ඔටෝ ගියර් වාහන පදිනවා නම් මේ වැරදි කවදාවත් කරන්න එපා




ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එහෙමත් නැත්තන් කව්රුත් දන්නා විදියට ඔටෝ ගියර් කියන්නේ නවීන වාහනවල පාවිච්චි වෙන අනිවාර්ය අංගයක්… මේකට සෙල්ෆ් ශිෆ්ටින්ග් ට්‍රාන්ස්මිෂන් (self-shifting transmission) කියලත් කියනවා…

ඔටෝ ගියර් වාහනේක ගියර් අතින් මාරු කරන්න ඕන නැහැ… වාහනේ ඉස්සරහට යද්දී වේගෙත් එක්ක ගියර් ඔටෝමැටිකලි වෙනස් වෙන විදියට තමයි මේවා හදල තියෙන්නේ…

ඔටෝ ගියර් වාහන, මැනුවල් වාහනේකට සාපේක්ෂව එලවන්න ලේසියි… ඒක හින්දමද කොහෙද ඔටෝ ගියර් වාහන ආපු කාලේ කාන්තා පක්ෂය අතරේ විතරයි ජනප්‍රිය උනේ… හැබැයි දැන්නම් වාහනේක තියෙන්න ඕන අනිවාර්ය අංගයක් බවට මේ ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එක පත්වෙලා ඉවරයි….

පල්ලෙහා රූප වලින් පෙන්වන්නේ ඔටෝ ගියර් වාහනේක ගියර් ලීවර් එක එහෙම නැත්තන් “ගියර් පොල්ලේ” පින්තුරු ටිකක්…




මේකෙදි ඕගොල්ලොන්ට පේනවා ඇති ගියර් ලීවර් එකේ පොසිෂන් ඉලක්කම් හා අකුරු වලින් දක්වලා තියෙනවා… ගොඩක් ඔටෝ වාහන වල PRNDL කියන පොසිෂන් තමයි දකින්න තියෙන්නේ… ඊට අමතරව සමහර වාහන වල 2, 3 කියල ඉලක්කම් දකින්න පුළුවන්… සමහර ඒවායේ S හා B කියල පොසිෂනුත් දකින්න තියෙනවා…

මේ අකුරු වලින් කියවෙන්නේ මොනවද, ඒ පොසිෂන් පාවිච්චි කරන්න ඕන මොන වෙලාවටද කියල තමයි අද මේ ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ… සමහර වෙලාවට ඕගොල්ලෝ මේවා හොඳටම දන්නවත් ඇති… එහෙම අය අපේ ලිපියේ වැරද්දක් තියෙනවද කියල බලන්නකෝ…

P – පාකින්-P හෙවත් පාකින් ගියර් එක ඕනෑම ඔටෝ වාහනේක අනිවාර්යෙන් දකින්න ලැබෙන පොසිෂන් එකක්… වාහනේ නවත්තල අනිවාර්යෙන් මේ P එකට දාන්න ඕන… P ගියර් එකට දැම්මම වාහනේ එන්ජිමට සම්බන්ධ වෙලා තියෙන රෝද දෙක ලොක් වෙනවා… එතකොට P එකේ තියෙන වාහනයක් තල්ලු කරගෙන යන්න එහෙම බැහැ… P ගියර් එක ගැන පහල දැක්වෙන කරුණු ටිකත් හොදට මතක තියා ගන්න…හැමතිස්සෙම වාහනය සම්පුර්ණයෙන්ම නවතිනකල් ඉන්න ඕන P ගියර් එකට දාන්න කලින්…

P ගියර් එකෙන් ලොක් වෙන්නේ වාහනේ එන්ජිමට සම්බන්ධ වෙලා තියෙන රෝද දෙක විතරයි… ෆ්රන්ට් වීල් ඩ්‍රයිව් කාර් එකක නම් ඉස්සරහා රෝද දෙක විතරයි… ඒ හින්ද වාහනේ නවත්තල බැහැල යන්න කලින් පස්සේ රෝද දෙක ලොක් කරන හෑන්ඩ් බ්‍රේක් එක අනිවාර්යෙන්ම අදින්න මතක තියා ගන්න…

D – ඩ්‍රයිව්-නමේ හැටියටම මේක තමයි වාහනේ ඉස්සරහට යන්න දාන්න ඕන ගියර් එක… D එකට දාල අක්සිලේටරේ පාගද්දී වේගයත් එක්ක ඔටෝමැටිකලි ගියර් මාරු වෙන්න ගන්නවා… ඔයාලට තියෙන්නේ නිදහසේ යන්න විතරයි…

R – රිවස්-මේකත් අමුතුවෙන් කියල දෙන්න ඕන නැහැ… පස්සට යන්න නම් R එකට දාන්න ඕන… හැබැයි කවදාවත් ඉස්සරහට යමින් තියෙන වාහනේක R ගියර් එකට දාන්න එපා… බ්‍රේක් හොඳටම පාගල වාහනේ සම්පුර්ණයෙන්ම නැවතුනාට පස්සේ තමයි R එකට දාල රිවස් කරන්න ඕන…
(හැබැයි ගොඩක් අලුත් යුරෝපියන් වාහන වල නම් ඔහොම කලාට ප්‍රශ්නයක් නැහැ කියනවා… එත් සුවර් නැත්නම් ඕක ටෙස්ට් කරන්න ගිහින් ගියර් බොක්ස් එකම අලුතෙන් දාගන්න තැනට වැඩ සලස්වාගන්න එපා…)

N – නියුට්‍රල්-මේ ගියර් එකට දැම්මම වෙන්නේ එන්ජින් එක හා රෝද අතරේ සම්බන්ධය කඩලා දාන එකයි… එතකොට රෝද වලට නිදහසේ කරකැවෙන්න පුළුවන්…

මේ N ගියර් එකේ පාවිච්චිය ගැන මත විවාදාත්මකයි… සමහර වාහන නිෂ්පාදකයෝ ධාවනය කරද්දී මේ ගියර් එකට දාන එක අනුමත කරලා තිබ්බත්, ගොඩක් අය මේ ගියර් එක නිර්දේශ කරන්නේ වාහනේ ඇදගෙන යද්දී දාන්න විතරයි…
ඉතින් අපි මේ ගියර් එක ධාවනයේදී පාවිච්චි නොකර ඉන්න එක හොඳයි… වැරදිලා වැටුනට නං අවුලක් නැහැ…

L – ලෝ, B – එන්ජින් බ්‍රේක්-කලින් කිව P,D,R,N ගියර් හැම ඔටෝ වාහනේකම තිබ්බට අපි දැන් කතා කරන්න යන ගියර් දෙක එකම දේ පෙන්වන්න එක එක වාහනවල යොදනවා… L හෝ B කියන අකුරු වලින් එකක් ඔයාලගේ ගියර් බොක්ස් එකේ තියෙනවා නම්, එකෙන් කියන්නේ ඒ පොසිෂන් එකේදී ඔයාගේ වාහනේ උඩ ගියර් වලට යන්නේ නැතුව අඩු ගියර් එකක ලිමිට් වෙනවා කියන එකයි…
L හෝ B කියන පොසිෂන් එක ඔබේ ගියර් බොක්ස් එකේ තියෙනවා නම්, අන්න ඒක තමයි ලොකු බෑවුමක් බහිද්දී ඔබ තෝරාගන්න ඕන ගියර් එක…

D එකේ ඉඳල කෙලින්ම L හෝ B කියන පොසිෂන් වලට දාන්න පුළුවන්…මේකෙදි වාහනේ අඩු ගියර් එකක ලිමිට් වෙලා වාහනේ වේගය අඩු කරවනවා… එතකොට පල්ලමක බ්‍රේක් පාගාගෙන එන්න ඕන නැහැ… බ්‍රේක් නොයොදා එන්ජිමෙන්ම වාහනේ වේගය අඩු කරවන හින්ද මේ L, B ගියර් වලට දාන එකට එන්ජින් බ්රේක් දානවා කියලත් කියනවා…

S – ස්පෝර්ට්ස්-S මෝඩ් එහෙම නැත්තන් ස්පෝර්ට්ස් මෝඩ් කියන ගියර් එකට දැම්මමත් වෙන්නේ වැඩි ගියර් වලට යන්න නොදී අඩු ගියර් එකක ලිමිට් කරවන එකම තමයි… හැබැයි උඩ කියපු B මෝඩ් එකේ අඩු ගියර් එකක ලිමිට් කරවලා එන්ජින් බ්‍රේක් කරවන එකට වඩා හාත්පසින්ම වෙනස් දෙකට තමයි සාමාන්‍යෙන් මේ S ගියර් එක භාවිතා කරන්නේ…

ඕගොල්ලෝ දන්නවා මැනුවල් වාහනයක් එලවද්දී ඕවර්ටෙක් කරනකොට 4 ගියර් එකේ ඉඳල 3 වෙනි එකට දානවා අක්සලේර්රෙටරේ පාගද්දී… ඕගොල්ලෝ දන්නවා අඩු ගියර් වලදී එන්ජිමේ බලය රෝද වලට ලැබෙනවා වැඩියි, එහෙම නැත්තන් ටෝර්ක් එක වැඩියි… ඉතින් මෙහෙම එක පාරට 4 ඉඳලා 3 වෙනි ගියර් එකට දැම්මම වෙන්නේ එකම වේගයේදී වැඩි බලයක් එන්ජිමෙන් වාහනේට ලැබෙන එක… එතකොට වැඩි ත්වරණයක් ලබාගෙන අඩු කාලයකින් ඉස්සර කරන්න පුළුවන්…

ඔන්න ඔය සංසිද්ධිය තමයි S ගියර් එකට දැම්මමත් වෙන්නේ… වේගයෙන් ඔවෙර්ටෙක් කරන්න, ඉක්මනට වාහනේ වේගය වැඩි කරගන්න වගේ දේවල් වලට මේ S ගියර් එක භාවිතා කරන්න පුළුවන්…

S ගියර් එකේදී වාහනේ සාමාන්‍යෙන් 3 වෙනි ගියර් එක දක්වා වැඩි වෙන්න පුළුවන්… ඒ හින්ද අඩු ගියර් එකකටනේ මේකෙත් වැටෙන්නේ කියල පල්ලමකදී එහෙම S ගියර් එක දාන්න යන්න එපා… පෙට්ටියෙන් තමයි ගෙදර එන්න වෙන්නේ එන්ජින් බ්රේක් කෙසේ වෙතත්…

තවත් දෙයක් තමයි S ගියර් එකත් D එකේ ඉඳල කෙලින්ම බය නැතුව දාන්න පුළුවන්… එත් එක්කම මේ S මෝඩ් එකේදී එකම වේගයේදී වැඩි ගියර් වලට නොයන නිසා ඉන්ධන පිච්චෙනවා වැඩියි… ඒ නිසා S ගියර් එකේ එක දිගට යන එක නම් හොඳ නැති වෙයි..

1, 2,3,4 ඉලක්කම්-ඔය කිව්ව ඒවාට අමතරව සමහර වාහන වල මේ විදියට ඉලක්කම් පෙන්නලා තියෙනවත් ඔයාල දැකල ඇති… මොනවද මේ ඉලක්කම් වලින් කියන්නේ…

සරලවම මේ ඉලක්කමකින් පෙන්වන්නේ ඒ පොසිෂන් එකට දැම්මම යන්න පුළුවන් උපරිම ගියර් එක… ඒ කියන්නේ 3 කියල තියෙන තැනට දැම්මම ගියර් ශිෆ්ට් වෙන්නේ 1, 2 හා 3 කියන පොසිෂන් වල විතරයි, 2 ට දැම්මම 1 හා 2 විතරයි… සමහරු හිතාගෙන ඉන්නවා මේ ඉලක්කම් වලින් පෙන්වන්නේ මැනුවල් වාහනේක වගේ අදාළ ගියර් එක විතරයි කියල… ඒ කියන්නේ 3 ට දැම්මොත් 3 වෙනි ගියර් එකට වැටුන කියල… නමුත් මතක තියා ගන්න ඕන මේවා ඔටෝ වාහන… වේගයත් එක්ක ගියර් එක මාරු වෙනවා… 3 කියන තැනට දැම්මම වේගය අනුව 1,2,3 කියන ඕන ගියර් එකකට යන්න පුළුවන්… යන උපරිම තැන තමයි අදාළ ඉලක්කමෙන් කියන්නේ…

මේ ගියර් අවස්තානුකුලව දාන්න පුළුවන් උනත්, සාමාන්‍යෙන් පාවිච්චි වෙන අවස්ථා ටිකක් පහලින් කියන්නම්….

1 – පල්ලමකදී එන්ජින් බ්රේක් කරන්න පාවිච්චි කරන්න පුළුවන්

2 – පල්ලමකදී එන්ජින් බ්රේක් කරන්න වගේම කන්දක් නගිද්දී ටෝර්ක් එක වැඩි කරගන්න පාවිච්චි කරන්න පුළුවන්…

3 , 4 – ස්පෝර්ට්ස් මෝඩ් එකට සමානයි… එකපාර වේගේ වැඩි කරගන්න පාවිච්චි කරන්න පුළුවන්…
මේ ගියර් සේරමත් D එකේ ඉඳල එකපාරට කිසි අවුලක් නැතුව දාන්න පුළුවනි….

ඕව තමයි ඉතින් සාමාන්‍යෙන් ඔටෝ වාහනේක දකින්න ලැබෙන ගියර් පොසිෂන්….ඔහොම පොදුවේ කිව්වට හොඳම දේ තමයි තමන්ගේ වාහනේ owner’s manual එක බලල ගියර් සෙට් එක හරියටම අඳුරගන්න එක…

මොකද සමහර වාහන තියෙනවා S ගියර් එක තියෙන්නේ දාගෙන කඳු නගින්න… ඒ වගේ වාහන වල S ගියර් එක දැම්මම 1, 2 වගේ අඩු ගියර් වල විතරක් සීමා වෙනවා… එහෙම වාහන වල S වලට ස්පෝර්ට්ස් කියන්න බැහැ ඉතින්… සමහර තැන් වල මෙහෙම S ගියර් Slow එහෙම නැත්නම් Slope කියලත් හඳුන්වලා දීල තියෙනවා… තව වාහන වල ඕගොල්ලෝ දැකල ඇති ස්පෝට්ස් මෝඩ් එක දාන්නේ වෙනම බටන් එකකින්, ඔය අලුත් CHR වගේ වාහන වල බටන් එකකුත් නැහැ, ඉස්සරහ මීටර් පැනල් එකේ සොෆ්ට්වෙයාර් මෙනු එකකින් තමයි ස්පෝට්ස් මෝඩ් සිලෙක්ට් කරන්නේ… මේවයේදී නං ගියර් වෙනස් වීමට අමතරව තව තව දේවල් සිද්ද වෙනවා… සමහර වාහන වල ස්ටියරින් වීල් එක ස්ටිෆ් වෙලා රෙස්පොන්සිව් වීම වගේ දේවල් දක්වන්න පුළුවන්….

ඉතින් දැන් ඔබට තේරෙනවා ඇති මැනුවල් එක බලලම මිසක් පොදුවේ මේ ගියර් පද්ධති ගැන හරියටම කියන්න බැරි බව…
ඔටෝ ගියර් වාහන පදිනවා නම් මේ වැරදි කවදාවත් කරන්න එපා  ඔටෝ ගියර් වාහන පදිනවා නම් මේ වැරදි කවදාවත් කරන්න එපා Reviewed by gihan on March 23, 2020 Rating: 5

No comments:

Powered by Blogger.