
නාසයෙන් ලේ ගැලීමක් වීමේදී අපට ඒ පුද්ගලයාට ලබා දිය හැකි ප්‍රථමාධාර කවරේද?ඒ ගැන දැනුවත් වීමට පෙර නාසයෙන් ලේ ගැලීමක් සිදු වන්නේ කුමන හේතු නිසාද යන්න පිළිබඳව දැනුවත් වීම වැදගත් වේ.අධි රුධිර පීඩනය,හිසට තදින් වැදුණු පහරක් නිසා වගේම අධික උෂ්නයට පවා නාසයෙන් ලේ ගැලීම සිදු විය හැකියි.අධි රුධිර පීඩනය,හිසට තදින් වැදුණු පහරක් නිසා ලේ ගලනවානම් කිසිම ප්‍රථමාධාරයක් නොකරම ඔබ හැකි ඉක්මනින්
ඔහුව හෝ ඇයව වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාමට කටයුතු කල යුතුයි.නමුත් භයානක නොවන හේතුවක් නම් ඒ සඳහා ප්‍රථමාධාර ලබා දීම සිදු කල හැකියි.
එහි පියවර මෙසේයි
⦁ ප්‍රථමයෙන් ඔබ රෝගියාට කිවිසුම් යැවීම,රුධිරය සූරා ඉවත් කිරීම,නහය මිරිකීම නොකරන ලෙස අවවාද කල යුතුයි.
⦁ රෝගියාට සුව පහසු තැනක වාඩිවීමට සැලැස්විය යුතුයි.
⦁ රෝගියාගේ හිස ඉදිරියට නමා කකුල් ඈත් කර ඒ මැදට වෙන්න තද කර ගැනීමට සැලැස්විය යුතුයි.
⦁ ඉන්පසු රෝගියාට නාසය වසා මුඛයෙන් හුස්ම ගැනීමට උපදෙස් දෙන්න
⦁ නාසයෙන් ලේ ගැලීම නතර වන තුරුම ඒ ඉරියව්වෙන්ම සිටින ලෙසට රෝගියාව උනන්දු කරන්න
⦁ මෙලෙස මිනිත්තු 10ක් 15ක් ගත වන විට ලේ ගැලීම නතර වේ.එසේ නොවේ නම් වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන්න
නාසයෙන් ලේ ගැලීමක් සිදුවන අවස්ථාවකදී දියයුතු ප්‍රථමාධාර ගැන ඔබ දන්නවාද?
Reviewed by Unknown
on
August 10, 2016
Rating:

No comments: