සුදුකබර රෝගය හා තවත් විශේෂිතවූ රෝග රැසක් නිට්ටාවටම සුව කරන ඉරිවේරියා ඔසුව මෙන්න.

පැළෑටියේ ස්වභාවය

ශ්‍රී ලංකාවට ආවේනික වූ ශාකයකි. ගසට ආවේනික සුදන්ධයක් හා ද~ු වල ඇති රත් පැහැය නිසාත් මෙම ශාකයට සමාන පෙනුම ඇති කප්පරවල්ලිය ශාකයෙන් වෙන්කර හඳුනා ගත හැකිය. අලංකාරව කොළ විහිදී යන පැළෑටියක් නිසා ගෘහාලන්කාරයක් ලෙස උපයෝගී කර ගත හැකිය. මෙහි පත්‍ර පළල් හා වටකුරු වේ. පැළෑටිය හොඳින් මේරු පසු ලා නිල් පැහැති මල් පොකුරු හට ගනී. මුල් ඇදුනු කරටි මගින් බෝ වීම සිදුවේ.

ලංකාවේ පහත බිම් හා මධ්‍යම කඳුකර ප්‍රදේශ වල හොඳින් වැඩේ. මෙහි මුළු පැළෑටියම ප්‍රයෝජනය සඳහා ගනී.

ඖෂධීය වටිනාකම

අජීර්ණ අතීසාරය සඳහා මහගු ඖෂධයකි. වමනය, පිපාසය හා උණ රෝගීන්ට ගුණ දේ. අක්මාවේ රෝග සඳහා යොදා ගනී. ආහාර අරුචිය දුරු කරයි.ග්‍රහනි රෝගයට විශේෂයෙන් ගුණදායක බව පැවසේ. ආහාර මාර්ගයේ ආසාත්මික තත්ත්වය පහ කරයි. සුදු කබර රෝගය සඳහා බාහිර ඖෂධයක් ලෙස මුළු ශාකයම යොදා ගන්නා බව පැවසේ.

ඉතා පහසුවෙන් බෝ කර ගත හැකි මෙම පැළෑටිය ඔබ ගෙවත්තේ තෙත ගතිය වැඩි ස්ථානයක හෝ පෝච්චියක සිටුවා ගත හැකිය. මෙම ශාකය ආහාර වශයෙන් යොදා නොගන්න අතර අධික උණුසුම් දේශගුණ වලදී හෝ අධික ලෙස පිපාසය ඇති අවස්ථාවන් වල තම්බා ගත් වතුර පානය කල හැකි බව පැවසේ.


සුදුකබර රෝගය හා තවත් විශේෂිතවූ රෝග රැසක් නිට්ටාවටම සුව කරන ඉරිවේරියා ඔසුව මෙන්න. සුදුකබර රෝගය හා තවත් විශේෂිතවූ රෝග රැසක් නිට්ටාවටම සුව කරන ඉරිවේරියා ඔසුව මෙන්න. Reviewed by Unknown on September 21, 2016 Rating: 5

No comments:

Powered by Blogger.