ඉන්දීය සාගරයේ ඇති ඇමරිකානු යුද නැව්වලට උපකරණ සැපයීමේ මෙහෙයුමක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කරමින් ආරම්භ කර තිබෙනවා. එලෙස ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන මෙම මෙහෙයුම සඳහා යුධ උපකරණ රැගත් ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානා කටුනායකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය වසරේ අගෝස්තු 28 දා කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ ශ‍්‍රී ලංකා රජය අතර ඇති වූ එකඟතාව මත ඇමෙරිකානු නාවික හමුදාවේ යානාවලට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීම සඳහා රජය අවසර දී තිබෙනවා. කෙසේ නමුත් එම ඇමෙරිකානු නාවික ගුවන් යානාවලින් ගෙන එන උපාංග සහ භාණ්ඩ පරීක්‍ෂා කිරීමට ශ‍්‍රී ලංකාවේ රේගුවට, හමුදාවට හෝ පොලිසියට අවසර නැති බවයි තවදුරටත් වාර්තා වන්නේ.
ඇමෙරිකාවේ ආයුධ කටුනායකට හොර රහසේම එන හැටි !
Reviewed by lankaonline
on
January 27, 2019
Rating:
Reviewed by lankaonline
on
January 27, 2019
Rating:

No comments: