බොහෝ අය පීඩාවිඳින හිසේ කැක්‌කුම් තත්ත්වයක් ලෙස හිස් කබලේ සෙම පිරීම හෙවත් සයිනසයිටීස් රෝගය හඳුන්වන්න පුළුවන්. උපතින්ම ඇති පීනස රෝග තත්ත්වය නිසා උදය කාලයේ නිතර නිතර සෙම ගැලීමෙන් මෙම සොටු දියර හොඳට සූරා එළියට නොදමා උඩට ඇදීම මඟින් සයිනස් කුහරවලට එකතුවිය හැකියි. සමහරෙකුට දූවිලි හෝ දුම් ඇවිස්‌සුණු තැන්වලදී කිවිසුම් යාම සහ සොටුදියර ගැලීම, මෙයට අමතරව සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු අවස්‌ථාවල ද මෙම තත්ත්වය ඇති වේ. නාසයේ ඇති මස්‌දළු, පීනස් ගෙඩි වැනි රෝග තත්ත්ව නිසා ද සුළු වශයෙන් හෝ සෑදෙන සෙම නාසයෙන් එළියට දැමීමට ඇති අපහසුතාවයෙන් කුහර තුළ තැන්පත් විය හැකියි. රාත්‍රී කාලයේ ස්‌නානය සහ තෙත කොණ්‌ඩය පිටින් නිදා ගැනීම, නිතර නිතර සීතල වතුර පාවිච්චිය මෙම රෝග ඇතිවීමට බලපාන වෙනත් සාධක වේ. මෙසේ කාලයක් තුළ එකතුවන සෙම බැක්‌ටීරියාවල ආසාධනයට සහ පැසවීමට ලක්‌වීමෙන් මෙම සයිනසයිටීස් නැමැති ආසාධන තත්ත්වය ඇති වේ. මේ ගැන තව විස්තර දැණගන්න පහත වීඩියෝව බලන්න.
No comments: