අයිස් ප්‍රතිකාරයෙන් ලස්සන වෙමු

තමන්ගේ පෙනුම කොයි තරම් ලස්සන වුවත් තව තවත් ලස්සනට වන්නට අපේ තරුණ තරුණියන්උත්සුක වනවා. ීනසබ ෂජසබට කියන්නේ මොකක්ද කියල ඔබ නොදන්නවා විය හැකියි. කොරියාවේ ඉතාම ප්‍රසිද්ද රුපලාවන්‍ය ක්‍රමයක් වන මෙය කොරියානු තරුණ තරුණියන් ලස්සනට ඉන්නේ කෙසේද යන්න මින් ඔබටම වටහා ගත හැකිය.


සම මත අයිස් තැවරීමේ ක්‍රමයක් වන මෙමගින් විශාල සෞඛ්‍ය ප්‍රතිලාභයක් ලැඛෙන බව සෞඛ්‍ය විශේෂඥයන් විශ්වාස කරනවා.

1. රුධිර සංසරණය වැඩිදියුණු කරමින් සෞඛ්‍ය සම්පන්න වර්ණයක් සමට ලබාදීම.
2. කැළැල් වලට සහ කුරුලෑ වලට එරෙහිව සටන් කිරීම.
3. සම රැළි වැටීම වලක්වාලීම.
4. සම නැවත ප්‍රාණවත් කරගැනීම.
වැනි ප්‍රතිලාභ රැසක් මින් ලැඛෙනවා

උදය කාලය සහ රාත්‍රී කාලය තුල මේ ප්‍රතිකාරය කරන්නට හොඳම කාලය බව රුපලාවන්‍ය ශිල්පින් නිර්දේශ කරනවා.

මේ අයිස් ප්‍රතිකාර ක්‍රමය මගින් ඔබට වාසි කිහිපයක් ලබා ගත හැකියි. අපි මුලින් බලමු ඒවා මොනවාද කියා.

1. සිනිදු සමක් ඇති කරයි - ඔබ දන්නවා අයිස් මත ඇති සිතල නිසා සම සංකෝචනය වී තද ස්වභාවයකට පත් වෙන බව. මේ හේතුවෙන්ම මුහුණේ ඇති ඇතැම් කොටස් තෙල් සහ අපවිත්‍ර දේවල් හේතුවෙන් විශාලනය වී ඇති ඇතැම් කොටස් හැකිලීමක් කරනවා මෙන්ම සමේ වර්ණය සකස් කරමින් සම සිනිඳු කරයි.

2. රුධිර සංසරණය වැඩිදියුණු කරයි - සම මත අයිස් තැවරීමෙන් රුධිර නාල සංකෝචනය කරමින් සම මතුපිටට යැවෙන රුධිර ප්‍රමාණය අවම කිරීමට හැකි වෙයි. එමගින් ප්‍රදාහය සහ ඉදිමුම් තත්වයන් සඳහාද ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි. එසේම අයිස් තැබූ ස්ථානයට උණුසුම් රුධිරය යැවීම වේගයෙන් සිදු කරන නිසා සම මත අයිස් තැවරීමෙන් රුධිර සංසරණය වැඩිදියුණු කරගන්නට පුළුවන්.

3. ඉදුමුනු ඇස් සදහා - මෙම අයිස් ප්‍රතිකාරය මගින් ඉදිමුම් තත්වයන් අවම කිරීමට හැකියාවක් තියෙනවා.

4. සම රැළි වැටීම වලක්වාලීම - නැවත රැළි වැටීමේ ක්‍රියාවලිය අඩපන කරගන්නටත්, රැළි වැටුණු සම සැහැල්ලු කරගන්නටත් සම මත අයිස් තැවරීමෙන් හැකිය.

5. කැළැල් ,පලුදු සහ කුරුලෑ පාලනය කිරීම - මෙම ප්‍රතිකාරය මගින් මුහුණේ ඇති ඉදිමුම් ගතිය වගේම රතු ගතියද පාලනය වෙන නිසා කුරුලෑ සදහාද මෙය සාර්ථක ප්‍රතිකාරයක්. එම නිසා අලුතෙන් කුරුලෑවක් මතු වන විට මෙම ප්‍රතිකාරය භාවිතා කරන්න. එමගින් ඉදිමුම සහිත දැවිල්ල ඇතිවීම අවම කරගන්නට පුළුවන් වනවා මෙන්ම කැළැල් ඇතිවීමද වලක්වයි. සෑම  රාත්‍රියකම කුරුලෑ පවතින ස්ථානයට හිරි වැටෙන තෙක් එම ස්ථානයේ අයිස් කැටය තබාගෙන සිටීමෙන් මෙම තත්වය පාලනය කල හැක.

මෙම අයිස් ප්‍රතිකාර ක්‍රමය කරන්නේ කෙසේදැයි අපි දැන් බලමු

1. පළමුව මුහුණ හොදින් පිරිසිදු කරගන්න.
2. සිනිදු රෙදි කැබැල්ලක් යොදාගනිමින් අයිස් කැබලි එකක් හෝ දෙකක් ඔතා ගන්න.
3. අයිස් දියවීමෙන් රෙදි කැබැල්ල තෙත් වන විට මුහුණේ තැවරීම ආරම්භ කරන්න.
4. අයිස් කැබලි සහිත එම පොට්ටනිය මුහුණේ සෑම ස්ථානයකම මද වෙලාවක් තබා ගෙන ඉන්න. මේ විදියට මුළු මුහුණේම අයිස් තවරා ගැනීම සිදු කරන්න.
5. පසුව රවුමට අයිස් පොට්ටනිය මුහුණ පුරා ගෙන යන්න. නිකටේ ප්‍රදේශයෙන් ආරම්භ කොට නළල දක්වාම මෙය සිදු කරන්නේනම් ඉතාමත්ම හොද ප්‍රතිපල ලබාගන්නට පුළුවන්. ඇස් යට ප්‍රදේශය සදහාද විශේෂ අවධානයක් යොමු කිරීමට මතක තබා ගන්න.
6. අවසාන වශයෙන් සිදු කල යුත්තේ මොයිස්චර්රයිසර් ක්‍රීම් විශේෂයක් සමේ ආලේප කරගැනීමයි.

මෙසේ කිරීමෙන් ඔබට දීප්තිමක් සමක් හිමිවනවා නොඅනුමානයි.

අයිස් ප්‍රතිකාරයෙන් ලස්සන වෙමු අයිස් ප්‍රතිකාරයෙන් ලස්සන වෙමු Reviewed by Unknown on August 27, 2016 Rating: 5

1 comment:

Powered by Blogger.