හොඳ මී පැණි කියලා හොර මී පැණි වලට රැවටුන කාලේ ගියා මෙන්න හරියටම හොඳ මී පැණි හොයාගන්න විදිය.

මී පැණි යෝගවාහී ගුණය(පහසුවෙන් ශරීරයේ ඕනෑම සියුම් නාලයක් තුලින් පවා ගලා යා හැකි) ඇති  ඉතා වටිනා ඖෂධයකි, පානයකි. එහි පිරිසිදු භාවය සහ තත්වය මත ඖෂධීය ගුණයද අඩුවැඩි වේ. ඉතා උසස් තත්වයේ මී පැණි දුර්ලභය. ඒ නිසාම ඒවායේ මිලද අධිකය. මේ නිසාම බොහෝ විට වෙළදපොලේ තත්ත්වයෙන් බාල මී පැණිද විකිණිමට තිබේ. වත්මන් පරම්පරාවේ බොහෝ දෙනා නිවැරදි ලෙස හොද මී පැණි වෙන් කර හදුනා ගැනීමට නොදනි. අනාදිමත් කාලයක සිට හෙළයා විසින් පුරුදු පුහුණු කල ක්‍රම වේදයන් ඇසුරෙන් හොද මී පැණි වෙන් කර හදුනා ගැනීමට යොදා ගත හැකි සරල පරීක්ෂණ කිහිපයක් මෙහි දක්වන්නෙමු. එය  ඔබට අත්වැලක් වනු ඇත.

ගිනිකූරක බෙහෙත් තුඩ මී පැණියෙන් තෙමා ගැසූ විට ක්ෂණිකව දැල්වේ නම් ඒ මී පැණි හොද මී පැණි යැයි පිලීගැනේ.

කන හුණු අල්ලේ තවරා ඒ මත මී පැණි ආලේප කර ඒ දෙක හොදින් කලවම් කල විට අතට මද රස්නයක් දැනේ නම්  එයද හොද මී පැණි හදුනා ගැනීමේ ලක්ෂණයකි.

පිරිසිදු මි පැණි සුනඛයන් නොකන බව කියනු ලැබේ.

හොද මී පැණි පිරිසිදු ජල විදුරුවකට දැමූ විට කෙලින්ම පහලට ගමන් කරයි. ස්වල්ප වේලාවකින් දිය විම ඇරඹේ.

පිරිසිදු මී පැණි සාමාන්‍යයෙන් බර වැඩිය.

අමිශ්‍ර පිරිසිදු මි පැණි භාජනයක දමා හොදින් කට වසා සීල් කර තැබිය හැක. උතුරන්නේ නැත.

කඩදාසියක් මතට දැමුවිට කඩදාසියට උරා ගැනීමක් සිදු නොවේ.

ගින්නට දැමූ විට ශබ්ද නොනගාම ඉතා ඉක්මනින් දැවී යයි.

දෙහි යුෂ, කන හුණු, මී පැණි මිශ්‍රකර තැටියක දමා ලිපේ තබා රත් කරමින් කූරු ගාන විට හොද මී පැණි දියරයක් සාදයි.

සීනී හෝ වෙනත් පැණි වර්ග මිශ්‍ර කර ඇත්නම් මිශ්‍රනය ගල් වී බුල්ටෝ වැනි ඝන තත්ත්වයට පත්වේ.

අර්ධ වශයෙන් විනිවිද පෙනෙන මිහිරි/මධුර රසැති මී පැණි හොදය.

ආවේනික රසක් සහ සුවදක් හොද මී පැණි වලට ඇත.


හොඳ මී පැණි කියලා හොර මී පැණි වලට රැවටුන කාලේ ගියා මෙන්න හරියටම හොඳ මී පැණි හොයාගන්න විදිය. හොඳ මී පැණි කියලා හොර මී පැණි වලට රැවටුන කාලේ ගියා මෙන්න හරියටම හොඳ මී පැණි හොයාගන්න විදිය. Reviewed by Unknown on September 21, 2016 Rating: 5

No comments:

Powered by Blogger.