
ඇලිශියා විකැන්ඩර් ඇකඩමි සම්මාන දිනූ කුසලතා පිරිපුන් නිළියක්. ඇය, පසුගියදා ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවරට පිටත්ව ගියේ ‘ජේසන් බෝන්’ නම් වූ චිත්‍රපටයේ රූගත කිරීම් කිහිපයකට එක්වන්නටයි.
මේ සුරූපී යොවුන් නිළිය ලාස් වේගාස් නුවරට ගියේ කුලියට ගත් කැබ් රථයකින්. රථයේ රියැදුරා ඇලිශියාව හඳුනා ගත්තේ නැහැ. ඔහු සිතුවේ සංචාරක තරුණියක් තමන්ගේ රියට ගොඩ වුණා ය කියලයි. එම සිද්ධිය ‘ටුඩේ’ නම්වූ රූපවාහිනී වැඩ සටහනකදී ඇලිශියා පැවසුවේ මේ අයුරින්…
“කැබ් ඩ්‍රයිවර් මාව අඳුර ගත්තෙ නැහැ. මම ටුවරිස්ට් කෙනෙක් කියලයි හිතුවෙ. එහෙම හිතල මට මෙහෙම කියනව, ‘ඔයා දන්නව ද? පාරෙ එක පැත්තක් වහල දාල. අලුත් චිත්‍රපටියක් රූපගත කරන්නලු… පුදුමාකාර සටන් ජවනිකා තියෙනවලු. ඔයා වාසනාවන්තයි. මොකද, ඔයාට සමහර විට දකින්න ලැබේවි මැට් ඩේමන් කියන ජනප්‍රිය නළුවාත්.”
‘ජේසන් බෝන්’ චිත්‍රපටයේ ඇලීශියා සමඟ මැට් ඩේමන් ද රඟපානවා. ඒත් කැබ් රථයේ රියැදුරු දැන සිටියේ නැහැ, තමන්ගේ රථයෙහි ගමන් ගන්නේ මැට් ඩේමන් සමඟ එම චිත්‍රපටයේ රඟන ඇකඩමි සම්මානනීය නිළිය, ඇලිශියා බව.
ඇලීශියා හඳුනා නොගත් ටැක්සි ඩ්‍රයිවර්
Reviewed by Unknown
on
August 05, 2016
Rating:

No comments: