හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතා ඊයේ දිනයේ ටට්යානා ලිවේරා ජයරත්න සමඟ විවාහ දිවියට එළැඹුනේය. වීරකැටියේදී පැවත්වූ මෙම මංගල උත්සවය සදහා දේශපාලන නායකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ දෙනෙකු සහභාගී විය. මේ විවාහය සදහා කිසිදු ආකාරයක මත්පැන් සැපයීමක් සිදු නොකෙරුණු රණවරා, බෙලිමල්, දිවුල් යුෂ අමුත්තන්ට බීම සහා ලබා දුන්හ. ආහාර සදහා ලබා දුන්නේ දේශීය ගැමි ආහාර පමණක් වන අතර ඒවා සකසා තිබුණේ අසල්වැසි පවුල් විසිනි. කිසිදු මස් මාංශ වර්ගයක් ආහාර සදහා එක් කර නැත. මැදමුලන ගම්මානයටම මෙම විවාහයේ ආරාධනා කර තිබුණි.
රටටම ආදර්ශයක් වුණු චිචීගේ මගුල් ගෙදර වුණේ මෙහෙමයි
Reviewed by lankaonline
on
January 25, 2019
Rating:

No comments: