සත්‍ය ගුණ සමුදායක්, භක්තියෙන්, අධිෂ්ඨානපූර්වකව සිහිපත් කිරීමෙන් ලබන්නා වූ ඉමහත් ආශිර්වාදාත්මක දෙසුමකි පිරිත. ඉතාමත් සුමිහිරි වදන් තුළින් සිතට ලැබෙන සිසිල අනන්තය. අප්‍රමාණය. බෝ සමිඳු අසල සිටින විට ඔබේ ගතට හා සිතට දැනෙන සුවය වචනයෙන් විස්තර කළ නොහැකි ය. ඔබ පරිත්‍රාණ දේශනාවකට සවන් දෙන විටත්, හඬනඟා පිරිත් සූත්‍ර කියන විටත් ඔබේ මනසට කෙතරම් සුවයක් ගෙනදේද? එහෙයින් ආශීර්වාදාත්මක ගාථාවක් සජ්ක්‍ධායනය කරමින් දෑතට යොමු කෙරෙන පිරිත් පැනින් උගුරක් පානය කොට ඉතිරිය මුහුණේත් හිසෙහිත් තවරා ගන්නේ ඉමහත් බැති සිතිනි.අලුත් නිවසක පදිංචි වන විට පිරිත් පැන් ඉස ආසිරි සලසා ගන්නා අතර අලුත් දිවියක් පවුලට එක් වන සුබ නිමිති ආ දා පටන් පිරිත්පැන් නිතර නිතර ගැබිණි ලඳුනට ලැබේ. ඉතින් මෙලෙස නිතර නිතර පිරිත් සඡ්ඡායනයෙන් ඔබේ ජීවිතය සාර්ථක කරගන්නා අයුරු දැනගන්න පහත වීඩියෝව බලන්න.
නිතර නිතර පිරිත් සඡ්ඡායනයෙන් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න
Reviewed by lankaonline
on
December 10, 2018
Rating:
No comments: