ඔබේ විදුරු මස් වලින් ලේ ගැලීම සිදුවෙනවද? මෙන්න එකට හේතුව මේ ගැන දැනුවත් නොවුනොත් දියවැඩියාව පවා ඔබට හැදෙන්න පුළුවන්.

බොහෝ දෙනකු මුහුණ දෙන සෞඛ්‍ය ගැටලුවක් තමයි විදුරුමස් ආශි‍්‍රත රෝගී තත්වයන් ය. වෛද්‍ය විද්‍යාත්මකව මෙම රෝගි තත්වය හඳුන්වනු ලබන්නේ Pyorrhoea ලෙසට ය. මෙම දන්තිමය රෝගය සඳහා මුල් වරට මෙම නාමය භාවිත කරනු ලැබුයේ වියනාවේ දත්ත පර්යේෂකයකුවන Gottlieb නැමත්තා විසිනි.

මෙම රෝගී තත්වයට මූලිකම හේතුව ලෙසට විග‍්‍රහ කෙරෙන්නේ දත්මුල් වටා දන්තපථ (TATAR) තැන්පත් වීමයි. දත්වල බැඳෙන කහපැහැ ගත් මැලියම් විශේෂය මේ නමින් හැඳින් වේ. මෙම දන්තපථ තැන්පත් වීම හේතු කොට ගෙනු දත්මුල් අග ඇති විදුරුමය ඉදිමි වේදනා ගෙන ඒම (gingivitis) සිදුවිය හැකිය.

දත්මුල් දියවීමට බලපාන අනෙක් ප‍්‍රධානතම හේතුව ලෙසට නම් කළ හැක්කේ බැක්ටීරියා ආසාදනයන් ය. මේ සඳහා මූලිකම හේතු සාධකය වන්නේ සෞඛ්‍ය පිළිවෙත් නිසි ආකාරයෙන් පිළි නොපැදීමයි. විදූරුමස්වල ආසාදනවලට තවත් හේතු ගණනාවක්ම බලපෑ හැකිය. අවිධිමත් ක‍්‍රම අනුව දත් පිරිසුදු කිරීම, දත් අතර රැදි තිබෙන ආහාර කැබැලි, මෙන් ම නිසිලෙස නොපිරවු දත්කුහර ද ඒ අතර වෙයි. විටමින් C ඌණතාව ද තවත් එක් හේතුවක් වෙයි.

පාලනය නොකරගත් දියවැඩියා තත්ත්ව හේතුකොටගෙන විදුරුමය ආශි‍්‍රත ආසාදනයන් ඉස්මතු වේ. විදුරුමස ආශි‍්‍රත ව හටගන්නා රෝගි තත්වයන් හේතු කොටගෙන නොයෙකුත් අතුරු ආබාධිත තත්වයන් ද ඉස්මතු විය හැකි අතර ඒවා අතර දත් අහිමිවීම, මුඛ දුර්ගන්ධය ඒ අතරින් ප‍්‍රධාන වේ. විදුරුමස ආශි‍්‍රත ගැටලුකාරි තත්වයන්ගෙන් අත්මිදීමට විකල්ප ක‍්‍රම කිහිපයක් ද වෙයි. නිතර දත් පිරිසුදුව තබා ගැනීම, දත්බුරුසුව නිසි ආකාරයෙන් හා ක‍්‍රමවත් ව දත් පිරිසුදු කිරීම සඳහා උපයෝගි කර ගැනීම, අවම තරමින් වසරකට වරක්වත් දන්ත වෛද්‍යවරයකු ගෙන් උපදෙස් ලබා ගැනීම ඒ අතරින් වඩාත් වැදගත් වෙයි.


ඔබේ විදුරු මස් වලින් ලේ ගැලීම සිදුවෙනවද? මෙන්න එකට හේතුව මේ ගැන දැනුවත් නොවුනොත් දියවැඩියාව පවා ඔබට හැදෙන්න පුළුවන්. ඔබේ විදුරු මස් වලින් ලේ ගැලීම සිදුවෙනවද? මෙන්න එකට හේතුව මේ ගැන දැනුවත් නොවුනොත් දියවැඩියාව පවා ඔබට හැදෙන්න පුළුවන්. Reviewed by Unknown on September 14, 2016 Rating: 5

No comments:

Powered by Blogger.