නිරෝගිමත් ජනතාවක් ඇතිකරනු පිණිස කොරෝනා වෛරසය හෙවත් COVID-19 රෝගය බෝවීමෙන් වැළකීම සඳහා රෝග කාරකයකු සමඟ සමීප ඇසුරක් පැවැත්වූ පුද්ගලයකු නිවසේ සිට ස්වයං නිරෝධායනයට නොහොත් ගෘහස්ථ නිරෝධායනයට ලක් කරන ආකාරය...
ක්‍රමවේද අංක 01-ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයාගේ නිවැරදි තොරතුරු ( උදා:- නම, ලිපිනය, දු.ක. අංකය ) ප්‍රදේශයේ මහජන සෞඛ්‍යය නිළධාරී වරයාට (PHI) හෝ ප්‍රාදේශීය වෛද්‍ය නිළධාරී වරයාට (MOH) ලබාදිය යුතුයි.
ක්‍රමවේද අංක 02-ස්වයං නිරෝධායනයේදී වැදගත්ම සාධකය වන්නේ එම පුද්ගලයාට පමණක් වෙන් වූ කාමරයක් තිබීමයි. එම කාමරයට හොඳින් වාතාශ්‍රය ලැබිය යුතු අතර පිඟන් කෝප්ප ආදී ඔහුට අවශ්‍ය සියලුම පෞද්ගලික බඩු භාණ්ඩ ආදිය වෙන්කොට තැබිය යුතු අතර වැසිකිළියද ඔහුගේ භාවිතයෙන් පසු විෂබීජ නාශක යොදා ඉතා හොඳින් පිරිසිදු කළ යුතුයි. නැතිනම් වෙනම වැසිකිළියක් වෙන්කර දිය යුතුයි.
ක්‍රමවේද අංක 03-ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයා දින 14 ක් යනතුරු තනිව වාසය කිරීම අත්‍යාවශ්‍යම සාධකයක්. ඔහු නිවසේ කිසිම කෙනෙකු සමඟ සමීපව නොසිටිය යුතු අතර, එම පුද්ගලයා නිවසේ කිසිම ස්ථානයකට ගමන් නොකොට කාමරය තුළම රැඳී සිටිය යුතුයි.
නිරෝධායනයට ලක්වන පුද්ගලයාට උපස්ථාන කිරීමට නිවසේ එක් පුද්ගලයකු පමණක් යෙදී සිටිය යුතු අතර ඔහු ද නියමිත ආරක්ෂිත ක්‍රමවේද මඟින් ආරක්ෂා වී සිටිය යුතුයි.
ක්‍රමවේද අංක 04-ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයා සෑම ක්‍රියාවකින්ම පසුව සුදුසු විෂබීජ නාශක දියරයක් යොදා දෑත් හොඳින් පිරිසිදු කිරීම කළ යුතුයි. අවම වශයෙන් දෑත් සේදීම තත්පර 20 ක කාලයක් වත් සිදුකළ යුතුයි.
ක්‍රමවේද අංක 05- ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයාට උදේට කොළ කැඳ හෝ දේශීය සහලෙන් ( උදා:- කළුහීනටි, රත්දැල් ) සෑදූ කැඳ වර්ගයක්,
දහවල් කාලයට ඉඟුරු මිශ්‍ර කොත්තමල්ලි, වෙනිවැල්ගැට, නෙල්ලි වැනි ශරීරයට ප්‍රතිශක්තිය ඇතිකරවන විටමින්-C අඩංගු පාන වර්ග ලබාදීම සුදුසුයි.
ආහාර වලට මුරුංගා, රතුළූණු, සුදුළූණු වැනි දේ සමඟ Zn බහුල වශයෙන් අඩංගු කෑම වර්ගත්, පලතුරු ලෙස කොමඩු, දෙළුම් වැනි දේත් වැඩිපුර ගැනීම වඩාත් සුදුසුයි.
මේ සියලු දේ සමඟ දිනකට උණුවතුර ලීටර 03 ක් වත් පානය කිරීම සිදුකළ යුතුයි.
ක්‍රමවේද අංක 06-දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන අතරතුර දිනකට දෙවරක් ශරීර උෂ්ණත්වය මැන බැලිය යුතුයි. ශරීර උෂ්ණත්වයත් සමඟ කැස්ස, උණ, ශ්වසන අපහසුතා ඇත්නම් මහජන සෞඛ්‍යය නිළධාරී වරයාට හෝ ප්‍රාදේශීය වෛද්‍ය නිළධාරී වරයාට දැන්විය යුතුයි.
ක්‍රමවේද අංක 07-නිරෝධායනයට ලක්වන පුද්ගලයා සහ ඔහුට උපස්ථාන කරනු ලබන පුද්ගලයා භාවිතා කළ මුඛ ආවරණ අත්වැසුම් ආදිය නිවැරැදි ආකාරයට අපහරණය කිරීම සිදුකළ යුතුයි.
ක්‍රමවේද අංක 08-සියලු වෛද්‍ය උපදෙස් පිළිපදින අතරතුර ආධ්‍යාත්මික සුවතාවය ඇතිවනු වස් රතන සූත්‍රය සජ්ඣායනය කිරීම හෝ ශ්‍රවණය කිරීම ඉතාම වැදගත්.
කෝවිඩ් 19- හෙවත් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම උදෙසා ඔබත් රෝගකාරකයෙකු සමඟ සමීප ඇසුරක් සිදුකළ අයෙක් නම් මෙම ක්‍රමවේදයන් අනුගමනය කොට ඔබේ ජීවිතයත්, ඔබගේ ඥාති හිතවතුන්ගේ ජීවිතත්, සියලු පුරවැසියන්ගේ ජීවිතත් ආරක්ෂා කිරීමට කටයුතු කරන්න.
නිවසේදී ස්වයං නිරෝධායනය කරන හැටි
Reviewed by gihan
on
March 21, 2020
Rating:
No comments: