පොල් සම්බෝලයේ සැගවුන විශ්මිත රහස් මෙන්න. මේවාගෙන ඔබ දැනගත්තොත් හැමදාම පොල් සම්බෝල කයි.

පොල් ගස කප් රුකක් ලෙස අතීතයේ සිට සළකන ලද්දකි. එනම් පොල් ගසේ බොහෝ කොටස් අපට ප්‍රයෝජනවත් වන බැවිනි. මේ පොල් ශාකයෙන් ගන්නා ආහාර ගැන සැළකු විට කුරුම්බා, පොල් කිරි, පොල් සම්බෝල, පොල් වතුර හා පොල් රා ලෙස වර්ග කළ හැක. මෑතකදී පටන් පොල් වතුර ද පෝෂණයෙන් ඉතාමත් විශිෂ්ට බව සොයා ගෙන ඇත. එසේම අප ආහාරයට ගන්නා පොල් සම්බෝලය ද අපගේ නිරෝගි ජීවිතයට වැදගත් බව සොයා ගෙන ඇත. ශ්‍රි ලාංකිකයන් වන අප පොල් කිරි මෙන්ම පොල් සම්බෝලයේ ගුණා ගුණ දැන ගැනිම ඉතාමත් වටිනේ ය.


                                    උකු පොල් කිරි වැඩි වශයෙන් ආහාරයට ගැනිමේ දී සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි විමට  බලපෑව ද පොල් සම්බෝල එසේ නොවන බව අනාවරණය වී ඇත. මෙහිදී කොලෙස්ටරෝල් ගැන තොරතුරු විමසා බැලූ‍වහොත් ශරීරයේ රුධිර නාල වල තැම්පත් වන අනවශ්‍ය මේද කොටස් කොලෙස්ටරෝල් ලෙස හඳුන්වයි.  ශරිරයට මේදය අත්‍යවශ්‍ය වුවත් මෙලෙස රුධිර නාල වල තැම්පත් වන මේදය ශරිරයට අහිතකරය. ශරිරයට හිතකර වන්නේ අසංතෘප්ත මේදයයි. නමුත් පොල් වල සිරුරට අහිතකර සංතෘප්ත මේදය පවති. නමුත් අප එදිනෙදා පාවිච්චියට ගන්නා පොල් කිරි උකු ගතියෙන් අඩුව ගතහොත් කොලෙස්ටරෝල් සෑදිමේ ප්‍රවණතාව අඩු වේ. එසේ ම පොල් කිරි තරම්, පොල් සම්බෝල කොලෙස්ටරෝල් මට්ටම කෙරෙහි බල නොපාන අතර සිරුරට හිතකර බව පැවසේ.


                                    එනම් පොල් සම්බෝල මගින් සිරුරට අවශ්‍ය විටමින් වර්ග හා තන්තු ලැබේ.එම තන්තු නිසා කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට දායක වෙයි. එසේම එම තන්තු නිසා මළ බද්ධය අඩු කිරීමට ද උපකාරි වේ. එසේම පොල් සම්බොලයෙහි ඇති එම තන්තු මගින් වෙනත් ආහාර වලින් ලැඛෙන විටමින් වර්ග පවා හොඳින් උරා ගැනිමට උදව් වේ.


                                    එසේම පොල් සම්බෝලයේ තෙල් වල දියවන විටමින් ඇත. එසේම වෙනත් ආහාර වල ඇති වතුරේ දිය නොවන විටමින් වර්ග ද තෙල් වල දිය වන නිසා පොල් සම්බෝලයේ එම විටමින් වර්ග ශරිරයට උරා ගැනීමට උදව්  වේ.


                                    එසේම විවිධ පෝෂණ පදාර්ථයන්  ගෙන් අනුන මෙම පෙල් සම්බෝල කෑම රුචිය වැඩි කරමින් ඇති බැවින් කොලෙස්ටරෝල් ඇති වේ යැයි සැක සංකා නොමැතිව ආහාරයට ගැනිමට හැකි බව මෙසේ දැනුවත් වෙමු.



පොල් සම්බෝලයේ සැගවුන විශ්මිත රහස් මෙන්න. මේවාගෙන ඔබ දැනගත්තොත් හැමදාම පොල් සම්බෝල කයි. පොල් සම්බෝලයේ සැගවුන විශ්මිත රහස් මෙන්න. මේවාගෙන ඔබ දැනගත්තොත් හැමදාම පොල් සම්බෝල කයි. Reviewed by Unknown on September 19, 2016 Rating: 5

No comments:

Powered by Blogger.