භාතිය-සන්තුෂ් එක්ක ලෝකෙ වටේ යන කවුද මේ ලස්සන කොල්ලා

කොහොමද මේ දවස්වල වැඩ?
මේ දවස්වල B & S කරන "ඔබ නිසා" ප්‍රසංගයේ වැඩ කටයුතු සහ ("රොක් මීට් රෙගේ) ලංකාවේ ජනප්‍රියම කොන්සර්ට් එකක කටයුතු එක්ක තමයි කාර්යබහුල වෙලා ඉන්නෙ. ඊට අමතරව හොටෙල්වල වැඩ කටයුතු කිහිපයක් කරගෙන යනවා.
ලංකාවේ හොඳම විදුලි ආලෝකකරණ ශිල්පීන් අතරේ ඔබ ඉන්නවාද?
ඔව්. ඇත්තටම ලංකාවෙ Light Engineering  කරන අය ගොඩක් බිහිවෙලා නැහැ. මම හිතනවා ඒ නිසාම තමයි මට ලෝකේ වටේ යන "ඔබ නිසා" චාරිකාවත් ලැබුණෙ.

B & S  එක්ක එකතු වෙලා කොච්චර කල්ද?
දැන් අවුරුදු 18ක් විතර වෙනවා.
කොහොමද ඔවුන් එක්ක සම්බන්ධ වුණේ?
ඔවුන් ඒ කාලේ ඉඳන්ම අපිත් එක්ක එකට වැඩ කළා. ඔවුන්ට ලංකාවේ තියෙන දේ ලෝකෙට ගෙනියන්න ඕන වුණ නිසා මාව තෝරා ගත්තා.
ඔබේ ගමනේ ආරම්භය මතක් කරමුද?
මමයි මගේ අයියයි නිකම් ආසාවට පටන් ගත්තු දෙයක් මේක. මෙච්චර ලොකුවට ඉස්සරහට යන්න සිතුවේ නැහැ.

තව තියෙනවා පහලටම යන්න අද ඔබ ඉන්න තැනට එන්න ඒ කාලේ අතහිත දුන්නේ කවුද?
ස්වර්ණවාහිනියේ හිටිය තාරක බැද්දගේ, දැන් දෙරණ ආයතනයේ ප්‍රධාන කැමරා කරන ශිල්පියා වන සරත් සෙනෙවිරත්න සහ ලංකාවේ තියෙන පළමු පෙළේ Event Company වලින් තමයි ඒ කාලේ අපිට උදවු කළේ.
අලුත් තාක්ෂණය එක්කත් ඔබට යාවත්කාලීන වෙන්න සිදු වෙනවා නේද?
ඇත්තටම මේ Lighting System ඔක්කොම අලුත්ම තාක්ෂණය එක්ක කරන්නෙ. ජර්මනියෙන් සහ එංගලන්තෙන් තමයි ඒවට අවශ්‍ය ඔපරේටින් සිස්ටම් ගෙන්නන්නේ.

හැදෑරීමක් ඇතිවද මේ වෘත්තීය කරන්නේ?
මුලින්ම නම් නිකම්ම ආසාවට වගේ තමයි පටන් ගත්තේ. ඒත් ඊට පස්සේ මට මේ දේවල් ගැන ආසාවක් තිබ්බ නිසාම සිංගප්පූරුවේ Total Solution Marketing ආයතනය එක්ක එකතු වෙලා මම ඒ ගැන හැදෑරුවා. එයාලා තමයි මට මේ ක්‍ෂේත්‍රයේ ඉදිරියට යන්න අලුත් System කියලා දුන්නෙ. දැන් අවුරුදු පහ හයක් තිස්සේ ඔවුන් එක්ක එක දිගටම මේ දේවල් ගැන ඉගෙන ගන්නවා. මේක හැමදාම නවීකරණය වෙන ක්‍ෂේත්‍රයක් නිසා ඒ ගැන දිගටම ඉගෙන ගන්නවා.

ඔබේ වෘත්තීය ඇතුළේ හොඳම අවස්ථා තවත් නියෝජනය කරලා ඇති?
ඉන්දියාවේ ජනප්‍රියම ගායිකාවක් වන ආශා බෝස්ලේ ලංකාවට ආපු අවස්ථාවේ ඔවුන් එක්ක වැඩ කළා. ඊට පස්සේ ක්‍රිස්ටන්, කේ.කේ. වගේ අය ආවා. ඒ හැම කෙනෙක් එක්කම වැඩ කළා. චන්න විජේවර්ධනගේ "තාල" වැඩසටහනෙත් සෑහෙන්න මහන්සි වෙලා වැඩ කරන්න වුණා.
වෘත්තීයමය ජීවිතය ඇතුළේ ඔබට ඇගයීම් ලැබිලා තියෙනවද?
ITN youth with Tatent එක නිසා රාජ්‍ය සම්මාන උළෙලේදී මගේ නම නිර්දේශ වුණා.

ඉදිරියට තියෙන අලුත් වැඩ මොනවද?
"ඔබ නිසා" ප්‍රසංගය ඉස්සරහට ගෙනියන්න තියෙනවා. ඒ වගේම චන්න විජේවර්ධනගේ "තාල" සහ "බුද්ධ බැලේ" වැඩසටහන්වල වැඩ කටයුතු තමයි කරන්න තියෙන්නෙ.
ඒවා සැලසුම් කරලා ඉවරද?
"ඔබ නිසා" නම් ගොඩක් දුරට සැලසුම් කරලා ඉවරයි. "තාල" සහ "බුද්ධ බැලේ" කලින් කළා. නමුත් දැන් ආයෙත් අලුතින්ම සැලසුම් කරගෙන යනවා. මොකද මේ පාර ඒක අලුත්ම විදියට තමයි එළියට එන්නේ.
ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්
භාතිය-සන්තුෂ් එක්ක ලෝකෙ වටේ යන කවුද මේ ලස්සන කොල්ලා භාතිය-සන්තුෂ් එක්ක ලෝකෙ වටේ යන කවුද මේ ලස්සන කොල්ලා Reviewed by piyumantha dissanayaka on July 20, 2019 Rating: 5

No comments:

Powered by Blogger.