හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු 12 දෙනෙකු නොපමාව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට නියෝග කර තිබේ.
මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගන්නැයි මෙලෙස නියම කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබාගන්නැයි නියම කළ සෙසු පිරිස පහත දැක්වේ.
1 .පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්
2 . සන්ද්‍රේශ් රවින්ද්‍ර කරුණානායක
3 .ලක්ෂ්මන් අර්ජුන මහේන්දුන්
4 .අර්ජුන් ජෝසෆ් ඇලෝෂියස්
5 .පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධි
6 .ජෙෆ්රි ජෝසෆ් ආලෝෂියස්
7 .චිත්ත රංජන් හුළුගල්ල
8 .මුත්තුරාජා සුරේන්ද්‍රන්
9 .අජාන් ගාර්දියෙ පුංචිහේවා
10.තුයිය හැන්නදිගේ බුද්ධික සරත්චන්ද්‍ර
11.සංගරපිල්ලේ පදුමනාපන්
12.පදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර
රවී ඇතුළු 12 දෙනෙක් නොපමාව අත්අඩංගුවට ?
Reviewed by Kalum
on
March 03, 2020
Rating:
No comments: