ලංකාවේ වෙසෙන ඔබට රම්පෙ අමුතු දෙයක් නොවේ. ඕනෑම නිවසක රම්පෙ පඳුරක් දකින්නට ලැබේ. තම නිවසේ රම්පෙ තිබුණත් වෙළක නියරේ හෝ පාරේ කොතැනක හෝ රම්පෙ වැවී සරුවට තිබුණොත් ඉන් කොළයක් 2ක් කඩාගෙන ඒමට අප ගැමියා පුරුදුව සිටී.
කලක සිට පැවතෙන ලාංකීය අන්‍යතාවක් වැනිය. රම්පෙ, කරපිංචා ටිකක් අහලට පහලට ගියවිට රැගෙන ඒම විශේෂයෙන් රම්පෙ සුවඳ කාරකයකි. බත් පිසිනවිට රම්ප කැබැල්ලක් දමා ඉව්වොත් එය රසය සේම සුවඳ ද නොඅඩුව ලැබෙන බව දන්නා කරුණකි.
තෙලේ බැදගත්විට හෝ රත් කළවිට සැර ප්‍රනීත සුවඳක් හා රසක් ගෙනදෙනු ලබයි. රම්පෙවලට ම ආවේණික සුවඳක් ඇත. එය කෑම රුචිය වඩවන සුළුය. මස් හෝ මාළු ව්‍යංජන පිසින විටදී රම්පෙ භාවිතාවේ. අල ව්‍යංජන වැනි එළවළුවලදී ද රම්පෙ යොදාගනී. රම්පෙ අව්වේ වියළා ගැනීමෙන් පසුව ද භාවිතා කළ හැකිය.
රම්පෙ භාවිතය සමහර හාල්වල ඇති දුගඳ නැති කිරීමට ද ඉවහල් වන බව ගෘහණිය දනී. ඒ නිසා සහල්වල රම්පෙ කොළ කැබැල්ලක් දමා බත උයයි. එවිට එහි සුවඳට සහල්වල ඇති අපි‍්‍රය දනවන ගඳ පහව යයි. විශේෂයෙන් මෙය සුවඳකාරකයක් වේ.
සීනි සම්බලයකට, බැදුමකට රම්පෙ එකතු කරගැනීමෙන් වැඩි සුවඳක් සේම රසයක් ද මතුකර ගත හැකි බව ඔබ දන්නා කරුණකි. නිතර නිතර ඉවුම් පිහුම්වලදී ගෘහණිය රම්පෙ එකතු කරගන්නා නිසා පහසු ක්‍රමයකට එය එක්කර ගැනීමට නම් කොත්තමල්ලි, සූදුරු, මහදුරු, කරපිංචා සමඟ රම්පෙ ද ස්වල්පයක් එක්කර යාන්තමින් රත්කර කුඩුකරගන්න. එය ව්‍යංජනවලට එක්කරගැනීමෙන් රසය වඩ වඩා දැනෙනු ඇත.
නිතර දෙවේලේ සාදන කිරි හොදි, අල යනාදි වැනි ආහාර සඳහා රම්පෙ නැතුවම බැරි ගානය. ආහාර රස ගැන්වීම සේම ආහාර මේසය අලංකාරය පිණිසද රම්පෙ භාවිතා කළ හැකිය. තරමක ලොකු දිගටි කොළ පිහිටීම මෙහි ඇති සුවිශේෂී ගුණාංගයි. නිර්මාණයට පහසු කොළ ඇති බැවින් කෑම මේස අලංකාරයට යොදා ගැනීම සිදු කරයි.
රම්පෙ, පොඩි ගස් සේම ලොකු ගස් ද ඇත. මින් මෙහි ඇති නියම රම්පෙ රසය හා සුවඳ ගත හැක්කේ ලොකු ගස්වලිනි. පරිප්පු, කෙහෙල්මුව වැනි ව්‍යංජන තෙම්පරාදු කිරීමේදී හීනියට කපාගත් රම්පෙ එකතුකර ගැනීමේදී එයින් පි‍්‍රය උපදවන රසයක් ලැබේ. මුළුතැන්ගෙයිදී රම්පෙවලට විශේෂ ස්ථානයක් හිමිවන්නේ මෙවැනි කරුණූ හේතු කොටගෙනය.
අද වෙළඳපළේ ඇති රසකාරකවලට වඩා තම ගෙවත්තේ සිටුවන රම්පෙ වැනි ශාකයකින් රසකාරකයන් ගන්නට හැකි නම් නිරෝගී සම්පන්නව ජීවත්වීමට ඉඩ ලැබෙනවා නොඅනුමානයි.

ඔබ පිසින ආහාර වලට රම්පෙ කොළ කැබැල්ලක් දාන හේතුව දන්නවද?
Reviewed by Unknown
on
September 21, 2016
Rating:
Reviewed by Unknown
on
September 21, 2016
Rating:

No comments: