රුධිරය කැටි වීම නැතිකරගෙන හෘද ආබාධ අඩුකර ගන්න සුපිරි පානයක්.

කිවි (ණෂඋෂ) කියන්නේ බොහොම ගුණ තියෙන පළතුරක්. ලංකාවේ සුපිරි වෙළදසැල් වලින්ද මිලදී ගන්න පුළුවන් මෙම කිවි ගෙඩි වල බහුල ලෙස පොටසියම් සහ තන්තු අහුලත් වෙනවා. එමගින් හදවත ආශ්‍රිත රෝග වලින් සහ වකුගඩු හා මුත්‍රා ආශ්‍රිත රෝග වලටද ඉතා යෝග්‍ය වෙනවා.

කිවි ගෙඩි වල ඇති ගුණ

- වකුගඩු පිරිසුදු කරයි, මුත්‍රාශය ගල් ඇතිවීම අඩු කරයි
- හෘද රෝග වලක්වයි
- රුධිරය කැටි ගැසීම වලක්වයි
- ෙසෙල වල ජීව ගුණය ආරක්ෂා කරයි.
- ඇස් පෙනීම දියුණු කරයි, ඇස් රෝග වලක්වයි.
- ශරීරයේ විෂ නසයි
- ප්‍රතිශක්තිකරණ වැඩි දියුණු කරයි.
- මේද තැන්පත් වීම අඩු කරයි
- විශේෂයෙන් කතුන්ගේ ඉනේ හෝ කලවාවල ඇතිවන මේද කැටිවීම අඩු කරයි.

පානය හදන්න අවශ්‍ය දේ

- නැවුම් සහ පොතු ඉවත්කර ගන්න ලද කිවි ගෙඩි කිලෝ 1 ½
- සිනි ග්රෑම් 500
- වතුර ලීටර 1 ½

හදන විදිය

පොතු ඉවත්කරගත් කිවි ගෙඩි කැබලි වලට කපන්න. බ්ලෙන්ඩරයට දමා හොදින් බ්ලෙන්ඩ් කර ගන්න. ඉන්පසු පෙරා යුෂ ඉවත්කර ගන්න. වතුර උතුරවා නිවෙන්නට තබන්න.

ශීත වතුර සමහ සිනි එකතුකර සිනි දියවනතුරු හොදින් මිශ්‍ර කරගන්න. සෝදා පිරිසිදු කරගත් බෝතල වල අසුරා ශීතකරණයේ තබන්න. පාවිච්චි කරනවිට වතුර සමග කලවම් කර ගන්න.

දවසට කෝප්ප 1-2 කට වැඩ බොන්න එපා. අසාත්මික වෙන්න පුළුවන් කියල තමයි කියන්නේ.


රුධිරය කැටි වීම නැතිකරගෙන හෘද ආබාධ අඩුකර ගන්න සුපිරි පානයක්. රුධිරය කැටි වීම නැතිකරගෙන හෘද ආබාධ අඩුකර ගන්න සුපිරි පානයක්. Reviewed by Unknown on September 21, 2016 Rating: 5

No comments:

Powered by Blogger.