මෝටර් රියක් ගන්නත් ජනාධිපති අරමුදලින් ලක්‍ෂ 10ක්

නිවුන් දරුවන් තිදෙනා හදාවඩා ගැනීමට ජනාධිපති අරමුදලින් ලැබුණු රුපියල් ලක්‍ෂ 10ක මුදලින් සුඛෝපභෝගී වාහනයක් ගෙන දරුවන් ද ඊට ගොඩකරවාගෙන ගම වටේ රවුම් ගැසූ පුද්ගලයකු පිළිබඳ පුවතක් රජරට ඈත ගමකින් වාර්තා විය.

තව තියෙනවා පහලටම යන්න වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

ඔහු ආරක්‍ෂක අංශයට සම්බන්ධ පුද්ගලයෙකි. සිය බිරිය පසුගිය දිනෙක දරුවන් තිදෙනකු බිහි කළාය. රජයේ සේවකයකු වූ ඔහුට ද දරුවන් තිදෙනකු හදා වඩා ගැනීම තරමක් දුෂ්කර විය. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ද දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළේය. ඒ අනුව ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්‍ෂ 10ක මුදලක් ලැබිණි.

ඒ මුදලින් මෝටර් රථයක් ගත් මොහු උජාරුවෙන් ගම වටේ යන අයුරු දුටු ගැමියන් මේවාට දෙයියෝ සාක්කි නොකියා වෙන මොනවා කියන්න දැයි තමන්ගෙන්ම ප්‍රශ්න කරනවාලු.
(හංසිකා සමරදිවාකර)

මෝටර් රියක් ගන්නත් ජනාධිපති අරමුදලින් ලක්‍ෂ 10ක් මෝටර් රියක් ගන්නත් ජනාධිපති අරමුදලින් ලක්‍ෂ 10ක් Reviewed by piyumantha dissanayaka on July 17, 2019 Rating: 5

No comments:

Powered by Blogger.