අවසන් පන්දුවාරයේදී විනිසුරුවන්ගේ වරදින් එංගලන්තයට වැඩියෙන් ලකුණක් ලැබී, නවසීලන්තයට ලෝක කුසලානය අහිමි වුණේ මෙහෙමයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ ජයග්‍රහණය එංගලන්තයට ලැබුණු ආකාරය ගැන මේ වනවිට මුළු ලෝකයම කතාබහට ලක්වෙලා.

මේ තරඟයේදී ජයග්‍රහණය සඳහා එංගලන්තයට පන්දු 3කදී ලකුණු 9ක් ලබාගතයුතුව තිබු අවස්ථාවේ ස්ටොක්ස් ලකුණු දෙකක් කරා දිව යමින් සිටියේදී මාර්ටින් ගප්ටිල් කඩුල්ලට එල්ල කල පන්දුව පිත්තේ වැදී හතරේ සීමාව කරා ඇදී ගියා.
තව තියෙනවා පහලටම යන්න
මේ සිදුවීම ගැන බෙන් ස්ටොක්ස් ඉතා සංවේදී ලෙස සමාව අයැද සිටීම ගැන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබු අතර එහිදී එංගලන්තයට ලකුණු 6ක් ලබාදෙමින් විනිසුරුවන් වැරදි තීරණයක් ලබා දුන් බවයි ක්‍රිකට් විශාරදයින් පෙන්වා දෙන්නේ.

එහිදී නවසීලන්තයට ලැබිය යුතුව තිබුනේ ලකුණු 5ක් බවයි ක්‍රිකට් විශාරදයින්ගේ මතය. එම අවස්ථාවේදී ප්‍රධාන විනිසුරු ලෙස ක්‍රියා කළ කුමාර් ධර්මසේන එම ලකුණු 6 ලබාදුන්නේ අනෙක් විනිසුරු වූ මරයෙස් එරාස්මස්ගෙන් උපදෙස් ලබාගැනීමෙන් අනතුරුවයි.

නමුත් ක්‍රිකට් නීතිපොතේ 19.8 වගන්තියට අනුව පිතිකරුවකු ලකුණු ලබාගැනීමට දිවයමින් සිටියදී පිතිකරුවාගේ ඇගේ හෝ පිත්තේ ඔහුගේ අනුදැනුමකින් තොරව පන්දුව වදින අවස්ථාවට පෙර ඔහු සම්පුර්ණ කර තිබු ලකුණු ගණන සහ පන්දුව වැදුණු පසු ඔහු ලබාගන්න ලකුණු ගණන ඔහුට ලැබෙනු ඇති.

ඊයේ තරඟයේදී බෙන් ස්ටෝක්ස්ගේ පිත්තේ පන්දුව වදින අවස්ථාව වන විට ඔහු එක ලකුණක් සම්පුර්ණ කර තිබු අතර දෙවෙනි ලකුණු සම්පුර්ණ කර තිබුනේ නැහැ. මේ අනුව පන්දුව හතරේ සීමාවට ගිය පසු ඔහුට හිමි විය යුත්තේ ලකුණු 5ක් පමණි. නමුත් කුමාර් ධර්මසේන විනිසුරු අනෙක් විනිසුරුගේ උපදෙස් ලබාගැනීමෙන් පසු ලකුණු 6ක් එංගලන්තයට ලබා දුන්නා. එම ලකුණත් සමගයි තරඟයේ තීරණයට සුපිරි පන්දුවාරයට යාමට සිදුවුණේ.

එසේ නොවුණි නම් එක ලකුණකින් නවසීලන්තයට ජයග්‍රහණය හිමිවීමට ඉඩ තිබුණා.
අවසන් පන්දුවාරයේදී විනිසුරුවන්ගේ වරදින් එංගලන්තයට වැඩියෙන් ලකුණක් ලැබී, නවසීලන්තයට ලෝක කුසලානය අහිමි වුණේ මෙහෙමයි අවසන් පන්දුවාරයේදී විනිසුරුවන්ගේ වරදින් එංගලන්තයට වැඩියෙන් ලකුණක් ලැබී, නවසීලන්තයට ලෝක කුසලානය අහිමි වුණේ මෙහෙමයි Reviewed by piyumantha dissanayaka on July 15, 2019 Rating: 5

No comments:

Powered by Blogger.