බර ආහාරයක් අනුභව කලපසුව උදරය ඉදිරියට නෙරා ඒම කියන තත්වයෙන් බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. නිතර ඇතිවෙන මෙම තත්වය ඉතාමත්ම අප‍්‍රසන්න හැගීමක් ඇතිකිරීමටද සමත් වෙනවා.
උදරය තුල වාතය සිරවී තිබීම හේතුවෙන් තමයි උදරය ඉදිරියට නෙරා ඒම එහෙමත් නොමැතිනම් උදරය පුම්බවා දැමීම කියන තත්වය (බ්ලෝටින්) ඇතිවන්නේ. එය ආහාර පාන සමග සමබන්ධවී පවතින තත්වයක් නිසා අහාර රටාවේ සිදුකරන සුළු වෙනස්කමක් මගින් එම තත්වය පාලනය කරගත හැකියි.
උදරය ඉදිරියට නෙරා ඒම කියන තත්වය සඳහා වගකිවයුතු හේතු සාධක කිහිපයක් පිළිබඳව ඔබට පහතින් දැකගන්නට පුළුවන්.
මලබද්ධය
මලපහ නිසි පරිදි පිටනොවෙන විට ඒ අතර වායුව සිරවීම නිසා උදරය ඉදිරියට නෙරා ඒම කියන තත්වය ඇතිවෙන්නට පුළුවන්. තන්තු වලින් පොහොසත් ආහාර අනුභව කරනවානම් මලබද්ධය වලක්වා ගන්නට ඔබට ඔබට හැකියාව තිඛෙනවා.
කාබෝහයිඞ්රේට්ස්
ඇල්කොහොල්, සීනි සහ පිෂ්ටය පරිභෝජනයෙන් වලකින්න. කාබෝහයිඞ්රේට් වලින් අවම ආහාර වේලක් අනුභව කිරීමට අද සිටම පුරුදු වන්න.
ආතතිය
ඔබ අධික මානසික ආතතියට පත්වුනොත්, උදරය ඉදිරියට නෙරා ඒම සහ උදර වේදනාව වැනි තත්වයන් ඇති වියහැකියි. සෞඛ්‍යය සම්පන්න ආහාරම පමණක් පරිභෝජනය කරන ගමන් භාවනාවක් වැනි ක‍්‍රමවේදයක් මගින් ආතතිය සමනය කරගන්නට වෙහෙසෙන්න.
ජලය
ප‍්‍රමාණවත් තරමට ජලය පානය නොකලොත් සෞඛ්‍යය ගැටළු රාශියකට මුහුණ දෙන්නට ඔබට සිදුවෙනවා. නමුත් කෝපි සහ සීනි පරිභෝජනය හේතුවෙන් විජලනය ඇතිවෙන බව නම් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ප‍්‍රමාණවත් තරමට ජලය පානය නොකරන විට ශරීරය විසින් ජලය ගබඩා කර තබාගන්නට පෙළඹෙන නිසා එවිට උදරය ඉදිරියට නෙරා ඒම සිදුවෙනවා. අන්න එම හේතුව නිසා තමයි ඔබ දිනකට වතුර වීදුරු 6ක් හෝ 8ක් පානය කලයුතු වන්නේ.
වේගයෙන් ආහාර අනුභව කිරීම
කවදාවත් වේගයෙන් ආහාර අනුභව කරන්න එපා. මොකද වේගයෙන් ආහාර අනුභව කරනවිට ජීරණ දෝෂයන් ඇතිවෙනවා. එම නිසා හොඳින් හපමින් සෙමින් ආහාර අනුභව කිරීමට පුරුදුවන්න.

ශරීරය තරභාරු නොමැති වුනත් බඩ දිරියට නෙරා ඇවිත්ද?
Reviewed by Unknown
on
September 21, 2016
Rating:
Reviewed by Unknown
on
September 21, 2016
Rating:
No comments: