Results for health

මේ වන විට ලෝකයේ තත්වය | France-China-Dubai

March 23, 2020
කොරෝනා වෛරසය පිළිබද ගෝලීය තත්ව වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ දින (08) නිකුත් කරන ලද තත්ව වාර්තාවට අනුව රෝගය වැළදුන සංඛ්‍යාව ගෝලීය වශයෙන් 34,886 ක් බව තහවුරු කර ඇති අතර පසුගිය පැය විසිහතර තුළ නව රෝගීන් 3,419 ක් වාර්තා වී ඇති බව එම වාර්තාවේ සදහන් වේ. පෙබරවාරී 07 දින නිකුත් කරන ලද තත්ව වාර්තාවට සාපේක්ෂව රෝගය ව්‍යප්තවීමේ ප්‍රවනතාව සළකා බැලීමේ දී 10.8% ක් දක්වා යම් අඩු වීමක් වාර්තා වී ඇත. රෝගය වැළදුන සංඛ්‍යාවෙන් පුද්ගයින් 34,598 චීන ජාතියින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත‍.

සම්පුර්ණ විස්තරය වීඩියෝව බලන්න 

මේ වන විට ලෝකයේ තත්වය | France-China-Dubai මේ වන විට ලෝකයේ තත්වය | France-China-Dubai Reviewed by Gossip Lanka News on March 23, 2020 Rating: 5

දියවැඩියාව හැදෙන්න කලින් දැනගන්න විදිය

March 23, 2020

අපේ ශරීරය තුල කිසියම් ක්‍රියාවලියක් අපට අහිතකර ආකාරයෙන් සිදු වනවා නම්, එය හඳුනා ගැනීමට ශරීරය මගින් විවිධ සංඥා නිකුත් කරනවා. දියවැඩියාව සඳහා ද ශරීරය ඒලෙසම ක්‍රියා කරනවා. දිගු කාලයක් තිස්සේ ඔබේ රුධිරයේ සීනි ප්‍රමාණය ඉහල අගයක පැවතියේ නම්, නිතර තිබහ සහ කුසගිනි ඇති වීම, ඇස් වල පෙනීම නොපැහැදිලි වීම, තුවාල සුව වීම ප්‍රමාද වීම සහ නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම ආදී ලක්ෂණ ඇති වෙනවා.

ග්ලුකෝස් කියන්නේ අපේ ශරීරයේ සෛල තුල ශක්තිය නිපදවීමට යොදා ගන්නා සීනි වර්ගයක්. කෙසේ වෙතත්, අපේ ශරීරයට හානිදායක ප්‍රතිඵල ඇති වීම වැළැක්වීම සඳහා, මෙම සීනි ප්‍රමාණය නියමිත පරාසයක තබා ගැනීම අත්‍යවශ්‍යයි. මේ සඳහා, අපේ අග්න්‍යාශය විසින්, ග්ලුකෝස් නිපදවීම සහ වැයවීම පාලනය කරන ‘ඉන්සියුලින්’ නැමැති හෝමෝනය නිපදවනවා. කෙසේ වෙතත්, විවිධ හේතූන් මත, අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරන පද්ධතිය අග්න්‍යාශයේ මෙම ‘ඉන්සියුලින් නිපදවන සෛල’ වලට එරෙහිව ක්‍රියා කිරීමට පටන් ගැනීම නිසා, මාරාන්තික සංකුලතා ඇති කල හැකි, බරපතල රෝගයක් වන, ‘දියවැඩියාව’ ඇති වීමට හේතු වෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ රුධිරයේ සීනි ප්‍රමාණය ඉහල අගයක පැවතීමෙන්, රුධිර නාල වලට හානි සිදුවීමත් වෙනත් ගැටළු උද්ගත වීමත් සිදුවිය හැකියි. එසේම, රුධිරයේ අධික සීනි ප්‍රමාණයක් පැවතීම ආඝාතය, වකුගඩු අක්‍රීය වීම, ඇස් පෙනීම අඩු වීම/ඇස් නොපෙනී යාම වගේම සමෙහි ඇති වන ස්නායු ගැටළු නිසා තුවාල හෝ අසාදන ඇති විය හැක. මේ හේතුව නිසා, රුධිර සීනි ප්‍රමාණය ඉහල යන විට ඇති වන විවිධ රෝග ලක්ෂණ හඳුනා ගැනීම ඉතා වැදගත්.

අත් පා වල ඇති වන හිරි ගතිය-දියවැඩියාව ඇති පුද්ගලයෙක්ට කලින්ම ඇති වන ලක්ෂණයක් ලෙස අත් පා හිරිවැටීම දක්වන්න පුළුවන්. එයට හේතු වන්නේ අත්පා වල ඇති ස්නායු වලට හානි සිදුවීමයි.

නිතර ඇති වන කුසගින්න-දියවැඩියාව ඇති පුද්ගලයෙක්ට නිතර නිතර කුසගිනි දැනීමට හේතු වන්නේ රුධිර සීනි ප්‍රමාණය සාමාන්‍ය පරාසයට වඩා අඩු වූ විටයි. මෙමගින් දියවැඩියාව ආශ්‍රිත වෙනත් රෝගී තත්වයන් වන, අනවශ්‍ය ලෙස ආහාර ගැනීමත්, තරබාරු වීමත් යනාදියට ගොදුරු වෙනවා.


නිතර මුත්‍රා පිට කිරීමට අවශ්‍යවීම-රුධිරයේ සීනි ප්‍රමාණය ඉහල ගිය විට, ඔබට නිතරම මුත්‍රා කිරීමට අවශ්‍ය වේ. (විශේෂයෙන්ම මේ නිසා, රාත්‍රී කාලයේදී නින්දට බාධා වේ.)

අධික පිපාසය-රුධිර සීනි ප්‍රමාණය ඉහල යාම, ඔබට නිතර පිපාසයක් ඇති කිරීමට හේතු වන අතර, ඔබ දියවැඩියාවෙන් පෙලෙන බවට තහවුරු වන ප්‍රබල සූචකයක් ලෙස දැක්විය හැකියි.

විඩාබර ගතිය-අපේ ශරීරයේ සෛලවලට අවශ්‍ය තරම් ග්ලුකෝස් නොලැබෙන විට, ඒවාට නිසි පරිද ක්‍රියා කිරීමට නොහැකි වන බැවින් ශරීරයට දුර්වලතාවක් සහ විඩාවක් ඇතිවේ.

ඉක්මනින් ශරීරයේ බර වැඩි වීම හෝ අඩු වීම-රුධිර සීනි මට්ටම අඩු වූ විට, මේද දහනය වෙනුවට මාංශ පේශි දහනය මගීන් ශක්තිය ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස, ඉතා ඉක්මනින් ශරීරයේ බර අඩු වීම සිදුවේ. එසේම, රුධිර සීනි මට්ටම වැඩිවීම, ශරීරයේ බර වැඩි වීමට හේතු වන බැවින් ද, ඔබ ශරීරයේ ක්ෂණික බර අඩු/වැඩිවීම් වලට ලක් වෙනවා නම්, වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුයි.

නිතර අමතක වීම් ඇති වීම-රුධිරයේ සීනි මට්ටමේ සිදු වන වෙනස්කම් නිසා ශරීරයේ සමතුලිතතාවය බිඳ වැටීම සහ නිතර අමතක වීම් ඇතිවීම සිදු විය හැකියි.

තුවාල සුවවීම ප්‍රමාද වීම-අපි ඉහත සඳහන් කර ඇති පරිදි, රුධිර සීනි ප්‍රමාණය ඉහල යාම නිසා ස්නායු වලට හානි සිදු වන බැවින්, කැපුම් සහ අනෙකුත් තුවාල සුව වීම ප්‍රමාද වනවා.

ඇස්වල පෙනීම අඩු වීම/නොපැහැදිලි වීම සහ කරකැවිල්ල-ඇස් වල පෙනීම අඩු වීම/නොපැහැදිලි වීම සහ ක්ෂණිකව ඇතිවන කරකැවිල්ල, රුධිර සීනි මට්ටම ඉහල ගිය විට සහ දියවැඩියාව ඇති විට, වඩාත් බහුලව ඇති වන රෝගී ලක්ෂණ වලින් එකක් නිසා නොසලකා හැරීම නොකළ යුතුයි.
දියවැඩියාව හැදෙන්න කලින් දැනගන්න විදිය දියවැඩියාව හැදෙන්න කලින් දැනගන්න විදිය Reviewed by gihan on March 23, 2020 Rating: 5

ජාතියක් නිරෝගී කර දියබත හරියටම හදන විදිය මෙන්න

March 23, 2020


අතීතයේ අපේ ගම් ගෙවල්වල රෑ කෑමට හදපු බත් ඉතුරු උනාම පහුවදා උදේ එය විසි කරලා දැම්මේ නැහැ. එයාල රෑ කෑමට හදලා ඉතිරිවෙන බත්වලට කියන්නේ හීල් බත කියලා. ඉතින් මේ හීල් බතට වතුර දමා උදේට කන්න දියබත හදලා ගන්න එක හැම ගැමි ගෙදරකම පුරුද්දක් උනා. කොහොමත් එදා ගෙවල් වල බත් පිස ගත්තෙ අද වගේ රයිස් කුකර් එකේ නොවෙයි මැටි මුට්ටියේ . මැටි මුට්ටියේ පිසගත් බත් වලට ඉතිරි වුණ කොටසට සමාන වතුර ප්‍රමාණයක් ඊට එක් කරලා ඒ බදුනේ ම සාමාන්‍ය උෂ්ණත්වය තියෙන්න ඇරලා තමයි මේ දියබත සකස් කරගත්තේ.

ඒ විදියට සකස් කරගත් දිය බත උදෑසන ආහාරයට ගත්තේ පොල් කිරි හොද්දක් සමග නැත්නම් හකුරු කෑල්ලක් සමඟයි.පොල්කිරි ටිකක් මිරිකලා එයට රතුළූණු වියළි මිරිස් කරලක් උම්මලකඩ කැබලි ටිකක් දාලා දෙහි එක්ක හොඳින් අනලා සකස් කර ගත් පොල් කිරි හොද්ද එක්ක මේ දියබත ආහාරයට ගන්න පුළුවන්. ගැස්ට්‍රයිටීස් ඇති අයට නැත්නම් මිරිස් අගුණ අයට ඒ වෙනුවට කිතුල් හකුරු කෑල්ලක් එක්ක කෑමට හැකියාව තිබෙනවා. රාත්‍රි බතට එක් කරන වතුර පෙරා ඉවත් කරන එක නම් හොද නැහැ. එවිට එහි පෝෂණය අපතේ යනවා.

පර්යේෂණ වලින් සොයාගෙන ඇති අන්දමට දියබත් ආහාරයට ගැනීම ශරීර ශක්තිය වඩවන අතර හිතකර බැක්ටීරියා වර්ග ශරීරයට ලබා ගැනීමට හැකියාව ලැබෙවා. මෙහි කෙඳි සහිත බව නිසා මලබද්ධය දුරලා සිරුර ප්‍රබෝධමත් කරයි. සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය සාමාන්‍ය කර තරුණ බව රැකදෙයි.මීට අමතරව තුවාල සුව කිරීමේ ශක්තියද දියබතට පවතිනවා. ඔබ දන්නවාද මේ විදියට බත් සාමාන්‍ය පරිසරයේ තියෙන කොට අවට පරිසරයේ හා වාතය වාසය කරන හිතකර ක්ෂුද්‍ර ජීවීන් ඒ මත ක්‍රියාකරන බව.

එවිට බත් පැසීමේ ක්‍රියාවලියට ලක් වී විටමින් B වගේම C සාන්ද්‍රනය ඉහළ යනවා. සැබෑවටම අලුත් බත්වලට වඩා දියබත් හරිම සැහැල්ලුයි. ජීරණය පහසු නිසාම ආමාශයේ වැඩිවේ රැඳෙන්නේ නැහැ. දංකුඩ සහිත බත් වල ක්ෂාරීය ගුණය වැඩි නිසා මෙම ආහාරය අම්ලපිත්ත රෝගීන්ට වඩා හොද සහනයක් සහනයක් ළඟා කර දෙනවා. ඒ වගේම මෙහි කැලරි ප්‍රමාණයත් ඉතාම අඩුයි.ඉතින් අතීතයේ මිනිසුන් නිරෝගීව සිටීම අරුමයක් නොවේ. මැටි මුට්ටියක් වත් අද ඇතැම් නිවසක සොයා ගැනීමටත් අපහසු තරම්.දිය බත් ගැන නොදැන සිටි සියලූ දෙනාම එක් වරක් හෝ එය රස විඳ බලන්නට හැකි නම් ඉතාම වටිනවා.

පළාතෙන් පලාතට දියබතට එක්කෙරෙන අමුද්‍රව්‍ය වල යම් යම් වෙනස් කම් සිදුවන අවස්ථාවත් දැකගත හැකියි. කොළඹ එක්කෙරුණු අමු මිරිස් වෙනුවට දකුණු පළාතේ බැදගත් හෝ ගින්දරට අල්ලා පුළුස්සා ගත් වියලි මිරිස් කරල් දෙක තුනක් කුඩා කැබලි කර එක් කරණ අතර නුවර මිරිස් එක් නොකර කිතුල් හකුරු සමඟ ආහාරයට ගැනීම සිදුවේ. රසවත් බව වැඩි කර ගැනීමට සහ තම කැමැත්තේ හැටියට ඉදුණු තක්කාලි ගෙඩියක් හෝ උම්බලකඩ කුඩු ස්වල්පයක් එක්කෙරෙන අවස්තාද මේ අතර ඇත.කුමන ආකාරයකට පිළියෙළ වූවත් දියබතේ රසසහ ගුණ මිස අගුණයක් නැත.ශරීරයේ විෂ නසා සිසිල් කිරීමේ මහඟු ගුණයක් ඇති දියබත පායන වියලි දේශගුණ කාලවලදී ජිවිත බේරාගන්නා ඖෂධයක් මට්ටමට වටිනාකමින් වැඩිවේ. එවන් කාලවලදී ඇතිවන ඇස් රෝග, සමේ ආසාධන, කටදිව පැලිම, යටිපතුල් වල පැලීම් වැනි ඌශ්නාධික රෝග වලින් මිදීමට හෝ ඉක්මන් සුව ලබා ගැනීමට දියබතතරම් සමත් වෙනත් ඖෂධයක් නැත.

දියබත උෂ්ණාධික රෝග සහ ගැස්ට්‍රයිටිස් රෝගයට සුවදායි වන බවට ආයුර්වේද වෛද්‍ය විද්‍යා මුල ධර්ම ඔස්සේ සරලව විග්‍රහ කර පෙන්විය හැකියි. එනම් විසෙන් විෂ නැසීමයි.දෙහියුෂ සහ රතුළූණු ආම්ලික ආහාර වලින් අනූන දියබත දිවට වැටුණු වහා මුලින් දැනෙන්නේ ආම්ලික ඇඹුල් රස. ඒ නිසා ආමාශය භාශ්මියකරණයට සුදානම්ව අම්ල අඩුකරයි. ඒ මතට තවදුරටත් භාෂ්මියකරණය අඩංගු පොල්කිරි යෙදෙයි. එමගින් ශරීරයේ ස්වභාවික ආම්ලික බව අඩුකිරීම උත්තේජනය කර බාහිරින් ආම්ලික බව අඩු කෙරෙන ආහාර යෙදෙයි.ඒ බහුල ආහාර වන දෙහි, රතුළුණු සහ අමුමිරිස් අඩංගු දෑ…

විටමින් සී වල ( ප්‍රතිඔක්සිකාරක වන මෙය බොහෝ රෝග වලක්වා ශරීරය ධුලකහරණය කර නැවුම් බවින් පුබුදුවන්නට සමත්වේ.) ලවණ සහ ඛනිජ (කැල්සියම්, සෝඩියම්, පොටෑසියම් )

දියබත පිළියෙළ කෙරෙන අමුද්‍රව්‍ය අතර ප්‍රධාන වන්නේ හීල්බතය. අද වන විට උදෑසන ආහාරය සපයන පාන් සහ තිරිඟු පිටි නිෂ්පාදන අධික තාපයට හසුව එහි ඇති එන්සයිම වර්ග, හෝර්මෝන වර්ග සහ ප්‍රතිඔක්‌සිකාරක ආදී යහපත් රසායනික සංයෝග බොහොමයක් විනාශ වේ.නමුත් එදා අප ආහාරයට ගත් කැකුළු සහල් පිසෙන විට හැර වෙනත් ආකාරයට තාපයට හසුවීමක් නැත. පිෂ්ඨය ඇතුළු සහල් නිවුඩ්ඩ තුළ ඇති විටමින් වර්ග, ලවණ සහ ඛනිජ අඩංගු පෝෂ්‍යදායි සෙමෙන් දිරවන ආහාරයකි; හීල් බත.පොල් කිරෙන් දියබතට ලැබෙන අපුර්ව රසය සහ භාෂ්මිකතාවයට අමතරව වාසි ලැබේ.


  • කොලෙස්ටරෝල් අඩු කර හදවත් රෝග අඩුකිරීම.
  • අධි ලවන සංයුතිය මානසික ආතතිය, අධි රුධිර පීඩනය, විජලනය සහ මල බද්ධය වලක්වයි.
  • ප්‍රතිඔක්සිකාරකයක් සේ ක්‍රියා කර ශරීරයේ විෂ ඉවත්කිරීම.
  • ක්‍ෂුද්‍රජීවින් විනාශ කිරීම (Anti-microbial effect)


සමස්ථයක් ලෙස ඇති ප්‍රයෝජන


  • කටතොල් පැලෙන අයට ඉතාමත් ගුණදායක ඔසුවකි.
  • වඩාත්ම විශේෂ කාරණය වන්නේ අද සමාජයට මහත් පිලිලයක් වී ඇති ගැස්ට්‍රයිටීස් නම් අම්ල පිත්ත නමින් ආයුර්වේදයේ හඳුන්වන අවස්තාවට ඉතාමත් ගුණදායක වීමයි.
  • ශරීරයේ ඇතිවන දැවිලි ගතිය පහ වීමට.
  • මෙය ඉතාමත් පෝෂ්‍යදායක ඔසුවක් වැනි ආහාරයක් නිසා යෞවන වයසේ සිටින දරුවන්ට වඩාත් ගුණදායකයි.
  • බඩේ තුවාල ඇති අයට ඉතා ප්‍රත්‍යක්ෂ ඔසුවකි.
  • කොලෙස්ටරෝල් අඩු කර හදවත් රෝග අඩුකිරීම.
  • අධි ලවණ සංයුතියමානසික ආතතිය , අධි රුධිර පීඩනය, විජලනය සහ මල බද්ධය වලක්වයි.
  • ප්‍රතිඔක්සිකාරකයක් සේ ක්‍රියා කර ශරීරයේ විෂ ඉවත්කිරීම
  • ක්‍ෂුද්‍රජීවින් විනාශ කිරීම (Anti-microbial effect)
  • ලවණ සහ ඛනිජ (කැල්සියම්, සෝඩියම්, පොටෑසියම්) සැපයීම
  • විටමින් සී වල (ප්‍රතිඔක්සිකාරක වන මෙය බොහෝ රෝග වලක්වා ශරීරය ධුලකහරණය කර නැවුම් බවින් පුබුදුවන්නට සමත්වේ )
  • විටමින් බී සපයා රුධිරය පෝෂණය
  • දියවැඩියා කෙරෙහි ගුණදායකය
  • මේ සියලු හේතු නිසා ආහාරමය වශයෙන් දියබත බොහෝ පෝෂණීය ගුණ සහිත ශක්ති ජනක ආහාරයකි. දවස පුරා සිරුර නැවුම් බැවින් තබමින් බොහෝ රෝග වලින් ඔබ වලකන දියබතට ඔබේ මුළුතැන් ගෙයි නිසි තැන ලබා දෙන්නට සැරසිය යුතුය.ලංකාව වැනි රස්නෙ රටක සිටිනවා නම් දාහය නිවන කෑම ලබා ගැනීම අනිවාර්යයි. දිය බත් එවැනි ඇඟ සිසිල් කරන ලංකාවටම ආවේණික ආහාරයක්. ඒ වගේම දිය බත් යනු පහසුවෙන් සදා ගත හැකි සමබල, පෝෂ්‍ය දායක උදෑසන ආහාරයක්.


දිය බත හදන විදිය අවශ්‍ය ද්‍රව්‍ය:


  • උයා ඉතිරි උන බත් ටිකක්
  • පොල් කිරි
  • වියළි මිරිස් කරල් 5
  • රතු ළූණු ගෙඩි 5
  • සුදු ළූණු බික් 1
  • දෙහි යුෂ
  • ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය පමණට


සාදන අයුරු:රාත්‍රියේ දී බත් භාජනයකට දමා එයට ජලය එකතු කර පෙ‍ඟෙන්නට හරින්න. පසු දින උදෑසන ජල‍යේ පෙඟුන බත් මිරිකා ජලය ඉවත් කරගන්න. බත් පෙරා ගත් වතුර බීමට ගත හැකිය.බත් ටික නෑඹිලියකට දමා පොල්කටු හැන්දෙන් හොඳින් පොඩි කරගන්න. පොල් කිරි වලට ලියාගත් සුදු ළූණු, රතු ළූණු, පුළුස්සා ගත් වියළි මිරිස් හෝ අමු මිරිස්, දෙහි යුෂ සහ රස අනුව ලුණු, ගම්මිරිස් එකතු කර ගන්න.

අවසානයට මෙම මිශ්‍රණයට බත් ටික එකතු කර ගන්නග මෙය කිතුල් හකුරු සමඟත් ආහාරයට ගත හැකියි.දාහය නිවන දිය බත්, තොල් පැලෙන අයට ඉතාමත් ගුණදායක ඔසුවක් වන අතර ගැස්ට්‍රයිටීස් හෙවත් අම්ල පිත්ත නමින් ආයුර්වේදයේ හඳුන්වන රෝගී තත්ත්වයටත් ඉතාමත් ගුණදායකයි. වියදම අඩු, සෑදීමට ඉතාමත් පහසු දිය බත් අනිවාර්යයෙන්ම හදල බලන්න.
ජාතියක් නිරෝගී කර දියබත හරියටම හදන විදිය මෙන්න ජාතියක් නිරෝගී කර දියබත හරියටම හදන විදිය මෙන්න Reviewed by gihan on March 23, 2020 Rating: 5

කොමඩු ඇට උණු වතුරට දමා පානය කරන්න

March 22, 2020


අපි කවුරුත් කැමතියි පැණි කොමඩු වලට. එහෙම නේද? විශේෂයෙන්ම මේ කාලේ ඉර ලංකාවට උඩින් තියෙන නිසා පුදුම රස්නයක් දවල් කාලේ තියෙන්නේ. ඉතින් පැණි කොමඩු වගේ වතුර පිරුණු පලතුරක් කන එක අපේ ඇඟටත් හරිම හොඳයි. ශරීරයේ තියෙන උෂ්ණය නැති කරලා හොඳ විවේකයක් දෙන්න කොමඩු කියන්නේ කියාපු දෙයක්.

නමුත් අපි කරන ලොකු වැරැද්දක් තියෙනවා. ඒ තමයි කොමඩු කාල එක ඇතුලෙ තියෙන ඇට ටික විසි කරන එක. කන්න බැරි, හැපුවම කිසිම රසක් නෑ කියලා හිතෙන නිසා අපි මේවා විසි කරත් ඇත්තටම මෙය පෝෂණ ගුණයෙන් පිරුණු ඇට ජාතියක් කියලා දැනගෙන හිටියද?

කොමඩු ඇට තුළ අපේ ශරීරයට අවශ්‍ය පෝෂක බොහෝ අඩංගු වෙනවා. විශේෂයෙන්ම අපේ ආහාර ජීර්ණය ක්‍රමවත් කරන්න ඉතාම ප්‍රයෝජනවත් සංයෝග මේ තුල පිරිලා. නමුත් බොහෝ දෙනා කොමඩු ඇට නොකා විසි කරන නිසා මේ ප්‍රයෝජනය ගන්න ඉඩ ලැබෙන ඉඩකඩ හරිම අඩුයි. අපි මොන තරම් පෝෂණය තියෙන දේවල් කෑවා බිව්වත් ඒ සේරම ඇඟට උරා ගත්තොත් විතරයි ඒවායේ නියම ප්‍රයෝජනය ලැබෙන්නේ. කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති අයට තියෙන ප්‍රශ්නෙත් ඕකයි. එයාලා කන කන ටික මළපහ එක්ක පිට වෙලා යනවා. විවිධ බෙහෙත් බීලා ඕවා හදා ගන්නවට වඩා මේ සරල ක්‍රමය උත්සාහ කරලා බලන්නකෝ.

නමුත් මේ කියන්නේ කොමඩු ඇට කෙලින්ම කන්න කියලා නෙවෙයි. අපේ වාසනාවකට වගේ කොමඩු ඇට තුල තියෙන යහගුණය ගන්න අපිට ඒවා උයලා, බැදලා හෝ කුඩු කරලා වුණත් පුළුවන්. තන්තු වලින් බහුල කොමඩු ඇට අපි කලිනුත් කිව්වා වගේ ඔබ ගන්නා ආහාර වල අඩංගු පෝෂක නිවැරදිව ජීර්ණයෙන් පසු ඇඟට උරා ගන්න උදව් වෙනවා. ඒ වගේම බඩ වැලේ ඉන්න නරක ක්ෂුද්‍ර ජීවීන්, ඉදිමීම් එහෙමත් අවම කරන්න කොමඩු ඇට වලට හොඳ හැකියාවක් තියෙනවා.

ඒ වගේම කොමඩු ඇට කියන්නේ ඉතා ප්‍රබල මුත්‍ර වර්ධකයක්. මුත්‍ර වර්ධක ගැන අහලා නැතිනම් දැන ගන්න. අපි බොන වතුර මුළු ප්‍රමාණයම නිවැරදි විදිහට පෙරිලා යන්න යම් හෝර්මෝන ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි. වකුගඩු දුර්වල වුණාම මේ වදේ හරියට සිදු වෙන්නේ නෑ. ඒ වෙලාවට කොමඩු වගේ දෙයක් ගැනීමෙන් මුත්‍රා පිට වීම වඩා කාර්යක්ෂම වෙලා වකුගඩු වල ක්‍රියාකාරිත්වයට පහසුවක් සලසනවා. මේ නිසා තමයි කොමඩු ඇට කුඩු කරලා කෝපි වගේ හදලා බොන එක හොඳයි කියල දැන් මුත්‍රා අමාරු, මුත්‍රාශයේ ගල් වගේ රෝග තියෙන අයට නිර්දේශ කරන්නේ.

කොමඩු ඇට වල අඩංගු තවත් වැදගත් සංයෝගයක් තමයි සිටෘලීන් කියන්නේ. මේක ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණ තියෙන කාබනික සංයෝගයක්. මේකෙන් ඔබේ කොලෙස්ටරෝල් දහනය කරලා රුධිර නාල මහතින් වැඩි කරන්නත්, එමගින් රුධිර පරිවහනය ඉතා හොඳින් සිද්ධ වෙන්නත් අවස්ථාව සලසා දෙනවා. මේ නිසා ඔබට තියෙන හදවත් රෝග, අධි රුධිර පීඩනය, ආතෙරෝස්කිලරෝසිස් වගේ රෝග ඉතා පහසුවෙන් හොඳ කර ගන්න අවස්ථාව ලැබෙනවා.

ඉතින් මේ වගේ ගුණ බොහොමයක් තියෙන කොමඩු ඇට පාවිච්චි කරලා ඉතා ප්‍රයෝජනවත් පානයක් හදා ගන්න හැටි තමයි මේ කියන්න යන්නේ. ඉතාම සරල, පහසු උපදෙස් ටිකක් අනුගමනය කරාම ඔබටත් පුළුවන් මේක නිවැරදිව සාදා ගෙන කොමඩු ඇට සතු යහ ගුණය ඔබේ ශරීරයටත් ලබා ගන්න.

 ගෙදරදීම කොමඩු ඇට තේ හදාගන්න හැටි.

මුලින්ම කොමඩු ඇට, පිරුණු මේස හැඳි 04 ක වගේ ප්‍රමාණයක් අවශ්‍යයි. මේ ටික හොඳට වේලලා අරගන්න. දැන් බ්ලෙන්ඩර් එකක් පාවිච්චි කරලා ඉතා හොඳින් කුඩු කර ගන්න. බ්ලෙන්ඩර් එකක් නැතත් වංගෙඩියක් හරි මිරිස් ගලක් හරි ඇතිනේ. එහෙම ක්‍රමයකින් හරි මේක ඉතා හොඳින් කුඩු කර ගන්න. දැන් මේක නටන උණු වතුර ලීටර් 2කට දාල කවලම් කරන්න. ආපහු ගින්දර දාල කොමඩු ඇට කුඩු ටික විනාඩි 15ක් විතර තැම්බෙන්න දෙන්න.

මේ මිශ්‍රණය ඊළඟ දවස වෙනකන් පැත්තකින් තියන්න. ඊළඟ දවසේ ඉඳන් මම මේ කියන ක්‍රමයට මේක බොන්න පටන් ගන්න. මුල්ම දවස් දෙකේ මේකෙන් තේ බොන කෝප්පයෙන් එකක් බොන්න. මේ විදිහට හැම කෑම වේලකටම පසු කෝප්පයක් බොන්න. ඊළඟ දවසෙත් ඒ විදිහමයි. නමුත් තුන් වෙනි දවසේ බොන්න එපා. ආයෙත් හතර වෙනි දවසෙයි, පස් වෙනි දවසෙයි බීල හය වන දවසේ නොබී ඉන්න. මේ චක්‍රය ලීටර් දෙකම අවසන් වන තුරු කරන්න.

මේ වගේ උෂ්ණ කාලෙක මේ වැඩේ දිගටම කරන්න පුළුවන් නම් වැඩිය හොඳයි. විශේෂයෙන් ඔබ නිතර එළියේ ඉන්න, උෂ්ණයට නිරාවරණය වෙන කෙනෙක් නම් මෙහෙම කරන එක ඔබේ නිරෝගී බව වැඩි වෙන්න ලොකු උදව්වක් වේවි. ඒ වගේම කොමඩු හැදෙන්නෙත් මේ වගේ උණුසුම් කාලෙට විතරක් නිසා පුළුවන් තරම් දැන්මම කන්න බලන්න. (ගන්න පුළුවන් වුණත් ඒ කාලෙට කොමඩු හරිම ගණන්)

 කොමඩු ඇට මඟින් ශරීරයට අමතර ප්‍රයෝජන :-


  • හදවතේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීම.
  • සෛල වැඩිදියුණු වීමේ වේගය ඉහළ නැංවීම.
  • මතකය ශක්තිමත් කිරීම
  • අවධානය යොමු කිරීමේ හැකියාව වර්ධනය කිරීම
  • ප්‍රබෝධමත් බව ඇති කිරීම


කොමඩු ඇට තුල අඩංගු ප්‍රධාන පෝෂක

• යකඩ
• මැග්නීසියම්
• විටමින් - A
• විටමින් - K
• විටමින් - E
• ප්‍රතිඔක්සිකාරක
• කැල්සියම්
• මැන්ගනීස්
• නයසින්

මේ නිසා මේ කියපු පානය හදලා බොන එක අනිවාර්යයෙන් කරන්න. ඒක හොඳ අත්දැකීමකුත් වේවි කාටත්. මීට කලින් කෝපි ඇට කුඩු කරලා කෝපි බීලා නැතිනම් මේකවත් කරලා බලන්න. මේකේ බොහොම හොඳ රසයක් එහෙමත් තියෙනවා. ඔබෙත්, සියලු දෙනාගේත් නිරෝගී බවටත් හේතු වෙනවා.කෑවම විසි කරපු කොමඩු ඇට වලින් මොන තරම් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්ද කියලා දැන්වත් ඔබට තේරුනා නේද?

 සැකසුම :- ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කිරින්ද, පුහුල්වැල්ල.
කොමඩු ඇට උණු වතුරට දමා පානය කරන්න කොමඩු ඇට උණු වතුරට දමා  පානය කරන්න Reviewed by gihan on March 22, 2020 Rating: 5

දියවැඩියා රෝගය පාලනය කරන තැඹිලි

March 22, 2020


තැඹිලි අප අතර තිබෙන ප්‍රසිද්ධ පානයක්. එහෙත් බොහෝ දෙනෙක් තැඹිලි ගැන නොදන්නා ගුණ බොහොමයි.තැඹිලි වර්ග ගණනාවක්ම තියෙනවා. මාස 7 ක් 8 ක් පුරා ජෛව පිරිසුදු වීමේ ක්‍රියාවලියකට ලක් වෙලා නිපදවෙන තැඹිලි වතුර ජීවාණුහරිතයි. මෙහි සුලභව පවතින පොටෑසියම්, සෝඩියම්, ක්ලෝරයිඩ්, මැග්නිසියම් වැනි අයන වර්ග මෙන්ම සුළු වශයෙන් ඇති ස්වාභාවික සීනි නිසාත් විශිෂ්ට ගුණ දක්වනවා.

ඒ වගේම තැඹිලි වතුර සහ එහි මදය ආහාරමය තන්තුවලින් ඉතාම පොහොසත්. මැංගනිස්, අයඩින්, සල්ෆර්, සින්ක්, සෙලනියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ හා විටමින් බී,. සී හා ඊ වැනි ක්ෂුද්‍ර පෝෂකත් මෙහි තියෙනවා. එමෙන්ම අත්‍යවශ්‍ය අමයිනෝ අම්ල, කාබනික අම්ල, ප්‍රතිඔක්සිකාරක, ජෛව ක්‍රියාකාරී එන්සයිම වර්ග, ශාක රසායන, කාබනික අම්ල, ශාක හෝර්මෝන වර්ග වගේම හදවතට හිතකර මේදය ද මෙහි අන්තර්ගත වෙනවා.

තැඹිලි වතුර, ඇඟ නිවන ඔසුවක් ලෙස අපගේ දේශීය වෙදකමෙහිදී බහුලව යොදා ගැනෙනවා. තැඹිලි වතුරෙහි තිබෙන අධික ඛනිජ ලවණ සංයුතිය නිසා, හෘදයාබාධ, අධික රුධිර පීඩනය වැළැක්වීමේ ඖෂධීය ගුණයක් එහි තිබෙනවා.

බටහිර ඖෂධ අධිමාත්‍රාවකින් ශරීර ගත වුණොත් එහි විස නසන්න තැඹිලිවලට හැකියි. ආහාර වර්ගවල තිබෙන පළිබෝධනාෂක අමතර කොටස් හා ආසනික්, කැඩ්මියම් වැනි බැර ලෝහ කොටස් නිසා සිදුවන හානි අවම කරන්නත් තැඹිලි වතුර භාවිත කරනවා.

දියවැඩියා රෝගය පාලනය කිරීම සඳහා ද තැඹිලි වතුර පානය කිරීම ඉතාම වැදගත්. තැඹිලි වතුර අපේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් අඩුකරන්නත්, හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන්නත් හේතු වන අතර, එහි පොටෑසියම් වැඩි සාන්ද්‍රණයකින් අඩංගු වන නිසා හදවත රකින විශිෂ්ට ආහාරයක් ද වනවා.

තැඹිලි වතුර, පිළිකා ඇතිවීමට හේතු වන නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කරන ප්‍රතිඔක්සිකාරකවලින් ද පොහොසත් බව සොයා ගෙන තිබෙනවා. තවද එහි සින්ක් සහ සෙලනියම් වැනි ඛනිජ ලවණ වර්ග තියෙන නිසා, ලිංගික සරු බවට සහ මඳ සරු බව දුරු කරන්නත් හොඳ ඖෂධයක්.

මහලු අයට වගේම ඝන ආහාර දිරවීම අපහසු රෝගීන්ට ලබාදෙන්න පුළුවන් විශිෂ්ට පෝෂණිය පානයක් තමයි තැඹිලි වතුර කියන්නේ.මවු කිරිවල තිබෙන ලෝරික් අම්ලය තැඹිලි වතුරෙහි ද අඩංගුවන නිසා සකස් කළ ළදරු කිරිපිටි වර්ගවලට වඩා තැඹිලි වතුර ගුණදායකයි. ගර්භණි මවුවරුන්ද තැඹිලි වතුර පානය කිරීම ඉතා සුදුසුයි.ශරීරය අධිකව වෙහෙසට පත්වන අවස්ථාවලදී සහ විජලන තත්ත්වයන්වල දී තැඹිලි වතුර පානය කිරීමෙන් විස්මිත ගුණ ලැබේ.

"ඉසිවර අඩවිය සමුහය වෙනුවෙන් "
දියවැඩියා රෝගය පාලනය කරන තැඹිලි දියවැඩියා රෝගය පාලනය කරන තැඹිලි Reviewed by gihan on March 22, 2020 Rating: 5

රෝග රැසකට ගුණදෙන අනෝදා

March 21, 2020



බොහෝ දෙනා පලතුරු අහාරයට ගත්තද ඒවායේ අන්තර්ගත ගුණ පිළිබඳව නොදන්නා කරුණු බොහොමයි. ඒ නිසා පලතුරු වර්ග අතරින් ඉතාමත් ගුණදායක පලතුරක් ලෙස හඳුන්වන අනෝදා වල සියලු ගුණ මෙසේ සටහන් කරන්නෙමු.අනෝදා කියූ විගස කාගේත් මතකයට නැගෙන්නේ කටු අනෝදායි. "ආත්තා" යනුවෙන් හඳුන්වන්නේ ද අනෝදාමයි.අනෝදා වර්ග 03 ක් පවතී. ඒවා නම්,

  • කටු අනෝදා
  • වැලි අනෝදා
  • සීනි අනෝදා (මැටි අනෝදා) වෙයි.


මෙහිදී අප විශේෂයෙන් කතාකරන්නේ කටු අනෝදා ගැනයි. අනෝදා වල පවතින විශේෂම ගුණය වන්නේ මුත්‍රාගල් දියකිරීම සහ මුත්‍රාගල් ඇතිවීම වැළැක්වීමේ හැකියාවයි.
මීට අමතරව අනෝදා වල තවත් සුවිශේෂී ගුණ රාශියක් අන්තර්ගතයි. ඒ නිසාම අනෝදා වලින්ම නිෂ්පාදනය කරන බෙහෙත් වර්ග පවා අද නිෂ්පාදනය කෙරෙයි.

 රෝග බොහෝමයකට සුව ගෙන දේ...

• වෛරස් ආසාදන වලට විරුද්ධව ක්‍රියාකිරීමේ හැකියාව පවතී. (කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි)

• පිළිකා ආසාදිත තත්වයන් ඇතිවීම වළක්වයි.

• ප්‍රතිඔක්සිකාරක ගුණයන් පවතී.

• පණුරෝග ඇතිවීම වළක්වයි.

• අනෝදා ගසේ පංචාංගයම (කොළ, පොතු, මල්, මුල්, ගෙඩි) ඖෂධ සඳහා භාවිතයට ගනියි.

• පිත්තාශයේ ගල් වලට අනෝදා ගුණදායකයි.

• ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිකරයි.

• ආහාර ජීර්ණය වැඩි කරයි.

• අර්ශස් සහ මලබද්ධය වැනි රෝග තත්ව ඇතිවීම අඩුකරයි.

• කෑම රුචිය වැඩි කරයි.

• අනෝදා වල වැඩිපුර සීනි අඩංගු වන බැවින් දියවැඩියා රෝගීන්ට අනෝදා ලබා දීම නුසුදුසුයි.

• හෘද රෝග, කොලෙස්ටරෝල් වැනි රෝග සඳහා අනෝදා ගුණදායකයි.

• ගැබිනි මව්වරුන්ට අනෝදා ආහාරයට ගැනීම ගුණදායකයි.

• මානසික ආතතිය හා ස්නායු රෝග සඳහා ගුණදායක වේ.

 අනෝදා අත්බෙහෙතක් ලෙස භාවිතය :-


• ඉදිමුම ඇති අවස්ථා වලදී අනෝදා කොළ වලින් සකස් කරගත් කෂාය බීමට ලබාදෙයි.

• ශරීරයේ ඇතිවන විසර ගෙඩි සඳහා අනෝදා අමු කොළ, එළඟිතෙල් සමඟ මිශ්‍රකර අඹරා ආලේප කිරීම සිදුකරයි.

• අමු අනෝදා ව්‍යාංජනයක් ලෙස සකසා ආහාරයට ගත හැකිය.

• පාකින්සම් රෝගී තත්ව අවස්ථා වලදී අනෝදා මුල් තම්බා බීමට ලබාදෙයි.

• අනෝදා මල් කැස්සට, පීනසට තම්බා ලබාදෙයි.

• නින්ද නොයන කුඩා දරුවන්ට අනෝදා මල් තම්බපු වතුර බීමට ලබා දුන් විට හොඳින් නින්ද යයි.

• හිසකෙස් වල උකුණන් සිටින අයට අනෝදා ඇට කුඩුකර හිසකෙස් ගැල්වීම හා අනෝදා කොළ ඉස්ම හිස ගැල්වීම සුදුසුයි.

• අනෝදා කොළ සහ පොතු තම්බාගත් වතුර තුවාල සේදීමට යොදාගනියි.

• අනෝදා පොතු වතුර සමඟ මිශ්‍ර කර අඹරා තැබීමෙන් ලේ ගලන තුවාල සුවකරගත හැකියි.

• අනෝදා කොළ තම්බපු වතුර බඩවැල් වල සිටින පණුවන් මර්ධනය කිරීම සඳහාත්, අධි රුධිර පීඩනය ඇති අවස්ථා වලදීත් බිමට ලබා දෙයි.

 අනෝදා වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ :-

• අනෝදා 200g ක විටමින් C, විටමින් B12, විටමින් B1 වැඩි වශයෙන් අන්තර්ගත වේ.
• කැලරි 148
• පොටෑසියම් 625mg
• ආහාර තන්තු 7.5g
• ප්‍රෝටීන 2.2g

 ආයුර්වේද වශයෙන් අනෝදා වල ගුණ :-

• පිත සමනය කරයි. වාත, කප වැඩි වශයෙන් පවතින රෝග සඳහා අනෝදා ලබාදීම නුසුදුසු වේ.
• ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි.
• ප්‍රදාහ නාශක ගුණය පවතියි.
• විදුරුමසින් ලේ ගලන අවස්ථා වලදී ආහාරයට ගැනීම ගුණදායකයි.
• දැවිල්ල, පිපාසය, වමනය පමණක් නොව මුත්‍රාශයේ ගල් සෑදීම වළක්වයි.
• වමනය පිට වීමට අවශ්‍ය අවස්ථා වලදී අනෝදා ඇට ලබාදුන් විට වමනය පිටවෙයි. එම නිසා අනෝදා මදය      ආහාරයට ගත්තද අනෝදා ඇට ආහාරයට නුසුදුසු වේ.
රෝග රැසකට ගුණදෙන අනෝදා රෝග රැසකට ගුණදෙන අනෝදා Reviewed by gihan on March 21, 2020 Rating: 5

අලුත උපන් බිළිඳෙකුට කොරෝනා වෛරසය වැලදෙයි

March 14, 2020

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර අලුත උපන් බිළිඳෙකුට කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා. ලොව ලාබාලතම කොරෝනා වෛරසය අසාදිතයා එම බිළිඳායි. ඒම බිළිඳාගේ මවට වෛරසය අසාදනය වී තිබෙනවා. රෝහල් බලධාරින් පවසන්නේ දරු ප්‍රසූතියට දින කිහිපයකට පෙර යම්කිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මව රෝහල්ගත කෙරුණු බවයි. ඒහෙත් ඇයට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ දරුවා ප්‍රසූත කිරීමෙන් පසුවයි. ඉන් පසු බිළිඳාටද කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් දරුවාට ගර්භාෂය තුළදී වෛරසය ආසාදනය වූයේද, නැතිනම් උපතින් පසු ආසාදනය වූයේදැයි වෛද්‍යවරුන් මෙතෙක් තහවුරු කර නැහැ.
මේ වන විට බිළිඳා සහ මව රෝහල් දෙකක ප්‍රතිකාර ලබමින් සිටිනවා.
අලුත උපන් බිළිඳෙකුට කොරෝනා වෛරසය වැලදෙයි අලුත උපන් බිළිඳෙකුට කොරෝනා වෛරසය වැලදෙයි Reviewed by Kalum on March 14, 2020 Rating: 5

ඉන්න බැරිනම් ආපු රටවලටම යන්න

March 11, 2020


අපි කියන විදිහට ඉන්න බැරිනම් ආපු රටවලටම යන්න
ඉරානය , ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවලින් පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන්  622 ක් නීරෝධායන කටයුතු සදහා පොළොන්නරුව කන්දකාඩු සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යොමු කර ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය. ඔවුන් එම ස්ථාන වෙත රැගෙන යෑම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සුඛෝපභෝගී බස් රථ 25 ක් සහ ඔවුන්ගේ ගමන් මලු ප්‍රවාහනයට තවත් වෑන් රථ 05 ක් පමණ ද යොදාගෙන තිබුණි . කෙසේ වෙතත් අද රාත්‍රී 8.00 පමණ වනවිටත් මෙම රටවලින් පැමිණි ගුවන් මගීන් 50 ක පමණ පිරිසක් , තමන් මෙම නීරෝධායන ක්‍රියාවලියට යොමු නොකර ගන්නා ලෙසත් , තමන්ට කඩිනමින් තම නිවෙස් කරා යෑමට අවසර ලබා දෙන ලෙසත් ඉල්ලීම් කරමින් , ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලිල්ල තුළ විරෝධතා පවත්වමින් සිටින බවද ගුවන් තොටුපළ අධ්‍යක්ෂ ෂෙහාන් මහතා පැවසීය. මේ අතර හමුදා මාධ්‍ය ප්‍රකාශක  බ්‍රිගේඩියර්  චන්දන වික්‍රමසිංහ මහතා අද  (11) පවසා සිටියේ කොරෝනා වෛරසයෙන්  මහජනයා  ආරක්ෂා කර ගැනීමට  ශ්‍රී ලංකිකයන් වශයෙන්  සියලුම දෙනා රජයට සහය ලබා දිය යුතු බවත් රටතුළ  සිදුකරන  නිරෝධායන  කටයුතු සඳහා සහය ලබා නොදෙන පිරිසට නැවතත් ඔවුන් පැමිණි රටවලට ආපසු යා හැකි බවත්ය. කොල්ලුපිටිය ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය මධ්‍යස්ථානයේ අද (11)  පැවති  විශේෂ මාධ්‍ය හමුවකදී හමුදා ප්‍රකාශකවරයා එසේ පැවසීය.

රටේ මිලියන 21 ක් වූ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම හා ජාතික ආරක්ෂාවේ වගකීම ත්‍රිවිධ හමුදාව වෙත පැවරී ඇති බවත් මෙවැනි අවස්ථාවක රජයේ   නිරෝධායන  ක්‍රියාවලියට සහය  නොදක්වන පිරිසට  එරෙහිව කටයුතු කිරීමට  නීතිමය ප්‍රතිපාදනය ඇති බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. ඉරානය , ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් , මෙම රෝගය රට තුළ ව්‍යාප්ත වීම වැලැක්වීම සදහා අනිවාර්යයෙන් දින 14 ක කාළයක් නීරෝධායන ක්‍රියාවලියකට ලක් කළ යුතු බවට රජය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.  මේ පිළිබඳව අදාළ ආයතන සහ විශේෂයෙන් කටුනායක ගුවන් තොටුපළ දැනුවත් කර ඇති බව ගුවන් තොටුපළ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය .කෙසේ වෙතත් මේ පිළිබඳව මෙම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන තෙක්ම , මෙම නීරෝධායන ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් වී නොතිබීම නිසා , මෙවැනි ගැටුම්කාරී තත්වයක් කටුනායක ගුවන් තොටුපළ තුළ නිර්මාණය වී ඇති බව ද ෂෙහාන් සුමනසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

දැනට භාවිතා කෙරෙන ක්‍රියාවලිය මගින් ගුවන් මගීන් මෙම රෝගය ආසාදනය වී ඇත් ද යන්න අනාවරණය වන අතර , ඔවුන්ගේ දරු පවුල් සහ සමස්ථ රටේ ජනතාව ද මෙම කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වන බවද සුමනසේකර මහතා  වැඩිදුරටත් පැවසීය .විදේශීය ශ්‍රමිකයන් මෙරටට  පැමිණෙන්නේ නම් ශ්‍රී ලංකාවේ නීතියට අනුව කටයුතු කළ යුතු බවත් මෙම පිරිස  බලා ගැනීමේ  වගකීම  තමන්ට ඇති බවත් පැවසූ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා  ඔවුන් අතරින් කිසිවකුට හෝ කොරෝනා වෛරසය ශරීරගත වී තිබුණ හොත් එය රට තුළට ව්‍යාප්ත වීම වළක්වා  ගැනීමට  අවශ්‍ය නිසා  එම සියලු දෙනා දින 14 ක  නිරෝධයනයට  යොමු කිරීමකළ යුතු  බවත්  සඳහන් කළේය. මඩකලපුව පුනානි හා කන්දකාඩු  නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමුකර සිටින පිරිසට රජය ලබාදියහැකි  උපරිම පහසුකම් ලබා දී ඇති බවත් හමුදා ප්‍රකාශවරයා  සඳහන් කළේය. ශ්‍රි ලංකාවට පැමිණ මෙම පිරිස පුනානි හා කන්දකාඩු    මධ්‍යස්ථාන හැර වෙනත් කිසිඳු මධ්‍යස්ථානයක රඳවා නොමැති බවද ප්‍රකාශකවරයා පැවසීය
ඉන්න බැරිනම් ආපු රටවලටම යන්න ඉන්න බැරිනම් ආපු රටවලටම යන්න Reviewed by Kalum on March 11, 2020 Rating: 5

ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගියෙකු හමුවේ

March 10, 2020

ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගියෙකු හමුව තිබේ.
කොරෝනා හෙවත් කොවිඩ් 19 යැයි සැක සහිත රෝග ලක්ෂණ සහිතව IDH උණ රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයෙකුට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. වයස අවුරුදු 50ක් වන මෙම පුද්ගලයා ශී‍්‍ර ලාංකිකයෙක්. ඔහු සංචාරක මගපෙන්වන්නෙකු ලෙස වෘත්තියේ යෙදී සිටින්නෙකු බවද වාර්තා වෙනවා. ඉකුත් දිනවලදී මෙම පුද්ගලයා ඉතාලියෙන් පැමිණි සංචාරකයින් පිරිසකට මගපෙන්වා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ. සැක සහිත රෝග ලක්ෂණ සහිතව ඔහු රෝහල් ගත කර ඇත්තේ පෙරේදා (09) දිනයේය
ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගියෙකු හමුවේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගියෙකු හමුවේ Reviewed by Kalum on March 10, 2020 Rating: 5

කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරේ

March 09, 2020


යුරෝපයත් බිලි ගත් කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරේ
කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, එම වෛරසයෙන් මියගිය පුද්ගලයින් ගණන 4,000 ඉක්මවා ඇති පසුබිමක් තුළයි. නවතම දත්ත වාර්තාවන්ට අනුව මේවනවිට ලොව පුරා සිටින නව කොරෝනා ආසාදිතයින් ගණන 114,285 ක්. වෛරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් ගණන 4,009 ක් වනවා. ඉන් මරණ 3,120 ක්ම වාර්තා වන්නේ චීනයෙන්. චීනයේ හුබේ පළාතෙන් ආරම්භ වුණු නව කොරෝනා වෛරසය චීනය පුරා පැතිර ගොස් ආසියාව ප‍්‍රමුඛ අනෙකුත් රටවල් වෙත ද පැතිරෙන විට එය වසංගත තත්ත්වයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් සියලූදෙනාගේ අවධානය යොමුව තිබුණා. එහෙත් නව කොරෝනා වෛරසය යුරෝපය ආක‍්‍රමණය කිරීමෙන් පසු එය වසංගත තත්ත්වයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර විචාරකයින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත සිය අප‍්‍රසාදය ද පළ කරනවා.

මේ අතර නව කොරෝනා වෛරසයේ අඛණ්ඩ ව්‍යාප්තිය හමුවේ සමස්ථ ඉතාලියම වසා දමා තිබෙනවා. අග‍්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ නිවේදනය කළේ මාරාන්තික නව කොරෝනා වෛරසයෙන් සිය රටවැසියන් ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි. ඒ අනුව ඉතාලිය පුරා මහජන එක්රැස්වීම් තහනම් වන අතර සියලූදෙනා හට නිවෙස්තුලට වී සිටින ලෙසයි දැනුම් දී ඇත්තේ.  සංචාරක තහනම ද එලෙසම කි‍්‍රයාත්මක අතර අත්‍යවශ්‍ය ගමන් සඳහා අවසරයක් ලබාගත යුතු වනවා. අද උදෑසන වනවිට ඉතාලියෙන් වාර්තා වන සමස්ථ නව කොරෝනා මරණ සංඛ්‍යාව 463 ක්. ගතවූ පැය 24 තුළ පමණක් ඉතාලියේ නව කොරෝනා මරණ 97 ක් වාර්තා වනවා. රට තුළ සිටින සමස්ථ ආසාදිතයින් ගණන 9,172 ක්. ඒ අනුව චීනයට පසුව මේවනවිට නව කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ඉතාලියටයි.
කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරේ කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරේ Reviewed by Kalum on March 09, 2020 Rating: 5

ලංකාවට පැමිණෙන ගුවන් මගීන් නිරෝධායනය කිරීමේ මෙහෙයුම් අද සිට ඇරඹේ

March 09, 2020


මෙරටට පැමිණෙන ගුවන් මගීන් නිරෝධායනය කිරීමේ මෙහෙයුම් අද සිට ඇරඹේ
දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන ගුවන් මගීන් මෙරටදී නිරෝධායන කිරීමේ කටයුතු අද (09) සිට ආරම්භ වනවා. එහි පළමු අදියර අද ආරම්භ වන්නේ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයේ සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේයි. මෙම නිරෝධායන මධ්‍යස්ථානවලට ඇතුළත් කරන රෝගීන් දින 14 ක් අනිවාර්ය නිරෝධායන කි‍්‍රයාවලියට ලක් කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් අවශ්‍ය සියලූ කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ.

මෙම නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කෙරෙන්නේ නිරෝගී පුද්ගලයින් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. කිසියම් අයෙකුට කොරෝනා රෝග ලක්ෂණ පහළ වුවහොත් අනිවාර්යෙන්ම රෝහල්ගත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවා. නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් කිසිවෙකුත් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා.
මේ වනවිට කොරෝනා රෝග ලක්‍ෂණ ඇති බවට සැක පිට පුද්ගලයින් 8 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. ඉන් දෙදෙනෙකු ප‍්‍රතිකාර ලබන්නේ අංගොඩ IDH රෝහලේයි. කෙසේවෙතත් මේ දක්වා කිසිවෙකුටත් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී නොමැති බවයි වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් පැවසුවේ.
ලංකාවට පැමිණෙන ගුවන් මගීන් නිරෝධායනය කිරීමේ මෙහෙයුම් අද සිට ඇරඹේ ලංකාවට පැමිණෙන ගුවන් මගීන් නිරෝධායනය කිරීමේ මෙහෙයුම් අද සිට ඇරඹේ Reviewed by Kalum on March 09, 2020 Rating: 5

කොරෝනා වෛරසය අසාදනය වූ බවට සැක කෙරෙන මස 7 ක් වයසැති දරුවෙක් පිළිබඳව බදුල්ලෙන් වාර්තා වෙනවා

March 04, 2020


කොරෝනා  වෛරසය අසාදනය වූ බවට සැක කෙරෙන දරුවෙක් පිළිබඳව  බදුල්ලෙන් වාර්තා වෙනවා .මස 7 ක් වයසැති බිලිඳෙක් මෙලෙස බදුල්ල රෝහල වෙත ඇතුල් කර තිබෙනවා. මේ කුඩා දරුවා තමන්ගේ පවුලේ  සාමාජිකයන් සමග කොරියාවේ සිට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.මේ දරුවා මේ වනවිට වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කර තිබෙනවා..මිට පෙර කොරෝනා  වෛරසය අසාදනය වුනු ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකික කාන්තාවක්ද  වාර්තා වුනා
කොරෝනා වෛරසය අසාදනය වූ බවට සැක කෙරෙන මස 7 ක් වයසැති දරුවෙක් පිළිබඳව බදුල්ලෙන් වාර්තා වෙනවා කොරෝනා  වෛරසය අසාදනය වූ බවට සැක කෙරෙන මස 7 ක් වයසැති දරුවෙක් පිළිබඳව  බදුල්ලෙන් වාර්තා වෙනවා Reviewed by Kalum on March 04, 2020 Rating: 5

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණෙන සියලූ මඟීන් දින 14ක නිරෝධායනට

March 03, 2020


කොරෝනා වෛරසය රට තුළට ඇතුළු වීම වළක්වා ගැනීමේ පියවරක් ලෙස ලෙස දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණෙන සියලූ ගුවන් මඟීන් සහ නෞකාවලින් පැමිණෙන මඟීන් දින 14ක නිරෝධායන ක‍්‍රියාවලියකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. 
එම අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නි ආරච්චි මේ බව කියා සිටියා. එමෙන්ම නාවික මාර්ග හරහා සුඛෝපභෝගී මඟී නෞකාවලින් පැමිණෙන මඟීන් රටතුළට ඇතුළු කර ගැනීම වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේ.
දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණෙන සියලූ මඟීන් දින 14ක නිරෝධායනට  දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණෙන සියලූ මඟීන් දින 14ක නිරෝධායනට Reviewed by Kalum on March 03, 2020 Rating: 5

පැය 24 තුලදී නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 813 ක්

February 29, 2020


පැය 24 තුලදී නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 813 - දකුණු කොරියානු රජයෙන් දැනුම්දීමක්
 ගතවූ පැය 24 ක කාලය තුලදී නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 813 දෙනෙක්  වාර්තා වීමත් සමඟ සියලුම පුරවැසියන්ට හැකිතාක් දුරට නිවෙස් තුළටම වී සිටින ලෙස දකුණු කොරියානු රජය දැනුම් දී තිබෙනවා. එක් දිනයක් තුලදී දකුණු කොරියාවෙන් වාර්තාවූ ඉහලම වෛරස් ආසාධිතයින් සංඛ්‍යාව මෙය වන අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් දකුණු කොරියාවේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා  කියා සිටියේ රටේ තත්ත්වය ඉතා තීරණාත්මක මොහොතකට ලඟා වී ඇති බවයි.

එසේම කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා ජනතාවගේ සහය අවශ්‍ය බවත්, ඒ හේතුවෙන් මහජන රැස්වීම්, ආගමික වතාවත් සඳහා සිදුකරන ඒකරාශීවීම් වලට නොයා හැකිතාක් දුරට නිවෙස්වලටම වී සිටින්නැයි ඔහු ඉල්ලීමක් කර තිබුණා. මේ අතර ඇමරිකාවෙන්ද මේ වනවිට කොරෝනා අසාදිතයින් 60කට අධික සංඛ්‍යාවක් වාර්තා  වී ඇති අතර පළමු මරණය ඊයේ වොෂින්ටන් ප්‍රාන්තයෙන්  වාර්තා වුනා. එලෙස මියගොස් තිබුණේ  50 හැවිරිදි කාන්තාවක්. එසේම ජපානයෙන්ද  940කට ආසන්න කොරෝනා වෛරස ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන අතර ඒ අතුරින් 705 දෙනෙකු යොකෝහමා වරායේ නිරෝධායනය කර ඇති  ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන්. මේ අතර කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා යෙන් බිලියන 270 (ඩොලර් බිලියන 2.5) ක හදිසි ආර්ථික පැකේජයක්ද ජපාන අගමැති ෂින්සෝ අබේ ඊයේ ප්‍රකාශයට පත් කළා
පැය 24 තුලදී නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 813 ක් පැය 24 තුලදී නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 813 ක් Reviewed by Kalum on February 29, 2020 Rating: 5

දකුණු කොරියාවේ සිට පැමිණෙන ලාංකිකයින් සංඛ්‍යාව ඉහළට

February 29, 2020

දකුණු කොරියාවේ සිට පැමිණෙන ලාංකිකයින් සංඛ්‍යාව ඉහළ යයි
දකුණු කොරියාවේ මේ වනවිට මෙම කොරෝනා වසංගත රෝගය වඩාත් වේගයෙන් පැතිර යමින් පවතින බව එරටින් ලැබෙන තොරතුරු මගින් අනාවරණය වනවා. ඒ අනුව අද (01) දින අලුයම 3.56 දකුණු කොරියාවේ ඉන්චියොන් සිට පැමිණි කොරියානු ගුවන් සේවයට අයත් කේ.ඊ.- 473 දරන ගුවන් යානයෙන් ගුවන් මගීන් 182 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. මෙම පිරිස අතරින් 137 දෙනෙකුම ශ්‍රී ලාංකිකයන් වීම විශේෂත්වයක්. මේ ආකාරයට පසුගිය දින කිහිපය තුළ දී දකුණු කොරියාවේ සිට පෙර පැවති තත්වයට වඩා ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

එමෙන්ම මෙම ගුවන් යානයෙන් පැමිණි ශරීර උෂ්ණත්වයේ යම් වෙනස්වීමක් නිරීක්ෂණය වූ  සහ උණ රෝගයෙන් පෙළුණු ගුවන් මගීන් දෙදෙනෙකු  කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය මගින් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් විශේෂ ගිලන් රථ මගින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ. කටුනායක ගුවන් තොටුපළ වෙත විවිධ රටවල සිට පැමිණෙන සියලුම ගුවන් මගීන් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ස්ථාපිත කර ඇති ස්වයංක්‍රීය උපකරණ මගින් නිරන්තර පරීක්ෂාවට ලක් කෙරෙනවා.
දකුණු කොරියාවේ සිට පැමිණෙන ලාංකිකයින් සංඛ්‍යාව ඉහළට දකුණු කොරියාවේ සිට පැමිණෙන ලාංකිකයින් සංඛ්‍යාව ඉහළට Reviewed by Kalum on February 29, 2020 Rating: 5

අමෙරිකාවෙනුත් පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

February 29, 2020

පළමු වරට අමෙරිකාවෙන් කොරෝනා මරණයක් වාර්තා වී තිබෙනවා. මෙලෙස කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගොස් ඇත්තේ වයඹ දිග වොෂින්ටන් ප‍්‍රාන්තයේ 50 හැවිරිදි පුද්ගලයෙක්. මේ වනවිට අමෙරිකාවෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 68 දක්වා ඉහළ ගොස් තිබෙනවා. උද්ගතව ඇති තත්ත්වය පිළිබද අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් කියාසිටියේ  ඕනෑම අවදානමකට මුහුණදීම සඳහා අමෙරිකාව සූදානම් බවයි.

මේ අතර මේ වනවිට රටවල් 64 කින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 86,000 ඉක්මවා තිබෙනවා. මෙම වෛරසය ආසාදනයවීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාවද 2,942 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ. ඉන් මරණ 2,835 ක් වාර්තා වන්නේ චීනයෙන්. ඉරානයෙන් නව කොරෝනා මරණ 43 ක් වාර්තා වන අතර ඉතාලියෙන්  මරණ 29 ක් වාර්තා වී තිබෙනවා. නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් දකුණු කොරියාවේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.
අමෙරිකාවෙනුත් පළමු කොරෝනා මරණය වාර්තා වෙයි අමෙරිකාවෙනුත් පළමු කොරෝනා මරණය වාර්තා වෙයි Reviewed by Kalum on February 29, 2020 Rating: 5

ඉරානයේ පාර්ලිමේන්තුව කොරෝනා හේතුවෙන් දින නියමයක් නොමැතිව වසා දමයි

February 29, 2020

නැවත දැනුම් දෙන තුරු ඉරාන පාර්ලිමේන්තුව වසා දැමීමට තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ ඉරානය තුල නව කොරෝනා වෛරසය සීඝ්‍ර ලෙස පැතිරි යාම හේතුවෙන්. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ ඉරාන පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රිවරුන් සහ ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් රැසකට නව කොරෝනා වෛරසය වැලදී ඇති බවයි. මාර්තු 20 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අයවැය ඉදිරිපත් නොකට ඒ වෙනුවෙන් රජයේ වියදම් සඳහා හදිසි අරමුදලක් පමණක් සම්මත කර ගැනීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මේ අතර BBC පුවත් සේවය වාර්තා කර සිටියේ ඉරානය තුල කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 210 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට එරට සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු පුද්ගලයින් තහවුරු කර ඇති බවයි.කෙසේ වුවත් ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර සිටියේ වෛරසය හේතුවෙන් එරට මියගොස් ඇත්තේ පුද්ගලයින් 34 දෙනෙක් පමණක් බවයි. මේ අතර ඉරානයට අවශ්‍ය වෛද්‍ය ආධාර සහ උපකාර ලබාදීමට සුදානම් බවට අමෙරිකානු රජය නිල වශයෙන් දැනුම් දුන් රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ප්‍රකාශ කර සිටිනවා.දිනෙන් දින ඉහළ යන වෛරසයේ බලපෑමෙන් ඉරානය ගලවා ගැනීම සඳහා අමෙරිකාව මෙම යෝජනාව සිදුකලත් ඉරාන රජය එය පිලිගනිවිද යන්න සම්බන්ධයෙන් තහවුරු කළ නොහැකි බවයි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ
ඉරානයේ පාර්ලිමේන්තුව කොරෝනා හේතුවෙන් දින නියමයක් නොමැතිව වසා දමයි ඉරානයේ පාර්ලිමේන්තුව කොරෝනා හේතුවෙන් දින නියමයක් නොමැතිව වසා දමයි Reviewed by Kalum on February 29, 2020 Rating: 5

පවතින අධික උණුසුමත් සමඟ දිස්ත්‍රික්ක රැසක ජනතාව පීඩාවට

February 29, 2020

මේ දිනවල පවතින අධික උණුසුමත් සමඟ ජනතාව දැඩි පානීය ජල ප්‍රශ්නයකට මුහුණපා සිටිති. දැඩි නියඟය නිසා බොහෝ ජලවිදුලි බලාගාරවල ජල ප්‍රමාණය අඩුවීමෙන් විදුලිය උත්පාදන ගැටලු ද උද්ගතව තිබේ. 
ජාතික ආපද‌ා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පළාත් හතරකට අයත් දිස්ත්‍රික්ක හයකට මෙම තත්ත්වය බලපා ඇති බවයි. එම තොරතුරු අනුව පවුල් පනස්හතර දහස් තුන්සිය තිස් හයක පුද්ගලයෝ දෙලක්ෂ විසිඅට දහස් පන්සියයක් පීඩාවට පත්ව සිටිති. මෙම අධික වියළි කාලගුණ තත්ත්වය නිසා සිදුව ඇති හානිය පිළිබඳ ආපද‌ා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විමසීමක් කළෙමු. එහි මාධ්‍ය හා මහජන සම්බන්ධතා පිළිබඳ සහකාර අධ්‍යක්ෂ ජානක හඳුන්පතිරාජ මහතා අපට පැවසුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට කඩිනමින් කටයුතු කරන බවයි. විශේෂයෙන් පානීය ජල ප්‍රශ්නය දැඩිව පවතින ප්‍රදේශ වෙත බවුසර මගින් ජලය බෙද‌ාහැරීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.
මේ ඔහු දැක්වූ අදහස්ය.
කෑගල්ල, රත්නපුර, මහනුවර, කළුතර යන දිස්ත්‍රික්කවලට නියඟය තදින් බලපාලා තියෙනවා. කෑගල්ලෙ රුවන්වැල්ල, බුලත්කොහුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකේ ජනතාවට අපි දැනට පානීය ජලය ලබාදෙනවා. එහි පවුල් 281 වගේ පොඩි සංඛ්‍යාවකට තමයි ජලය අත්‍යවශ්‍යව තියෙන්නේ. ඒ වගේම දැරණියගල, ගලිගමුව, වරකාපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නියං තත්ත්වය බලපාලා තියෙනවා. නමුත් ඒ සඳහා පානීය ජලය ලබාදීමට තරම් අවශ්‍යතාවක් නැහැ. රත්නපුර ගත්තම ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නියං තත්ත්වය බලපාලා තියෙනවා. එහි පවුල් 1921 ක පුද්ගලයන් 7959 ක් ගැන සඳහන් වෙනවා. නමුත් ඔවුනට ජලය ලබාදීමේ අවශ්‍යතාවක් නැහැ. ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 350 ක 1213 දෙනෙක් පීඩාවට පත්වෙලා තියෙනවා. ඔවුන්ටත් ජලය බෙද‌ාදීමේ අවශ්‍යතාවක් නැහැ.

මෙහිදී වැඩිම බලපෑමක් සිදුව තිබෙන්නෙ කළුතර දිස්ත්‍රික්කයට. ඊට හේතුව කළු ගඟේ ජලයට මුහුදු ජලය මිශ්‍රවීමයි.
කළුතර, බේරුවල, පානදුර, දොඩම්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙය බලපාලා තියෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය, මතුගම සහ හොරණ යන ප්‍රාදේශීය කොට්ඨාස තුනටත් මේ නියං තත්ත්වය බලපා තිබෙනවා. මෙසේ විපතට පත් කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතටම පානීය ජලය ලබාදීම සිදුකරනවා. කළුතර දිස්ත්‍රික්කයේ පමණක් පවුල් පනස්එක් දහස් එකසිය හැත්තෑ පහක පුද්ගලයන් දෙලක්ෂ පනස්දහස් විසිපහක් පීඩාවට පත්වෙලා තියෙනවා. නියංසායෙන් විපතට පත් දිස්ත්‍රික්කවලට අවශ්‍ය ජලය ටිපර්, බවුසර් රථ මගින් ලබාදෙන අතර ඒ අද‌ාළ ස්ථානවල ජල ටැංකි ස්ථානගත කරලා තියෙනවා. ඒ ජල ටැංකිවලට දෛනිකව ජලය සපයනවා. ජාතික ආපද‌ා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපද‌ා සහන මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුද‌ාව, දිස්ත්‍රික් කාර්යාල, පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය සභා සහ නගර සභා ඇතුළු ආයතන මගින් තමයි පහසුකම් ලබාදෙන්නේ. මේ නියඟය එක්ක ආපු අනිසි බලපෑමක් තමයි වනාන්තර ගිනි ගැනීම. එය දෛනිකව වාර්තා වෙනවා. දැඩි අව් රශ්මියත් එක්ක තමයි එවැන්නක් සිදුවෙන්නෙ. මේ වියළි තත්ත්වයත් එක්ක කුමක් හෝ මානව ක්‍රියාකාරකමක් සිදුවෙනවා.
ඒ තත්ත්වය කොළඹ, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, බදුල්ල, මොනරාගල, නුවරඑළිය, ගාල්ල, මාතර, මාතලේ, හම්බන්තොට, අනුරාධපුර වගේ ප්‍රදේශවලත් සිදුවුණා. පසුගියද‌ා කොළඹ රාජගිරිය බුත්ගමුව වගුරුබිම ආශ්‍රිතවත් ගිනි ගැනීමක් වාර්තා වුණා. ගුවන් හමුද‌ාවෙ සහයෝගය ලබාගෙන එම ගින්න නිවා දැමුවා. ඊට අමතරව ගම්පහ ප්‍රදේශයේත් ගින්නක් වාර්තා වුණා. බොහෝ වෙලාවට දුර බැහැර ප්‍රදේශවල වගා කටයුතු කරන්නේ ඉදිරි වර්ෂාව බලාගෙන. විශේෂයෙන් හේන් ගොවිතැන් සඳහා බිම් සකස් කිරීමේදී ඒ අද‌ාළ ප්‍රදේශ ගිනි තියලා යනවා. ඉන්පසුව සුළඟ නිසා ගින්න තවත් පැත්තකට පැතිරෙන්න පුළුවන්. එවැනි පැතිරීම් නිසා විශාල පරිසර හානියක් හා සත්වයන් විනාශවීමක් සිදුවුණා. ඒ වගේම සංචාරකයන් විසින් කෑම පිසීමට සහ ගිනිතැපීමට ගින්දර යොද‌ා ගැනීමෙන් පවා මේ තත්ත්ව උද‌ාවෙන්න පුළුවන්. දඩයක්කාරයන් සතුන් මැරීම සඳහා කැලෑවට ගිනිතැබීම නිසා ඇවිළීයාමෙන් මෙම තත්ත්වය ඇතිවෙන්න පුළුවන්.

අප ආපද‌ා කළමනාකරණ මධ්‍යස්ථානය විදියට කාටත් කියන්න තියෙන්නෙ මෙවැනි තත්ත්වයන් ඇති කරන්න එපා. මොකද අපි පරිසරය එක්ක ජීවත් වෙන්න ඕනැ. පරිසරයට ආදරය කරන්න ඕනැ. මේ තත්ත්ව පාලනය කරගැනීමට නොහැකි වුණොත් හානිය වෙන්නෙ මානව වර්ගයාටම. අපි හැමෝටම. ඒ නිසා අප තුළ ස්වයං පාලනයක් තිබිය යුතුයි. 2009 අංක 65 දරන කැලෑ පනතේ සඳහන් වෙනවා ගින්නක් දල්වනවා නම්, කැලෑවක් මැදින් ගින්දර ගෙනයනව නම් ගින්දර පැතිර යාම බලා සිටිනවා නම් ඒ හැම තත්ත්වයක් තුළම වරදක් ද ඇති බව. යම් තැනැත්තෙකු ඒ සම්බන්ධව වරදකරුවෙකු වුවහොත් ඔහුට වසර 7 කට නොඉක්මවුණු කාලයකට බන්ධනාගාරගතවීමට සිදුවෙනවා. ඊට අමතරව දඩ මුදලක් ද ගෙවීමට සිදුවෙනවා. මේ දඬුවම් දෙකටමත් ලක්විය හැකියි. මේ තත්ත්වයන් පාලනය කිරීමට තමයි අපේ මධ්‍යස්ථානය නිතරම කටයුතු කරන්නෙ. යම් ප්‍රදේශයක ආපද‌ා තත්ත්වයක් වාර්තාවෙනව නම් එය අවම කර ගැනීමට අපට සම්බන්ධිකරණ කටයුතු සිදුකරලා දෙන්න පුළුවන්. ආපද‌ා කළමනාකරණ මධ්‍යස්ථානයට 117 දුරකථන ඇමතුමක් ලබාදෙන්න පුළුවන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන අන්දමට බොහෝ දිස්ත්‍රික්ක ප්‍රමාණයක තියෙන්නෙ ඉතා වියළි කාලගුණික තත්ත්වයක්. වයඹ පළාතේත්, හම්බන්තොට, මොනරාගල යන දිස්ත්‍රික්කවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 40 ක් දක්වා වැඩි වී තිබෙනවා. මේ තත්ත්වය තුළ හදිසි ගිනි ගැනීම් තත්ත්ව ඇතිවෙන්න පුළුවන්. සුළඟත් එක්ක මේ දේවල් පැතිරීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඒ නිසා මේ තත්ත්ව අවම කරගැනීමට මහජන සහාය අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ නියඟය නිසා වී වගාවට වැඩි වශයෙන් බලපෑමක් නොවුණත් කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය ආශ්‍රිත ප්‍රදේශයේ තේ වගාවට යම් හානිද‌ායක තත්ත්වයක් හෙවත් අස්වැන්නෙ අඩුවීමක් වාර්තා වී තිබෙනවා. එය නියං කාලය තුළ අත්විඳින තත්ත්වයක්. ඉදිරි මාසය ගත්තම මාර්තු කියන්නෙ සංවහන වර්ෂාව ලැබෙන කාලයක්. සිංහල අලුත් අවුරුදු කාලය වෙද්දි යම්කිසි වර්ෂාපතනයක් ඇතිවෙයි කියල හිතෙනවා. ඉතින් ඒ වනතුරු ජල මූලාශ්‍ර ආරක්ෂා කරගැනීම, ජලය මෙන්ම විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම ආදිය ජනතාව පැත්තෙන් කළ යුතු දෙයක්.

 විදුලිබල මණ්ඩලයටත් නියඟය නිසා ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා විදුලිය නිෂ්පාදනය කිරීමට. ඒ නිසා විදුලිය සහ ජලය අරපිරිමැස්මෙන් භාවිත කළහොත් ජාතික ආර්ථිකයට ඉතාමත් වැදගත් සාධකයක් වෙයි.
මේ අතර මෙරට දිස්ත්‍රික් ද‌ාහතරක මිනිස් ශරීරයට දැනෙන උණුසුම් තත්ත්වය ඉහළ ගොස් තිබෙන නිසා ජනතාව ඒ පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව මන්නාරම, පුත්තලම, කුරුණෑගල, ගම්පහ. කොළඹ, කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ජනතාව දැඩි පීඩනයක සිටින බව වාර්තා වෙනවා. මුලතිව්, වව්නියා, අනුරාධපුර, කෑගල්ල, රත්නපුර, හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනතාව ද ශරීරයට දැනෙන උණුසුම් තත්ත්වය වැඩිවීම පිළිබඳ අවධානය යොමුකළ යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ නිසා වැඩබිම තුළ සිටින පිරිස් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් මීට අමතරව නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙයි. කුඩා දරුවන් වාහන තුළ තනිව රඳවා නොයන ලෙසත්, එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, සුදු හෝ ළා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් එම මධ්‍යස්ථානය තවදුරටත් ඉල්ලා සිටියි.

පවතින තත්ත්වය හේතුවෙන් විජලනය, ලවණ ඉවත්වීම නිසා ඇතිවන මස්පිඬු පෙරළීම (Heat Cramps) සහ අධික උෂ්ණත්වය නිසා ඇතිවන අධික මහන්සිය (Heat Exhaustion) ඇතිවීමේ වැඩි හැකියාවක් ඇත.
ක්‍රියාකාරකම්වල නියතවීම තුළින් ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණ වීම නිසා ඇතිවන ආඝාත තත්ත්වය (Heat Stroke) ඇතිවීමේ හැකියාව වඩා ඉහළ ය.
පවතින අධික උණුසුමත් සමඟ දිස්ත්‍රික්ක රැසක ජනතාව පීඩාවට  පවතින අධික උණුසුමත් සමඟ දිස්ත්‍රික්ක රැසක ජනතාව පීඩාවට Reviewed by Kalum on February 29, 2020 Rating: 5

ලොවටම සුභ පණිවුඩයක් – කොරෝනා වලට පිළිතුරක් හමුවෙයි

February 28, 2020


ලොවටම සුභ පණිවුඩයක් – කොරෝනා වලට පිළිතුරක් හමුවෙයි
 කොරෝනා වයිරසයට එරෙහිව මුඛ එන්නතක් තවත් සති කිහිපයක් ඇතුළත නිපදවීමට හැකිවනු ඇති බව ඊශ්‍රායලයේ විද්‍යාඥයින් පිරිසක් සදහන් කර තිබෙනවා.
ඖෂධය සඳහා අවශ්‍ය පරීක්‍ෂණය අවසන් කර දින 90 ක් ඇතුළත මෙම ඖෂධය ලබා ගත හැකි වනු ඇතැයි එරට නිලධාරීන් අපේක්ෂා කරනවා. ඒ පිලිබදව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ඔෆීර් අකුනිස් මහතා මෙලෙස අදහස් පළ කළා.
“මෙම ආකර්ෂණීය ඉදිරි ගමනට මිගාල් [ගැලීලි පර්යේෂණ ආයතනය] ට සුබ පැතුම්. බරපතල ගෝලීය COVID-19 තර්ජනයට අවශ්‍ය ප්‍රතිචාර දැක්වීමට අපට හැකිවන පරිදි තවදුරටත් වේගවත් ප්‍රගතියක් ලැබෙනු ඇතැයි මට විශ්වාසයි.”
කුකුළු මස් වලින් සොයාගත් බෝවන බ්රොන්කයිටිස් වෛරසයට (අයිබීවී) එන්නතක් ආශ්‍රයෙන් මෙම ඖෂධය නිපදවන බව මයිගල් හි විද්‍යාඥයින් තහවුරු කළා.
එය පශු වෛද්‍ය ආයතනයෙන් අත්හදා බලා ඇති අතර එය ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා
ලොවටම සුභ පණිවුඩයක් – කොරෝනා වලට පිළිතුරක් හමුවෙයි ලොවටම සුභ පණිවුඩයක් – කොරෝනා වලට පිළිතුරක් හමුවෙයි Reviewed by Kalum on February 28, 2020 Rating: 5

උතුරු කොරියාවේ පළමු කොරෝනා වෛරස් ආසාධිතයා මරා දමයි ?

February 28, 2020


උතුරු කොරියාවේ පළමු කොරෝනා වෛරස් ආසාධිතයා මරා දමයි ?
උතුරු කොරියාව විසින්කොරෝනා වෙෙරසය ආසාධිත වූ රෝගියකු ඝතානය කර තිබෙන බව වාර්තාවනවා මහජනයා ගැවසෙන පොදු ස්ථානයට ගිය චෝදනාවකට ඔහු මෙලෙස ඝාතනය කර තිබෙන බව සඳහන්.
දකුණු කොරියානු ඩොන්ග්-ඉල්බෝ පුවත්පත වාර්තා කළේ, රජයේ නිලධාරියෙකු වන මෙම පුද්ගලයා චීනයට ගොස් පැමිණි අයෙකු යන්නයි. කොරෝනා නිරෝධායන කටයුතු දින 30 ක් දක්වා දීර්ඝ කිරීමට උතුරු කොරියාව තීරණය කර තිබෙන අතර , ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා දින ගණනකි. ඇතැම් නිළ නොවන සමාජ  වාර්තා වල දැක්වෙන්නේ මෙම පුද්ගලයා උතුරු කොරියාවෙන් වාර්තා වූ පළමු කොරෝනා වෛරස් අාසාධිතයා බවයි
උතුරු කොරියාවේ පළමු කොරෝනා වෛරස් ආසාධිතයා මරා දමයි ? උතුරු කොරියාවේ පළමු කොරෝනා වෛරස් ආසාධිතයා මරා දමයි ? Reviewed by Kalum on February 28, 2020 Rating: 5
Powered by Blogger.