දත් කැක්කුමට , හිසරදයට , උදරාබාද ආදී ලෙඩ වලට ප්‍රත්‍යක්ෂ විසදුම මෙන්න.

මම ඔයාලට කිව්වනෙ මේ ලියන තෙවෙනි ලිපිය වෙනස් විදියකට ලියනව කියල. ඉතින් මං කල්පනා කලා ඔයාලට වැදගත් වන ශාක ගැන දැන් ලිපි දෙකකින්ම ලිව්ව නිසා අද ඔයාලට රෝග නිවාරණය ගැන කියන්න.

ඉතින් දත් කැක්කුම , හිසරදය , බඩේ කැක්කුම වාගේ ලෙඩ සමාජයේ බහුලයි නෙ. ඉතින් මම කල්පනා කලා ඔයාලට ඒ ලෙඩ වලට පිළියම් කියල දෙන්න. මේ බෙහෙත් මම ඕනෑතරම් පරීක්ෂා කරල බලල තියනව. ඒ නිසා අත් දුටුයි , ප්‍රත්‍යක්ෂ යි.

මෙන්න එහෙනම්.  


දත් කැක්කුමට   >  අමු ඉඟුරු , සුදු ලූනු , ගම්මිරිස් සමව ගෙන එකට අඹරා යුශගෙන වියලි මිරිස් කරලක ඇට ඉවත් කර එතුලට බෙහෙත් දියරය පුරවා පොල්තෙල් පහන් දැල්ලෙන් රත්කර මද රශ්මියෙන් කැක්කුම ඇති දතට වත්කරන්න.
දත් කැක්කුමට   >  ඉද්ද කොළ යුෂ ගෙන කටේ කලතා ඉවත දමන්න.
ඉහත සඳහන් ප්‍රතිකාරයන්ගෙන් දත් කැක්කුම ඉක්මනට සුව වෙනවා.
                   

හිසරදයට   >  දෙලුම් මල් යුෂ නාසයට උරා ( නශ්‍ය කොට ) සෙම හරින්න.
හිසරදයට   > අබ , අමු ඉඟුරු , සුදු ලූනු එකට අඹරා රෙදි කඩක ගා නලලේ එලීමෙන් සුවවේ.
හිසරදයට   >  සුදුලූනු , කරපිංචා නැටි , රතුලූනු , සූදුරු , පොල්තෙලට යොදා රත්කර හිස ගැල්වීමෙන් සුවවේ.


බඩේ කැක්කුමට   >  සුදුලූනු , අමු වදකහ , අමු ඉඟුරු එකට කොටා එයට මී පැණි දමා බී විට සුවවේ.
බඩේ කැක්කුමට   >  නටන උනුවතුර කෝප්පයක් ඇල් ජලය නොදමා නිවා මදක් නිවුනු පසු බොන්නට දෙන්න.
ඉතින් ඉහත සඳහන් ආකාරයට ඉහත සඳහන් ලෙඩ සුව කර ගත හැකියි.



දත් කැක්කුමට , හිසරදයට , උදරාබාද ආදී ලෙඩ වලට ප්‍රත්‍යක්ෂ විසදුම මෙන්න. දත් කැක්කුමට , හිසරදයට , උදරාබාද ආදී ලෙඩ වලට ප්‍රත්‍යක්ෂ විසදුම මෙන්න. Reviewed by Unknown on September 20, 2016 Rating: 5

No comments:

Powered by Blogger.