දියවැඩියාව පාලනයට ගත යුතු හොදම ආහාර වට්ටෝරු


දියවැඩියාව හෙවත් මධුමේගය. මෙහි අර්ථය ගතහොත් ජලය සිහි යන අර්ථ ගැන්වේ. ආයුර්වේදය අනුව දියවැඩියාව, වා, පිත්, සෙම් ලෙස වර්ගකර ඇත. සියළුම මේගයන් අවසානයේදී මධුමේගය බවට පත්වේ. දියවැඩියාව සෑදීමට හේතු ලෙස ගත හැක්කේ පාරම්පරිකව ජාන මගින් සෑදීම, අධික සිනී අධික පිෂ්ඨය අඩංගු ආහාර ගැනීම, ව්‍යායාමයෙන් තොරව ජීවත්වීම, අධික සුඛෝපබෝගී දිවියක් ගත කිරීම, අධික ස්ථූලතාවය, දහවල් නිදාගැනීම, එලෙසම විෂේශයෙන් මානසික ආතතියෙන් පෙලීම, රාත‍්‍රී නිදිවර්ජිතව ගත කිරීම, පාලනයකින් තොරව ආහාර ගැනීම යන හේතු සාධක ඉවහල්වේ. මීට අමතරව කෙදි සහිත ආහාර අනුභවය අඩුවීම, සමබල ආහාර වේලක් නොගැනීම යන කරුණු ද හේතුවේ.
වැලකීම සඳහා විශේෂයෙන්ම දේශීය පාරම්පරික සහල් වර්ග වල දියවැඩියාව, හෘද රෝග, අක්මා රෝග, පෙනහලු රෝග අඩුකිරීමේ හැකියාව හා නවීන හාල්වලට වඩා පෝෂණීය තත්වයද ඉහල අගයක් ගනී. එම සහල් වලින් පිසූ කෑමවර්ග, බත් ආහාරයට ගැනීම, රතුමස් වර්ග එනම් හරක්මස්, එළුමස්, ඌරුමස් බැටළු මස් ආදිය බෝ නොවන රෝග වලට හේතු වේ. එලෙසම අධික සීනි අඩංගු පාන වර්ග, කේක්වර්ග බිස්කට් වර්ග, පුඩිං වර්ග, චොකලට්, අයිස්ක‍්‍රීම්, වටලප්පන්, ජෙලිවර්ග භාවිතය, සම්බා බත් දෛනිකව ආහාරයට ගැනීම, වට්ටක්කා, බීට්රූට් වැනි එලවලු වර්ග අහිතකරයි. රතුමාළු වර්ගද, අච්චාරු, අන්නාසි විනාකිරි පෙවූ ආහාර, බල මාලූ වැනි ආහාර තක්කාලි අධිකව ගැනීම, චට්නි වර්ග, කෝන් වර්ග, ආහාරයට ගැනීම හේතු වේ. එලෙසම ඉතාම පාන්පිටි වලින් සෑදු සියළුම ආහාර අධිකව ගැනීමද අහිතකරයි. අපගේ සහල්පිටි වලට වඩා පාන්පිටි වල සෞම්‍ය ගතිය වැඩියි. කෙදි සහිත ගතියද නොමැත. ඉක්මනින් දිරවීම නිසා ශරීරයට ඉක්මනින් වඩා අධික සීනි ප‍්‍රමාණයක් එකතු වේ. එය දියවැඩියාව දක්වා වර්ධනය වීම සිදු වේ. පලතුරුවලින්, රටඉදි, වියලි මිදි, අඹ වර්ග, දූරියන් , රඹුටන්, මැංගුස්, වැල වරකා, පැණි රස අධික පැපොල්, සීනි කෙසෙල්, කෝලි කුට්ටු, සුවදැල් වැනි කෙසෙල් වර්ග අගුණයි.
පළතුරු ලෙස ගත හැක්කේ බාගෙට ඉදුණු ඇඹුල් කෙසෙල්, කුඩා පැපොල් කැබැල්ලක්, ලොවි, ජම්බු, පේර වර්ග, ඇඹරැල්ලා, කාමරංගා, දෙළුම්, නෙල්ලි, දොඩම් වර්ග, නාරං වර්ග, කොල ඇපල් ආදිය පලතුරු ලෙස හොඳයි.
කෑම වර්ග ලෙස දේශීය සහල්, හීන් බෝවිටියා, රණවරා, කෝවක්කා, ඉරමුසු, ගොටුකොළ, වැල්පෙනෙල, හාතාවාරිය හොඳයි. ඇට වර්ග ලෙස කඩල, කව්පි, මුං ඇට, පරිප්පු ආදිය හොඳයි. එලවලූ ලෙස කරවිල, තලනබටු, වම්බටු, මුරුංගා, බණ්ඩක්කා, මෑ කරල්, පතෝල, වැටකොළු, නිවිති, සාරණ, කංකුං, ගොටුකොළ, මුගුණුවැන්න, කිරිඅගුණ, කතුරුමුරුංගා, රතු තම්පලා, තම්පලා වර්ග, මැල්ලකොල, වැනි පලා වර්ග බෝංචි, කැරට්, ගෝවා, නෝකෝල්, රාබු, පොලොස්, කෙසෙල්මුව, කොහිල අල, කොහිල දළු, නෙළුම් අල ඉතා හොඳයි. කුඩා මාළු වර්ග හාල්මැස්සන් හා කීරමින් වැනි මාළු කරවල ගුණයි. දේශීය පාරම්පරික හාල් වලින් මසුරං, හීනටි ගුණයි.දවල් නිදාගැනීම අගුණයි. රාත‍්‍රී නින්ද නොමැති වීම අගුණයි. විශේෂයෙන්ම මත්පැන් දියවැඩියා රෝගීන්ට අගුණයි.
දියවැඩියාව පාලනයට ගත යුතු හොදම ආහාර වට්ටෝරු  දියවැඩියාව පාලනයට ගත යුතු හොදම ආහාර වට්ටෝරු Reviewed by gihan on March 25, 2020 Rating: 5

No comments:

Powered by Blogger.