කෝටියක් වටින වැඩක් කල අම්පාරේ ව්‍යාපාරිකයාගේ කතාව


අම්පාර තරිඳු ඕෆ්සෙට් ප්‍රින්ටර්ස් ආයතනය නැඟෙනහිර පළාතේම විශාලතම මුද්‍රණාලයයි. නව වසරට තව දින කිහිපයක් නිසා මුද්‍රාණාලයේ වැඩකටයුතු අධික විය. ජර්මනියේ නිෂ්පාදිත නවීනතම මුද්‍රණ යන්ත්‍රයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්නය. විදුලි කාර්මික අංශය කළ සුළු අලුත්වැඩියාවකින් පසු මුද්‍රණ යන්ත්‍රයේ වැඩකටයුතු ආරම්භ වූයේ සවස 3ට පසුවය. මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවකු ලෙස වසර 30ක අත්දැකීම් ඇති ගාල්ල ප්‍රදේශයේ පදංචි මුණසිංහ එම ආයතනයේ සේවයට පැමිණියේ සති දෙකකට පෙරදීය. තවත් සඟයෙකු සමඟ ඔහු එම මුද්‍රණ යන්ත්‍රයේ වැඩ කරමින් සිටියේය. සියල්ලෝම කඩිමුඩියේ වැඩය. සිය මුද්‍රණ කටයුතු කරගන්නට පැමිණි අයගෙන් ආයතන පරිශ්‍රය පිරිලාය. මුද්‍රණ ආයතනයේ හිමිකරු මෙත්තාන්නද රූපසිංහට එකවරම ප්‍රධාන මුද්‍රණ යන්ත්‍රයේ ශබ්දය වෙනස් වන අයුරු ඇසිණි. සැණෙකින් ඔහු එදෙස බැලීය. ඒ සැණින් යන්ත්‍රය නැවතිණි. ඇසුණේ මාරාන්තික විලාපයකි. රූපසිංහ ඇතුළු පිරිස සැණෙකින් ඒ දෙසට දිව ගියහ. දුටු දෙයින් ඔවුහු බිරාන්ත වූහ. මුද්‍රණ යන්ත්‍රයේ ක්‍රියාකාරුගේ අත යන්ත්‍රයේ දැති රෝදවලට හසුව සිර වී තිබිණි.

කෝටියක් වටින වැඩක් කල අම්පාරේ ව්‍යාපාරිකයාගේ කතාව කෝටියක් වටින වැඩක් කල අම්පාරේ ව්‍යාපාරිකයාගේ කතාව Reviewed by lankaonline on January 07, 2019 Rating: 5

No comments:

Powered by Blogger.