මේ දෙක නිසා තමයි කැරට් කෑවම සුදු වෙන්නේ. කැරට් දිගටම ආහාරයට ගත්තොත් පැහැපත් සමක් වගේම  නිරෝගී දිදුළන කෙස් කලබකුත් ලබා ගන්න පුළුවන්. කැරට් බ්ලෙන්ඩර් කරලා බොන එක ලේසියි.  ඕනේ නම් Face pack විදියට භාවිතා කරනත් පුළුවන්.


ගස්ලබු වලත් විටමින් ක්‍ සැහෙන්න අඩංගුයි. ඊට අමවතරව විටමින් A, E හා අපේ ශරීරයේ තියෙන විෂ නසන්න පුළුවන් දේවල් ගොඩකුත් ගස්ලබු වල තියෙනවා. ඔන්න ඔබ වැඩිපුර ගස්ලබු කෑවොත් ඉකමනින් සුදු වෙන්න පුළුවන් වගේම මුනේ තියෙන කුරුලෑ වලගොඩලි ටිකත් අයින් කර ගන්න පුළුවන්.ගස්ලබු කන්න ඔබ අකමැති නම් මේක ත‍්ජැ ඡ්ජන එකක් විදියත් භාවිතා කරන්න පුලූවන්.


රතු පාට නැවුම් තක්කාලි වල ඛහිදචැබැ කියන පෝෂණ සන්ගටකය. මතක මන් උඩින් කිව්වා කැරට් වල තියෙනවා කියලා Carotene කියලා අපිට සුදු වෙන්න උදව් කරන දෙයක්. අන්න ඒ වගේම එකක තමයි මේ ඛහිදචැබැ කියන්නෙත්. මුහුණ සුදු කරනවට අමතරව තක්කාලි අපිව කෙට්ටු කරන්නත් පිළිකා අවධානම අඩු කරන්නත් පුළුවන් ආහාරයක් බවට වෛද්‍ය වරුන් හදුනාගෙන තියෙනවා.

බීට්රූට් කියන්නේ සම අභ්‍යන්තරයට දක්වාම ගිහින් පිරිසුදු කරන්න පුළුවන් යකඩ හා විටමින් රාශියක් අඩංගු ආහාරයක්. මේ තුලින් ඔබේ රුධිර සංසරණය ක‍්‍රමවත් කරනවා වගේම කම්බුල් වලට දිදුළන රෝස පැහැයක් ලබා දෙනවා. බීට්රූට් මුහුණට පැක් එකක් ලෙස භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම හොදින් බ්ලෙන්ඩර් කරලා යුෂ විදියට පානය කරන්නත් පුළුවන්

Green tea වල සමට ගොඩක් වැදගත් පෝෂණයක් සපයන ඖෂධිය පානයක්. මෙ මගින් සමේ හිරු එලිය නිසා සිදුවන කළු වීම් , ලප කැළැල් වගේ දේවල් ඉවත් කරමින් සම පැහැපත් කරනවා.


මේක ගොඩක් රසවත් ආහාරයක්. ඒ වගේම විටමින් C, E වලින් පිරිපුන්. තවද ගෝවා මල් තුල අපේ ඇගේ ශරීරයේ තියෙන විෂ නසන ගුණයක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ටික එකට එකතු වෙලා වැඩ කරන කොට අපිට පැහැපත් සමක් හා නිරෝගී කෙස් කලබක් නිරායාසයෙන්ම ලැබෙනවා.


මාළු වල අඩංගු වෙලා තියෙනවා ඔමේගා 3 කියන අපේ සමට  ඉතා වැදගත් මේද අම්ල ජාතියක්. ඒ වගේම මාළු වල ගොඩක් අපිට අවශ්‍ය කරන විටමින් වර්ග තියෙනවා.මේ තුලින් අපිට පැහැපත් දිදුළන සමක් ලබා දෙනවා.


අල කනවාට වඩා හොදයි අමු අල පෙති මුහුණ මත තියන් ඉදලා මුහුණ හෙමිට මසාජ් කර ගන්න පුළුවන් නම්. එතුලින් ඔබට පුළුවන් කම ලැබේවි මුහුණේ තියෙන අදුරු  ලප කැළැල් ඉවත් අකර ගෙන මුහුණට නව දීප්තියක් ලබා ගන්න


මී කිරි වල ගොඩක්ම තියෙන්නේ කැල්සියම් උනාට  මී කිරි වලට ඉතා සාර්ථකව ඔබේ මුහුණ සුදු කරන්නත් පුලූවන්. ඒ වගේම මුහුණේ තෙතමනය නියම ගානට පවත්වා ගෙන එහි අඩංගු ලැක්ටික්  ඇසිඞ් මගින් මුහුණට නව පෙනුමක් ලබා දෙනවා.

දොඩම් වල ගොඩක් තියෙන්නේ විටමින් C දොඩම් මගින් මුහුණේ සමට නව පෙනුමක් ලැබෙනවා. ඒ වගේම දොඩම් මගින් සමේ අලූත් ෙසෙල නිෂ්පාදනය වේගවත් කරන්න පුළුවන් දේවල් අඩංගුයි. ඒ නිසා නිතරම ඔබට දීප්තිමත් මලානික නොවූ සමක් තියා ගෙන ලස්සනට ඉන්න පුළුවන්
සුදුවෙන්න කන්න ඕන කෑම මෙන්න සුදුවෙන්න කන්න ඕන කෑම මෙන්න Reviewed by gihan on March 23, 2020 Rating: 5

දියවැඩියාව හැදෙන්න කලින් දැනගන්න විදිය

March 23, 2020

අපේ ශරීරය තුල කිසියම් ක්‍රියාවලියක් අපට අහිතකර ආකාරයෙන් සිදු වනවා නම්, එය හඳුනා ගැනීමට ශරීරය මගින් විවිධ සංඥා නිකුත් කරනවා. දියවැඩියාව සඳහා ද ශරීරය ඒලෙසම ක්‍රියා කරනවා. දිගු කාලයක් තිස්සේ ඔබේ රුධිරයේ සීනි ප්‍රමාණය ඉහල අගයක පැවතියේ නම්, නිතර තිබහ සහ කුසගිනි ඇති වීම, ඇස් වල පෙනීම නොපැහැදිලි වීම, තුවාල සුව වීම ප්‍රමාද වීම සහ නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම ආදී ලක්ෂණ ඇති වෙනවා.

ග්ලුකෝස් කියන්නේ අපේ ශරීරයේ සෛල තුල ශක්තිය නිපදවීමට යොදා ගන්නා සීනි වර්ගයක්. කෙසේ වෙතත්, අපේ ශරීරයට හානිදායක ප්‍රතිඵල ඇති වීම වැළැක්වීම සඳහා, මෙම සීනි ප්‍රමාණය නියමිත පරාසයක තබා ගැනීම අත්‍යවශ්‍යයි. මේ සඳහා, අපේ අග්න්‍යාශය විසින්, ග්ලුකෝස් නිපදවීම සහ වැයවීම පාලනය කරන ‘ඉන්සියුලින්’ නැමැති හෝමෝනය නිපදවනවා. කෙසේ වෙතත්, විවිධ හේතූන් මත, අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරන පද්ධතිය අග්න්‍යාශයේ මෙම ‘ඉන්සියුලින් නිපදවන සෛල’ වලට එරෙහිව ක්‍රියා කිරීමට පටන් ගැනීම නිසා, මාරාන්තික සංකුලතා ඇති කල හැකි, බරපතල රෝගයක් වන, ‘දියවැඩියාව’ ඇති වීමට හේතු වෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ රුධිරයේ සීනි ප්‍රමාණය ඉහල අගයක පැවතීමෙන්, රුධිර නාල වලට හානි සිදුවීමත් වෙනත් ගැටළු උද්ගත වීමත් සිදුවිය හැකියි. එසේම, රුධිරයේ අධික සීනි ප්‍රමාණයක් පැවතීම ආඝාතය, වකුගඩු අක්‍රීය වීම, ඇස් පෙනීම අඩු වීම/ඇස් නොපෙනී යාම වගේම සමෙහි ඇති වන ස්නායු ගැටළු නිසා තුවාල හෝ අසාදන ඇති විය හැක. මේ හේතුව නිසා, රුධිර සීනි ප්‍රමාණය ඉහල යන විට ඇති වන විවිධ රෝග ලක්ෂණ හඳුනා ගැනීම ඉතා වැදගත්.

අත් පා වල ඇති වන හිරි ගතිය-දියවැඩියාව ඇති පුද්ගලයෙක්ට කලින්ම ඇති වන ලක්ෂණයක් ලෙස අත් පා හිරිවැටීම දක්වන්න පුළුවන්. එයට හේතු වන්නේ අත්පා වල ඇති ස්නායු වලට හානි සිදුවීමයි.

නිතර ඇති වන කුසගින්න-දියවැඩියාව ඇති පුද්ගලයෙක්ට නිතර නිතර කුසගිනි දැනීමට හේතු වන්නේ රුධිර සීනි ප්‍රමාණය සාමාන්‍ය පරාසයට වඩා අඩු වූ විටයි. මෙමගින් දියවැඩියාව ආශ්‍රිත වෙනත් රෝගී තත්වයන් වන, අනවශ්‍ය ලෙස ආහාර ගැනීමත්, තරබාරු වීමත් යනාදියට ගොදුරු වෙනවා.


නිතර මුත්‍රා පිට කිරීමට අවශ්‍යවීම-රුධිරයේ සීනි ප්‍රමාණය ඉහල ගිය විට, ඔබට නිතරම මුත්‍රා කිරීමට අවශ්‍ය වේ. (විශේෂයෙන්ම මේ නිසා, රාත්‍රී කාලයේදී නින්දට බාධා වේ.)

අධික පිපාසය-රුධිර සීනි ප්‍රමාණය ඉහල යාම, ඔබට නිතර පිපාසයක් ඇති කිරීමට හේතු වන අතර, ඔබ දියවැඩියාවෙන් පෙලෙන බවට තහවුරු වන ප්‍රබල සූචකයක් ලෙස දැක්විය හැකියි.

විඩාබර ගතිය-අපේ ශරීරයේ සෛලවලට අවශ්‍ය තරම් ග්ලුකෝස් නොලැබෙන විට, ඒවාට නිසි පරිද ක්‍රියා කිරීමට නොහැකි වන බැවින් ශරීරයට දුර්වලතාවක් සහ විඩාවක් ඇතිවේ.

ඉක්මනින් ශරීරයේ බර වැඩි වීම හෝ අඩු වීම-රුධිර සීනි මට්ටම අඩු වූ විට, මේද දහනය වෙනුවට මාංශ පේශි දහනය මගීන් ශක්තිය ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස, ඉතා ඉක්මනින් ශරීරයේ බර අඩු වීම සිදුවේ. එසේම, රුධිර සීනි මට්ටම වැඩිවීම, ශරීරයේ බර වැඩි වීමට හේතු වන බැවින් ද, ඔබ ශරීරයේ ක්ෂණික බර අඩු/වැඩිවීම් වලට ලක් වෙනවා නම්, වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුයි.

නිතර අමතක වීම් ඇති වීම-රුධිරයේ සීනි මට්ටමේ සිදු වන වෙනස්කම් නිසා ශරීරයේ සමතුලිතතාවය බිඳ වැටීම සහ නිතර අමතක වීම් ඇතිවීම සිදු විය හැකියි.

තුවාල සුවවීම ප්‍රමාද වීම-අපි ඉහත සඳහන් කර ඇති පරිදි, රුධිර සීනි ප්‍රමාණය ඉහල යාම නිසා ස්නායු වලට හානි සිදු වන බැවින්, කැපුම් සහ අනෙකුත් තුවාල සුව වීම ප්‍රමාද වනවා.

ඇස්වල පෙනීම අඩු වීම/නොපැහැදිලි වීම සහ කරකැවිල්ල-ඇස් වල පෙනීම අඩු වීම/නොපැහැදිලි වීම සහ ක්ෂණිකව ඇතිවන කරකැවිල්ල, රුධිර සීනි මට්ටම ඉහල ගිය විට සහ දියවැඩියාව ඇති විට, වඩාත් බහුලව ඇති වන රෝගී ලක්ෂණ වලින් එකක් නිසා නොසලකා හැරීම නොකළ යුතුයි.
දියවැඩියාව හැදෙන්න කලින් දැනගන්න විදිය දියවැඩියාව හැදෙන්න කලින් දැනගන්න විදිය Reviewed by gihan on March 23, 2020 Rating: 5

ජාතියක් නිරෝගී කර දියබත හරියටම හදන විදිය මෙන්න

March 23, 2020


අතීතයේ අපේ ගම් ගෙවල්වල රෑ කෑමට හදපු බත් ඉතුරු උනාම පහුවදා උදේ එය විසි කරලා දැම්මේ නැහැ. එයාල රෑ කෑමට හදලා ඉතිරිවෙන බත්වලට කියන්නේ හීල් බත කියලා. ඉතින් මේ හීල් බතට වතුර දමා උදේට කන්න දියබත හදලා ගන්න එක හැම ගැමි ගෙදරකම පුරුද්දක් උනා. කොහොමත් එදා ගෙවල් වල බත් පිස ගත්තෙ අද වගේ රයිස් කුකර් එකේ නොවෙයි මැටි මුට්ටියේ . මැටි මුට්ටියේ පිසගත් බත් වලට ඉතිරි වුණ කොටසට සමාන වතුර ප්‍රමාණයක් ඊට එක් කරලා ඒ බදුනේ ම සාමාන්‍ය උෂ්ණත්වය තියෙන්න ඇරලා තමයි මේ දියබත සකස් කරගත්තේ.

ඒ විදියට සකස් කරගත් දිය බත උදෑසන ආහාරයට ගත්තේ පොල් කිරි හොද්දක් සමග නැත්නම් හකුරු කෑල්ලක් සමඟයි.පොල්කිරි ටිකක් මිරිකලා එයට රතුළූණු වියළි මිරිස් කරලක් උම්මලකඩ කැබලි ටිකක් දාලා දෙහි එක්ක හොඳින් අනලා සකස් කර ගත් පොල් කිරි හොද්ද එක්ක මේ දියබත ආහාරයට ගන්න පුළුවන්. ගැස්ට්‍රයිටීස් ඇති අයට නැත්නම් මිරිස් අගුණ අයට ඒ වෙනුවට කිතුල් හකුරු කෑල්ලක් එක්ක කෑමට හැකියාව තිබෙනවා. රාත්‍රි බතට එක් කරන වතුර පෙරා ඉවත් කරන එක නම් හොද නැහැ. එවිට එහි පෝෂණය අපතේ යනවා.

පර්යේෂණ වලින් සොයාගෙන ඇති අන්දමට දියබත් ආහාරයට ගැනීම ශරීර ශක්තිය වඩවන අතර හිතකර බැක්ටීරියා වර්ග ශරීරයට ලබා ගැනීමට හැකියාව ලැබෙවා. මෙහි කෙඳි සහිත බව නිසා මලබද්ධය දුරලා සිරුර ප්‍රබෝධමත් කරයි. සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය සාමාන්‍ය කර තරුණ බව රැකදෙයි.මීට අමතරව තුවාල සුව කිරීමේ ශක්තියද දියබතට පවතිනවා. ඔබ දන්නවාද මේ විදියට බත් සාමාන්‍ය පරිසරයේ තියෙන කොට අවට පරිසරයේ හා වාතය වාසය කරන හිතකර ක්ෂුද්‍ර ජීවීන් ඒ මත ක්‍රියාකරන බව.

එවිට බත් පැසීමේ ක්‍රියාවලියට ලක් වී විටමින් B වගේම C සාන්ද්‍රනය ඉහළ යනවා. සැබෑවටම අලුත් බත්වලට වඩා දියබත් හරිම සැහැල්ලුයි. ජීරණය පහසු නිසාම ආමාශයේ වැඩිවේ රැඳෙන්නේ නැහැ. දංකුඩ සහිත බත් වල ක්ෂාරීය ගුණය වැඩි නිසා මෙම ආහාරය අම්ලපිත්ත රෝගීන්ට වඩා හොද සහනයක් සහනයක් ළඟා කර දෙනවා. ඒ වගේම මෙහි කැලරි ප්‍රමාණයත් ඉතාම අඩුයි.ඉතින් අතීතයේ මිනිසුන් නිරෝගීව සිටීම අරුමයක් නොවේ. මැටි මුට්ටියක් වත් අද ඇතැම් නිවසක සොයා ගැනීමටත් අපහසු තරම්.දිය බත් ගැන නොදැන සිටි සියලූ දෙනාම එක් වරක් හෝ එය රස විඳ බලන්නට හැකි නම් ඉතාම වටිනවා.

පළාතෙන් පලාතට දියබතට එක්කෙරෙන අමුද්‍රව්‍ය වල යම් යම් වෙනස් කම් සිදුවන අවස්ථාවත් දැකගත හැකියි. කොළඹ එක්කෙරුණු අමු මිරිස් වෙනුවට දකුණු පළාතේ බැදගත් හෝ ගින්දරට අල්ලා පුළුස්සා ගත් වියලි මිරිස් කරල් දෙක තුනක් කුඩා කැබලි කර එක් කරණ අතර නුවර මිරිස් එක් නොකර කිතුල් හකුරු සමඟ ආහාරයට ගැනීම සිදුවේ. රසවත් බව වැඩි කර ගැනීමට සහ තම කැමැත්තේ හැටියට ඉදුණු තක්කාලි ගෙඩියක් හෝ උම්බලකඩ කුඩු ස්වල්පයක් එක්කෙරෙන අවස්තාද මේ අතර ඇත.කුමන ආකාරයකට පිළියෙළ වූවත් දියබතේ රසසහ ගුණ මිස අගුණයක් නැත.ශරීරයේ විෂ නසා සිසිල් කිරීමේ මහඟු ගුණයක් ඇති දියබත පායන වියලි දේශගුණ කාලවලදී ජිවිත බේරාගන්නා ඖෂධයක් මට්ටමට වටිනාකමින් වැඩිවේ. එවන් කාලවලදී ඇතිවන ඇස් රෝග, සමේ ආසාධන, කටදිව පැලිම, යටිපතුල් වල පැලීම් වැනි ඌශ්නාධික රෝග වලින් මිදීමට හෝ ඉක්මන් සුව ලබා ගැනීමට දියබතතරම් සමත් වෙනත් ඖෂධයක් නැත.

දියබත උෂ්ණාධික රෝග සහ ගැස්ට්‍රයිටිස් රෝගයට සුවදායි වන බවට ආයුර්වේද වෛද්‍ය විද්‍යා මුල ධර්ම ඔස්සේ සරලව විග්‍රහ කර පෙන්විය හැකියි. එනම් විසෙන් විෂ නැසීමයි.දෙහියුෂ සහ රතුළූණු ආම්ලික ආහාර වලින් අනූන දියබත දිවට වැටුණු වහා මුලින් දැනෙන්නේ ආම්ලික ඇඹුල් රස. ඒ නිසා ආමාශය භාශ්මියකරණයට සුදානම්ව අම්ල අඩුකරයි. ඒ මතට තවදුරටත් භාෂ්මියකරණය අඩංගු පොල්කිරි යෙදෙයි. එමගින් ශරීරයේ ස්වභාවික ආම්ලික බව අඩුකිරීම උත්තේජනය කර බාහිරින් ආම්ලික බව අඩු කෙරෙන ආහාර යෙදෙයි.ඒ බහුල ආහාර වන දෙහි, රතුළුණු සහ අමුමිරිස් අඩංගු දෑ…

විටමින් සී වල ( ප්‍රතිඔක්සිකාරක වන මෙය බොහෝ රෝග වලක්වා ශරීරය ධුලකහරණය කර නැවුම් බවින් පුබුදුවන්නට සමත්වේ.) ලවණ සහ ඛනිජ (කැල්සියම්, සෝඩියම්, පොටෑසියම් )

දියබත පිළියෙළ කෙරෙන අමුද්‍රව්‍ය අතර ප්‍රධාන වන්නේ හීල්බතය. අද වන විට උදෑසන ආහාරය සපයන පාන් සහ තිරිඟු පිටි නිෂ්පාදන අධික තාපයට හසුව එහි ඇති එන්සයිම වර්ග, හෝර්මෝන වර්ග සහ ප්‍රතිඔක්‌සිකාරක ආදී යහපත් රසායනික සංයෝග බොහොමයක් විනාශ වේ.නමුත් එදා අප ආහාරයට ගත් කැකුළු සහල් පිසෙන විට හැර වෙනත් ආකාරයට තාපයට හසුවීමක් නැත. පිෂ්ඨය ඇතුළු සහල් නිවුඩ්ඩ තුළ ඇති විටමින් වර්ග, ලවණ සහ ඛනිජ අඩංගු පෝෂ්‍යදායි සෙමෙන් දිරවන ආහාරයකි; හීල් බත.පොල් කිරෙන් දියබතට ලැබෙන අපුර්ව රසය සහ භාෂ්මිකතාවයට අමතරව වාසි ලැබේ.


  • කොලෙස්ටරෝල් අඩු කර හදවත් රෝග අඩුකිරීම.
  • අධි ලවන සංයුතිය මානසික ආතතිය, අධි රුධිර පීඩනය, විජලනය සහ මල බද්ධය වලක්වයි.
  • ප්‍රතිඔක්සිකාරකයක් සේ ක්‍රියා කර ශරීරයේ විෂ ඉවත්කිරීම.
  • ක්‍ෂුද්‍රජීවින් විනාශ කිරීම (Anti-microbial effect)


සමස්ථයක් ලෙස ඇති ප්‍රයෝජන


  • කටතොල් පැලෙන අයට ඉතාමත් ගුණදායක ඔසුවකි.
  • වඩාත්ම විශේෂ කාරණය වන්නේ අද සමාජයට මහත් පිලිලයක් වී ඇති ගැස්ට්‍රයිටීස් නම් අම්ල පිත්ත නමින් ආයුර්වේදයේ හඳුන්වන අවස්තාවට ඉතාමත් ගුණදායක වීමයි.
  • ශරීරයේ ඇතිවන දැවිලි ගතිය පහ වීමට.
  • මෙය ඉතාමත් පෝෂ්‍යදායක ඔසුවක් වැනි ආහාරයක් නිසා යෞවන වයසේ සිටින දරුවන්ට වඩාත් ගුණදායකයි.
  • බඩේ තුවාල ඇති අයට ඉතා ප්‍රත්‍යක්ෂ ඔසුවකි.
  • කොලෙස්ටරෝල් අඩු කර හදවත් රෝග අඩුකිරීම.
  • අධි ලවණ සංයුතියමානසික ආතතිය , අධි රුධිර පීඩනය, විජලනය සහ මල බද්ධය වලක්වයි.
  • ප්‍රතිඔක්සිකාරකයක් සේ ක්‍රියා කර ශරීරයේ විෂ ඉවත්කිරීම
  • ක්‍ෂුද්‍රජීවින් විනාශ කිරීම (Anti-microbial effect)
  • ලවණ සහ ඛනිජ (කැල්සියම්, සෝඩියම්, පොටෑසියම්) සැපයීම
  • විටමින් සී වල (ප්‍රතිඔක්සිකාරක වන මෙය බොහෝ රෝග වලක්වා ශරීරය ධුලකහරණය කර නැවුම් බවින් පුබුදුවන්නට සමත්වේ )
  • විටමින් බී සපයා රුධිරය පෝෂණය
  • දියවැඩියා කෙරෙහි ගුණදායකය
  • මේ සියලු හේතු නිසා ආහාරමය වශයෙන් දියබත බොහෝ පෝෂණීය ගුණ සහිත ශක්ති ජනක ආහාරයකි. දවස පුරා සිරුර නැවුම් බැවින් තබමින් බොහෝ රෝග වලින් ඔබ වලකන දියබතට ඔබේ මුළුතැන් ගෙයි නිසි තැන ලබා දෙන්නට සැරසිය යුතුය.ලංකාව වැනි රස්නෙ රටක සිටිනවා නම් දාහය නිවන කෑම ලබා ගැනීම අනිවාර්යයි. දිය බත් එවැනි ඇඟ සිසිල් කරන ලංකාවටම ආවේණික ආහාරයක්. ඒ වගේම දිය බත් යනු පහසුවෙන් සදා ගත හැකි සමබල, පෝෂ්‍ය දායක උදෑසන ආහාරයක්.


දිය බත හදන විදිය අවශ්‍ය ද්‍රව්‍ය:


  • උයා ඉතිරි උන බත් ටිකක්
  • පොල් කිරි
  • වියළි මිරිස් කරල් 5
  • රතු ළූණු ගෙඩි 5
  • සුදු ළූණු බික් 1
  • දෙහි යුෂ
  • ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය පමණට


සාදන අයුරු:රාත්‍රියේ දී බත් භාජනයකට දමා එයට ජලය එකතු කර පෙ‍ඟෙන්නට හරින්න. පසු දින උදෑසන ජල‍යේ පෙඟුන බත් මිරිකා ජලය ඉවත් කරගන්න. බත් පෙරා ගත් වතුර බීමට ගත හැකිය.බත් ටික නෑඹිලියකට දමා පොල්කටු හැන්දෙන් හොඳින් පොඩි කරගන්න. පොල් කිරි වලට ලියාගත් සුදු ළූණු, රතු ළූණු, පුළුස්සා ගත් වියළි මිරිස් හෝ අමු මිරිස්, දෙහි යුෂ සහ රස අනුව ලුණු, ගම්මිරිස් එකතු කර ගන්න.

අවසානයට මෙම මිශ්‍රණයට බත් ටික එකතු කර ගන්නග මෙය කිතුල් හකුරු සමඟත් ආහාරයට ගත හැකියි.දාහය නිවන දිය බත්, තොල් පැලෙන අයට ඉතාමත් ගුණදායක ඔසුවක් වන අතර ගැස්ට්‍රයිටීස් හෙවත් අම්ල පිත්ත නමින් ආයුර්වේදයේ හඳුන්වන රෝගී තත්ත්වයටත් ඉතාමත් ගුණදායකයි. වියදම අඩු, සෑදීමට ඉතාමත් පහසු දිය බත් අනිවාර්යයෙන්ම හදල බලන්න.
ජාතියක් නිරෝගී කර දියබත හරියටම හදන විදිය මෙන්න ජාතියක් නිරෝගී කර දියබත හරියටම හදන විදිය මෙන්න Reviewed by gihan on March 23, 2020 Rating: 5

මානව හිතවාදී ෆිදෙල් බිහිකල මනුශ්‍යත්වයේ අදරනීය කියුබාව..

March 23, 2020


මාර්තු 12 දින සිට පැසිෆික් මුහුදේ පා වූ මගීන් 1000 ක් රැගත් බ්‍රිතාන්‍ය නැවේ covid 19 ආසාධිතයන් සිටින බවට වාර්තා වූ බැවින් හදිසි යේ වරායකට ඇතුලු කොට දහසකගේ ජීවිත බේරා ගැනීමට අවශ්‍ය විය. මුලින්ම බහමාස් වෙත ගොස් ඉල්ලූ අවසරයට ඉඩ නොලැබුනි. තවත් කැරිබියන් රටවල් කිහිපයකින් අසීරු අවස්තාවේ උපකාර ඉල්ලුවද සියලු රටවල් තම වරායට මෙම නෞකාව වද්දා නොගන්නා ලදී.

ඇමරිකාවෙන් ද කල ඉල්ලීම හිරිකිතයකින් තොරවම ඔවුන් ද ප්‍රතික්ෂේප කරන ලදී.ඒ කිසිදු රටක ධනපති පාලකයන්ට 1000ක් මිනිසුන්ගේ වේදනාව නොදැනුනි.කැරිබියන් මුහුදු සීමාවට ඇතුලව තිබු එකී නැව නැවත බ්‍රිතාන්‍යයේ කරා ගමන් කිරීමට සිදුවුවහොත් ඒ සඳහා ගතවන කාලය අනුව කොරෝනා රෝගීන් සහිත මේ නැවේ සිටන 1000ක මිනිසුන්ගේ ජීවිත සියල්ල විනාශ වීමේ අවදානම හමුවේ ඇතිවූ මරනයේ භීතිය මුලු නැව පුරාම විලාප දෙන්නට පටන් ගෙන තිබුනි.

අවසානයේ ඔවුන්ට කළහැකිව තිබුණේ සමජවාදී කියුබාව දෙසට ලජ්ජාවෙන් වුවද හැරීමටයි. ඒ මාර්තු 18 දිනයි.මනුෂ්‍යත්වයේ සුවද හදුනන කියුබානුවෝ දෙවරක් නොසිතා තම වරායට ඇතුලුවීමට බ්‍රිතාන්‍ය නෞකාවට සියලු පහසුකම් සැපයීය. රෝගීන්ට ප්‍රතිකාර කළහ.දහසක් ජනයාට ජීවිතය රැක දී සමාජවාදීන් ගේ සුන්දරත්වය ලොවට යළිත් පෙන්වීය.නැවේ සිටි කපිතාන් මෙසේ සටහන් තැබීය

"Thank you Cuba...we will never ever forget that you reached out to us when absolutely nobody , and I mean nobody , else would ...."





මානව හිතවාදී ෆිදෙල් බිහිකල මනුශ්‍යත්වයේ අදරනීය කියුබාව.. මානව හිතවාදී ෆිදෙල් බිහිකල මනුශ්‍යත්වයේ අදරනීය කියුබාව.. Reviewed by gihan on March 23, 2020 Rating: 5

කොමඩු ඇට උණු වතුරට දමා පානය කරන්න

March 22, 2020


අපි කවුරුත් කැමතියි පැණි කොමඩු වලට. එහෙම නේද? විශේෂයෙන්ම මේ කාලේ ඉර ලංකාවට උඩින් තියෙන නිසා පුදුම රස්නයක් දවල් කාලේ තියෙන්නේ. ඉතින් පැණි කොමඩු වගේ වතුර පිරුණු පලතුරක් කන එක අපේ ඇඟටත් හරිම හොඳයි. ශරීරයේ තියෙන උෂ්ණය නැති කරලා හොඳ විවේකයක් දෙන්න කොමඩු කියන්නේ කියාපු දෙයක්.

නමුත් අපි කරන ලොකු වැරැද්දක් තියෙනවා. ඒ තමයි කොමඩු කාල එක ඇතුලෙ තියෙන ඇට ටික විසි කරන එක. කන්න බැරි, හැපුවම කිසිම රසක් නෑ කියලා හිතෙන නිසා අපි මේවා විසි කරත් ඇත්තටම මෙය පෝෂණ ගුණයෙන් පිරුණු ඇට ජාතියක් කියලා දැනගෙන හිටියද?

කොමඩු ඇට තුළ අපේ ශරීරයට අවශ්‍ය පෝෂක බොහෝ අඩංගු වෙනවා. විශේෂයෙන්ම අපේ ආහාර ජීර්ණය ක්‍රමවත් කරන්න ඉතාම ප්‍රයෝජනවත් සංයෝග මේ තුල පිරිලා. නමුත් බොහෝ දෙනා කොමඩු ඇට නොකා විසි කරන නිසා මේ ප්‍රයෝජනය ගන්න ඉඩ ලැබෙන ඉඩකඩ හරිම අඩුයි. අපි මොන තරම් පෝෂණය තියෙන දේවල් කෑවා බිව්වත් ඒ සේරම ඇඟට උරා ගත්තොත් විතරයි ඒවායේ නියම ප්‍රයෝජනය ලැබෙන්නේ. කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති අයට තියෙන ප්‍රශ්නෙත් ඕකයි. එයාලා කන කන ටික මළපහ එක්ක පිට වෙලා යනවා. විවිධ බෙහෙත් බීලා ඕවා හදා ගන්නවට වඩා මේ සරල ක්‍රමය උත්සාහ කරලා බලන්නකෝ.

නමුත් මේ කියන්නේ කොමඩු ඇට කෙලින්ම කන්න කියලා නෙවෙයි. අපේ වාසනාවකට වගේ කොමඩු ඇට තුල තියෙන යහගුණය ගන්න අපිට ඒවා උයලා, බැදලා හෝ කුඩු කරලා වුණත් පුළුවන්. තන්තු වලින් බහුල කොමඩු ඇට අපි කලිනුත් කිව්වා වගේ ඔබ ගන්නා ආහාර වල අඩංගු පෝෂක නිවැරදිව ජීර්ණයෙන් පසු ඇඟට උරා ගන්න උදව් වෙනවා. ඒ වගේම බඩ වැලේ ඉන්න නරක ක්ෂුද්‍ර ජීවීන්, ඉදිමීම් එහෙමත් අවම කරන්න කොමඩු ඇට වලට හොඳ හැකියාවක් තියෙනවා.

ඒ වගේම කොමඩු ඇට කියන්නේ ඉතා ප්‍රබල මුත්‍ර වර්ධකයක්. මුත්‍ර වර්ධක ගැන අහලා නැතිනම් දැන ගන්න. අපි බොන වතුර මුළු ප්‍රමාණයම නිවැරදි විදිහට පෙරිලා යන්න යම් හෝර්මෝන ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි. වකුගඩු දුර්වල වුණාම මේ වදේ හරියට සිදු වෙන්නේ නෑ. ඒ වෙලාවට කොමඩු වගේ දෙයක් ගැනීමෙන් මුත්‍රා පිට වීම වඩා කාර්යක්ෂම වෙලා වකුගඩු වල ක්‍රියාකාරිත්වයට පහසුවක් සලසනවා. මේ නිසා තමයි කොමඩු ඇට කුඩු කරලා කෝපි වගේ හදලා බොන එක හොඳයි කියල දැන් මුත්‍රා අමාරු, මුත්‍රාශයේ ගල් වගේ රෝග තියෙන අයට නිර්දේශ කරන්නේ.

කොමඩු ඇට වල අඩංගු තවත් වැදගත් සංයෝගයක් තමයි සිටෘලීන් කියන්නේ. මේක ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණ තියෙන කාබනික සංයෝගයක්. මේකෙන් ඔබේ කොලෙස්ටරෝල් දහනය කරලා රුධිර නාල මහතින් වැඩි කරන්නත්, එමගින් රුධිර පරිවහනය ඉතා හොඳින් සිද්ධ වෙන්නත් අවස්ථාව සලසා දෙනවා. මේ නිසා ඔබට තියෙන හදවත් රෝග, අධි රුධිර පීඩනය, ආතෙරෝස්කිලරෝසිස් වගේ රෝග ඉතා පහසුවෙන් හොඳ කර ගන්න අවස්ථාව ලැබෙනවා.

ඉතින් මේ වගේ ගුණ බොහොමයක් තියෙන කොමඩු ඇට පාවිච්චි කරලා ඉතා ප්‍රයෝජනවත් පානයක් හදා ගන්න හැටි තමයි මේ කියන්න යන්නේ. ඉතාම සරල, පහසු උපදෙස් ටිකක් අනුගමනය කරාම ඔබටත් පුළුවන් මේක නිවැරදිව සාදා ගෙන කොමඩු ඇට සතු යහ ගුණය ඔබේ ශරීරයටත් ලබා ගන්න.

 ගෙදරදීම කොමඩු ඇට තේ හදාගන්න හැටි.

මුලින්ම කොමඩු ඇට, පිරුණු මේස හැඳි 04 ක වගේ ප්‍රමාණයක් අවශ්‍යයි. මේ ටික හොඳට වේලලා අරගන්න. දැන් බ්ලෙන්ඩර් එකක් පාවිච්චි කරලා ඉතා හොඳින් කුඩු කර ගන්න. බ්ලෙන්ඩර් එකක් නැතත් වංගෙඩියක් හරි මිරිස් ගලක් හරි ඇතිනේ. එහෙම ක්‍රමයකින් හරි මේක ඉතා හොඳින් කුඩු කර ගන්න. දැන් මේක නටන උණු වතුර ලීටර් 2කට දාල කවලම් කරන්න. ආපහු ගින්දර දාල කොමඩු ඇට කුඩු ටික විනාඩි 15ක් විතර තැම්බෙන්න දෙන්න.

මේ මිශ්‍රණය ඊළඟ දවස වෙනකන් පැත්තකින් තියන්න. ඊළඟ දවසේ ඉඳන් මම මේ කියන ක්‍රමයට මේක බොන්න පටන් ගන්න. මුල්ම දවස් දෙකේ මේකෙන් තේ බොන කෝප්පයෙන් එකක් බොන්න. මේ විදිහට හැම කෑම වේලකටම පසු කෝප්පයක් බොන්න. ඊළඟ දවසෙත් ඒ විදිහමයි. නමුත් තුන් වෙනි දවසේ බොන්න එපා. ආයෙත් හතර වෙනි දවසෙයි, පස් වෙනි දවසෙයි බීල හය වන දවසේ නොබී ඉන්න. මේ චක්‍රය ලීටර් දෙකම අවසන් වන තුරු කරන්න.

මේ වගේ උෂ්ණ කාලෙක මේ වැඩේ දිගටම කරන්න පුළුවන් නම් වැඩිය හොඳයි. විශේෂයෙන් ඔබ නිතර එළියේ ඉන්න, උෂ්ණයට නිරාවරණය වෙන කෙනෙක් නම් මෙහෙම කරන එක ඔබේ නිරෝගී බව වැඩි වෙන්න ලොකු උදව්වක් වේවි. ඒ වගේම කොමඩු හැදෙන්නෙත් මේ වගේ උණුසුම් කාලෙට විතරක් නිසා පුළුවන් තරම් දැන්මම කන්න බලන්න. (ගන්න පුළුවන් වුණත් ඒ කාලෙට කොමඩු හරිම ගණන්)

 කොමඩු ඇට මඟින් ශරීරයට අමතර ප්‍රයෝජන :-


  • හදවතේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීම.
  • සෛල වැඩිදියුණු වීමේ වේගය ඉහළ නැංවීම.
  • මතකය ශක්තිමත් කිරීම
  • අවධානය යොමු කිරීමේ හැකියාව වර්ධනය කිරීම
  • ප්‍රබෝධමත් බව ඇති කිරීම


කොමඩු ඇට තුල අඩංගු ප්‍රධාන පෝෂක

• යකඩ
• මැග්නීසියම්
• විටමින් - A
• විටමින් - K
• විටමින් - E
• ප්‍රතිඔක්සිකාරක
• කැල්සියම්
• මැන්ගනීස්
• නයසින්

මේ නිසා මේ කියපු පානය හදලා බොන එක අනිවාර්යයෙන් කරන්න. ඒක හොඳ අත්දැකීමකුත් වේවි කාටත්. මීට කලින් කෝපි ඇට කුඩු කරලා කෝපි බීලා නැතිනම් මේකවත් කරලා බලන්න. මේකේ බොහොම හොඳ රසයක් එහෙමත් තියෙනවා. ඔබෙත්, සියලු දෙනාගේත් නිරෝගී බවටත් හේතු වෙනවා.කෑවම විසි කරපු කොමඩු ඇට වලින් මොන තරම් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්ද කියලා දැන්වත් ඔබට තේරුනා නේද?

 සැකසුම :- ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කිරින්ද, පුහුල්වැල්ල.
කොමඩු ඇට උණු වතුරට දමා පානය කරන්න කොමඩු ඇට උණු වතුරට දමා  පානය කරන්න Reviewed by gihan on March 22, 2020 Rating: 5
Powered by Blogger.