කරදර දෙන උෂ්ණ බිබිලි කටේ හැමතැනම එනවාද? මෙන්න විසදුම.

ත් මදින බුරුසුව වැදිලා එහෙමත් නැත්නම් ඉබේම කටේ තුවාල දැම්මම කොයි තරම් නම් අමාරුයිද? කෑමක් කන්නැවත බැහැනේ. ඉතින් හරිම කරදරයක්.



අද අපි කතා කරන්න යන්නේ කටේ තුවාල ගැන.

කටේ තුවාල ඇති වන්නේ කොහොමද?

යමක් ඇනුණු විට, කැපුණු විට තුවාල වෙනවා වගේම ශරීරය මගින් ඉබේම වුනත් තුවාල ඇති වෙන්න පුලුවන්.

බොහෝ විට මේ තත්වය ඇති වන්නේ පහත ආකාරයේ අයටයි.
කරදරකාරී මානසික තත්ත්වයකින් දිවි ගෙවන පුද්ගලයන්.
ආමාශයේ අධික අම්ල ගතියක් සහිත රෝගීන්. ඒ කියන්නේ ගැස්ට්‍රයිටිස් තිඛෙන අය.
හෝමෝන ස්‍රාවයේ අසාමාන්‍යතා ඇතිවන වකවානුවල සිටින රෝගීන්.
කාන්තාවන් නම් විශේෂයෙන්ම මාසික ආර්තව කාලයේදී මේ තත්ත්වයට පාත්‍ර විය හැකියි.

ඒ හැරුණු විට තවත් රෝගීන් කණ්ඩායමක් සිටිනවා. ඔවුන්ට මේ තුවාල ඇති වීම ඉහත කිසිඳු කාරණාවකට සම්බන්ධයක් නැහැ.

මේ තුවාල ඇතිවීම නිසා පීඩා විඳින රෝගීන් වෛද්‍යවරයෙකු වෙත යොමු කළ විට මුලින්ම කරනු ලබන්නේ තුවාලය සඳහා ඖෂධ ප්‍රතිකාර නියම කිරීමයි.

තුවාලය ඇති වීමට හේතු කාරක වූ කරුණු වෙතොත් ඒවා හඳුනාගෙන ඊට පිළියම් යෙදීම ද වැදගත් කරුණකි.

කිසිඳු විස්තර කළ හැකි හේතුවක් නොමැතිව මේ තත්ත්වයට මුහුණ දෙන රෝගීන් ද සිටිනවා. රෝගය මතු වූ සෑම අවස්ථාවේදීම ප්‍රතිකාර ලබා දීම සිදුකරනවා. නැවත නැවතත් මතුවීම මේ රෝගයේ ස්වභාවයක්.

මෙය වලක්වා ගන්න ඔබ කල යුත්තේ කුමක්ද?

මේ තුවාල ඇතිවන අවස්ථාවන් ගැන මඳක් විමසිලිමත් වන්න.
අවුරුද්දේ යම් නිශ්චිත කාලයක්
දේශගුණික තත්ත්වයක්
ඔබේ සිතේ සැනසුම නැති වී යන වියවුල් වාතාවරණයක්
දේහයේ සුවිශේෂ වෙනස් වීමක් (ස්ත්‍රීන්ගේ නම් අර්ථව කාලය වැනි) ඇතිවිට මේ තත්ත්වය ඇති වේ දැයි පරීක්‍ෂාකාරී වන්න.

එවන් හඳුනා ගැනීමක් කිරීමට ඔබ සමත් වුවහොත් එය ඔබේ රෝගයට දක්වන සබඳතාව නැති කිරීමට උචිත අයුරින් ඔබේ වත් පිලිවෙත් වෙනස් කරගන්න.
කරදර දෙන උෂ්ණ බිබිලි කටේ හැමතැනම එනවාද? මෙන්න විසදුම. කරදර දෙන උෂ්ණ බිබිලි කටේ හැමතැනම එනවාද? මෙන්න  විසදුම. Reviewed by Unknown on September 11, 2016 Rating: 5

No comments:

Powered by Blogger.