දොඩම් ලෙලිවලින් සාදන ලද මේ පවුඩර් එක මුහුණේ ආලේප කර බලන්න - වෙනස ඔබට අදහාගන්න බැරි වේවි.

අපි හැමෝම දන්නවා දොඩම් කියන්නේ ශරීර සෞඛ්‍ය යහපත් කරන්න පුළුවන් පළතුරක්. ඒකට ඔබ එකඟ වෙයි. ඒ වගේම ඔබ දන්නවාද බොහෝ පලතුරු වල වගේ දොඩම් ලෙලි වලත් ඇත්තෙන්ම ඉහල ඝනත්වයකින් යුතුව විටමින, ඛනිජ ලවන සහ පෝෂ්‍ය පදාර්ථ තියන බව මදයටත් වඩා? ඔබගේ මුහුණට දොඩම් යුෂ තැවරිමත් ඉතාමත්ම ප්‍රතිපලදායක දෙයක්. ඉතින් හිතාගන්නකෝ මේ සම පෝෂණය කරන පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් ඇති මේ ලෙලි අහක දමන්නේ නැතුව ඔබගේ මුහුණේ ආලේපනය කරන්න පුලූවන්නම්.

ඔබ සම නැවුම් කරන්න පුළුවන් අමුද්‍රව්‍යයක් මඟින් සම්පුර්ණයෙන්ම ස්වභාවික මුහුණු ආවරණයක් මඟින් ඔබගේ සමේ ඇති ෙසෙල වලට පෝෂණයක් ලබාදෙන්න හිතනවානම්, මේ දොඩම් ලෙලි වලින් පවුඩර් එක සාදාගන්නා ආකාරයට ඔබට අනිවාර්යෙන්ම වැදගත්. මේ පවුඩර් පහත සඳහන් අවශ්‍යතාවයන් සහිත පුද්ගලයින්ට ගැලපේවි.

- තෙල් සහිත සමක් තියනවනම්,
- දිගු කාලයක් තිස්සේ පවතින ඉ්කජන යැ්ා සඳහා,
- සමේ අවර්ණ වීම,කුරුලෑ ලප කැළැල්, මුහුණේ වලවල් අවම කරගන්න,
- සමේ වර්ණය දීප්තිමත් කරගන්න,
- සම තවත් මෘදු කරගන්න
- ස්වාභාවික ජකැ්බිැර එකක් විදිහට ක්‍රියාත්මක වීම
- රෝම කුප හරහා විනිවිද යමින් එය පිරිසිදු කරයි.
තෙල්,දැලි කුණු ආදිය,දුවිලි අංශ= පිරිසිදු කරයි. ආසාදන ඉවත්කරමින් ඉක්ජනයැ්ාි, අයසඑැයැ්ාි කුරුලෑ ඇතිවීම වලකාලයි.

එහි අඩංගු ස්වාභාවික කහටමය ගුණය

සමේ තද ගතිය ඇති කරයි,සමට තිරසාර ගුණයක් ලබාදෙයි,මුහුණේ තෙල්මය ස්වභාවය පාලනය කරයි,කුරුලෑ වියලි කරයි,කුරුලෑ ඇතිවීම වලකාලයි.

ඔදබැර එකක් විදිහට

ක්ෂණයකින් සම පිරිසිදු කරයි, මුහුණේ වලවල් සඳහා සහනයක් ගෙනදෙයි,සමේ ච්‍ය අගය සමතුලිත කරයි,එදිනෙදා සමේ කුණු දුවිලි රැඳීම වලකාලයි.

රුධිර සංසරණය ඉහල නැංවීම

සමේ රුධිර සංසරණය ඉහල නැංවීමෙන් දොඩම් ලෙලි පවුඩර් මුහුණේ සමට රතු පැහැ සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබාදෙයි.රුධිර සංසරණය ඉහල නැංවීම නිසා රුධිරයේ පරිවහනය වන පෝෂ්‍ය පදාර්ථ සමට වඩා ක්‍රමවත්ව ලබාදී සම පෝෂණය කරයි.

දැන් ඔබට මේ ගැන යම් කුතුහලයක් ඇතිවේවි, නිවසේදී කොහොමද පිළියෙළ කරගන්නේ කියලා මොකද කියනවනම් මේක කඩයකින් මිලට ගන්න ඇති දෙයක් නොවන නිසා.ඇත්ත වශයෙන්ම මේ දොඩම් ලෙලි පවුඩර් එක හදාගන්න එක ඉතාම පහසුයි වගේම නිවසේදීම සාදාගැනීම කොහොමටත් හොදයි, නැවුම් වගේම කාර්යක්ෂමයි. එහෙමනම් අපි මේ පවුඩර් පිලියල කරගන්නා ආකාරය කොහොමද කියල බලමු.

සාදාගන්න ආකාරය

1. හොඳ ප්‍රමිතියෙන් යුතු දොඩම් ගෙඩි තෝරාගන්න, කාබනික ඒවානම් වඩා හොදයි. ඇට නැති, සුවඳ වැඩි රටින් ගේන දොඩම් වලට වඩා දේශීය නිෂ්පාදන භාවිතය තමා වඩාත්ම ප්‍රතිපලදායක.

2. ලොකු හෝ සාමාන්‍ය විශාලයත්වයෙන් යුතු දොඩම් ගෙඩි 3, 4ක් තෝරාගෙන කොට්න් රෙද්දකින් තෙත මාත්තු කරගන්න.

3. තියුණු පිහියක් ආධාරයෙන් දොඩම් ගෙඩි ලෙලි ගසා ගන්න.මේ අවස්ථාවේ දොඩම් ලෙල්ලේ මුල්ම ස්තරය පමණක් ලෙලි ගැසීමට වග බලාගන්න. සුදු පැහැති කොටස දක්වා නොපමිනිමට හැකිතාක් වගබලාගන්න.

4. දොඩම් ලෙලි කුඩා සිහින් තීරු වලට කපාගන්න.එවිට එය ඉක්මනින් වෙලා ගැනීමට හැකියි.

5. කපාගත් ලෙලි කැබලි එර්හ එකක අතුරා හිරු එළියේ හොදින් වේලීමට තබන්න. ඒ වගේම මේ දොඩම් ලෙලි දැලකින් හෝ රෙද්දකින් ආවරණය කරගන්න නැතිනම් කෘමි සතුන් හෝ දුවිලි ඇතුළු වේවි.

උණුසුම් හොඳින් හිරු එලිය ලැඛෙනවානම් මේ සඳහා දින 2-3-ක් ප්‍රමාණවත් වේවි.

6. දැන් මෙය ඔබගේ බ්ලෙන්ඩරයට දමාගන්න. ඒ වගේම ඔබගේ බ්ලෙන්ඩරය සම්පුර්ණයෙන්ම වියලි ඇති බවට වගබලාගන්න නැතිනම් එහි ඇති ජලවාෂ්ප හෝ තෙතමනය මේ පවුඩර් එක නරක් වන්න හේතු වෙන්න පුළුවන්.

7. ඔබගේ බ්ලෙන්ඩරයෙන් තත්පර පහක් අඹරාගන්න. තරමක් කැබලි සහගත පවුඩර් එකක් ලැබේවි. ඉන් පසේ සාමාන්‍ය වේගයෙන් තත්පර 10 ක් පමණ අඹරාගන්න.ඉන් පසුව අධික වේගයෙන් තත්පර 25ක් අඹරාගැනීමෙන් ඔබට ඉතා සියුම් පවුඩර් ලැබේවි.

8. දැන් ඔබ ඔබගේ දොඩම් ලෙලි පවුඩර් පිළියෙළ කරගෙන අවසානයි.මාව විශ්වාස කරන්න එහි සුවඳින් ඔබ පිනා යාවි.දැන් ඔබට මෙයින් මුහුණු ආවරණයක් (ේජැ ප්ින) එකක් විදිහට භාවිතා කරන්නට පුළුවන්.

අප හිතනවා මේ ලිපිය මඟින් ඔබට දැනුමක් ලඟා කරගත හැකිවුණු බවත් ඒ වගේම ඉල්ලා සිටිනවා මේ පණිවිඩය ඔබගේ පවුලේ අය සහ හිතමිතුරන් අතර ඛෙදා ගන්නා ලෙසත්.



දොඩම් ලෙලිවලින් සාදන ලද මේ පවුඩර් එක මුහුණේ ආලේප කර බලන්න - වෙනස ඔබට අදහාගන්න බැරි වේවි.  දොඩම් ලෙලිවලින් සාදන ලද මේ පවුඩර් එක මුහුණේ ආලේප කර බලන්න - වෙනස ඔබට අදහාගන්න බැරි වේවි. Reviewed by Unknown on September 24, 2016 Rating: 5

No comments:

Powered by Blogger.