ශරීරයේ රෝම ස්ථිරව ඉවත් කරන ආයුර්වේද රහසක්

ස්ථිර වශයෙන්ම ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත්කරන ක්‍රමයක් ගැන අද මම කියාදෙන්න යනවා, විශේෂයෙන් රෝම නිසා මහත් අපහසුතාවයෙන් සිටින කාන්තාවන්ට මේ ලිපිය වඩාත් වැදගත් වෙයි. කාන්තාවන්ගේ ශරීරයේ රෝම වැඩීම පිරිමින්ට හාත්පසින්ම වෙනස්. ඔවුන්ගේ මුහුණේ හෝ ශරීරය පුරා වැඩි වශයෙන් රෝම වැවී තිඛෙනවා නම් එය අස්වාභාවිකයි. එය කාන්තාවන්ගේ ගැහැනුකම අවලස්සන කරනවා. සාමාන්‍යයෙන් කාන්තාවක් ලෙස අප දකින්නේ පිරිමින්ගේ සේ අධිකව රෝම වැවුණු ශරීරයක් නොවේ.

ශරීරයේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා ඖෂධීය ප්‍රතිකාර ආයුර්වේදයේ දක්වා තිබේ.

මේ සඳහා දුර්ලභ ඖෂධ වර්ගත් භාවිත කරනවා. උදාහරණ වශයෙන් රන්හිරියල්” භාවිත කරනවා. මෙය දැඩි පාලනයකින් යුතුව නිකුත් කරනු ලබන විශේෂ ඖෂධයක්. මෙම ඖෂධය හා මුසුව වෙනත් ශාකමය ඖෂධ යොදා සාදාගනු ලබන විශේෂ ඖෂධ ආලේප කිරීමෙන් අනවශ්‍ය රෝම ඉවත් කරගත හැකි බව සඳහන් වේ. මේ සඳහාත් ඖෂධ වට්ටෝරු කීපයක් පිළියෙල කරගෙන එහි ඇති සාර්ථක අසාර්ථක බව ඔබටද දැකබලා ගත හැකියි.

• පලාශ අරටු (කෑල ගසේ අරටුව) පුලුස්සාගත් අළු හා රන්හිරියල් චූර්ණය සමව ගෙන අලු කෙසෙල් බඩය මිරිකා ගත් යුෂයෙන් අඹරා ආලේප කිරීමෙන් අනවශ්‍ය රෝම වැඩීම වැළකී ඒවා හැලීයයි.

ඉහත දැක්වූ පලාශ අරටු පිලිස්සූ අළු කොටස් 5ක්, නිල් මානෙල් අල කොටස් 5ක් හා රන්හිරියල් කොටස් 1ක් සමග මිශ්‍ර කර අලු කෙසෙල් බඩයේ යුෂයෙන් අඹරා දින 7ක් ආලේප කිරීමෙන් එම ස්ථානවල ඇති අනවශ්‍ය රෝම හැලේ.

• ඛෙලි ගෙඩියේ කටු පිලිස්සූ අළු, රන්හිරියල් චූර්ණය සමව ගෙන කෙසෙල් බඩයේ යුෂයෙන් අඹරා ආලේප කරන්න. දින 7ක් පමණ මෙසේ ආලේප කරන විට රෝම ඉවත් වේ

සැලකිය යුතුයි - ආයුර්වේද වෛද්‍ය වරයෙකුගේ උපදෙස් මත මෙය තනන්න



ශරීරයේ රෝම ස්ථිරව ඉවත් කරන ආයුර්වේද රහසක් ශරීරයේ රෝම ස්ථිරව ඉවත් කරන ආයුර්වේද රහසක් Reviewed by Unknown on August 30, 2016 Rating: 5

No comments:

Powered by Blogger.