දහතුන් වෙනි සියවසට අයත් බවට සැකකෙරෙන ඉපැරණි ගණදෙවි පිළිමයක් හමුවෙයි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මන්නාරම  කුරුන්දන් වැව අසල පිහිටි පැරණි ගණදෙවි කෝවිලක් ආශ්‍රිතව සිදුකරණු ලබන කැණීම් වලින් 17 දා දහතුන් වෙනි සියවසට අයත් බවට සැකකෙරෙන ඉපැරණි ගණදෙවි පිළිමයක්  හමු වී තිබේ.

තව තියෙනවා පහලටම යන්න මෙම කැණීම් සිදු කරණු ලබන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා යාපනය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යයන අංශය වීසිනි.
ඉපැරණි ගණ දෙවි පිළිමය හමු වීමෙන් පසුව යාපනය විශ්ව විද්‍යාලයේ  පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ පිරිස හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මතුපිට නිරීක්ෂණයන් හා ඓතිහාසික සාධකවලට අනුව එම ගණදෙවි පිළිමය දහතුන් වන සියවසට අයත් ඉතා පැරණි හා දුර්ලභ ගණයේ පිළිමයක් බව ප්‍රකාශ කොට තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ  මහාචාර්ය බී.පුෂ්පරත්න මහතා ද මෙම ගණ දෙවි පිළිමය නිරීක්ෂණය කොට තිබේ.
ඔහුද එම පිළිමය දහතුන් වන සියවස තරම් ඈත ඉතිහාසයක් කරා දිවයන පැරණි පිළිමයක් බව ප්‍රකාශ කොට ඇති අතර මෙම ගණ දෙවි පිළිමය සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් සිදුකිරීමට නියමිතය.
දහතුන් වෙනි සියවසට අයත් බවට සැකකෙරෙන ඉපැරණි ගණදෙවි පිළිමයක් හමුවෙයි දහතුන් වෙනි සියවසට අයත් බවට සැකකෙරෙන ඉපැරණි ගණදෙවි පිළිමයක් හමුවෙයි Reviewed by piyumantha dissanayaka on July 17, 2019 Rating: 5

No comments:

Powered by Blogger.