මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා ඇතුලු ශ්‍රීලනිපයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමත් සමග හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගත් බිහිකර ඇති නව සන්ධානයට විරෝධී නොවන ස්ථාවරයක කටයුතු කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.එක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත හිටපු ජනපතිවරිය මෙම තීන්දුව ලබා ගෙන තිබෙන බවත් සඳහන්.
පසුගිය දිනවලදී දේශපාලනය පිළිබඳව චන්ද්‍රිකා කුමාරතුංගගෙන් මාධ්‍ය විසින් විමසද්දී ඒ ගැන අදහස් පල නොකර සිටින්නටද ඇය කටයුතු කිරීම විශේෂත්වයකි.හිටපු ජනාධිපතිනිය පසුගිය නිදහස් දිනය වෙනුවෙන් පැවති නිදහස් උත්සවයටද ලැබුණු ආරාධනාව පිළිගෙන එයට සහභාගී වූවාය. ඒ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා නිදහස් උළෙලට සහභාගී නොවූ පසුබිමකය.
එක්සත් ජාතික පක්ෂයේ අර්බුද හමුවේ චන්ද්‍රිකාත් පොහොට්ටුවට ?
Reviewed by Kalum
on
February 18, 2020
Rating:
No comments: