Results for History

ලංකාවේ මුහුදුබත් උනු ඉන්දියාවේ ඉතිහාසය

February 23, 2020




වටිනා පුරාවස්තු රැසක් එංගලන්තයට ගෙන යමින් තිබූ නැවක් මුහුදේ ගිලී ගිය බවත් ඒ පුරාවස්තු සියල්ල මුහුදු පත්ලේ සැඟවී ගිය බවත් මෙරට ජනයා අතර ප්‍රසිද්ධ කතාවකි. නමුත් එලෙස මෙරට පුරාවස්තු ගෙන ගිය නැවක් මුහුදුබත් වීමක් ගැන කිසිදු වාර්තාවක් නැත. 1962-63 වර්ෂයේ පුරාවිද්‍යා පාලන වාර්තාවේ එවකට පුරාවිද්‍යා කොමසාරිස් චාල්ස් ගොඩකුඹුර මහතා 40 වැනි පිටුවේ මෙසේ දක්වා ඇත. “මුහුදු පත්ලේ පුරාවිද්‍යාව ගැන උනන්දුවක් ඇතිවන මේ සමයෙහි හිත විශේෂයෙන් ඇදී යන එක් කරුණක් ඇත. 1885 වර්ෂයේ දී මදුරාසියේ සිට කොළඹට එන ගමනේ දී ඉන්ඩස් නම් වූ නෞකාව ත්‍රිකුණාමලයට හැතැප්ම 50කට උතුරේ පිහිටි මුලෙයිතිව් නම් ස්ථානයේ දී මුහුදුබත්විය. මේ නැවේ තිබූ බඩු අතර භාරුත් ස්තූපයෙන් ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා විසින් විශේෂයෙන් තෝරාගන්නා ලද ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් අගනා ගල් කැටයම් ඇතුළු පුරා වස්තූන් රැසක් විය. ඒ කාලයේ මේ නැවේ බඩු ගොඩ ගැනීමට උත්සාහ කළ බව දැනගන්නට තියෙන හෙයින් මේ කලා වස්තූන් නැවත ගොඩ ගත්තා වෙන්නටත් පුළුවන. මේ ගැන හරියාකාරව දැන ගන්නා තුරු ඉන්ඩස් නැවේ සුන්බුන් ගැන සෙවීම යෝග්‍ය නොවේ. ඒ නිසා මේ ගැන විස්තර යමක් දන්නා අය ඇතොත් අපට හෝ ආතර් සී. ක්ලාක් මහතාට දන්වනවානම් පින්සිද්ධ වෙනවාය.”‍ යනුවෙන් එහි සටහන් කර තිබිණි. මේ කතාව අනුව පැහැදිලි වන්නේ පුරාවස්තු ගෙන යමින් සිටියදී ලංකාව අසල මුහුදේ ගිලී ගොස් ඇති නෞකාවක තිබී ඇත්තේ මෙරට පුරාවස්තු නොව ඉන්දියාවේ පුරාවස්තු බවයි. මේ නෞකාව සොයාගැනීමට හැකි වුවහොත් එය මෙරට මුහුදු පුරාවිද්‍යා ක්ෂේත්‍රයට පමණක් නොව ඉන්දියාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ද අද්විතීය සොයා ගැනීමක් වනු ඇත. උතුරු සහ නැගෙනහිර මුහුද ආශ්‍රිතව මුහුදු පුරාවිද්‍යා ගවේෂණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්ථාන භාර නිලධාරී ඩබ්ලිව්.එම්. රත්න මහතාගේ, මෙහෙයවීමෙන් ආරම්භ කෙරිණි. මේ ගවේෂණයේ දී ඔවුන්ගේ ප්‍රබලතම ඉලක්කයක් වූයේ ඉන්ඩස් නමැති නැව සොයා ගැනීමයි. ගවේෂණයට පෙර සාහිත්‍ය මූලාශ්‍ර සොයමින් මහින්ද කරුණාරත්න මහතා සහ රුක්ෂාන් ප්‍රියනන්දන මහතා ජාතික ලේඛනාගාරයේ පැරණි පුවත්පත් පරීක්ෂා කළ අතර ඔවුන්ට නැව ගිලී ගිය සිදුවීම පිළිබඳ ඉතා වටිනා තොරතුරක් හමුවූයේ “ද ටයිම්ස් ඔෆ් සිලෝන්”‍ පුවත්පතෙනි. නැවේ සිටි මගියකු 1885 නොවැම්බර් මස 10 වැනි දා නැව ගිලී ගිය ආකාරය පිළිබඳ සම්මුඛ සාකච්ඡාවක් පුවත්පතට ලබා දී තිබිණි.

මෙම සාකච්ඡාවේ දී නැව අනතුරට පත්වූ ආකාරයත්, නැවේ තිබූ භාණ්ඩ බේරාගැනීමට කපිතාන්වරයා උනන්දුවක් නොදැක්වූ බවත්, නැවේ සිටි පළමු පන්තියේ මගීන් හය දෙනා ඇතුළු සියලු‍ දෙනාගේ ජීවිත ගලවාගෙන මුලතිව් නමැති ධීවර ගම්මානයක පිහිටා තිබූ කුඩා තානායමකට පැමිණි බවත් ඔහු සඳහන් කර තිබේ. අද මුලතිව් යනු නගරයකි. එහි තිබූ තානායම පාදමට පමණක් සීමා වී ඇත. ප්‍රදීපාගාරය ද බිමට සමතලා වී ගොසිනි. මුහුදු පුරාවිද්‍යාඥයෝ තවත් සොයා බැලීම් කළහ. මුලතිව් හා ඒ ආසන්න වෙරළ තීරයන් හි සැරිසරමින් අවට මුහුදේ ගිලී ගොස් ඇති නැව් පිළිබඳ තොරුතුරු ධීවරයන්, කිමිදුම් කරුවන් හා සාකච්ඡා කරමින් සොයා බැලූහ. “එක තැනක් තියෙනවා අපේ දැල් නිතර නිතර පැටලෙනවා. මුලතිව් සිලාවත්ත වෙරළේ ඉඳලා කිලෝ මීටර හතරක් විතර දියඹට වෙන්න මෙතැන තියෙන්නේ”‍ කිංස්ලි බර්නාඩ් නමැති ධීවරයකු දුන් තොරතුරු අනුව පුරාවිද්‍යා කණ්ඩායම දින කිහිපයක් එතැන ගවේෂණයේ යෙදුන ද කිසිවක් සොයාගත හැකිවූයේ නැත. ඔවුන්ට මේ පිළිබඳ නිවැරදි තොරතුර ලබාදුන්නේ කෝකිලායිහි දී හමුවූ ග්‍රේෂන් නමැති පුද්ගලයෙකු විසිනි. මුලතිව් ආසන්නයේ ගිලී ඇති නෞකාවක GPS අගයන් ලබා දීමට ද ග්‍රේෂන් සමත්විය. ගවේෂණයට එක්වූ ඒ.එම්. ඒ දයානන්ද මහතා මෙසේ කීවේය. “ග්‍රේෂන් ලබාදුන් GPS අගයන් අනුව ගොස් අපි කිමිදුම් කටයුතු කළා. මේ ස්ථානයේ ගිලී ගිය නැවක් දක්නට ලැබුණා. නැව නිශ්චිතව හඳුනාගත නොහැකි නිසා අපි ඒ නැවට ‘මුලතිව් නැව’ ලෙස නම් කළා. නැවේ ඉදිරිපස උතුරු දිශාවට ස්ථානගත වී තිබෙන බව තහවුරු වූ අතර දකුණු දිශාවෙන් බොයිලේරු දෙකක් සොයා ගැනීමට හැකිවුණා. ඒ වනවිට අප සොයාගත් දත්ත අනුව මෙය මීටර 42ක් පමණ දිග පළල මීටර 10.6ක් වූ වාෂ්ප බලයෙන් ක්‍රියා කළ නැවක්. නැවේ අවර දණ්ඩ ඇත් දැයි සොයා බැලු‍වත් එය සොයා ගැනීමට හැකිවුණේ නැහැ. මෙහි ඉදිරිපස කොටස යැයි අප සිතා සිටි කොටසේ විශාල වශයෙන් මාලු‍ දැල් පැටලී තිබුණා. මෙය ගවේෂණ කටයුතු සඳහා විශාල බාධාවක් වුණා. ”‍ ඔවුන්ගේ මේ ගවේෂණයේ දී කුඩා ලෝහමය උපකරණ දෙකක් ද හමුවී ඇත. එයින් නැවේ අනන්‍යතාව සොයාගත නොහැකි විය. නැව ගිලී ඇති ස්ථානය වැලි සහිත ප්‍රදේශයක් බැවින් නැවේ විශාල කොටසක් වැලිවලින් මුළුමනින්ම වැසී ගොස් තිබිණි. වැලි සහිත ස්ථාන කැණීම් සිදුකර යම් තොරතුරු අනාවරණය කරගත හැකි වෙතැයි යන විශ්වාසය මත පුරාවිද්‍යාඥයෝ ස්ථාන තුනක කැණීම් සිදුකළහ.
මේ කැණීම්වලින් අනාවරණය වූයේ නැවේ උතුරු අන්තය එහි ඉදිරිපස හෙවත් ඇණිය ලෙස හඳුනාගෙන තිබුණ ද එය වැරදි බවයි. ඒ නැවේ වෙළෙඳ ද්‍රව්‍ය ගබඩා කිරීම, මුළුතැන්ගේ ඇතුළු නැවේ ක්‍රියාකාරකම් රැසක් සිදුවන ස්ථානයකි. මෙතැන කැණීම් සඳහා සුදුසුම ස්ථානයක් ලෙස සළකා පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරිණි.
මහින්ද කරුණාරත්න මහතා මෙසේ පවසයි.


“මතුපිට තිබූ වැලි ස්ථරයත් ඇතුළුව අපිට පාංශු ස්ථර හතරක් පිළිබඳ වාර්තා වුණා. වැලි ස්ථරයෙන් තද අළු පැහැති මියගිය සහ දිරාපත් වූ බෙල්ලන්ගෙන් විශාල සංඛ්‍යාවක් දක්නට ලැබුණත් සාක්ෂි කිසිවක් සොයාගන්න බැරිවුණා. නමුත් මතුපිට ගවේෂණය කිරීමේ දී නැවේ තට්ටුවේ එක් කොටසක් මත ටෙරාකොටා ටයිල් අතුරා තිබෙන ආකාරය දක්නට ලැබුණා. කහ, රතු සහ කළු පැහැති රටා මෝස්තර සහිත මේ ටයිල් විශේෂ කාමරයක හෝ නාන කාමරයක විය හැකියි. මේ ටයිල් කැට පරීක්ෂා කිරීමේ දී එහි පිටුපස නිෂ්පාදිත සමාගමේ නම සටහන්ව තිබුණා. ඒ ඔස්සේ සොයා බැලූ විට ‘මින්ටන් හොලින්ස්‘ යන සමාගම 1845 දී ආරම්භ කර 2015 වර්ෂය දක්වාම පවත්වාගෙන ගොස් ඇති බවත් සොයා ගැණුනා. වඩාත් වැදගත්ම තොරතුර වුණේ 1871 දී ඉන්ඩස් නැවේ අභ්‍යන්තර සැකසුම් නිර්මාණය කර තිබෙන්නේ මේ සමාගම විසින් වීමයි. ඒ අනුව මෙය අප සොයමින් සිටින ඉන්ඩස් නැව වීමට බොහෝ දුරට ඉඩ තිබෙනබව තහවුරු වුණා.”‍ නැවේ ගවේෂණ කටයුතු අතරතුර දී පුරාවිද්‍යාඥයන්ට හමුවූ වැදගත්ම වස්තුව වූයේ බඳට පිටතින් වැලි පොළොව මත පිහිටි කුඩා ලෝහ බඳුනක් හමුවීමය. මෙය පරීක්ෂා කිරීමේ දී බඳුන මතුපිට හිරුගේ සංකේතයක් පැහැදිලිව දක්නට ලැබිණි. මේ සංකේතය නැව සම්බන්ධයෙන් තිබූ ගැටලු‍ රැසක් නිරාකරණය කළේය. ලෝහ බඳුනේ ඇති සංකේතය P&O නැව් සමාගමේ ලාංඡනයයි. එස්.එස්. ඉන්ඩස් නමැති ඉන්දියාවේ සිට පුරාවස්තු රැගෙන ගිය නෞකාව P&O සමාගමට අයත් මගී ප්‍රවාහන නෞකාවකි. මුහුදු පුරාවිද්‍යාඥයන්ට හමුවී ඇති මේ නෞකාව මුලතිව් මුහුදේ ගිලී ඇති එම සමාගමට අයත් එකම නෞකාව ඉන්ඩස් නෞකාව වන බැවින් දැන් සියල්ල තහවුරු වී අවසන්ය. දශක ගණනාවක් තිස්සේ ඉන්දියාව, ශ්‍රී ලංකාව පමණක් නොව මුහුදේ ගිලු‍ණු නැව් සොයා මෙරටට පැමිණි ආතර් සී. ක්ලාක් පවා සොයමින් සිටි එස්.එස්. ඉන්ඩස් නැව හමුවී තිබේ. නැවේ අනන්‍යතාව ඒ ආකාරයෙන් විසඳාගත හැකිවිය. මෙම නැව පිළිබඳ පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා මෙසේ පැවසීය. “අපි දැනට මේ ස්ථානයේ පරීක්ෂණ කැණීම් තුනක් සිදුකර තිබෙනවා. නැවේ වාෂ්ප එන්ජිමට අයත් බොයිලේරු අසළ නැව් බඳට සම්බන්ධව පැවැති විශාල ලී කොටයක් දක්නට ලැබෙනවා ඒ ආසන්නයේ නිශ්චිතව සොයා ගැනීමට නොහැකි වෘත්තාකාර යමක් ඉහළට එසවී තිබුණා එය ගල් හෝ යකඩ විය හැකියැයි සිතා අපි කැණීම් කළා. මෙතැන පැහැදිලිව දර්ශනය නොවන නිසා කැණීමෙන් පස්සේ තමයි එය ලෝහමය කොටස් බව හඳුනාගත්තේ නැවේ බඳ එක් ඉවුරක් ලෙස යොදා ගැනිමින් නැගෙනහිර දිශාවෙන් කැණීම් කරන විට තද අළු මෘධු පස් ස්ථරයක් දක්නට ලැබුණා. නැවේ තේ කොළ සහ තිරිඟු‍ පිටි ගෙන ගියායැයි වාර්තාවන නිසා මෙහි සාම්පල අරගෙන පරීක්ෂා කළත් නිශ්චිතව හඳුනාගත නොහැකි වුණා.”‍

පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ නෞකාව වැලි වලින් වැසී පවතින බැවින් කැණීම් කටයුතු ඉතා අපහසු බවයි. වරින් වර කැණීම් වලේ ඉවුරු කඩා වැටෙන බැවින් වැලි ඉවත් කිරීම ද අපහසු වී ඇත. එමෙන්ම නැවේ කොටස්වල සවි වී මැරී ගොස් සිටින බෙල්ලන් ඉවත් කිරීම ද පහසු කටයුත්තක් නොවේ. එස්.එස්. ඉන්ඩස් නෞකාව 1871 වර්ෂයේ දී නිෂ්පාදනය කරන ලද මගී ප්‍රවාහන නෞකාවකි. එය 1885 අනතුරට පත්වන අවස්ථාවේ එහි සිටි සියලු‍ දෙනාගේම ජීවිත බේරාගෙන ඇති බව ද වාර්තාවල දැක්වේ. එම වාර්තාවට අනුව නැව නොගැඹුරු මුහුදු පත්ලේ ගැටී ඇති බවත් ඉන් පසු නැව ඉදිරියට සහ පසුපසට ගනිමින් නැව යළි ගැඹුරු මුහුදට යොමු කිරීමට ගත් උත්සාහයේ දී නැව සිදුරුවී අනතුරට පත්වූ බවත් මේ වාර්තා අනුව පැහැදිලිය.
නැව අනතුරට ලක්වූ දිනවලදීම ඊසාන දිග මෝසම් සුළං සක්‍රීය වී මුහුද රළු වීම හේතුවෙන් එහි තිබූ වටිනා භාණ්ඩ බේරාගත නොහැකි වූ බව ද දැක්වේ. මේ වනවිට මීටර 11ක් ගැඹුරු මුහුදේ රැඳී තිබෙන මේ නෞකාව වැලිවලින් වැසී තිබීම හේතුවෙන් එහි තිබූ භාණ්ඩ තවමත් සුරක්ෂිතව ඇතැයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති.
රුක්ෂාන් ප්‍රියනන්දන මහතා මෙසේ පැවසීය. “මේ නැව තිබෙන ගැඹුර අනුව එයට බැහැලා වටිනා භාණ්ඩ ගැනීමට 1980 ට පෙර කාලයේ කිමිදුම් පහසුකම් නොමැති කාලයේ හැකියාවක් තිබෙන්නට නැහැ. ඉන් පසු යුදමය වාතාවරණය නිසා මේ නැවට කවුරුවත් බහින්න ගිහින් නැහැ. ආතර් සී. ක්ලාක් ඇතුළු කණ්ඩායම නැව ගැන සොයා බැලු‍වත් නැව ගිලී ගිය ස්ථානය ගැන තිබූ වැරදි තොරතුරු නිසා ඔවුන්ටත් එය සොයාගත නොහැකි වුණා. ඒ නිසා මේ නැවේ ද්‍රව්‍ය තවමත් මුහුදේ වැලිවලින් වැසී ඇතැයි අපි සිතනවා.”‍ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීහු මේ නැවේ ගවේෂණ කටයුතු තවදුරටත් සිදුකරති. ඔවුන් පවසන්නේ මේ සොයාගැනීම ලෝකයේම පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ අද්විතීය සළකුණක් වන බවයි.

ලංකාවේ මුහුදුබත් උනු ඉන්දියාවේ ඉතිහාසය ලංකාවේ මුහුදුබත් උනු ඉන්දියාවේ ඉතිහාසය Reviewed by Kalum on February 23, 2020 Rating: 5

පොළොව යටත් තියන දේවල් පුදුමයි ඇස් අදහගන්නත් බැ

February 22, 2020


පොළොව යට ඇති ලුණු නිධියක් එකේ ඇතුලේ වැඩ කෝටියක්. මීට වසර මිළියන 250 කට පමණ පෙර යුක්රේනයේ (Ukraine) කොටසක් නොගැබුරු මුහුදකින් යටවී තිබිණි.කාලයාගේ ඇවෑමෙන් මුහුද වියළී ගිය පසු අති විශාල ලුණු තැම්පතුවක් ඉතිරි විය.පසුව පෘථිවියේ ශිලා ගෝලයේ ඇති වූ වෙනස් කම් නිසා මෙම ලුණු තැම්පතුව පොලොව තුළට කිදා බැස්සේය.අද වන විට එම දැවැන්ත ලුණු තැම්පතුව යුක්රේනයේ Soledar නැමති කුඩා නගරය පතුළේ පිහිටා ඇත.රුසියානු භාෂාවෙන් Soledar යනු gift of salt යන්නයි. 16 වන ශතවර්ෂයේ සිටම මෙම ප්‍රදේශය ලුණු සදහා ප්‍රසිද්ධියක් උසුලනු ලැබීය.පොළොව අභ්‍යන්තරයේ තිබූ ලුණු, ජල මුලාශ සමග පොළොව මතුපිටට පැමිණියේය.නගර වැසියන් එයින් ලුණු නිපදවීමට පුරුදුව සිටියෝය.ලුණු මිශ්‍ර ජලය රත් කර ලුණු නිපදවූ ඔවුන් ජලය රත් කිරීම සදහා යොදා ගත්තේ දැව කදන්ය.මෙම ක්‍රමය නිසා විශාල ලෙස වනාන්තර එළි පෙහෙළි විය.පසුව ඔවුන් දැව වෙනුවට ගල් අගුරු යොදා ගත්තේය.පසුව 19 වන ශතවර්ෂයේදී නගර වැසියන් විසින් මෙම ලුණු නිධිය සොයා ගැනීමත් සමග අති විශාල පතලක් හාරා මහා පරිමාණ ලෙස ලුණු උකහා ගැනීමට පටන් ගත්තෝය.

වසර සියයකට අධික කාලයක් ලුණු ලබාගෙන ඇති මෙම ලුණු නිධිය අද වන විට මීටර් 300 පමණ ගැබුරට කණිනු ලැබ ඇත.ලුණු ලබා ගැනීමට හෑරූ දෝනා සැතපුම් 125 කටත් වඩා දිගය.මෙම ලුණු නිධිය අද වන විට භූගත කුඩා නගරයකි. මීටර් 30 ක් පමණ උස ලුණු ලබා ගැනීමට හෑරූ විශාල දෝනා සංගීත ශාලා බවට පත් කර ඇත.2004 වසරේ එහි සංගීත ප්‍රසංගයක්ද පවත්වා ඇත.තවත් තැනක දක්නට ලැබෙන්නේ විශාල පාපන්දු පිටියක්ය.තවත් තැනක ආපන ශාලාවකි.දෙවස්ථානයක්ද ඇත.පුදුමයට කරුණ නම් මේ සියල්ල ඇත්තේ ලුණු බිත්ති වලින් වටවූ ලුණු නිධිය තුලය. Soledar ලුණු නිධිය කලාකාමී රසවතුන්ටද තෝතැන්නකි.ලුණු බිත්ති මත මුර්ති අබා ඇත.මේවා නැරභීමට සංචාරයකින් පැමිණෙති. ආපන ශාලාවෙන් හොද හැටි සප්පායම් ද වෙති.එක් තැනක සත්කාගාරයක්ද (sanitarium) ඇත.ලුණු සහිත සීතල වියළි වාතය (සෙල්සියස් 14 පමණ) ශරීරයටද සැපදායකය.විශේෂයෙන් ශ්වසන රෝග , චර්ම රෝග සහ ආසාත්මිකතා සදහා මෙම ලුණු නිධිය ප්‍රතිකාරයකි.ඇත්ත වශයෙන්ම මේ ලුණු නිධිය ඇතුලේ වැඩ කෝටියකි.මේ මිනිසුන් එය ඔවුන්ගේ හිත සුව පිණිස යොදාගෙන ඇති ආකාරය නම් පුදුමාකාරය.
පොළොව යටත් තියන දේවල් පුදුමයි ඇස් අදහගන්නත් බැ පොළොව යටත්  තියන දේවල් පුදුමයි ඇස් අදහගන්නත් බැ Reviewed by Kalum on February 22, 2020 Rating: 5

ඇමෙරිකාව තිගැස්සූ අභ්‍යාවකාශ අනතුර

February 21, 2020

සියල්ල සූදානම්ය. එදින උදෑසන 11.39ට ගණනය කිරීම් ආරම්භ කෙරිණි. කෙනඩි තුඩුවට රැස්වී ලක්ෂ සංඛ්‍යාත පිරිසක් උඩුගුවන දෙස දෑස් දල්වා බලා සිටිය දී ඒ දසුන ලෝකය පුරා කෝටි සංඛ්‍යාත මිනිසුන්ට සජීවී විකාශ මගින් රූපවාහිනියෙන් නැරඹීමට අවස්ථාව ලබා දී තිබිණි. අවසන් තත්ත්පරයේ දී ද සියල්ල නිවැරදිව සිදුවන බව තහවුරුකරගැනීමෙන් පසු අභ්‍යාවකාශ යානය ගමන් ඇරඹීය. පෘථිවියෙන් මිදී අහසට නැගුණු යානය දෙස දෑස් දල්වා බලා සිටින අය මෙන්ම රූපවාහිනී තිරයේ මෙය නරඹන සියලු‍ දෙනා වික්ෂිප්ත කරමින් මොහොතකින් යානය පුපුරා ගියේය. ලෝකයේ අභ්‍යාවකාශ ඉතිහාසයේ දරුණුතම විනාශය එය ලෙස අදට ද පිළිගැනේ. මේ චාරිකාව සඳහා එක්ව සිටි සාමාන්‍ය පුරවැසියකු වූ ක්‍රිස්ටා මැකෝලිෆ් මහත්මිය සමග ගගනගාමීන් වන රිචඞ් ස්කොබී, මයිකල් ජේ. ස්මිත්, ජුඩිත් රෙස්නික්, එලිසන් ඔනිසුකා, රොනල්ඞ් මැක්නයර් සහ ග්‍රෙග් ජාවිස් ක්ෂණයින් මරු වැළඳ ගත්හ. යානයේ කොටස් ගිනිගෙන පුපුරා ඒ මේ අත විසිරී ගියේය. 
කාගේත් කතා බහට ලක්වූයේ මේ ගමනට එක්ව සිටි ක්‍රිස්ටා මැකෝලිෆ් ය. ඇය ගුරුවරියකි. තාරකා විද්‍යාවට දැඩි සේ ඇලු‍ම්කළ ඇයේ සිහිනය වූයේ අභ්‍යාවකාශ තරණයයි. 1984 දී නාසා ආයතනය අභ්‍යාවකාශ චාරිකාවක් සඳහා විද්‍යාඥයකු හෝ ගගනගාමියකු නොවන සිවිල් පුරවැසියකුට අවස්ථාවක් දෙන බවට නිවේදනය කිරමින් අයදුම් පත් කැඳවා තිබිණි. ලොව පුරා පුද්ගලයන් 10,000කට වැඩි පිපරිසකගෙන් මේ සඳහා අයදුම්පත් ලැබුණු අතර ටික දිනකින් ක්‍රිස්ටා දැනගත්තේ තමන්ට ඒ අද්විතීය අවස්ථාව ලැබී ඇති බවයි. ඇයගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පරීක්ෂා කළ නාසා ආයතනය ඇය අවශ්‍ය පුහුණුවීම් සඳහා යොමු කෙරිණි. ඉන් අනතුරුව ගගනගාමීන් සමග අදාල පුහුණුව ලැබූ ක්‍රිස්ටා ලෝක ඉතිහාසයේ අභ්‍යාවකාශයට ගිය පළමු පුරවැසියා වීමේ සිහිනය දකිමින් පසු වූවාය. ඇගේ බලාපොරොත්තුව වූයේ අභ්‍යාවකාශයට ගොස් පැමිණ ලබාගන්නා අත්දැකීම් සම්බන්ධයෙන් ලෝකය පුරා දේශන පැවැත්වීමයි. 
නාසා ආයතනය මේ චාරිකාව සඳහා යොදාගන්නා ලද්දේ 1983 අප්‍රේල් මස 04 වැනිදා මුල්වරට ගුවන්ගත කළ චැලෙන්ජර් නම් අභ්‍යාවකාශ ෂටලයයි. මෙම චාරිකාවට පෙර එය නම වතාවක් අභ්‍යාවකාශ ගත වී සාර්ථකව ගමන නිමාකර තිබිණි. මේ චාරිකාව සඳහා ඔවුන් යොදාගෙන තිබූ දිනය වූයේ ජනවරි 20 වැනි දිනය වුව ද එදින කැනැවරල් තුඩුව අවට කාලගුණය අයහපත් වීම හේතුවෙන් ගමන දින කිහිපයකට කල් දැමිණි. මේ සඳහා තාක්ෂණ දෝෂ කිහිපයක් ද බලපෑ බව පසුව අනාවරණය විය. ජනවාරි මස 27 වැනි දා වනවිට කාලගුණ තත්ත්වය යහපත් වූ හෙයින් 28 වැනි දා උදේ 11.39 ට චාරිකාව ආරම්භ කිරීමට සියලු‍ කටයුතු සූදානම් කෙරිණි. එදින උදෑසන ද ෆ්ලොරිඩාවේ තරමක ශීත දේශගුණයක් පැවතිණි. 
නාසා බලධාරීන් සියල්ල පරීක්ෂා කර යානයේ සියලු‍ දෑ නිසි පරිදි සිදුවන්නේ දැයි සොයා බැලීය. සියල්ල හොඳ තත්ත්වයේ පවතින බවට වාර්තා විය. නමුත් කාර්මික ශිල්පීන් බලධාරීන්ට කියා සිටියේ යානයේ රොකට් බලගන්වන ස්ථානයන්හි ඇති රවුම් හැඩැති මුදු පිළිබඳ වඩාත් සැළකිලිමත් විය යුතු බවයි. මේවා ශීතල දේශගුණය හමුවේ දුර්වල වී ක්‍රියා විරහිත විය හැකි බව දන්නා නිලධාරීන් යළි ඒවා පරීක්ෂා කර හොඳ තත්ත්වයේ පවතින බව තහවුරු කරන ලදී. 
නියමිත වේලාව එළැඹ තිබිණි. උදෑසන 11.39ට චැලෙන්ජර් යානය අභ්‍යාවකාශය දක්වා යන ගමන ආරම්භ කළේ රැස්ව සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ඔල්වරසන් මධ්‍යයේය. ගුවන්ගත වී තත්ත්පරයෙන් තත්ත්පරය ගත වන්නට විය. යානය වේගයෙන් ඉහළ අහසට ඇදී යයි නමුත් 73 වැනි තත්පරයේ දී යානය වෙලාගෙන ගිනි ජාලාවක් පැතිර ගිය අතර ක්ෂණයකින් එය පුපුරා ගිනි ගන්නා කොටස් අහස් තලයේ ඒ මේ අත විසිර ගියේය. 
ඇමෙරිකාව තිගැස්සූ අභ්‍යාවකාශ අනතුර ඇමෙරිකාව තිගැස්සූ අභ්‍යාවකාශ අනතුර Reviewed by Kalum on February 21, 2020 Rating: 5

අදටත් නොවිසඳුණු ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ කතාව

February 17, 2020


එක්දහස් නමසිය අනූවේ මුල්කාලය වන විට මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සිටියේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තේය. උතුරු ප්‍රදේශය භාර හමුදා ආඥාපතිවරයා ලෙස ඔහු කෙතරම් ප්‍රසිද්ධියට පත්වී සිටියේ දැයි කිවහොත් රට්ටු කොබ්බෑකඩුව නම ඇදහූවේ දේවත්වයෙනි. සමහරු කල්පනා කළේ රට බේරා ගැනීමට පැමිණි දියසේන කුමරා ඔහු කියාය. මේ ජනප්‍රියත්වය නිසා එකල රටේ පැතිර ගිය ආරංචියක් වූයේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මීළඟ ජනාධිපතිවරණයට තරග කරනු ඇති බවය. මේ නිසා පාලකයන් අතරේ කොබ්බෑකඩුව භීතිකාවක් පැතිර ගියේය.





අදටත් නොවිසඳුණු ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ කතාව අදටත් නොවිසඳුණු ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ කතාව Reviewed by Kalum on February 17, 2020 Rating: 5

මුහුදේ ඉන්න මාළු ගංගා දිගේ අඩි 3500 ඉහල නුවරඑළියේ යන අපුරුව .

January 13, 2020
සොබා දහම හරිම අපුරුයි මෙන්න බලන්න ලංකාවේ වෙන අපුරු වැඩක් ආචාර්ය වසන්ත සේන වසර 20ක් පර්යේෂණ කරලා හොයාගෙන තියන දේ බලන්නකෝ මුහුදේ ඉන්න මාළු නුවරඑළියේ යනවා


මුහුදේ ඉන්න මාළු ගංගා දිගේ අඩි 3500 ඉහල නුවරඑළියේ යන අපුරුව . මුහුදේ ඉන්න මාළු ගංගා දිගේ අඩි 3500 ඉහල නුවරඑළියේ යන අපුරුව . Reviewed by Gossip Lanka News on January 13, 2020 Rating: 5

ඩේට්ස් දවසට ගමේ කාන්තාවන්ට උදව් කරන්න ගිය සැමියා අවසානයේ ගිය තැන ඇහුව බිරිඳ දෙවියන් සිහිවෙයි

June 07, 2019

බිරිඳ ඩේට්ස් දවසෙ පරණ තුවා පාවිච්චි කරනවා දුටු සැමියෙක් කල දේ දුටු බිරිඳට හීන් දහදිය දමයි ගමේ ගෑණුන්ට ඩේට්ස් දවසට ඒවා දීලා සැමියා අවසානයේ ගිය තැන ඇහුව බිරිඳ දෙවියන් සිහිවෙයි කාන්තාවන්ගේ ඩේට්ස් දවසෙන් ගොඩගිය මිනිසා

ඩේට්ස් දවසට ගමේ කාන්තාවන්ට උදව් කරන්න ගිය සැමියා අවසානයේ ගිය තැන ඇහුව බිරිඳ දෙවියන් සිහිවෙයි ඩේට්ස් දවසට ගමේ කාන්තාවන්ට උදව් කරන්න ගිය සැමියා අවසානයේ ගිය තැන ඇහුව බිරිඳ දෙවියන් සිහිවෙයි Reviewed by HotSilver on June 07, 2019 Rating: 5

රතන හිමියන් දෙවැනි සටන අරඹයි - මෙන්න අද සිංහලයන්ගේ බොක්කටම වදින්න කල කතාව

June 07, 2019

රතන හිමි දෙවැනි සටන අරඹයි - මිට සුළු මොහොතකට පෙර උපවාසයෙන් පසු පළමුවරට මාධ්‍ය ඉදිරියට පැමිණි රතන හිමි ඊළඟට කරන්න යන සුපිරි මෙහෙයුම මෙන්න

රතන හිමියන් දෙවැනි සටන අරඹයි - මෙන්න අද සිංහලයන්ගේ බොක්කටම වදින්න කල කතාව රතන හිමියන් දෙවැනි සටන අරඹයි - මෙන්න අද සිංහලයන්ගේ බොක්කටම වදින්න කල කතාව Reviewed by HotSilver on June 07, 2019 Rating: 5

ගස් කපලා - ගස් ඉරලා ඉවරයි - වඩු මඩු සහ ලී මෝල් තහනම් - වෙන ජොබ් එකක් හොයාගන්න අවුරුදු 5ක්

June 06, 2019

වඩු මඩු තහනම් කරනවා.. - ජනපති මෛත්‍රී කියයි වඩු මඩු ලී - මෝල් තහනම් ලී මෝල් ව්‍යාපාරිකයින්ට අවුරුදු 5ක් දෙනවා වෙන ජොබ් එකක් හොයාගන්න

ගස් කපලා - ගස් ඉරලා ඉවරයි - වඩු මඩු සහ ලී මෝල් තහනම් - වෙන ජොබ් එකක් හොයාගන්න අවුරුදු 5ක් ගස් කපලා - ගස් ඉරලා ඉවරයි - වඩු මඩු සහ ලී මෝල් තහනම් - වෙන ජොබ් එකක් හොයාගන්න අවුරුදු 5ක් Reviewed by HotSilver on June 06, 2019 Rating: 5

මුස්ලිම් ඇමතිවරුන් මේ මොහොතේ පවත්වන මාධ්‍ය සාකච්චාවේ සජීවී දසුන් මෙන්න

June 03, 2019

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වෙයි මෙන්න ඊට පස්සේ කරන්න යනදේ - මාධ්‍ය සාකච්චාවේ සජීවී දසුන් මෙන්න

මුස්ලිම් ඇමතිවරුන් මේ මොහොතේ පවත්වන මාධ්‍ය සාකච්චාවේ සජීවී දසුන් මෙන්න මුස්ලිම් ඇමතිවරුන් මේ මොහොතේ පවත්වන මාධ්‍ය සාකච්චාවේ සජීවී දසුන් මෙන්න Reviewed by HotSilver on June 03, 2019 Rating: 5

සිංහලයින්ගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා - හිමිනමක් කඳුළු සලමින් කළ කතාව

June 02, 2019

රතන හිමිගේ තත්වය දරුණු අතට - හිමිනමක් දරාගත නොහැකිව හඬමින් කළ කතාව - හිමිවරුන් කඳුළු සලයි - රතන හිමියන් දුර්වල වෙයි

සිංහලයින්ගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා - හිමිනමක් කඳුළු සලමින් කළ කතාව සිංහලයින්ගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා - හිමිනමක් කඳුළු සලමින් කළ කතාව Reviewed by HotSilver on June 02, 2019 Rating: 5

කොටුවේ හාමුදුරුවොයි සුමනරතන හාමුදුරුවොයි රතන හිමියන් වෙනුවෙන් මාලිගාවට මහ රෑ වඩි - ආණ්ඩුවට දුවන්න දෙයි

June 02, 2019

කොටුවේ හාමුදුරුවොයි අම්පිටියේ සුමනරතන හාමුදුරුවොයි මාලිගාවේ ඉඳන් ලුණු ඇඹුල් ඇතුව ආණ්ඩුවට කියපු කතාව ආණ්ඩුවේ රෙදි ගැලවෙයි කොටුවේ හාමුදුරුවොයි සුමනරතන හාමුදුරුවොයි කියන්න තියන හොඳම විදියට කියයි

කොටුවේ හාමුදුරුවොයි සුමනරතන හාමුදුරුවොයි රතන හිමියන් වෙනුවෙන් මාලිගාවට මහ රෑ වඩි - ආණ්ඩුවට දුවන්න දෙයි කොටුවේ හාමුදුරුවොයි සුමනරතන හාමුදුරුවොයි රතන හිමියන් වෙනුවෙන් මාලිගාවට මහ රෑ වඩි - ආණ්ඩුවට දුවන්න දෙයි Reviewed by HotSilver on June 02, 2019 Rating: 5

Provinces of Sri Lanka

April 30, 2019

එම සැලසුම ව්‍යර්ථ වී ඇත්තේ එම සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයන් දෙදෙනෙක් වන මාවනැල්ලේ පදිංචිකරුවන් වන සාදික් සහ ෂාහිඩ් යන සහෝදරයන් දෙදෙනා අවසාන මොහොතේ ඊට විරෝධය දැක්වීම බවද වාර්තා වනවා.

Provinces of Sri Lanka Provinces of Sri Lanka Reviewed by HotSilver on April 30, 2019 Rating: 5

Batticaloa Campus in Sri Lanka

April 30, 2019

“ආගමික, සංස්කෘතික සහ භාෂා පීඨය” යනුවෙන් දක්වා ඇති පීඨයේ දෙපාර්තමේන්තු ඇත්තේ එකක් පමණක් බවත් ඒ “ෂරියා අධ්‍යයන දෙපාර්තමේන්තුව” බවත් මෙහිදී කරුණු ඉදිරිපත් විය.

Batticaloa Campus in Sri Lanka Batticaloa Campus in Sri Lanka Reviewed by HotSilver on April 30, 2019 Rating: 5

UNP urban Minister Arrested

April 29, 2019

ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්තී‍්‍ර එච්. එම්. අලි උස්මාන් සහ ඔහුගේ සහෝදරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

UNP urban Minister Arrested UNP urban Minister Arrested Reviewed by HotSilver on April 29, 2019 Rating: 5

Anders Holch Denmark in Shangri La Hotel Colombo

April 28, 2019

බ්‍රිතාන්‍යයේ ඉඩම් වැඩිම ප්‍රමාණයක් හිමි පුද්ගලයා ලෙස සැළකෙන ඩෙන්මාර්කයේ වංශාධිපතියෙකු වන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් ඔහුගේ බිරිඳ සහ දරුවන් සිව්දෙනා සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටිය දී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුණා

Anders Holch Denmark in Shangri La Hotel Colombo Anders Holch Denmark in Shangri La Hotel Colombo Reviewed by HotSilver on April 28, 2019 Rating: 5

සියලු වත්කම් රාජසන්තකයි - එළිපිට රඟපු කාලේ ඉවරයි දැන් සනීප ඇති

April 27, 2019

ජාතික තව්හීත් ජමාත් (NTJ) සහ ජමාතෙයි මිල්ලටු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (JMI) නම් සංවිධාන මෙරට තුල තහනම් සංවිධාන බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

සියලු වත්කම් රාජසන්තකයි - එළිපිට රඟපු කාලේ ඉවරයි දැන් සනීප ඇති සියලු වත්කම් රාජසන්තකයි - එළිපිට රඟපු කාලේ ඉවරයි දැන් සනීප ඇති Reviewed by HotSilver on April 27, 2019 Rating: 5

උඩ දාගෙන නටපු අයිඑස් අයියලාට උන ගැනෙන්න හමුදාපති අනතුරු අඟවයි

April 27, 2019

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පදනම් ආයතනයේදී පැවති හමුදා හා පොලිස් ප‍්‍රධානීන්ගේ හමුවක් අමතමිනි.

උඩ දාගෙන නටපු අයිඑස් අයියලාට උන ගැනෙන්න හමුදාපති අනතුරු අඟවයි උඩ දාගෙන නටපු අයිඑස් අයියලාට උන ගැනෙන්න හමුදාපති අනතුරු අඟවයි Reviewed by HotSilver on April 27, 2019 Rating: 5

බෝම්බකරු ප්‍රහාරයට යන්න කලින් බිරිඳ හයියෙන් බදාගෙන බෙල්ල අතගගා කියපු කතාව

April 23, 2019

මෙම ප්‍රහාරයේ එක් ප්‍රධාන සැලසුම්කරුවෙක් වන ඉන්ෂාෆ් අහමඩ් මහනුවර ප්‍රදේශයේ ඉපදී ඇති අතර ඔහු කොළඹ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබා ඇති බව ඔහුගේ බිරිඳගේ සොහොයුරා වන අෂ්කාන් අලාම්දින් ප්‍රකාශ කර සිටිනවා.

බෝම්බකරු ප්‍රහාරයට යන්න කලින් බිරිඳ හයියෙන් බදාගෙන බෙල්ල අතගගා කියපු කතාව බෝම්බකරු ප්‍රහාරයට යන්න කලින් බිරිඳ හයියෙන් බදාගෙන බෙල්ල අතගගා කියපු කතාව Reviewed by HotSilver on April 23, 2019 Rating: 5

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් සිදුවූ බෝම්බ ප්‍රහාරය ගැන විශේෂ ප්‍රකාශයක්

April 21, 2019

අද (21) පෙරවරුවේ කොළඹ අවට සිදු වූ පිපිරීම්වලින් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කරනවා. තුවාල ලැබූවන් මේ වනවිට කොළඹ ජාතික රෝහලට රැගෙන එමින් පවතින අතර ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වනවිට රෝගීන් 50කට අධික පිරිසක් රෝහල වෙත රැගෙන පැමිණ ඇති බවයි. ඉතින් මේ සිදුඑඋ මිලේච්ච ප්‍රහාරය ගැන ගොටභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. මේ එම සටහනයි

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් සිදුවූ බෝම්බ ප්‍රහාරය ගැන විශේෂ ප්‍රකාශයක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් සිදුවූ බෝම්බ ප්‍රහාරය ගැන විශේෂ ප්‍රකාශයක් Reviewed by HotSilver on April 21, 2019 Rating: 5

කැනඩාවේ රුපවාහිනී නාලිකාවකදී ලෝකෙම හොල්ලපු අපේ කොල්ලා ලංකාවට ඇවිත් ඒ ගැන කියපු හැටි මෙන්න

April 18, 2019

කමාජ් සිල්වා නැමති ශ්‍රි ලාංකික තරුණයෙකු නව ව්‍යවසා‍යකයන්ට සහය වන කැනඩාවේ පැවති රූපවාහිනි වැඩසටහනකට සහභාගී වී ව්‍යවසායකත්ව මණ්ඩලයේ ධනවත්ම හා ප්‍රබලතම ව්‍යාපාරිකයන් පවා පුදුමයට පත් කරමින් ආයෝජනයක් දිනා ගැනීමට සමත් වෙලා තිබෙනවා. Sneakertub ලෙසින් නම් කර තිබෙන මෙම ව්‍යාපාරික සංකල්පය ගොඩ නැගි තිබෙන්නේ පාවහන් හා අනෙකුත් තෑගී භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ සංකල්පයක් මත, ලොව ප්‍රබලතම හා හොදම පාවහන් නිෂ්පාදන සමාගම් පවා මෙම ව්‍යාපාරය සමග එක්ව කටයුතු කිරීම විශේෂත්වයකි. සිය රැකියාව අහිමි වූ පසු සිය බැංකු ගිණුමේ තිබූ ඩොලර් 700ක මුදලින් මෙම ව්‍යාපාරය අරඹන කමාජ් , ප්‍රථම වසර තුල පමණක් ඉපැයූ ආදායම ඩොලර් ලක්ෂ දෙකක්. කැනඩා තරඟයේදී කමාජ් විනිසුරු කරුවන් මවිත කළ විදිහයි මේ....

කැනඩාවේ රුපවාහිනී නාලිකාවකදී ලෝකෙම හොල්ලපු අපේ කොල්ලා ලංකාවට ඇවිත් ඒ ගැන කියපු හැටි මෙන්න කැනඩාවේ රුපවාහිනී නාලිකාවකදී ලෝකෙම හොල්ලපු අපේ කොල්ලා ලංකාවට ඇවිත් ඒ ගැන කියපු හැටි මෙන්න Reviewed by HotSilver on April 18, 2019 Rating: 5
Powered by Blogger.