කහ කියන්නේ ඉස්සර ඉඳන්ම සමේ ඇතිවන එක එක ආසාදනවලට භාවිත කරන බොහොම වටිනා ඖෂධයක්. සාමාන්‍යයෙන් සමේ ලප කැළැල් මකා දාල නැවත යථා තත්වයට පත්කර ගැනීමට ආයුර්වේදයේ නිර්දේශ කරන්නෙත් කහ. කහ කියන්නේ මැරුණු සම ඉවත් කරලා සමට විශ්මිත පැහැයක් ගෙනත් දෙන වටිනා ඖෂධයක්. ඒ විතරක් නෙවෙයි මේ කහ යෙදු මාස්ක් එක මගින් සමෙහි කුණු දුවිලි ඉවත් කරලා, මැරුණු සමද ඉවත් කරලා, සමෙහි අගය සමබර කර ගනිමින් සමට නිරෝගිමත් හා දීප්තිමත් පෙනුමක් ලබා දෙනවා. අප සමට යොදනු ලබන ඕනෑම පැක් එකක් මගින් විනාඩි 20ක් වගේ කාලයක් ඇතුලත එහි අඩංගු වන සියලුම පෝෂක කොටස් සමට උරා ගනිමින් සමේ ලේ ගමනාගමනය වැඩි කරනවා. ඉන්දියාවේ රූප රාජිනියනුත් සමේ රන්වන් පැහැය වැඩි කරගන්න පාවිච්චි කරන්නේ කහ.
සම හැමෝගෙම එක වගේ නෑ. එකිනෙකට වෙනස්. මේ නිසා අපි සමෙහි වර්ගය අනුව තමන්ගේ සමට ගැලපෙන විදියේ මාස්ක් එකක් හදා ගන්නා විදිය මෙයින් කියල දෙනවා. පහත තියෙන මාස්ක් ගැන කියවල තමන්ගේ සමට ගැලපෙන මාස්ක් එක තෝරා ගන්න.
සකස් කර ගන්නා ආකාරය
කහ මේස හැඳි 01
කඩල පිටි මේස හැඳි 01
මෙම ද‍්‍රව්‍ය එකට ගෙන වතුර ස්වල්පයක්ද ගෙන හොඳින් මිශ‍්‍රකර ගන්න. ඉන්පසු ඛෙල්ලේ සහ මුහුණේ හොඳින් තවරා සම්බාහනය කරන්න. විනාඩි 2කට පමණ පසුව හොඳින් පිරිසිදු වතුරෙන් සෝදා ගන්න.
තෙල් සහිත සමක් නම් කොත්තමල්ලි කුඩු ස්වල්පයක් හෝ දෙහි බින්දු කීපයක් එකතු කරගන්න ඕනි.
සාමාන්‍ය සමක් නම් තියෙන්නේ රෝස කුඩු ටිකක් එකතු කර ගත්තොත් වඩා හොඳ බැබලිමක් ගන්න පුළුවන්.
කහ යෙදීමෙන් පසුව ඉතිරි වන කහ පැහැය ඉවත් කර ගන්න ඕනි නිසා නෑමට කලින් මේ සත්කාරය කරගැනීම වඩාත් සුදුසුයි.

ඔබේ සමේ අඳුරු පැහැය ඉවත් කරගන්න කහ අඩංගු මාස්ක් එකක් හදා ගන්නේ මෙහෙමයි.
Reviewed by Unknown
on
September 21, 2016
Rating:
Reviewed by Unknown
on
September 21, 2016
Rating:
No comments: