සිනහවට අලංකාරයක් ගෙන දෙන්නේ ඔබේ සුදු දත් දෙපල කියල අමුතුවෙන් කිව යුතු නැහැනේ. මේ කියන්න යන්නේ විනාඩි තුනෙන් සුදෝ සුදු වන දත් දේපලක් ලබාගැනීමේ විස්මිත ක්‍රමවේදයක් ගැනයි. ඇත්තටම ප්‍රතිඵල ඔබව මවිතයට පත් කරනු නොඅනුමානයි.

ඔයාල වෙළඳපොලේ ඇති විවිධ නිෂ්පාදන භාවිතා කරලා නිකරුනේ දත් නාස්ති කරගන්නවා. ඒ වගේම ඒවායේ අඩංගු රසායනිකයන් නිසාම එනමල් ඛාදනය වගේ දේවල් වලට මුහුණ පාන්නට සිදු වෙනවා.
එසේම දන්තවෛද්යවරු භාවිතා කරන ක්‍රමවේදයන් දත්වලට හානිදායක වෙනම වෙදනාකාරිද වෙනවා. එහෙත් ඔබ බලාපොරොත්තු අතහරින්න නම් එපා. මේ කියන්න යන දේ ඔබව පුදුමයට පත්කරනු නිසැකයි.
මේ සඳහා යොදාගන්නේ දත් බුරුසුවක් සහ නිවසේ එදිනෙදා යොදා ගන්නා ස්වභාවික අමුද්‍රව්‍යක්. මෙය සතියකට එක් වරක් පමණක් භාවිතා කිරීමෙන් සුදෝ සුදු දත් දේපලක් ඔබට හිමි කරගත හැක.
අවශ්‍ය ද්‍රව්‍ය
- බේකින් සෝඩා තේ හැඳි එකයි
- දෙහි ගෙඩි භාගයක යුෂ
- පිරිසිදු දත් බුරුසුවක්
ක්‍රියාපිළිවෙත
කුඩා පිරිසියකට බේකින් සෝදා හැඳි භාගයක් දමා ඒ මතට දෙහි යුෂ දමන්න. මෙසේ දෙහි යුෂ දැමු විට දෙහි වල සිට්රික් අම්ලය බේකින් සෝදා වල ඇති සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කරනු ඇත. ඔබට බුබුළු දමනු දැක ගත හැක. දැන් බුරුසුවෙන් මේ මිශ්‍රණය හොඳින් කවලම් කර ච්ිඑැ එකක් ලෙස තනා ගන්න. දැන් සාමාන්‍ය පරිදි දත් බුරුසුවෙන් ඔබේ දත් මේ තනා ගත් ච්ිඑැ එකෙන් මදින්න. දැන් හොඳින් මුව ජලයෙන් හොඳින් සෝදා හරින්න.
බේකින් සෝඩා සහ දෙහි යුෂ මගින් දත් පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේදී සැලකිය යුතු කරුණු
- මේ ක්‍රියාව සතියකට එක් වරක් පමණක් කළ යුතුය. එදිනෙදා භාවිතයට සුදුසු නැත. එදිනෙදා භාවිතා කළහොත් දත සම්බන්ධ එනමලයට හානි විය හැක. එම නිසා සතියකට වරක් පමණක් භාවිතා කරන්න.
- දිනපතා භාවිතා කරන බුරුසුව භාවිතා නොකිරීමට වග බලා ගන්න. අළුත්ම නැවුම් බුරුසුවක් යොදාගන්න.
- ඔබට දෙහි යුෂ යොදාගැනීමට අපහසුනම් බේකින් සෝඩා තේ හැඳි 1-2 පමණ ගෙන ඊට වතුර යොදා ච්ිඑැ එක තනා ගත හැකිය.
- ාැබඒක ඉර්ජැි නොහොත් දත් වලට කම්බි යොදා සිරිය අය මෙය කිරීමෙන් වලකින්න.
- මේ මිශ්‍රණය අමුතු ඇඹුල් රසයකින් යුක්ත වේ. එසේම මෙහි කිසිම විසක් නැති නිසා හදිසියේ ගුලුනත් කලබලයට පත් වන්නට එපා. මෙය සම්පුර්ණයෙන්ම විෂ වලින් තොරය.
පහත වීඩියෝවෙන් කරන්නා වූ ක්‍රියා පිළිවෙත දක්වා ඇත
විනාඩි තුනෙන් දත් සුදු කරමුද මෙන්න විස්මිත වට්ටෝරුව.
Reviewed by Unknown
on
September 03, 2016
Rating:
Reviewed by Unknown
on
September 03, 2016
Rating:
No comments: