මත්තලට පැය 3යි. ගෝඨා රට හදන්න ගහපු සුපිරිම ප්ලැන



මෙරට ප්‍රථම අධි­වේගී මාර්ගය ලෙසින් ජනතා අයි­ති­යට පැව­රුණේ දක්ෂිණ අධි­වේගී මාර්ග­යයි. එම මාර්ගයේ පළමු අදි­යර ලෙසින් කොට්ටාව සිට ගාල්ල දක්වා වන මාර්ගය ජනතා අයි­ති­යට පැව­රුණු අතර පසුව ගාල්ල සිට මාතර දක්වා වන මාර්ග කොට­සද ජනතා අයි­ති­යට පවරා දෙන ලදී. මේ මාර්ගයේ දිගු­වක් ලෙසින් මාතර සිට හම්බ­න්තොට දක්වා වන මාර්ග­යද තැනීමේ කට­යුතු ඒ සම­ඟම ආරම්භ වූ අතර කිලෝ­මී­ටර් 96ක දිග­කින් යුත් එම මාර්ගය අදි­යර 4කින් කඩි­න­මින් තනා නිම කිරී­මට යෝජනා වූයේ ජනතා අව­ශ්‍යතා ඉටු කිරීම පිණි­සය. එහි 3හා 4 අදි­යර මාස කිහි­ප­ය­කට පෙර විවෘත කළද එයින් ජන­තා­වට එත­රම් සෙතක් නොවුණේ කොළඹ - කත­ර­ගම මාර්ගයේ සිට කිලෝ­මී­ටර් 16ක දුරක් ගෙවා අධි­වේගී මාර්ග­යට ගොස් එහි කෙටි දුරක් ගමන් කර නැවත ප්‍රධාන මාර්ග­යට එක් වීමට සිදු වූ නිසාය. එහෙත් අදින් (23) පසු කොළඹ සිට ඍජු­වම හම්බ­න්තොට දක්වා වන මාර්ග­යම ජනතා අයි­ති­යට පැව­රෙන්නේ දකුණු අධි­වේගී මාර්ගයේ අදි­යර 4ම විවෘත වන නිසාය. ඒ අනුව පැය 2 ½කදී පමණ කොළඹ සිට හම්බ­න්තොට දක්වා ගමන් කළ හැකි අතර කත­ර­ගම දක්වාම පැය 3 ½ කදී පමණ ගමන් කළ හැකි වනු ඇත.
1 අදි­යර යටතේ මාතර සිට බෙලි­අත්ත දක්වා වූ කිලෝ­මී­ටර් 30ක දුර සහිත කොටස සහ බෙලි­අත්තේ සිට වැටිය දක්වා වූ කිලෝ­මී­ටර් 26ක දුර කොටස අද විවෘත කෙරේ.
3 වන අදි­යර වන වැටියේ සිට අන්ද­ර­ග­ස්වැව දක්වා කිලෝ­මී­ටර් 15ක කොට­සත් සිවු­වැන්න වන මත්තල ගුවන් තොටු­පලේ සිට අතුරු අධි­වේගී මාර්ග­යක් ලෙස පැමිණ අන්ද­ර­වැ­වදී අධි­වේ­ගය හා සම්බන්ධ වී හම්බ­න්තොට දක්වා දිවෙන මාර්ග­යද මේ වන විටත් විවෘත කර තිබේ. එහි මුළු දිග කිලෝ­මී­ටර් 25කි. අන්ද­ර­වැව සිට මත්ත­ලට දුර කිලෝ­මී­ටර් 06ක් පමණ වන අතර අන්ද­ර­වැව සිට හම්බ­න්තො­ටට ඇති දුර කිලෝ­මී­ටර් 14කි. එහෙත් අන්ද­ර­වැව (වැටිය) අන්තර් මාර්ග හුව­මා­රුවේ අධික මාර්ග සංඛ්‍යාව නිසා මේ දුර කිලෝ­මී­ටර් 25ක් දක්වා වැඩි වී තිබේ. මාතර - හම්බ­න්තොට අධි­වේගී මාර්ගයේ ආර­ම්භක සැලැ­ස්මට වඩා තර­මක් වෙනස් සැලැ­සු­ම­කින් යුතුව වැට කට­යුතු නිම කෙරිණි. එසේ සැල­සුම වෙනස් කර ඇත්තේ එයින් වඩාත් ඵල ප්‍රයෝ­ජන ලැබෙන ලෙසිනි. මාර්ගය වෙනස් කිරී­මෙන් තවත් ප්‍රති­ඵල රැසක් බලා­පො­රොත්තු විය.
විශේ­ෂ­යෙන්ම නිල්වලා නදියේ ජල ගැලීම් මඟින් පහත් බිම් ආරක්ෂා කර ගැනීම එයින් මුල් තැනක් ගනී. එමෙන්ම මාතර ප්‍රදේ­ශයේ කිරළ කැළේ වනෝ­ද්‍යා­න­යට හානි නොවන සේ මාර්ගය ඉදි කිරී­මද තවත් ප්‍රධාන අර­මු­ණක් විය. එමෙන්ම රක්ෂිත වන­යක් වන ‘දන්දෙ­නිය‘ ට හානි අවම කිරී­මද තවත් අර­මු­ණකි. දකුණේ සංචා­රක සිත් ගත් අර­න්යාය හා මදු­නා­ගල උණු­ව­තුර ළිං වලට හානි සිදු නොවන සේ මාර්ගය ඉදි කිරී­මද තවත් අර­මු­ණක් විය. එයින් රිදි­ය­ගම වනා­න්ත­ර­ය­ටද හානි සිදු වීම වැළ­කුණි. කිලෝ මීටර් 30 ක් වූ 1 අදි­යරේ කිලෝ මීටර් 10 ක් පමණ වන ගමන් කරන්නේ කුලුනු මතිනි. නිල්වලා ගඟේ ජල­ගැල්ම අනුව එසේ මාර්ගය කුලුනු උඩ ඉහ­ළින් ගමන් කර­න්නට කට­යුතු යොදන ලදී. රක්ෂිත වන­යක් මැදින් ඉඳි වන අධි­වේගී මාර්ගය නිසා එම වනයේ ශාක 1400 ක් පමණ කපා ඉවත් කර ඇති අතර ඒ වෙනු­වට එක ගස­කට ගස් සියය බැඟින් සිටු­වී­ම­ටද පිය­වර ගන්නා ලදී. එය පරි­ස­රය රැකීම වෙනු­වෙන් ලබා දුන් විශාල දාය­ක­ත්ව­යක් ලෙස පෙන්වා දිය හැකිය.
අන්ද­ර­වැව ඉදිවූ අන්තර් හුව­මා­රු­වද විශේ­ෂිත වූවකි. එහිදී මත්තල සිට පැමි­ණෙන රථ­වා­හ­න­ව­ලට හා හම්බ­න්තොට සිට පැමි­ණෙන රථ වාහන වලට එක්ව මාතර දක්වා ගමන් කිරී­මට අව­කාශ සැලසේ. දෙප­සින්ම අධි­වේ­ග­යෙන් පැමි­ණෙන වාහන එක­වර හමුව ධාව­න­යට කට­යුතු යෙදෙනු ඇත. එවැනි අධි­වේගී හුව­මාරු ගැන අපට එත­රම් අත්දැ­කීම් නැත. එහෙත් දක්ෂිණ අධි­වේගී මාර්ග දිගුවේ ඒ අත්දැ­කී­ම­ටද මුහුණ පෑමට අපට සිදු වේ. මෙවන් අන්තර් හුව­මාරු මධ්‍ය­ස්ථාන දෙකක් පම­ණක් මේ වන විට අධි­වේගී මාර්ග පද්ධ­තියේ ස්ථාපිත වෙමින් පවතී. අනෙක් හුව­මා­රුව වන්නේ කඩ­ව­තයි. ඒ කොළඹ පිටත වට­ර­වුම් මාර්ගයේ හා මධ්‍යම අධි­වේ­ගය සම්බන්ධ කර­මින් ඉදි­වන අන්තර් හු­ව­මා­රු­වයි. කොළඹ කටු­නා­යක අධි­වේගී මාර්ගයේ කෙර­ව­ල­පි­ටි­යේද අන්තර් අධි­වේගී හුව­මා­රු­වක් ඇතත් එහි පිට­වී­මට මාව­තක් ඇති හෙයින් එහි අධි­වේගී මාර්ග අන්තර් හුව­මා­රු­වක් පම­ණක් ස්ථාපිත කර නැත. වලවේ ගඟ හරහා අධි­වේගී මාර්ගයේ ඉඳි­කළ මීටර් 600ක දිගින් යුත් පාලම නිසා අධි­වේගී මාර්ග­යට නව අලං­කා­ර­යක් ද හිමිව තිබේ. හම්බ­න්තොට වන අලි ගැට­ලුව ගැනද විශේෂ අව­ධා­න­යක් මේ ඉදි­කි­රී­මේදී යොමු කර ඇත. ඒ අනුව අලින්ට මෙන්ම අධි­වේගී මාර්ගයේ ගමන් කරන පිරි­ස­ටද බාධා­වක් නොවන පරිදි අලින්ගේ ගම­නා­ග­ම­නය වෙනු­වෙන් විශේෂ මාර්ග වේද­යක් ස්ථාපිත කර ඇත. මාර්ගය යටින් අලි­මං­කඩ ඉඳි කර තිබේ.
ඒ අනුව අලින්ට මාර්ග­යට ඇතුළු වීමට නොහැකි වන සේ අලි වැටක් නිර්මා­ණය කර ඇත. එය සාමාන්‍ය විදුලි වැටක් නොව අති­වි­ශාල විය­ද­මක් දරා සිදු කළ ආර­ක්ෂිත පද්ධ­ති­යකි. මත්තල ගුවන් තොටු­ප­ළට සහ හම්බ­න්තොට වරා­යට ද කඩි­න­මින් ළඟා වීමට හැකි පරිදි මෙම මාර්ගය ඉඳි­කෙරේ. මාතර -හම්බ­න්තොට අධි­වේගී මාර්ගයේ අන්තර් හුව­මාරු මධ්‍ය­ස්ථාන අප­රැක්ක, බෙලි අත්ත, කසා­ගල, අගු­ණ­කො­ල­පැ­ලැස්ස, වැටිය (බරවාකුඹුක). සූරි­ය­වැව, අන්ද­ර­වැව, මත්තල, හා හම්බ­න්තොට ස්ථාන­වල පම­ණක් ඉඳි­වනු ඇත. අප­රැක්ක අන්ත­ර්හු­ව­මා­රු­වද විශේ­ෂිත හුව­මා­රු­වකි. ඒ අනුව එය මෙරට කුලුනු මත ඉඳි­වන පළමු අන්තර් හුම­වා­රුව වනු ඇත. මෙරට ඉදි­වන දිර්ඝ­තම පාල­මද ඉදි වන්නේ මේ ව්‍යාපෘ­තිය හර­හාය. ඒ මාතර සිට අප­රැක්ක දක්වා වන ගුමන් මාර්ග­යයි. එය කිලෝ­මී­ටර් 10.8ක් දක්වා වන දීර්ඝ දුරකි. ඊට අම­ත­රව අන්තර් ජාතික මට්ටමේ සේවා ස්ථාන­යක් බෙලි­අත්ත ප්‍රදේ­ශයේ ඉදි­කෙ­රෙ­මින් පවතී. එමෙන්ම රිය­දු­රන් සඳහා විවේක ස්ථාන­යන් දෙකක්ද 2 හා 3 අදි­යර යටතේ ඉදි කෙරේ.
මාර්ගය විවෘත කළධ තවත් සුළු වැඩ කොටස් අව­සන් කිරී­මට ඇත. ඒ සිය­ල්ලම සඳහා වැය කෙරෙන මුදල රුපි­යල් බිලි­යන 241.9කි. එයින් 1 අදි­යර සඳහා රුපි­යල් බිලි­යන 103.3ක්ද 2 අදි­යර සඳහා රුපි­යල් බිලි­යන 55.2ක්ද 3 අදි­යර සඳහා රුපි­යල් බිලි­යන 31.5ක්ද 4 අදි­යර සඳහා රුපි­යල් බිලි­යන 52.2ක්ද ලබා දී ඇත. ණය ආධාර සැප­යූවේ චීන එක්සීම් බැංකු­වයි. ඒ සිය­යට 2ක් වූ අඩු පොලි­ය­ක­ටයි. කත­ර­ගම දක්වා යන වන්ද­නා­ක­රු­වන්ගේ පහ­සුව පිණිස මංතීරු 4කින් සම­න්විත නව මාර්ග­යක් මේ වන විට මත්තල සිට ලුණු­ග­ම්වෙ­හෙර හරහා ඉදි කර ඇත. එම­ඟින් අධි­වේගී මාර්ග නිමාවේ සිට කත­ර­ගම දක්වා යාමට ගත වන්නේ පැය­ක­ටත් අඩු කාල­යකි. හම්බ­න්තොට කර්මා­න්ත­පු­රය කොළඹ නග­රය සමඟ යා කිරීම නව අධි­වේඟී මාර්ග­යත් සම­ඟම සිදු කෙරේ. ධාවන මං තීරු හත­රක් වශ­යෙන් (එක් දිශා­ව­කට මංතීරු දෙක බැගින්) මූලි­කව ඉදි­කෙ­රෙන අධි­වේගී මාර්ග­යට ඉදි­රි­යේදී තවත් මං තීරු දෙකක් එකතු කොට මං තීරු හයක අධි­වේගී මාර්ග­යක් ලෙස දිගු­කි­රී­මට අපේක්ෂා කෙරේ.
වැටිය (බරවාකුඹුක) සිට අන්ද­ර­වැව දක්වා කොටසේ සූරි­ය­වැව නග­ර­යට අන්ත­ර්හු­ව­මා­රු­වක් පව­තින හෙයින් බොහෝ දෙනාගේ කතා­බ­හට ලක් වූ සූරි­ය­වැය අන්ත­ර්ජා­තික ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­ය­ටද ප්‍රවේශ මාර්ග­යක් හිමිවේ. ඇත. එමෙන්ම අන්ද­ර­වැව අන්තර් හුව­මා­රුව ඔස්සේ හම්බ­න්තොට මාග­ම්පුර වරාය දක්වා දිවෙන ප්‍රවේශ මාර්ග­යක්ද ඉදි­කෙරේ. දැන් කටු­නා­යක සිට හම්බ­න්තොට දක්වා මාර්ගය ඉඳි කර ඇති නිසා අන්ත­ර්ජා­තික ගුවන් තොටු­පොළ දෙකම යා වනු ඇත. එමෙන්ම දකුණේ කුරුඳු වගාව අග නග­ර­යට කඩි­න­මින් රැගෙන යාමට හැකි වනු ඇත. එමෙන්ම සංචා­රක ව්‍යාපා­ර­ය­ටද එය කදි­මස තෝතැ­න්නක් වනු ඇත. දක්ෂිණ අධි­වේගී මාර්ග දිගුව කඩි­න­මින් ජනතා අයි­ති­යට පැව­රීම පිණිස අමා­ත්‍යාංශ ලේකම් රංජිත් ප්‍රේම­සිරි මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති ඉංජි­නේරු චමින්ද අතු­ළු­වගේ හා අධ්‍යක්ෂ ජන­රාල් ඉංජි­නේරු කමල් අම­ර­වීර යන මහ­ත්ව­රුන් පසු­ගිය දින­වල මහත් වෙහෙ­සක් ගෙන කට­යුතු කළහ. ඒ උත්සා­හයේ ප්‍රති­ඵ­ල­යක් වශ­යෙන් අද (23) මේ මාර්ග දිගුව විවෘත කර ගැන්මට හැකි විය.
මත්තලට පැය 3යි. ගෝඨා රට හදන්න ගහපු සුපිරිම ප්ලැන මත්තලට පැය  3යි. ගෝඨා රට හදන්න ගහපු සුපිරිම ප්ලැන   Reviewed by Kalum on February 22, 2020 Rating: 5

No comments:

Powered by Blogger.