ඔයාගේ කොන්ඩෙත් සුදු වෙලාද?කුස්සියේ තියෙන එක අමුද්‍රව්‍යයක් භාවිතයෙන් කොන්ඩේ කළු කරගන්න පුළුවන් කියල විශ්වාස කරන්න පුලුවන්ද?

මේ සදහා අවශ්‍ය කරන්නේ එකම එක අමුද්‍රව්‍යක් වන අතර එය ඔබේ කුස්සියෙන්ම පහසුවෙන් සොයා ගන්න පුළුවන්. විශේෂම දේ වන්නේ මේ සදහා අප යොදා ගන්න අමුද්‍රව්‍ය නිවසේ කුණු මුල්ලට විසි කරන දෙයක් වීමයි. ඒ තමයි අල පොතුදැන් අපි බලමුකෝ කොහොමද මේ අල පොතු වලින් කොන්ඩේ කළු කර ගන්නේ කියලා

සාමාන්‍ය ප්‍රමාණයේ අල ගෙඩි 5ක් ගෙන පොතු ටික පරිස්සමට ඉවත් කර ගන්න

ජලය කෝප්ප දෙකක් සාස්පානකට දාලා එකට අල පොතු ටිකත් දාලා නටන උෂ්ණත්වය දක්වා රත් කර ගන්න

නටන උෂ්ණත්වයට පැමිණි පසු ගින්දර අඩු කර විනාඩි 5ක් මද ගින්නේ තම්බා ගන්න

ඉන්පසු සාස්පාන ලිපෙන් ඉවත් කර අල පොතු මිශ්‍රණය සිසිල් වෙන්න පැත්තකින් තියලා තියන්න

අල පොතු මිශ්‍රනය හොදින් සිසිල් උනාට පස්සේ එහි ඇති වතුර ටික පෙරා ගන්න

හොයා ගන්න පුළුවන් නම් ලැවන්දාර් හරි රෝස්මේරි හරි තෙල් බින්දු කිහිපයක් මෙයට එකතු කරාට කමක් නෑ

දැන් මේ පෙරා ගත් දියරය හොදින් වැසිය හැකි මුඩියක් තිඛෙන බෝතලයකට දා ගන්න

භාවිතා කරන ආකාරය

ස්නානය කර අවසානයේදී මෙම අල පොතු දියරය ඔලුවට දාලා කෙස් ගස් වල හොදින් තැවරෙන සේ පිරිමදින්න.

මේක අර කෘතීම ඩයි එකක් වගේ ආලේප කරලා ඉවර වෙලා සෝදලා අරින්න එපා. එහෙම්මම ඔලුවටම වේලෙන්න අරින්න.


ඔයාගේ කොන්ඩෙත් සුදු වෙලාද?කුස්සියේ තියෙන එක අමුද්‍රව්‍යයක් භාවිතයෙන් කොන්ඩේ කළු කරගන්න පුළුවන් කියල විශ්වාස කරන්න පුලුවන්ද? ඔයාගේ කොන්ඩෙත් සුදු වෙලාද?කුස්සියේ තියෙන එක අමුද්‍රව්‍යයක් භාවිතයෙන් කොන්ඩේ කළු කරගන්න පුළුවන් කියල විශ්වාස කරන්න පුලුවන්ද? Reviewed by Unknown on September 22, 2016 Rating: 5

No comments:

Powered by Blogger.