පොළොව යටත් තියන දේවල් පුදුමයි ඇස් අදහගන්නත් බැ



පොළොව යට ඇති ලුණු නිධියක් එකේ ඇතුලේ වැඩ කෝටියක්. මීට වසර මිළියන 250 කට පමණ පෙර යුක්රේනයේ (Ukraine) කොටසක් නොගැබුරු මුහුදකින් යටවී තිබිණි.කාලයාගේ ඇවෑමෙන් මුහුද වියළී ගිය පසු අති විශාල ලුණු තැම්පතුවක් ඉතිරි විය.පසුව පෘථිවියේ ශිලා ගෝලයේ ඇති වූ වෙනස් කම් නිසා මෙම ලුණු තැම්පතුව පොලොව තුළට කිදා බැස්සේය.අද වන විට එම දැවැන්ත ලුණු තැම්පතුව යුක්රේනයේ Soledar නැමති කුඩා නගරය පතුළේ පිහිටා ඇත.රුසියානු භාෂාවෙන් Soledar යනු gift of salt යන්නයි. 16 වන ශතවර්ෂයේ සිටම මෙම ප්‍රදේශය ලුණු සදහා ප්‍රසිද්ධියක් උසුලනු ලැබීය.පොළොව අභ්‍යන්තරයේ තිබූ ලුණු, ජල මුලාශ සමග පොළොව මතුපිටට පැමිණියේය.නගර වැසියන් එයින් ලුණු නිපදවීමට පුරුදුව සිටියෝය.ලුණු මිශ්‍ර ජලය රත් කර ලුණු නිපදවූ ඔවුන් ජලය රත් කිරීම සදහා යොදා ගත්තේ දැව කදන්ය.මෙම ක්‍රමය නිසා විශාල ලෙස වනාන්තර එළි පෙහෙළි විය.පසුව ඔවුන් දැව වෙනුවට ගල් අගුරු යොදා ගත්තේය.පසුව 19 වන ශතවර්ෂයේදී නගර වැසියන් විසින් මෙම ලුණු නිධිය සොයා ගැනීමත් සමග අති විශාල පතලක් හාරා මහා පරිමාණ ලෙස ලුණු උකහා ගැනීමට පටන් ගත්තෝය.

වසර සියයකට අධික කාලයක් ලුණු ලබාගෙන ඇති මෙම ලුණු නිධිය අද වන විට මීටර් 300 පමණ ගැබුරට කණිනු ලැබ ඇත.ලුණු ලබා ගැනීමට හෑරූ දෝනා සැතපුම් 125 කටත් වඩා දිගය.මෙම ලුණු නිධිය අද වන විට භූගත කුඩා නගරයකි. මීටර් 30 ක් පමණ උස ලුණු ලබා ගැනීමට හෑරූ විශාල දෝනා සංගීත ශාලා බවට පත් කර ඇත.2004 වසරේ එහි සංගීත ප්‍රසංගයක්ද පවත්වා ඇත.තවත් තැනක දක්නට ලැබෙන්නේ විශාල පාපන්දු පිටියක්ය.තවත් තැනක ආපන ශාලාවකි.දෙවස්ථානයක්ද ඇත.පුදුමයට කරුණ නම් මේ සියල්ල ඇත්තේ ලුණු බිත්ති වලින් වටවූ ලුණු නිධිය තුලය. Soledar ලුණු නිධිය කලාකාමී රසවතුන්ටද තෝතැන්නකි.ලුණු බිත්ති මත මුර්ති අබා ඇත.මේවා නැරභීමට සංචාරයකින් පැමිණෙති. ආපන ශාලාවෙන් හොද හැටි සප්පායම් ද වෙති.එක් තැනක සත්කාගාරයක්ද (sanitarium) ඇත.ලුණු සහිත සීතල වියළි වාතය (සෙල්සියස් 14 පමණ) ශරීරයටද සැපදායකය.විශේෂයෙන් ශ්වසන රෝග , චර්ම රෝග සහ ආසාත්මිකතා සදහා මෙම ලුණු නිධිය ප්‍රතිකාරයකි.ඇත්ත වශයෙන්ම මේ ලුණු නිධිය ඇතුලේ වැඩ කෝටියකි.මේ මිනිසුන් එය ඔවුන්ගේ හිත සුව පිණිස යොදාගෙන ඇති ආකාරය නම් පුදුමාකාරය.
පොළොව යටත් තියන දේවල් පුදුමයි ඇස් අදහගන්නත් බැ පොළොව යටත්  තියන දේවල් පුදුමයි ඇස් අදහගන්නත් බැ Reviewed by Kalum on February 22, 2020 Rating: 5

No comments:

Powered by Blogger.