අපේ පිරිමින් හැමදාමත් හිතන්නේ එහෙම ය. නමුත් මෙය කියවූ පසු, ගැහැනුන්ට කොච්චර දේවල් කරන්නට පුළුවන් දැයි, එවන් පිරිමින්ටත් හිතෙනවා ඇත.මේ කාන්තාවන් කළ කැප කිරීම ඔබට හෝ මට.. හිතා ගන්නටවත් පුලුවන්ද ...?ඔබේ කියවීමේ පහසුව සඳහා මෙහි ඉංග්‍රීසියෙන් ලියා ඇති දේ වඩාත් පැහැදිලි වන ආකාරයට නැවත මෙසේ ලියමි ..
"කොවිඩි 19 සම්බන්ධයෙන් කටයුතු කළ සෞඛ්‍ය අංශ වල වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් වූ අතර,ඒ වෛද්‍යවරියන් සහ හෙදියන් හෙල්මට් සහ ආරක්ෂිත ආම්පන්න විශේෂිත ඇඳුම් භාවිතා කිරීමේදී සිදුවන අපහසුතාවය සලකා බලා,හිසකෙස් කොටට හෝ සම්පූර්ණයෙන් බූ ගෑමේ ආකාරයට කැපීමට තරම් පරිත්‍යාගශීලි වූහ.මේ අවස්ථාවේ තමාගේ බාහිර පෙනුමට වඩා ජාතික ආරක්ෂාවේ වැදගත්කම ගැන සලකා බලන්නට ඔවුහු තීරණය කරන්නට ඇත.
වරින් වර වැසිකිළි යාමට අපහසු නිසා සහ ආසාදිත පරිසරයට නිරාවරණය වීම තමා ඇතුලු බොහෝ දෙනෙක් ගේ සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි බැවින්, වැඩිහිටියන් අඳින ආකාරයේ ඩයිපර්ස් ඇඳගෙන දවස් ගණන් ගත කිරීමට ඔවුන්ට සිදු විය.මේ කාන්තාවෝ, නිරන්තරයෙන් සනීපාරක්ශක තුවා මාරු කිරීමට සිදු වීම රාජකාරියට බාධාවක් විය හැකි බැවින්, තම මාසික ඔසප් වීම ඖෂධ මගින් පාලනය කොට, කල් දමා ගැනීමට තරම් මානව හිතවාදී වූහ.
සොබා දහමට එරෙහිව යමින්, තාම බහිශ්‍රාවිය ක්‍රියා පවා හැකිතාක් පාලනය කරගෙන තමන් ගේ සේවයේ උපරිමයෙන් සිදුකළ / කරන ලෝ වාසී සෞඛ්‍ය සේවයට අයත් සියලු ම කාන්තාවන්ට අප සදා ගරු කළ යුතු වෙයි.මන්ද යත්කාන්තාව යනු සියුමැලි මෙන්ම දැඩි සත්වයෙකි.දුර්වල ලෙස පෙනුනද ඔවුන් ඔබ සිතන තරම් දුර්වලයෝ නොවෙත්.
මෙතැන දී ලොව පුරා සෞඛ්‍ය සේවයට අයත් පිරිමින් විසින් සිදු කරන සේවය කැප කිරීම ද සුළු කොට තැකිය හැකි නොවේ.නමුත් යලිත් අසමි.මේ කාන්තාවන් කළ කැප කිරීම ඔබට හෝ මටහිතා ගන්නටවත් පුලුවන්ද ?
(උපුටා ගැනීමකි.ඔවුන්ට ගෞරව කිරීම පිණිස පල කරමි.)
ගෑණුන්ට පුළුවන්ද එච්චර හරියක් කොරන්න?
Reviewed by gihan
on
March 22, 2020
Rating:
No comments: