මහනුවර යුගයේ තැනූ උමං මාර්ගය ගැන කිසිවෙක් නොවැසූ අභිරහස් කතාව මෙන්න


සතුරන්ගේ බලකොටු ආක්‍රමණය සඳහාත්, රහසිගත ගමනාගමන කටයුතු සඳහාත් හා සතුරු ආපදාවකදී රහසිගතව පලා යෑම සඳහාත් අතීත ලංකාවේ රජවරුන් පොළොව යටින්, ගංගා යටින් උමං හෑරීමේ කලාවක් තිබුණි. උමං තැනීමට දේශීය ශිල්පීන් පුරුදු වී සිටියද වඩාත් ප්‍රකට වූයේ දකුණු ඉන්දියාවෙන් ලංකාවට පැමිණි 'පල්ලරු' නම් ඉන්දීය ගෝත්‍රයයි, ඔවුන් මේ උමං කැණීමේ අති දක්ෂයන් වූහ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා නිරන්තර ඉංග්‍රීසි ආක්‍රමණ බියකින් ජීවත් වූ නිසා නිසා රජු හදිසි ආපදාවකදී පලා යෑමට උමං මාර්ග දෙකක් මහනුවර කරවා ඇත. ඒ අතරින් පළමු උමං මාර්ගය සෙංකඩගල රජමැඳුරේ සිට කිරිමුහුදට යටින් කිරිමුහුද මැද පිහිටි සීතල මාලිගාව දක්වා විය. ඉන් හදිසිකදී සතුරන් රජමැඳුර වටකළොත් රජුට රජමැඳුරේ සිට කිරිමුහුදට යටින් උමඟ දිගේ කිරිමුහුද මැද පිහිටි හුදෙකලා ආරක්ෂිත මැදුරකට පලා යා හැකි විය. දෙවැනි උමං මාර්ගය ශ්‍රී වික්‍රම රජුගේ රජමැඳුරේ සිට පොළොව යටින් උඩවත්ත කැලෑව මැදට විහිදී තිබිණි. මේ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.
මහනුවර යුගයේ තැනූ උමං මාර්ගය ගැන කිසිවෙක් නොවැසූ අභිරහස් කතාව මෙන්න මහනුවර යුගයේ තැනූ උමං මාර්ගය ගැන කිසිවෙක් නොවැසූ අභිරහස් කතාව මෙන්න Reviewed by gihan on October 08, 2018 Rating: 5

No comments:

Powered by Blogger.