වැඩිපුර ලුණු කෑවොත් මෙන්න මේ දුක් ඔබටත් විදින්න වෙනවා. ලුණු භාවිතයෙන් පරිස්සම් වෙන්න මේ සරල ක්‍රම පිළිපදින්න.

අපගේ බොහොමයක් ආහාර වල ලුණු අඩංගු වේ. සාමාන්‍යයෙන් ආහාර පිසීමේදී ලුණු එකතු කිරීම සිදුවේ. එමනිසා සැලකිය යුතු ලුණු ප්‍රමාණයක් දිනපතාම අපගේ ශරීරයට එකතු වේ. වැඩිපුර ලුණු ආහාරයට ගැනීම සමහර රෝග හටගැනීමට ඇති අවදානම ඉහළ දමන බව ඔබ දන්නවාද?

අධික ලුණු භාවිතය මගින් ඔබගේ ශරීරයේ ඇති දියර ප්‍රමාණය වැඩි කරයි. එමනිසා ලුණු මගින් රුධිරයේ පරිමාව වැඩිවන අතර එමගින් රුධිර පීඩනය ද ඉහළ දමයි. මෙම ක්‍රියාවලිය හෘදයාබාධ සහ අංශභාගය ඇතිවීමේ අවදානම වැඩි කිරීමට හේතුවේ. අඩුවෙන් ලුණු භාවිතා කිරීම රුධිර පීඩනය සුළු වශයෙන් පහත දැමීමට හේතුවන බව ඇතැම් පර්යේෂණ මගින් තහවුරු වී ඇති කරුණකි.

තවද අධික ලුණු භාවිතය හෘදයේ වම් කෝෂිකාවේ (වම්පස පහළ කුටීරය) මාංශපේශි අසාමාන්‍ය ලෙස වර්ධනය වීමට හේතුවේ. එය හෘදයාබාධ, හෘද අකර්මණ්‍යතාවය යනු ශරීරයට අවශ්‍ය පමණට රුධිරය සංසරණය වන පරිදි හෘදයට රුධිරය පොම්ප කිරීමට නොහැකි වීමයි.’>හෘද අකර්මණ්‍යතාවය, අංශභාගය වැනි රෝග සඳහා ඇති අවදානම ඉහළ දමන ප්‍රධානම සාධක වලින් එකක් වේ.

ඔබ වැඩියෙන් ලුණු භාවිතාකරන අතර අඩුවෙන් ජලය පානය කරන්නේ නම් රුධිරයේ සෝඩියම් අයන සාන්ද්‍රණය ක්‍රමයෙන් ඉහළ යයි. දිගු කාලීනව මෙම තත්ත්වය පැවතීමෙන් ඔබගේ වකුගඩු අකර්මණ්‍ය වීම සිදුවිය හැක.

එමෙන්ම දිගු කාලීනව වැඩිපුර ලුණු භාවිතා කිරීම ආමාශයේ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇති කරුණකි. ලුණු භාවිතය අවම කිරීමෙන් ආමාශයේ පිළිකා ඇතිවීමේ අවදානම 14% කින් අඩු කරන බව සොයාගෙන ඇත.

යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔබගේ ශරීරයේ කොටසක් ඉදිමී ඇත්නම්, වැඩිපුර ලුණු ආහාරයට ගැනීම එම ඉදිමුම වැඩි කිරීමට හේතු විය හැක. එමනිසා ශරීරයේ අභ්‍යන්තර හෝ බාහිර ඉදිමීමකට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන් ලුණු භාවිතය අඩු කිරීමට උපදෙස් ලබා දෙයි.

අඩුවෙන් ලුණු ආහාරයට ගැනීම ඔබගේ සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීමට හේතුවේ. එමනිසා විවිධ රටවල් දිනකට ආහාරයට ගැනීමට සුදුසු ලුණු ප්‍රමාණය නිර්දේශකර ඇති අතර එය රටින් රටට මදක් වෙනස් වේ. ඇමරිකා එක්සත් ජනපදය වැඩිහිටියෙකුට දිනකට ආහාරයට ගැනීමට සුදුසු උපරිම සෝඩියම් ප්‍රමාණය මිලිග්‍රෑම් 2300 ක් (ලුණු මිලිග්‍රෑම් 5750 ක් පමණ) ලෙස දක්වා ඇත. නමුත් වයස 51 ට වැඩි පුද්ගලයන්ට හෝ දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාගය, හෝ වකුගඩු ආබාධ වැනි රෝග ඇති අයට දිනකට ආහාරයට ගැනීමට සුදුසු උපරිම සෝඩියම් ප්‍රමාණය මිලිග්‍රෑම් 1500 ක් (ලුණු මිලිග්‍රෑම් 3750 ක් පමණ) ලෙස දක්වා ඇත. සාමාන්‍යයෙන් ලුණු වල බරින් 39.3% ක් සෝඩියම් අඩංගු වේ.

ශ්‍රී ලංකාවේ එක් පුරවැසියෙක් දිනකට ලුණු මිලිග්‍රෑම් 12,500 ක් පමණ ආහාරයට ගන්නා බව ඔබ දන්නවාද? එය 2012 වසරේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය පර්යේෂණායතනය මගින් තහවුරුකර ඇත. මෙම අගය දිනකට වැඩිහිටියෙකු සඳහා නිර්දේශිත උපරිම ලුණු ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා මදක් වැඩිය.

වැඩිම ලුණු ප්‍රමාණයක් ආහාරයට එකතු වන්නේ බත් පිසීමේදී ලුණු එකතු කිරීම මගිනි. එයට අමතරව ව්‍යංජන පිසීමේදී ලුණු එකතු කිරීමෙන් සහ ලුණු අධික අතුරුපස, බිස්කට්, සෝස් වැනි ආහාර ගැනීමෙන් ශරීරයට සැලකියයුතු ලුණු ප්‍රමාණයක් එකතුවේ.

බත් පිසීමේදී ලුණු දැමීමෙන් වැලකී ඒ වෙනුවට රම්පෙ හෝ කුරුඳු වැනි රසකාරකයක් යෙදීමෙන් ශරීර ගතවන ලුණු ප්‍රමාණය සැලකියයුතු ලෙස අඩුකර ගත හැක. ව්‍යංජන පිසින විට ලුණු අඩුවෙන් එකතු කර දෙහි සහ අනෙක් කුළුබඩු අවශ්‍ය පරිදි එක් කිරීමද කල හැක. එයට අමතරව ලුණු අධික සෝස්, අතුරුපස, සහ බිස්කට් ආහාරයට ගැනීම සීමා කිරීම උචිත වේ. ඇසුරුම් කර ඇති ආහාර මිළදී ගැනීමේදී එහි ඇති ලේබලය කියවීමට හුරුවන්න. එමගින් ඔබට එහි අඩංගු ලුණු ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් ලබාගත හැක. එය ලුණු පරිභෝජණය සීමාකිරීමට ඔබට පහසුවක් වනු ඇත.


වැඩිපුර ලුණු කෑවොත් මෙන්න මේ දුක් ඔබටත් විදින්න වෙනවා. ලුණු භාවිතයෙන් පරිස්සම් වෙන්න මේ සරල ක්‍රම පිළිපදින්න. වැඩිපුර ලුණු කෑවොත් මෙන්න මේ දුක් ඔබටත් විදින්න වෙනවා. ලුණු භාවිතයෙන් පරිස්සම් වෙන්න මේ සරල ක්‍රම පිළිපදින්න. Reviewed by Unknown on September 10, 2016 Rating: 5

No comments:

Powered by Blogger.