දේශීයව නිපදවන රූපලාවණ්‍ය ආලේපන බොහෝමයක කහ අඩංගුයි. ඒ නිසාම රූපලාවණ්‍යයේ දී කහ නැතුවම බැරි ඖෂධයක් ලෙස හඳුනාගත හැකියි. එය එපමණටම රුව ලස්සන කරන්නට සම පැහැපත් කරන්නට ඉවහල් වෙයි. ඉංගී‍්‍රසි භාෂාවෙන් ටර්මරික් (Turmeric) වශයෙන් හඳුන්වන කහ ශාකයේ විද්‍යාත්මක නාමය වන්නේ curcumalonga යන්නයි.
කහ ශ්‍රී ලංකේය අපට ආගන්තුක දෙයක් නොවේ. මෙය ආසියාතික රටවල කෑම සැකසීමේ දී කුළු බඩුවක් ලෙස ආහාර රස කිරීමටත් වර්ණ ගැන්වීමටත් යොදා ගනු ලබයි.
විශේෂයෙන්ම පිළිකා තත්ත්වයන්හි සිට සමේ රෝග සහ රූපලාවණ්‍ය දක්වාත් විශාල පරාසයක භාවිත කරන ඖෂධයක් ලෙස හඳුන්වන්නට පුළුවනි. කූකමින් (curumin) යන රසායනිකය මෙහි අඩංගුයි. කහ යොදාගනිමින් කරනු ලබන ඖෂධ නිෂ්පාදනයේ දී මෙය විනාශ නොවන ආකාරයට යොදා ගැනෙයි. ඖෂධ සංස්කරණයන්හි දී මෙහි නියම ප්‍රතිඵල අත්වෙයි.
ඊට අමතරව මෙහි ඖෂධීය වටිනාකම ගතහොත් ආයුර්වේද සහ දේශීය වෙදකමේ බෙහෙත් වට්ටෝරුවල දී බොහෝ විට යොදා ගැනේ. එහිදී භාවිත වෙන්නේ මෙහි රයිසෝමය හෙවත් අලයයි. සමේ රෝගවල දී ගැනෙන ඖෂධ අතර නැතුවම බැරි ඖෂධයකි.
සාමාන්‍යයෙන් දේශීය ඖෂධයක් ලෙස මෙය සමේ ආලේප කරයි. බොහෝ විට විෂබීජ අධිකව තිබෙන ස්ථානයකට ගොස් පැමිණි විට කහ දියරයෙන් දෑත් මුහුණ සෝදන අවස්ථා තිබේ. ඒ කහ විෂබීජ නසන, විෂබීජ නාශක හැකියාවක් ඇති ඖෂධයක් ලෙස පිළි ගන්නා නිසාය.
මෙහි ප්‍රතිඔක්සිකාරක ගුණය ද ඉතා ඉහළය. චර්මයේ ඇතිවන අසාත්මිකතා, තුවාල, පිළිකා රෝග, දියවැඩියාව වැනි බොහෝ රෝග සඳහා භාවිත කරනු ලබන ඖෂධයකි.
මේ පිළිබඳ තවදුරටත් විමසා බැලුවොත් මෙහි ගුණාත්මක බව තවත් තහවුරු කරගත හැකියි. උදෑසන පිබිදී උණු වතුර වීදුරුවකට කහ තේ හැඳි කාලක් මිශ්‍රකර බීමෙන් සිරුර හොඳින් පිරිසුදු වන බවද ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වෙයි.
එමෙන්ම ආසාදනවලින් වැළකී සිටීමට ද මෙය බොහෝ දුරට ඉවහල් වෙයි.
තෙල් අධිකතාව
තෙල් අධික වූ පසු විශේෂයෙන්ම කුරුලෑ වැනි අවස්ථාවන්ට වැඩි වශයෙන් ගොදුරු වන බව දැක තිබේ. මෙය දේශීය වෛද්‍ය ක්‍රමයේදී හඳුන්වන්නේ කප දෝෂ වැඩි වීම යනුවෙනි. ශරීරය මහත් කිරීමට විරුද්ධව මෙය ක්‍රියාත්මක වෙයි. මෙහි ලේඛනීය ගුණයක් පවතී. ලේඛනීය ගුණයක් යනු ශරීරය කෙට්ටු කරන ගුණයක් සහ සිරුර හැඩ කිරීමේ ගුණයක් පැවතීමයි.
මේ නිසා කහ රූපලාවණ්‍යයේ දී බහුලව යොදා ගත හැකි ශාක කාණ්ඩයක් වශයෙන් හැඳින්විය හැකියි.
උපදෙස් - විශේෂඥ උපදේශක වෛද්‍ය ආචාර්ය පතිරගේ කමල් පෙරේරා
මංජුලා මල්කාන්ති

කහ මිශ්‍ර වතුරෙන් නැවොත් ඔබ කවදාවත් නොවැසු මෙ අරුම පුදුම දේවල් ඔබටත් වෙනවා.
Reviewed by Unknown
on
September 22, 2016
Rating:
Reviewed by Unknown
on
September 22, 2016
Rating:
No comments: