ආසියාවේ තියෙන පට්ටම දුප්පත්ම රටවල් දහය මෙන්න

ලොව ඇති රටවල් 200කට ආසන්න සංඛ්‍යාවෙන් රටවල් 48ක්ම සුවිසාල ආසියානු මහද්වීපයේ පිහිටා තිබේ. එයින් ජපානය. කොරියාව, සිගප්පූරුව මැලේසියාව ආදි දියුණු රටවල් ලොව වඩාත් ඉදිරිගාමීව සංවර්ධිත තත්වයට පත්ව තිබේ. එහෙත් එයින් රටවල් කිහිපයක් තවමත් දරිද්‍රතාවයේ පත්ලේම සිරවී සිටී.

10. මියන්මාරය

බුරුමය ලෙසින් හැඳින්වුනු මියන්මාරය බෞද්ධ රටකි. වර්තමානයේ එහි තිබෙන බෞද්ධ මුස්ලිම් කෝලහාල සේ ම වසර 200ක් පුරාවට මියන්මාරය විටින් විට කැරළි කෝලහාල යුද්ධ ගැටුම් වලින් අනූනවූ දේශයකි. මෙම පලාත අතීතයේ මත්ද්‍රව්‍ය පිණිස ඔපියම් වගාවට යොදාගෙන තිබේ. අද වනවිට අභ්‍යන්තර ජාතිවාදී කෝලාහල හේතුවෙන් තවදුරටත් ලෝකයෙන් ඈත්වෙන රටක් ලෙස මියන්මාරය දැක්විය හැකිය.

තව තියෙනවා පහලටම යන්න 9. පාකිස්ථානය

1947 දී ඉන්දියාවෙන් බෙදී වෙන්වුන පාකිස්ථානයේ ස්ථාවර පාලනයක් කිසිම කලක නොවිය. ඉතා ඉක්මණින් වසර දෙක තුනෙන් අගමැතිවරුන් මාරුවන පාකිස්ථානයේ හමුදා පාලනයක්ද කලක් තිබුණි. පාකිස්ථානය ආසන්නතම අසල්වැසිය වන ඉන්දියාව සමග යුද්ධ ප්‍රකාශ කර සිටියත් එහි දුප්පත් ජනයා ගෙවන්නේ දුක්ඛිත ජීවිතයකි.

8. බංග්ලාදේශය

රටවල් බෙදී වෙන් වීමේදී වෙළඳාම, කෘෂිකර්මය මෙන්ම ජනයාගේ ආර්ථික රටාද සැලකිය යුතුලෙසින් වෙනස් වේ. ඉන්දියවෙන් බෙදී වෙන්වීගිය රටවල් දෙකක් වන පාකිස්ථානය සහ බංග්ලාදේශය යනු එවැනි ඉරණමකට ගොදුරු වූ රටකි. වසර 40ක තරම් කෙටි ඉතිහාසයක් සහිත බංග්ලාදේශය ලොව ඇති ජන ඝනත්වය අතින් වැඩිම දේශයකි. සුවිශාල ජනගහනය සමග අද වනවිට ඇඟලුම් කර්මාන්තය වැනි මාර්ග ඔස්සේ ලාබදායි ශ්‍රම බලකායක් ලෝක වෙළඳපොලට සැපයිමට බංග්ලාදේශයට හැකි වී තිබේ. මහා ගංගා කිහිපයක් මුහුදට වැටෙන පහත්බිමක පිහිටා ඇති හෙයින් නිරන්තරයෙන් ඇතිවන මහා ජල ගැලීම්ද බංග්ලාදේශයේ සංවර්ධනයට බාධාවකි.

7. කාම්බෝජය

කාම්බෝජයද පැරණි බෞද්ධ රටකි. පොල්පොට් පාලනය විසින් ජනයා සමූලඝාතනය කළ ලේ වැකුණු ඉතිහාසයක් කාම්බෝජයට තිබේ. එය දර්ශනීය භූමි දර්ශන සහිත රටක් වුවද දුප්පත් කමේ පතුලටම ගිය කාම්බෝජ රට සංචාරකයින් අතර දැන් දැන් ජනප්‍රිය වෙමින් පවතී.

6. පැපුවා නිව් ගිනියාව

බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට ගොස් මග වැරදුනු කල පැපුවා නිව්ගිනියාවට ඒ ජනයා යවන බව ඔස්ත්‍රේලියානු රජයෙන් ලංකාවේද කලක් ප්‍රචාරය කරන ලදි. ඔස්ට්‍රේලියාවට කිට්ටුවෙන් ඉන්දුනිසියාව ට මායිම් වූ පැපුවා නිව්ගිනියාව තවමත් ගෝත්‍රික ජනයා රැසක් වාසය කරන දූපතකි. මාර්ග පහසුව නිසි ආකාරයෙන් නොමැති නිව් ගිනියාවේ එක් තැනක සිට තවත් තැනකට යෑමට ගුවන් ගමන් ජනප්‍රිය මාධ්‍යයක් වී තිබේ. පැපුවා නිව් ගිනියා වාසීහු ගොවිතැන් කටයුතු වලින් ජීවිකාව ගෙනයන මුත් යටිතල පහසුකම් නිසි පරිදි දියුණු වි නොමැති නිසා නිව් ගිනියාවේ සාමාන්‍ය ජනයාගේ අවශ්‍යතා සපුරාගැනීම අපහසුවී තිබේ.

5. කිර්ගිස්ථානය

කඳුකරයෙන් වටවී ඇති කිර්ගිස්ථානය මුහුදක් නැති රටකි. එනම් ලෑන්ඩ්ලොක් රටකි. එවැනි රටකට විදෙස් වලින් බඩු බාහිරාදිය ලගා වීමේදී මෙන්ම ඒවා නැවත යැවීමේදීද අපහසුතාවන්ට මුහුණදීමට සිදු වේ. රටක් දුප්පත් වීමට එක් සාධකයක් ලෙසද ලැන්ඩ්ලොක් වීම දැක්විය හැකිය. කිර්ගිස්ථාන ජනයා සිය වාරිමාර්ග පද්ධතිය හරහා ජලය ලබාගෙන ගොවිතැන් බත් කරගෙන තවමත් සාම්ප්‍රදායික ජීවන රටාවකින් කාලය ගත කරති.

4. තජිකිස්ථානය

නගෝ නගෝ.යැයි මෙරට ජනප්‍රිය වූ ගීතය තජීක් ගායිකා නසියා කරමටුල්ලාගේ (Nazia Karamatullah) ගීයකි. පොලොව කැණ ලබාගන්නා ලෝහමය මූලද්‍රව්‍ය තජිකිස්ථාන ආර්ථිකයට ජීවය දේ. තජිකිස්ථානයද කලක් රටේ අභ්‍යන්තර යුද්ධයකට මුහුණ පෑ රටකි. සංස්කෘතිකමය අතින් උසස් වූ තජික් වැසියෝ යුද්ධමය ගැටුම් හේතුවෙන් දුප්පත් කමින් කල් ගෙවති.

3. යේමනය

පුරාතනයේ සමෘද්ධිමත් දේශයක්ව තිබුනද යේමනය අද වනවිට දුප්පත් කමින් පීඩා විදින රටකි. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේද දූෂණය ඉහවහා ගිය යේමනය සංචාරක කර්මාන්තයෙන් යම් පිබිදීමක් අත්කරගන්නට උත්සාහ කළ ද එහි වූ දේශපාලනික ගැටුම් ආදිය නිසා එයටද බාධා එල්ල වි තිබේ. රටේ ජනයාගෙන් බාගයකටත්වඩා සංචාරක කර්මාන්තයෙන් යැපෙන යේමනයේ සංචාරකයෝ සිය පවුලේම මුදල් ඇති නෑයින් ලෙස සැලකීමට යේමන ජනයා හුරු වී සිටිති.

2. නේපාලය

2015 ඇතිවූ භූමිකම්පාවෙන් නේපාලයේ ජන ජීවිතයට මෙන්ම සංචාරක කර්මාන්තයටද මරු පහරක් එල්ල විය. නේපාලයද භූමියෙන් ගොඩබිමින්ම වටවූ දේශයකි. ඔවුන්ට ආසන්තම වරාය වන්නේ ඉන්දියාවේ කල්කටා වරායයි. එයටද කිලෝමීටර දහස් ගණනක් ගෙවා යා යුතුය. චීනයට සහ ඉන්දියාවට මැදි වූ නේපාලය විටෙක ඉන්දියාවේ බලපෑමට දැඩිව ලක්වුනි. නේපාලයේ සංචාරක කර්මාන්තය හරහා යම් ධනවතුන් පිරිසක් බිහිවී සිටියත් තවමත් නේපාලයේ ගම්බද පලාත්වල ජනයා දුකසේ සිය කෘෂිකාර්මික වැඩ වලින් ජීවිතය සරි කර ගනී.

1. ඇෆ්ගනිස්ථානය

ආසියානු මහද්වීපයේ දුප්පත්ම රට වන ඇෆ්ඝනිස්තානය කලක් තිස්සේ යුද්ධ බිමක්ව පැවති රටකි. තලේබාන් කැරලිකරුවන්ගේ අණසක හමාර වුවත් ඔවුන්ගේ බලපෑම් සම්පූර්ණයෙන්ම නවතාලීමට හැකියාවක් ලැබී නොමැත. බාධක තත්වයන් යටතේ වුවත් එරට ක්‍රිකට් කණ්ඩායම නම් යම් ඉහල තලයකට පැමිණ තිබේ. එරට යුද්ධ තත්වය හේතුවෙන් පාකිස්ථානයට නික්මුන සරණාගතයින් නැවත බාරගන්නා ලෙස ඉල්ලීමද ඇෆ්ඝනිස්ථානයට මුහුනදීමට සිදු වී ඇති ගැටළුවකි. යුද්ධ තත්ත්වයන් යම් තාක් දුරකට නැවති තිබුණත් තවමත් ශක්තිමත් පාදමක් මත ආර්ථිකය ගොඩනැංවීමට ඇෆ්ඝනිස්ථානයට නොහැකි වී තිබේ.

ලොව දුපප්පත් රටවල් බැලූ කල ඒවා මුහුදු වරායවලින් ඈතව භූමියෙන් දුරස්ව පිහිටීම. ඉහවහා ගිය දූෂණය සහ භීෂනය. අභ්‍යන්තර කැරළි කෝලහාල, ස්වාභාවික විපත්. ආදී හේතු රැසක් මත දුප්පත් භාවයේ අඩියටම ගොස් තිබේ. භූමියේ වාසිය හොඳින්ම තිබුනත් අලංකාර දේශයක් වන අපේ රට අභ්‍යන්තර කැරළි කෝලහාල තත්වයන් නිසා නිදහසින් පසු කිහිපවිටක්ම ලෝකය ඉදිරියේ කළු පැල්ලම් එකතු කරගත් රටකි. පිටුදකිනවා යැයි කීවත් අපේ රටේද දූෂණය පිටුදැකීමට ක්‍රියාත්මක සක්‍රිය වැඩපිලිවෙල දකින්නට නැත. ආසියාවේ රටවල් 48 අතුරින් 20ට ආසන්න ස්ථානයක සිටියත් විදෙස් ණය බරින් මිරිකී සිටින ලංකාව හොඳ තත්ත්වයක තිබෙන රටකැයි කීමට තවමත් අපහසුය
ආසියාවේ තියෙන පට්ටම දුප්පත්ම රටවල් දහය මෙන්න  ආසියාවේ තියෙන පට්ටම දුප්පත්ම රටවල් දහය මෙන්න Reviewed by piyumantha dissanayaka on July 18, 2019 Rating: 5

No comments:

Powered by Blogger.