බොහෝ දෙනා පලතුරු අහාරයට ගත්තද ඒවායේ අන්තර්ගත ගුණ පිළිබඳව නොදන්නා කරුණු බොහොමයි. ඒ නිසා පලතුරු වර්ග අතරින් ඉතාමත් ගුණදායක පලතුරක් ලෙස හඳුන්වන අනෝදා වල සියලු ගුණ මෙසේ සටහන් කරන්නෙමු.අනෝදා කියූ විගස කාගේත් මතකයට නැගෙන්නේ කටු අනෝදායි. "ආත්තා" යනුවෙන් හඳුන්වන්නේ ද අනෝදාමයි.අනෝදා වර්ග 03 ක් පවතී. ඒවා නම්,
- කටු අනෝදා
- වැලි අනෝදා
- සීනි අනෝදා (මැටි අනෝදා) වෙයි.
මෙහිදී අප විශේෂයෙන් කතාකරන්නේ කටු අනෝදා ගැනයි. අනෝදා වල පවතින විශේෂම ගුණය වන්නේ මුත්‍රාගල් දියකිරීම සහ මුත්‍රාගල් ඇතිවීම වැළැක්වීමේ හැකියාවයි.
මීට අමතරව අනෝදා වල තවත් සුවිශේෂී ගුණ රාශියක් අන්තර්ගතයි. ඒ නිසාම අනෝදා වලින්ම නිෂ්පාදනය කරන බෙහෙත් වර්ග පවා අද නිෂ්පාදනය කෙරෙයි.
රෝග බොහෝමයකට සුව ගෙන දේ...
• වෛරස් ආසාදන වලට විරුද්ධව ක්‍රියාකිරීමේ හැකියාව පවතී. (කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි)• පිළිකා ආසාදිත තත්වයන් ඇතිවීම වළක්වයි.
• ප්‍රතිඔක්සිකාරක ගුණයන් පවතී.
• පණුරෝග ඇතිවීම වළක්වයි.
• අනෝදා ගසේ පංචාංගයම (කොළ, පොතු, මල්, මුල්, ගෙඩි) ඖෂධ සඳහා භාවිතයට ගනියි.
• පිත්තාශයේ ගල් වලට අනෝදා ගුණදායකයි.
• ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිකරයි.
• ආහාර ජීර්ණය වැඩි කරයි.
• අර්ශස් සහ මලබද්ධය වැනි රෝග තත්ව ඇතිවීම අඩුකරයි.
• කෑම රුචිය වැඩි කරයි.
• අනෝදා වල වැඩිපුර සීනි අඩංගු වන බැවින් දියවැඩියා රෝගීන්ට අනෝදා ලබා දීම නුසුදුසුයි.
• හෘද රෝග, කොලෙස්ටරෝල් වැනි රෝග සඳහා අනෝදා ගුණදායකයි.
• ගැබිනි මව්වරුන්ට අනෝදා ආහාරයට ගැනීම ගුණදායකයි.
• මානසික ආතතිය හා ස්නායු රෝග සඳහා ගුණදායක වේ.
අනෝදා අත්බෙහෙතක් ලෙස භාවිතය :-
• ඉදිමුම ඇති අවස්ථා වලදී අනෝදා කොළ වලින් සකස් කරගත් කෂාය බීමට ලබාදෙයි.
• ශරීරයේ ඇතිවන විසර ගෙඩි සඳහා අනෝදා අමු කොළ, එළඟිතෙල් සමඟ මිශ්‍රකර අඹරා ආලේප කිරීම සිදුකරයි.
• අමු අනෝදා ව්‍යාංජනයක් ලෙස සකසා ආහාරයට ගත හැකිය.
• පාකින්සම් රෝගී තත්ව අවස්ථා වලදී අනෝදා මුල් තම්බා බීමට ලබාදෙයි.
• අනෝදා මල් කැස්සට, පීනසට තම්බා ලබාදෙයි.
• නින්ද නොයන කුඩා දරුවන්ට අනෝදා මල් තම්බපු වතුර බීමට ලබා දුන් විට හොඳින් නින්ද යයි.
• හිසකෙස් වල උකුණන් සිටින අයට අනෝදා ඇට කුඩුකර හිසකෙස් ගැල්වීම හා අනෝදා කොළ ඉස්ම හිස ගැල්වීම සුදුසුයි.
• අනෝදා කොළ සහ පොතු තම්බාගත් වතුර තුවාල සේදීමට යොදාගනියි.
• අනෝදා පොතු වතුර සමඟ මිශ්‍ර කර අඹරා තැබීමෙන් ලේ ගලන තුවාල සුවකරගත හැකියි.
• අනෝදා කොළ තම්බපු වතුර බඩවැල් වල සිටින පණුවන් මර්ධනය කිරීම සඳහාත්, අධි රුධිර පීඩනය ඇති අවස්ථා වලදීත් බිමට ලබා දෙයි.
අනෝදා වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ :-
• අනෝදා 200g ක විටමින් C, විටමින් B12, විටමින් B1 වැඩි වශයෙන් අන්තර්ගත වේ.• කැලරි 148
• පොටෑසියම් 625mg
• ආහාර තන්තු 7.5g
• ප්‍රෝටීන 2.2g
ආයුර්වේද වශයෙන් අනෝදා වල ගුණ :-
• පිත සමනය කරයි. වාත, කප වැඩි වශයෙන් පවතින රෝග සඳහා අනෝදා ලබාදීම නුසුදුසු වේ.• ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි.
• ප්‍රදාහ නාශක ගුණය පවතියි.
• විදුරුමසින් ලේ ගලන අවස්ථා වලදී ආහාරයට ගැනීම ගුණදායකයි.
• දැවිල්ල, පිපාසය, වමනය පමණක් නොව මුත්‍රාශයේ ගල් සෑදීම වළක්වයි.
• වමනය පිට වීමට අවශ්‍ය අවස්ථා වලදී අනෝදා ඇට ලබාදුන් විට වමනය පිටවෙයි. එම නිසා අනෝදා මදය ආහාරයට ගත්තද අනෝදා ඇට ආහාරයට නුසුදුසු වේ.
රෝග රැසකට ගුණදෙන අනෝදා
Reviewed by gihan
on
March 21, 2020
Rating:
No comments: