Results for sport

අද ප්‍රේක්ෂකයන්ට පල්ලෙකැලේ දොරටු වැසෙයි

March 06, 2020


සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්විමට නියමිත දෙවන පන්දුවාර 20යි 20 කි‍්‍රකට් තරගයේ සියලූ ප්‍රවේශ පත‍්‍ර අලෙවි වී අවසන් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා. ඒ අනුව මේ වන විට ප‍්‍රවේශ‍්‍ර පත‍්‍ර මිලදී ගෙන ඇති පේ‍්‍රක්ෂකයින් සඳහා පමණක් කි‍්‍රඩාංගනයේ ඇතුල්වීමේ දොරටු පස්වරු 4යි 30 සිට විවෘත කරන බවයි කි‍්‍රකට් ආයතනය පැවසුවේ.

ශී‍්‍ර ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන හා අවසන් 20යි 20 තරගය අද පස්වරු 7ට මහනුවර පල්ලෙකැලේ කි‍්‍රඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි
අද ප්‍රේක්ෂකයන්ට පල්ලෙකැලේ දොරටු වැසෙයි අද ප්‍රේක්ෂකයන්ට පල්ලෙකැලේ දොරටු වැසෙයි Reviewed by Kalum on March 06, 2020 Rating: 5

2015න් පසු අද පල්ලේකැලේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට ලැබෙන අවස්ථාව

February 29, 2020

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර 3 වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී අද (01) පැවැත්වෙනවා. දිවා රාති‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. තරග 3කින් සමන්විත මෙම තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ශී‍්‍ර ලංකා පිළ මේ වනවිට ජය ගෙන අවසන්. ඒ අනුව ශී‍්‍ර ලංකා පිල අද තරග බිමට පිවිසෙන්නේ කොදෙව් කණ්ඩායමට එරෙහිව පූර්ණ එක්දින තරගාවලි ජයක් අපේක්ෂාවෙන්. 2015 වසරෙන් පසු කොදෙව් කණ්ඩායමට එරෙහිව පූර්ණ එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමේ අවස්ථාව ඒ අනුව මෙවර ශී‍්‍ර ලංකා  පිලට හිමිව තිබෙනවා. එමෙන්ම අද තරගය ශී‍්‍ර ලංකා පිල ජය ගතහොත් සිය මවුබිමේදී අඛණ්ඩව ලබන දෙවන පූර්ණ එක්දින තරගාවලි ජය ලෙසද මෙය වාර්තා වනු ඇති.

මේ අතර අද තරගයේ ප‍්‍රවේශපත් පල්ලේකැලේ කී‍්‍රඩාංගණය තුළ අලෙවි නොකිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ තරගය පැවැත්වෙන අද දිනයේ කී‍්‍රඩාලෝලීන් අතර අනවශ්‍ය තදබදයක් ඇතිවීමේ අවදානම වැළැක්වීමේ අරමුණින්. ඒ අනුව අදාළ ප‍්‍රවේශපත‍්‍ර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මූලස්ථානයෙන් අස්ගිරිය කී‍්‍රඩාංගණයේ පිහිටුවා ඇති මහනුවර දිස්ති‍්‍රක් කි‍්‍රකට් සංගම් කාර්යාලයෙන් මිලදී ගත හැකි බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ. එමෙන්ම බලගොල්ලේ පිහිටි අභීත කී‍්‍රඩා පිටියේ ස්ථාපිත ප‍්‍රවේශපත‍්‍ර කවුළුවෙන්ද අද තරගයේ ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගත හැකි වනවා. අද තරගය නැරඹීමට පැමිණෙන කී‍්‍රඩාලෝලීන් සඳහා පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේ පිවිසුම් දොරටු පස්වරු 12.30 ට විවෘත කරන බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වැඩිදුරටත් සදහන් කළා
2015න් පසු අද පල්ලේකැලේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට ලැබෙන අවස්ථාව  2015න් පසු අද පල්ලේකැලේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට ලැබෙන අවස්ථාව Reviewed by Kalum on February 29, 2020 Rating: 5

ඊයේ තරගයේදී කී‍්‍රඩා ලෝලීන්ට පහරදීම සම්බන්දයෙන් කී‍්‍රඩා ඇමති සමාව අයදී

February 26, 2020


හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේ ඊයේ පැවති කොදෙව් - ශී‍්‍ර ලංකා දෙවන එක්දින තරගය නැරඹීමට පැමිණි කී‍්‍රඩාලෝලීන්ට එම කී‍්‍රඩාංගණයේ පිවිසුම් දොරටුව අසලදී ආරක්‍ෂක අංශ විසින් සිදුකළ පහරදීම සම්බන්ධයෙන් තමන් එම කී‍්‍රඩා ලෝලීන්ගෙන් සමාව අයැද සිටින බව කී‍්‍රඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. අදහස් දක්වමින් කී‍්‍රඩා අමාත්‍යවරයා සදහන් කළේ මේ සම්බන්ධයෙන් තමන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලධාරීන්ගෙන්ද කරුණු විමසීමක් සිදුකරන බවයි. වසර 5 කට පසු හම්බන්තොට පැවති මෙම දිවා රාතී‍්‍ර එක්දින කි‍්‍රකට් තරගය නැරඹීමට පැමිණි කි‍්‍රකට් ලෝලීන්ට මෙලෙස පහරදීම තමන් හෙළා දකින බවද කී‍්‍රඩා අමාත්‍යවරයා සදහන් කළා.
ඊයේ තරගයේදී කී‍්‍රඩා ලෝලීන්ට පහරදීම සම්බන්දයෙන් කී‍්‍රඩා ඇමති සමාව අයදී ඊයේ තරගයේදී කී‍්‍රඩා ලෝලීන්ට පහරදීම සම්බන්දයෙන් කී‍්‍රඩා ඇමති සමාව අයදී Reviewed by Kalum on February 26, 2020 Rating: 5

අවිෂ්ක ශතකයේ රහස හෙළිකරයි

February 26, 2020

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල කොදෙව් පිලට එරෙහිව තරග දෙකම ජය ලබා සාර්ථක වීමට ප්‍රධාන හේතුව හොඳ පුහුණුකරුවන් රැසකගේ සේවය ලැබීම බව යොවුන් පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු පැවසීය. සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කොදෙව් පිලට එරෙහිව ඊයේ (26 වැනිදා) පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 161 ක ජයක් ලැබීමෙන් පසුව එම තරගයේ වීරයා වූ අවිෂ්ක වැඩි දුරටත් මෙසේ ද ‘පැවසීය. “අපිට පුහුණුවීම්වලදී හරි දේ කරන්න පු`ඵවන් නම් තරගයේදීත් ඒ දේවල් කරන්න පුඵවන්. අපිට දැන් හොඳ පුහුණුකරුවන් කණ්ඩායමක් ඉන්නවා. අත්දැකීම් තියෙන ක්‍රීඩකයො ඉන්නවා. මම හිතන්නෙ ඒවා තමයි වැඳගත් වෙන්නේ” ශ්රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පසුගිය ජනවාරි මස සිට ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ඇතුඵ නව විදේශ පුහුණුකරුවන් පස්දෙනකුගේ සේවය ලැබුණි.එම තරගයේදී අවිෂ්ක ලකුණු 127 ක් රැස්කිරීමට සමත්වූ අතර එම ඉනිම පිළිබඳව අවිෂ්ක මෙසේ අදහස් දැක්වීය.

“ලකුණු නවයකට කඩුලු දෙකක් බිඳ වැටීම නිසා මට මගේ සාමාන්‍ය පිතිහරඹයට යන්න බැරි වුණා. මම කුසල් අයියත් සමඟ කථා කරලා සැළසුම් කළේ සෑම විටම ඕවරයකට ලකුණු තුන හතර ගහලා ඕවර 10 ක් 15 ක් කඩුල්ල ආරක්‍ෂාකර ගන්න”
 “නමුත් ඒ අවස්ථාවේදී අපේ ඩොට් බෝල්ස් ගණන වැඩි වුණා. කෙසේ වෙතත් පසු පෙළ පිතිකරුවන්ට වේගයෙන් ලකුණු රැස්කරන්න ඕවර සංඛ්‍යාවක් ඉතිරි වුණා”
“පුහුණුවීම්වලදී හරි දේ කරනවා නම් තරගයේදීත් ඒවා කරන්න පුඵවන්. මම සෑම විටම බලන්නේ තරගයෙන් තරගයට පිතිකරුවකු ලෙස කණ්ඩායමට උපරිමය ලබාදෙන්නයි”
“ලීග් තරගාවලිවලට සහභාගි වීමෙන් ලොකු අත්දැකීමක් ලබාගන්න පුඵවන්. මොකද ඒ තරගාවලිවලට ලෝකයේ ප්‍රබල ක්‍රීඩකයන් ක්‍රීඩා කරනවා. බී.පී.එල්. තරගාවලිය මගේ ඉදිරි ක්‍රිකට්වලට හොඳ අත්දැකීමක් වුණා”
සූරියවැව ක්‍රීඩාංගණයේ හතරේ සීමාව තණතීරුවේ සිට යාර 90 ක් පමණ දුරවීම පිළිබඳව අවිෂ්ක මෙසේ පැවසීය.
“ලංකාවේ ක්‍රීඩාංගණවලින් සූරියවැව ක්‍රීඩාංගණය ගොඩක්ම විශාල ක්‍රීඩාංගණය. යාර 80 හෝ 85 හතරේ සීමාව තියෙන ක්‍රීඩාංගණවල විශාල පහරවලට යෑමට අපිට ලොකු හැකියාවක් නෑ. ඒ නිසා අපි බැලුවෙ අපිට එන ලකුණු හතර අරගෙන මැද ඕවර ටිකේ දුවලා ලකුණු රැස්කරන්නයි. අපිට අද එය සාර්ථකව කරන්න පුඵවන් වුණා”
“හයක් ගහන්න වගේ ලොකු දේවල් අපි බැලුවේ නෑ. ඒ ආකාරයට ක්‍රීඩා කළ නිසා තමයි ලකුණු 345 ක් රැස් කරන්න හැකි වුණේ”
“ඒ අවස්ථාවේදී කඩුලු දෙකක් වැටුණු නිසා මටයි කුසල් අයියටයි ඕන වුණේ ලකුණු ටිකක් රැස්කරන්න. පසු පෙළ පිතිකරුවන්ට ඕවර ටිකක් ඉතිරි කරලා කඩුලු අතේ තියාගත්තා නම් ඒ අවසන් ඕවරවලට ලකුණු රැස්කරන්න පුඵවන් බව අපි දැනගෙන හිටියා”
කුසල් මෙන්ඩිස් ලකුණු දෙකක් ලබා සිටියදී කරන් පොලාඞ් වෙතින් ගිලිහී ගිය උඩ පන්දුව පිළිබඳව කළ විමසුමේදී අවිෂ්ක මෙසේ පැවසීය.
“ඒ උඩපන්දුව ගිලිහී යෑම ඇත්තෙන්ම තීරණාත්මකයි. මොකද ඒ වෙලාවේ තව කඩුල්ලක් බිඳ වැටුණා නම් අපිට පීඩනය වැඩි වෙනවා” යැයි අවිෂ්ක වැඩි දුරටත් පැවසීය.
කරන් පොලාඞ් තරගය අවසන් වීමෙන් පසුව පැවසුවේ තමන් වෙතින් උඩ පන්දුව ගිලිහී යෑම නිසා කුසල්ගේ ශතකයට තමන්ටම ස්තූතිය පළ කරගන්නා බවයි
අවිෂ්ක ශතකයේ රහස හෙළිකරයි අවිෂ්ක ශතකයේ රහස හෙළිකරයි Reviewed by Kalum on February 26, 2020 Rating: 5

කුසල් අවිශ්ක වාර්ථා පොත අලුත් කරයි

February 26, 2020

සංචාරක කොදෙව් පිළ හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී නියමිත පන්දුවාර පනහා අවසානයෙ ලකුනු 345 ක ඉලක්කයක් කොදෙව්වන් වෙනුවෙන් ලබාදීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත්වුනා.
ප්‍රථම කඩුලු දෙක මුලු ලකුනු පුවරුව 9 ක්ව තිබියෙදී බිඳ වැටුන අතර ඉන් පසුව පිටියේ එකතු වූ අවිශ්ක ප්‍රනාන්දු හා කුසල් මෙන්ඩිස් යන දෙපළ තෙවන කඩුල්ලක ලකුනු 239 ක විශිෂ්ට සබදතාවක් ගොඩනැගීමට සමත් වුනා. කුසල් මෙන්ඩිස් ලකුනු 119 ක් හා අවිශ්ක ප්‍රනාන්දු ලකුනු 127 ක් රැස්කිරීමට සමත් වුනා.
එම විශිෂ්ඨ සබදතාව වාර්තා පොත් අලුත් කරනු ලැබුවේ කොදෙව් ශ්‍රී ලංකා එක්දින තරග ඉතිහාසයේ තුන්වන කඩුල්ලට වාර්තා උන හොඳම සබදතාව ලෙසයි. එමෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින පිටියෙදී වාර්තා වුන හොඳව තුන්වන කඩුල්ලේ සබදතාවද මෙය බවට පත්වුනා. ලෝක මට්ටමින් සලකා බැලීමේදී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ තුන්වන කඩුල්ලට වාර්තා වුන සිව්වන හොඳම සබදතාවද මෙය බවට පත්වුනා.
කුසල් අවිශ්ක වාර්ථා පොත අලුත් කරයි කුසල් අවිශ්ක වාර්ථා පොත අලුත් කරයි Reviewed by Kalum on February 26, 2020 Rating: 5

ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය අක්‍රමිකතා සොයන්න තවත් විශේෂ විගණනයක්

February 25, 2020


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණනය යටතේ මේ වන විට විශේෂ විගණන වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබියදී මූල්‍ය ගනුදෙනු රැසක් සම්බන්ධයෙන් තවත්
විශේෂ විගණන වාර්තාවක් පාර්ලිමේන්ත වෙත ඉදිරිපත් කරන බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා කෝප් කමිටුවට (පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව) දැන්වීය. විගණකාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා (20දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගනුදෙනු සම්බන්ධයෙන් විමසීමට පාර්ලිමේන්තුවේ පැවති කෝප් කමිටු රැස්වීමේදීය. එහිදී විගණකාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ පැවැති නිදහස් කුසලානය වැනි ගනුදෙනු කිහිපයක් පිළිබඳ ඉදිරි විශේෂ විගණනයෙන් පාර්ලිමේන්තුව වෙත කරුණු වාර්තා කරන බවයි.විගණකාධිපති දෙපාර්තමේන්තුව ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මේ වනවිට නිශ්චිත කාරණා 05කට අදාළව සිදුකෙරුණු මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් විශේෂ විගණනයක් සිදු කර එහි වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබේ. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 13 වගන්තිය ප්‍රකාරව මෙම විශේෂ විගණන වාර්තාව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කර තිබිණි.

එහි දෙවැනි පරිච්ඡේදය තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ක්‍රිකට් ක්‍රීඩකයන් පුහුණු කිරීම සඳහා උසස් තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට අදාළ කටයුතු පරීක්ෂාවද,
තෙවැනි පරිච්ඡේදය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර රූපවාහිනී විකාශය, ගුවන්විදුලි ප්‍රචාරය, (රැහැන් රහිත) හා අන්තර්ජාල විකාශනය සහ අනුග්‍රාහකත්ව ආදී අයිතීන් (International TV Broadcast, Radio Internet, Mobile and Sponsorship Rights) අලෙවි කිරීමට අදාළ ගිවිසුම්ගත වීම, ආදායම් එකතු කිරීම සහ ඊට අනුශාංගික කරුණු පරීක්ෂාවද, සිව්වැනි පරිච්ඡේදය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා ජාතික ප්‍රධාන පුහුණුකරුවෙකු බඳවාගැනීම පිළිබඳව කරුණු පරීක්ෂාවද, පස්වැනි පරිච්ජේදයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ පිළිබඳ දේශීය ගුවන්විදුලි විකාශන අයිතිය අලෙවි කිරීම පිළිබඳ කරුණු පරීක්ෂාවද, හයවැනි පරිච්ඡේදයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුණ්‍යාධාර හස්තය ලෙස 'Cricket Aid (Guarantee) Ltd නමින් ඇපයෙන් සීමිත සමාගමක් පිහිටුවීමට අදාළ කටයුතු පිළිබඳ කරුණු පරීක්ෂාවද සිදු කර තිබිණි.


ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය අක්‍රමිකතා සොයන්න තවත් විශේෂ විගණනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය අක්‍රමිකතා සොයන්න තවත් විශේෂ විගණනයක් Reviewed by Kalum on February 25, 2020 Rating: 5

ඉන්දියාවේ ඉදිවූ ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය

February 24, 2020


දෙදින නිල සංචාරයක් සදහා ඉන්දියාවට පැමිණි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (24) ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කර තිබෙනවා.ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන්නේ අහ්මදාබාද් නුවර ඉදිකෙරුණු සර්දාර් පටෙල් ක්‍රීඩාංගනයයි. මොටේරා ක්‍රීඩාංගනය යනුවෙන්ද මෙය හැදින්වේ.  අහ්මදාබාද් ගුවන්තොටුපොළේ දී ඔවුන් සැවොම මහත් හරසරින් ඉතාම උණුසුම් ලෙස පිළිගැනීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කටයුතු කර තිබුන බවත් විදෙස් මාධ්‍ය සදහන් කර සිටිනවා.අහමදාබාද් පැමිණි ට්‍රම්ප් සහ මෙලානිය, ගාන්ධි ආශ්‍රමය වෙත රැගෙන යාමට ඉන්දීය අගමැති අමතක කර නැහැ

ඉන්දියාවේ ඉදිවූ ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉන්දියාවේ ඉදිවූ ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය Reviewed by Kalum on February 24, 2020 Rating: 5

ක්‍රිකට් උඩු යටිකුරු කරමින් ඉනිමක ඉහලම ලකුණු සංඛ්‍යාව අවිශ්ක තරිදු වාර්තා කරයි

February 19, 2020


මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ අවිශ්ක තරිදු ඊයේ (18) සමත් වුණා. ඒ වයස අවුරුදු 19න් පහළ පළමු පෙල පාසල් ක්‍රිකට් තරගාවලියේදී කොළඹ ලූම්බිණි විද්‍යාලයට එරෙහිව ලකුණු 350ක් රැස් කරමින්. පන්දු 285කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 56 ක් සහ හයේ පහර 3ක් ඇතුළත් වුණා. අවිශ්ක තරිදුගේ මෙම සුපිරි ඉනිම වාර්තා වූයේ මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු ඉනිමක ලකුණු 300 සීමාව පසු කළ 3 වන අවස්ථාව ලෙසටයි. 1996 වසරේදී මීගමුව මාරිස්ටෙලා විදුහල නියෝජනය කළ ධම්මික වාස් ගුණවර්ධන මීගමුව ශාන්ත පීතර විද්‍යාලයට එරෙහිව ලකුණු 310 ක් රැස්කරමින් මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවා. ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ මෙරට පළමු පාසල් ක්‍රීඩකයා වූයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ද නියෝජනය කළ ඉන්දික ද සේරම්.

ඔහු 1993 වසරේදී මාතර ශාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් ලකුණු 304ක් රැස් කිරීමට සමත් වුණා. ඒ අම්බලන්ගොඩ දේවානන්ද විදුහලට එරෙහිවයි. ලකුණු 350ක් රැස් කරමින් නව පාසල් ක්‍රිකට් වාර්තාවක් තැබූ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ අවිශ්ක තරිදු අවසන් කඩුල්ල ලෙස දැවී ගියේ සිය කණ්ඩායමේ ලකුණු පුවරුව 514ක්ව තිබියදීයි. ලූම්බිණි විද්‍යාලයීය පන්දු යවන්නන්ට හිසරදයක් වූ මෙම පිතිකරුවා දවාලීමට ලූම්බිණි ක්‍රීඩකයින් මන්කාඞ් ක්‍රමය යොදා ගැනීම ද කැපි පෙනුනා. දෙවැනි ඉනිමේදී ද අවිශ්ක තරිඳු ලුම්බිණි විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුනු 79ක් රැස් කිරීම විශේෂත්වයක්.
ක්‍රිකට් උඩු යටිකුරු කරමින් ඉනිමක ඉහලම ලකුණු සංඛ්‍යාව අවිශ්ක තරිදු වාර්තා කරයි ක්‍රිකට් උඩු යටිකුරු කරමින් ඉනිමක ඉහලම ලකුණු සංඛ්‍යාව අවිශ්ක තරිදු වාර්තා කරයි Reviewed by Kalum on February 19, 2020 Rating: 5
Powered by Blogger.