ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තිසර පෙරේරා හා ලසිත් මාලිංගත්, ඔවුන්ගේ බිරින්දෑවරුන් දෙදෙනා අතරත් සිදුවූ මත ගැටුම පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේදී තම අදහස් දැක්වූවා. එහිදි ඔහු සඳහන් කළේ බිරිඳ ගෙදර තබා ඇවිත් ක්‍රීඩා පිටියේ ක්‍රිකට් ගසන ලෙසයි. එසේම ප්‍රශ්ණ කතා කිරීමට පැමිණීමේදී කණ්ඩායමක් ලෙස පැමිණෙන ලෙසත් ඔහු සඳහන් කළා. "පහුගිය දින කීපයේ මම දැක්කා ක්‍රීඩකයින්ගේ භාර්යාවන් ගැටළුවක් ඇති කරගෙන. මම සැමගෙන් ඉල්ලන්නේ බිරිදව ගෙදර තියලා එන්න. පිට්ටනියේ ක්‍රිකට් ගහන්න කියලා. ඒ තත්ත්වෙට අපි වැටිය යුතු නැහැ. ඒක හරි ශෝචනීයයි." යනුවෙන් ඔහු තව දුරටත් ප්‍රකාශ කළා.
ගෑණු ගෙදර තියලා ක්‍රිකට් ගහන්න - හරීන් කියපු සම්පූර්ණ කතාව
Reviewed by lankaonline
on
January 11, 2019
Rating:
Reviewed by lankaonline
on
January 11, 2019
Rating:

No comments: