1. බොහෝ රටවල් ආහාර අපනයන තහනම් කරලා, ආහාර තොග රැස් කරනවා
2. තවත් රටවල් lock down කර ඇති නිසා ඒ රටවල ආහාර නිෂ්පාදනය හොඳටම අඩු වෙලා
3.පොහොර ආනයනය ඇතුළු අනෙකුත් පහසුකම් නතර වීම නිසා ශ්‍රී ලංකාවේත් කෘෂි නිෂ්පාදනයට බාධා සිදුවෙලා.
දැන් ආහාර අර්බුදයට සූදානම් වෙමු.
කාටවත් බැන බැන ඉඳලා වැඩක් නෑ. ඇතීතය ගැන කම්පා වෙලා වැඩක් නෑ. මේ මොහොටේදී අනාගතය ගැන සිතා කටයුතු කරමු.
1. වත්තේ ඉඩ නැතිනම් මල් පෝච්චි වල හරි එළවළු පළතුරු වවමු.
2. කොස් ගස යනු මේ අවුරුදු කාලයේ පලදාව ලැබෙන ආහාරයක්. වත්තේ කොස් ගස් තියේනම් කඳේ වැල් ගලවලා සුද්ද කරලා, ගහට හිරු එළිය වැටෙන්න අනෙකුත් ගස් වල අතු කපා දාලා, පුලුවන්නම් ගොම් පස් ටිකක් කානු කපලා අල්ලලා ඒවාට සාත්තු කරමු.
3. මීට අමතරව වත්තේ ඇති පොල් ගස් වලට පොල් ලෙලි අල්ලලා සාත්තු කරමු.තිරිඟු පිටි වෙනුවට කොස් පිටි භාවිතයට හුරු වෙමු. එවිට නිෂ්පාදකයින් ඒවා දිගටම නිපදවාවි.
ආහාර අර්බුදයක් ඇති වෙන්න කලින් ගෙදර ඉන්න හැමෝම මේ ටික කරන්න
Reviewed by gihan
on
March 25, 2020
Rating:

No comments: